වීදි_හිංසනය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වීදි හිංසනය

the-packed-bus-to-tissa-sri-lanka-tissamaharama.jpg

පොදු ප්‍රවාහන සේවය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ ප්‍රචණ්ඩත්වය.

මෙයට මාස කිහිපයකට කලින් බස් එකේ පොතක් කියව කියවා යනකොට මට නින්ද ගියා.ඒ බස් අර ටිකක් උසට සිට්ස් තියන බස්. එහෙම බස් එකකදී මනුස්සයෙක් අපේ ඉස්සරහාට ඇවිදින් බෙල්ල මිරිකුවත් කාටවත් පෙන්නේ නැහැ. එදා මට නින්ද යන වෙලාව වෙනකොට අඩු තරමේ බස් එකේ 10ක් වත් හිටිය නැතුව ඇති. මම හිටියේ බස් එකේ ජනේලය අයිනේ. මට එක පාරටම ඇහැරුනේ සීට් එකයි ජනේලයයි අතරින් අතක් අවා වගේ දැනුන නිසා. ඒ අත මගේ පපුව අතගාමින් හිටියේ. මට දැනුණ හරියට ඒ අත මාව සම්පුර්නයෙන්ම අත ගෑවා වගේ. මම ඇහැරුනා ගමන් දැක්කේ මැදි වයසේ මනුස්සයෙක් මාව අත ගන්න උත්සහා කරමින් ඉන්නවා. ඒත් මම දැක්කා කියලා ඒ මනුස්සයා දැක්ක ගමන් බොරුවට තද නින්දේ වගේ මවා පෑවා.

මේ ගැන ඔබගේ අදහස කුමක් ද ?

-------------------------------------------------

මම
කොළඹ විශ්ව විද්‍යාලයයේ නීති පීඨයේ ශිෂ්‍යාවක්. සාමාන්‍යයෙන් මා ගමන් බිමන් යන්නේ කෝච්චියෙන්. ඒ යන හැම ගමනක්ම යන්නේ තනියම. අද මම නැග්ගේ ලොකු සෙනග පිරිච්ච, හිරවෙච්ච කෝච්චියකට. මම කෝච්චියේ යනකොට එක පාරටම මට මගේ පිටිපස්ස පැත්තෙන් අසාමාන්‍ය ස්පර්ශයක් දැනුනා. මම හෙමිහිට මගේ ඇත පිටිපස්සට යවලා මගේ පිටිපස්ස අතගාන පුද්ගලයාව අතින් අල්ලා ගත්තා. ඔහු එක පාරටම අසරණ උනා. ඔහු දැනගත්තා ඔහුට බේරෙන්න කිසිම අවස්තාවක් නැති බව. මගේ හිතේ තිබ්බ කේන්තියට මම ඒ මනුස්සයට හොඳටම බැන්නා. මම ඇහුවා මගේ පස්ස අතගාල ඔහු ලබාගන්න උත්සහ කලේ මොකක්ද කියලා. ඒත් එක්කම ඇති වූ තවත් කණගාටු දායක කතාව තමයි එතන හිටිය බොහොම වැදගත් විදිහට මහත්මයෙක් වගේ ඇඳුම් ඇඳගත් තරුණයෙක්, අපි අතරට ඇවිත් මට කියනවා " මේ වගේ දේවල් සෙනග පිරිච්ච කෝච්චිවල කොච්චරවත් සිද්ද වෙනවා. ඔයාට ඒක ඉවසන්න බැරිනම් තමන්ගේම වාහනයක යන එකයි ඇත්තේ " කියලා . කොහොමද පොදු ප්‍රවාහන සේවයේ සිද්දවෙන මේ වගේ අසාධාරණ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සමාජයට අනුමත කරන්න පුළුවන් වුනේ...

මේ ගැන ඔබගේ අදහස කුමක් ද ?

-------------------------------------------------

විදි හිංසනය ලෙස අප හඳුනාගනු ලබන්නේ, නන්නදුනනා පුද්ගලයින් විසින් පොදු ස්ථාන වල, පොදු ප්‍රවාහන සේවා ආදී වූ ස්ථානවල වාචිකව සහ ශාරීරිකව, ලිංගික හිංසනයන් සිදු කිරීමයි. එහිදී අනවශ්‍ය ලෙස ශරීරය,අඟපසඟ, ඉරියව් ආදී දේ පිළිබඳව අනවශ්‍ය ප්‍රතිචාර දැක්වීම, සමච්චලයට හෝ පුදුම දනවන අයුරින් උරුවම් බෑම, අන්වර්ථ නම් වලින් ආමන්ත්‍රණය කිරීම යනාදිය වාචික හිංසාව ලෙසත් අනවශ්‍ය ඉඟි පෑම , එනම් ස්පර්ශ කිරීම, බස් වල සහ කොච්චි වලදී ඇඟට ඇලවීම ( හේත්තු වීම ) , ඇඟෙහි ඇතිල්ලීම යනාදී ක්‍රියාකාරකම් ශාරීරික හිංසන ලෙසත් අර්ථකථනය කරයි.

තනිව ගමන් කිරීම, නින්දට වැටීම, දැඩි ලෙස පිරිස ඒකරාශී වීම මෙන්ම ලිංගික හිංසනයට විරුද්ධව හඬ නොනැගීම, ද පොදු ප්‍රවාහන සේවය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ ප්‍රචණ්ඩ ක්‍රියා, අතවර, අපයෝජන උත්තේජන කිරීමේ සාධක ලෙස හඳුනාගෙන තිබේ.

ලිපිය නැවත ලීවේ 50KG විසිනි. උපුටා ගැනීම සියක් හඬ ( වෙනසක් උදෙසා ) තුලිනි.

------------------------------------------------------
UNFPA SRI LANKA
202, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07 ශ්‍රී ලංකාව
ටෙලි +94 11 -2580840 +94 11-2552421 | ෆැක්ස් +94 - 11 -2580698
ඊ මේල් [email protected]
web : www.srilanka.unfpa.org

facebook www.facebook.com/unfpasrilanka
www.instagram.com/unfpasrilanka

Blog : www.unfpasrilanka.wordpress.com
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
yes
goddak welawata owaa wenawaa thamai Public transport wala

menna LIVE addakeem
http://www.elakiri.com/forum/showthread.php?t=1778146

දුටු තැන බෙල්ල ගහලා ගියත් කමක් නැහැ එරහි වෙයන්. සමාජයේ නිහඬ වීරයෙක් වෙයන්. ඒවා දුටු තැන අහක බලන් යනවා කියන්නේ වක්‍රාකාරව දුෂකයින්ට උඩගෙඩි දීමක්.
 
vito

Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,231
    113
    අදාළ නෑ නේ
    දුටු තැන බෙල්ල ගහලා ගියත් කමක් නැහැ එරහි වෙයන්. සමාජයේ නිහඬ වීරයෙක් වෙයන්. ඒවා දුටු තැන අහක බලන් යනවා කියන්නේ වක්‍රාකාරව දුෂකයින්ට උඩගෙඩි දීමක්.

    aniwa ban... minissu nihadawa innakan oya wage wada karana ewun owa nathara karanne naha :angry::angry::angry:
     
    • Like
    Reactions: 50KG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දුටු තැන බෙල්ල ගහලා ගියත් කමක් නැහැ එරහි වෙයන්. සමාජයේ නිහඬ වීරයෙක් වෙයන්. ඒවා දුටු තැන අහක බලන් යනවා කියන්නේ වක්‍රාකාරව දුෂකයින්ට උඩගෙඩි දීමක්.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ටු තැන බෙල්ල ගහලා ගියත් කමක් නැහැ එරහි වෙයන්. සමාජයේ නිහඬ වීරයෙක් වෙයන්. ඒවා දුටු තැන අහක බලන් යනවා කියන්නේ වක්‍රාකාරව දුෂකයින්ට උඩගෙඩි දීමක්.:yes:
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    දුටු තැන බෙල්ල ගහලා ගියත් කමක් නැහැ එරහි වෙයන්. සමාජයේ නිහඬ වීරයෙක් වෙයන්. ඒවා දුටු තැන අහක බලන් යනවා කියන්නේ වක්‍රාකාරව දුෂකයින්ට උඩගෙඩි දීමක්.

    මම වීරයා වෙන්න ගිහින් පට්ටෙට කින්ඩි උනා බන්. කෙල්ලෙක්ට ජැක ගහන එකෙක්ට බැන්නා. එතකොටම කෙල්ල කියපි "නෑ... නෑ... මට එහෙම දෙයක් උනේ නැහැ කියලා." මට රෙද්දෙ රෙවුනා.:baffled: :baffled: :baffled: එදා ඉඳලා මම අහක බලන් යනවා බන්. :sorry: :sorry: :sorry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    මම වීරයා වෙන්න ගිහින් පට්ටෙට කින්ඩි උනා බන්. කෙල්ලෙක්ට ජැක ගහන එකෙක්ට බැන්නා. එතකොටම කෙල්ල කියපි "නෑ... නෑ... මට එහෙම දෙයක් උනේ නැහැ කියලා." මට රෙද්දෙ රෙවුනා.:baffled: :baffled: :baffled: එදා ඉඳලා මම අහක බලන් යනවා බන්. :sorry: :sorry: :sorry:

    කෙල්ල ගත්තු ආතල් එක කාල උඹ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය රට හදන්න බෑ නීතිය හරියට තිබුනනම් ඔව හිතන්නෙවත් නෑ .
    දැන් බලපන් හුගක් මැදපෙරදිග රටවල් වල 95% ම ඉන්නේ අඩු අදායාපනයක් ලබපු මිනිස්සු උන් සත්තු වගේ ඉතින් ඔය රටවල් වල නීතිය ඔහොම තිබ්බේ නැතිනම් මොනා වේවිද කිරි සප්පයෙකුටවත් පාරේ යන්න බැරි වේවි. ඒක නිසාමයි පේන්නම බෙල්ල කපන්නේ අත් කපන්නේ. ඉතින් මමත් කියන්නේ ලන්කවේත් විදුලි පුටුව හරි ගේනවනම් මේ සමාජේ සුලුවෙන් හරි දූසන වංචා අඩු කරගන්න පුලුවන් වෙවි නැත්නම් පන්සලට. පල්ලියට, ස්කෝලෙට තමන්ගේ දුව පුතා යවන්න 1000 වාරයක් හිතන්න වෙවි අනාගතේම
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    මම වීරයා වෙන්න ගිහින් පට්ටෙට කින්ඩි උනා බන්. කෙල්ලෙක්ට ජැක ගහන එකෙක්ට බැන්නා. එතකොටම කෙල්ල කියපි "නෑ... නෑ... මට එහෙම දෙයක් උනේ නැහැ කියලා." මට රෙද්දෙ රෙවුනා.:baffled: :baffled: :baffled: එදා ඉඳලා මම අහක බලන් යනවා බන්. :sorry: :sorry: :sorry:

    :baffled::baffled::baffled::baffled::baffled: අනේ උබටත් වෙන දේවල් මට මැවිලා පේනවා බං උබ පවු බං:baffled::baffled::baffled: