වීදි හිංසනය
පොදු ප්‍රවාහන සේවය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ ප්රචණ්ඩත්වය.
මෙයට මාස කිහිපයකට කලින් බස් එකේ පොතක් කියව කියවා යනකොට මට නින්ද ගියා.ඒ බස් අර ටිකක් උසට සිට්ස් තියන බස්. එහෙම බස් එකකදී මනුස්සයෙක් අපේ ඉස්සරහාට ඇවිදින් බෙල්ල මිරිකුවත් කාටවත් පෙන්නේ නැහැ. එදා මට නින්ද යන වෙලාව වෙනකොට අඩු තරමේ බස් එකේ 10ක් වත් හිටිය නැතුව ඇති. මම හිටියේ බස් එකේ ජනේලය අයිනේ. මට එක පාරටම ඇහැරුනේ සීට් එකයි ජනේලයයි අතරින් අතක් අවා වගේ දැනුන නිසා. ඒ අත මගේ පපුව අතගාමින් හිටියේ. මට දැනුණ හරියට ඒ අත මාව සම්පුර්නයෙන්ම අත ගෑවා වගේ. මම ඇහැරුනා ගමන් දැක්කේ මැදි වයසේ මනුස්සයෙක් මාව අත ගන්න උත්සහා කරමින් ඉන්නවා. ඒත් මම දැක්කා කියලා ඒ මනුස්සයා දැක්ක ගමන් බොරුවට තද නින්දේ වගේ මවා පෑවා.
මේ ගැන ඔබගේ අදහස කුමක් ද ?
-------------------------------------------------
මම කොළඹ විශ්ව විද්‍යාලයයේ නීති පීඨයේ ශිෂ්‍යාවක්. සාමාන්‍යයෙන් මා ගමන් බිමන් යන්නේ කෝච්චියෙන්. ඒ යන හැම ගමනක්ම යන්නේ තනියම. අද මම නැග්ගේ ලොකු සෙනග පිරිච්ච, හිරවෙච්ච කෝච්චියකට. මම කෝච්චියේ යනකොට එක පාරටම මට මගේ පිටිපස්ස පැත්තෙන් අසාමාන්‍ය ස්පර්ශයක් දැනුනා. මම හෙමිහිට මගේ ඇත පිටිපස්සට යවලා මගේ පිටිපස්ස අතගාන පුද්ගලයාව අතින් අල්ලා ගත්තා. ඔහු එක පාරටම අසරණ උනා. ඔහු දැනගත්තා ඔහුට බේරෙන්න කිසිම අවස්තාවක් නැති බව. මගේ හිතේ තිබ්බ කේන්තියට මම ඒ මනුස්සයට හොඳටම බැන්නා. මම ඇහුවා මගේ පස්ස අතගාල ඔහු ලබාගන්න උත්සහ කලේ මොකක්ද කියලා. ඒත් එක්කම ඇති වූ තවත් කණගාටු දායක කතාව තමයි එතන හිටිය බොහොම වැදගත් විදිහට මහත්මයෙක් වගේ ඇඳුම් ඇඳගත් තරුණයෙක්, අපි අතරට ඇවිත් මට කියනවා " මේ වගේ දේවල් සෙනග පිරිච්ච කෝච්චිවල කොච්චරවත් සිද්ද වෙනවා. ඔයාට ඒක ඉවසන්න බැරිනම් තමන්ගේම වාහනයක යන එකයි ඇත්තේ " කියලා . කොහොමද පොදු ප්‍රවාහන සේවයේ සිද්දවෙන මේ වගේ අසාධාරණ ලිංගික ප්රචණ්ඩ ක්‍රියා සමාජයට අනුමත කරන්න පුළුවන් වුනේ...

විදි හිංසනය ලෙස අප හඳුනාගනු ලබන්නේ, නන්නදුනනා පුද්ගලයින් විසින් පොදු ස්ථාන වල, පොදු ප්‍රවාහන සේවා ආදී වූ ස්ථානවල වාචිකව සහ ශාරීරිකව, ලිංගික හිංසනයන් සිදු කිරීමයි. එහිදී අනවශ්‍ය ලෙස ශරීරය,අඟපසඟ, ඉරියව් ආදී දේ පිළිබඳව අනවශ්‍ය ප්‍රතිචාර දැක්වීම, සමච්චලයට හෝ පුදුම දනවන අයුරින් උරුවම් බෑම, අන්වර්ථ නම් වලින් ආමන්ත්‍රණය කිරීම යනාදිය වාචික හිංසාව ලෙසත් අනවශ්‍ය ඉඟි පෑම , එනම් ස්පර්ශ කිරීම, බස් වල සහ කොච්චි වලදී ඇඟට ඇලවීම ( හේත්තු වීම ) , ඇඟෙහි ඇතිල්ලීම යනාදී ක්‍රියාකාරකම් ශාරීරික හිංසන ලෙසත් අර්ථකථනය කරයි.
තනිව ගමන් කිරීම, නින්දට වැටීම, දැඩි ලෙස පිරිස ඒකරාශී වීම මෙන්ම ලිංගික හිංසනයට විරුද්ධව හඬ නොනැගීම, ද පොදු ප්‍රවාහන සේවය තුල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිලිබඳ ප්රචණ්ඩ ක්‍රියා, අතවර, අපයෝජන උත්තේජන කිරීමේ සාධක ලෙස හඳුනාගෙන තිබේ.
ලිපිය නැවත ලීවේ 50KG විසිනි. උපුටා ගැනීම සියක් හඬ ( වෙනසක් උදෙසා ) තුලිනි.
------------------------------------------------------
UNFPA SRI LANKA
202, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ශ්‍රී ලංකාව
ටෙලි +94 11 -2580840 +94 11-2552421 | ෆැක්ස් +94 - 11 -2580698
ඊ මේල් [email protected]
web : www.srilanka.unfpa.org
facebook www.facebook.com/unfpasrilanka
www.instagram.com/unfpasrilanka
Blog : www.unfpasrilanka.wordpress.com