වීරයකු_වූ_වඳුරු_මිනිසා
ඔහුගේ ජීවිතය අතිශයින් කටුක දායක එකක් විය. සියලු දෙයින් ඔහුට ඉතිරි වූයේ අසහනය පමණි. ඔහුට ඒ ගැලවීමට ඇති එකම මඟ වූයේ සියදිවි හානිකර ගැනීමයි. ඒ සඳහා ඔහු තෝරා ගත්තේ දැවැන්ත පර්වතයකි. පර්වතයෙන් පහළට පැන සියදිවි හානි කර ගැනීම ඔහුගේ අරමුණ විය. එහෙත් මේ පර්වතයට නැගීම එතරම් පහසු දෙයක් නොවිය. ඔහු වඳුරන් පර්වතයට නැගගන්නා ආකාරය අනුගමනය කරමින් ඉතා අමාරුවෙන් පර්වත මුදුනට නැංගේය.
පර්වතය මුදුනටම නැග පහළ බැලු ඔහු දුටුවේ එහි පාමුල සිට ඔල්වරසන් හඬ නඟන දහස් සංඛ්‍යාත ජනතාවකි. පුදුමයෙන් ඒ දෙස බලා සිටි ඔහුගේ සියදිවි නසා ගැනීමේ සිතුවිල්ල ද පහව ගියේය. කිසිවකුත් විසින් මෙතෙක් තරණය නොකරන ලද ඒ පර්වතය මුදුනට නැගි මේ පුද්ගලයා දෙස පහළ සිට බලා සිටි ජනතාව ඒ වෙද්දී සතුටින් අත්පොළසන් නගමින් සිටියහ.
සියදිවි හානිකර ගැනීමට ගිය තරුණ ජොතිරාජ් වීරයකු බවට පත්වූයේ ඒ අයුරිනි. ඉන්පසු සියදිවි හානිකර ගැනීමේ අදහස අත්හැරිය මුත් මරණය සමඟ පොර බදින වීර ක්‍රියා රැසක් ඔහු අතින් සිදුවීම නිසා “වඳුරු මිනිසා” යන අන්වර්ථ නාමය ඔහුට පට බැඳිණ.
“ලෝකයේ උස නැඟීමට ඉතාම දක්ෂ සතා වඳුරායි. මිනිසා පැවත ආයේ වඳුරාගෙනි. මම එම ක්‍රියාවලිය පිටුපසට හරවනවා. ඒ කියන්නේ මිනිසකුගෙන් පැවත එන වඳුරකු බවට මා පත්වෙනවා” යි ජොතිරාජ් පැවසුවේ සිනහවක් මුවට නංවමිනි.
ජොතිරාජ්ගේ කථාව ඉතාම දුක්කම්කටොලුවලින් පිරී ශෝචනීය එකකි. ඔහු තමිල්නාඩුවේ දුප්පත් පවුලක උපත ලැබු අතර ඔහුගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් ලැබේ ය යන බිය නිසා වයස 7 දී ඔහු නිවසින් පැන ගොස් අසල පිහිටි කර්නාටක ප්‍රාන්තයේ පදිංචි විය.
කර්නාටකයේ ජීවිතය ද ඉතාම කර්කශ එසේම කෲරකම් හා කෙණෙහිලිකම්වලට භාජන වූ එකක් විය. “මාව හදාවඩා ගත්ත මිනිහා හරි නපුරු දුෂ්ට කෙනෙක්. ඔහු මට හරියට කරදර කළා ‘උඹ ජීවත්වෙන්නෙ මොකට ද? උඹ විගහට මැරියන්’ කියල හුඟක් අවස්ථාවලදී මට අවලාද නැඟුවා. මට එහෙම කියන කොට හරියට දුක හිතෙනවා. ඇයි මම මේව අහගෙන මේ ලෝකේ ජීවත්වෙන්නෙ කියා හිතුණු වාර ගණන අනන්තයි” ජොතිරාජ් පවසයි.
නගරයේ ඇතැම් කඩ සාප්පුවල සුළු සුළු රැකියා කළ ජෝතිරාජ් චිත්‍රදුර්ගා නගරයේ නිවෙසක වැඩ කිරීමට ගියේය. එසේ සිටියදී මුදල් සොරකම් කළේ ය යන අභූත චෝදනාව නගමින් එතැනින් ඉවත් කරද්දී ඔහුගේ ඊළඟ පියවර වූයේ සියදිවි හානි කර ගැනීමයි.
“ඒ නගරයේ තිබුණ යෝධ පර්වතයක්. මගේ අරමුණ වූයේ ඒ පර්වතය මුදුනට නැඟ එතැනින් පැන සියදිවි හානිකර ගැනීමයි. ඒත් ඒ පර්වතයට නඟින්න කිසිම ක්‍රමයක් තිබුණේ නෑ. මම නැඟිය හැකි මඟක් සොයමින් සිටියදී එතැනට පැමිණි වඳුරකු කිසිඳු කරදරයක් නැතිව පර්වතයේ මුදුනටම ක්ෂණයෙන් නැංගා. මමත් ඌ නැංග විදියටම අමාරුවෙන් පර්වතයේ මුදුනටම නැංගා. මම එහෙම නගිනවා විදේශික සංචාරකයින් පිරිසක් පුදුමයෙන් බලා සිටිනවා මං දැක්කෙ නෑ. මම මුදුනට නැංගා විතරයි ඔවුන් අත්පුඩි ගසමින් ඔල්වරසන් දෙන්න පටන් ගත්තා” යි ජෝතිරාජ් තමාගේ අතීතය අවදි කරමින් පැවැසීය.
එසේ ප්‍රීති ඝෝෂා පැවැත්වූ විදේශීය සංචාරකයින් ඔහුව දිරිමත් කළ අතර ඒ අයුරින් පර්වත තරණය කළ කිසිම කෙනෙකු මීට පෙර දැක නැති බව ද ඔවුහු පැවැසූහ. පසුව එතැනට තවත් ජනතාව එක්වූහ.
“ඒ කථාවෙන් මම තේරුම් ගත්තේ ත්‍රාසජනක ක්‍රියා නිසා අනුන්ගේ සිත් දිනාගෙන ජනප්‍රිය විය හැකි යන්නයි. ඊට පස්සේ වඳුරන් සමඟ යාළුකම් පවත්වා ඔවුන්ගේ සෙල්ලම් අනුගමනය කරන්න පටන් ගත්තා” යි ජෝතිරාජ් පවසයි. ක්‍රමයෙන් ජෝතිරාජ් විශේෂයෙන්ම විදේශීය සංචාරකයින් අතරේ මහත් ජනප්‍රිය චරිතයක් බවට පත්විය. ඔහු ඉතාම උස ගොඩනැඟිලි කිසිඳු ආධාරයක් නොමැතිව තරණය කරන ආකාරය වීඩියෝ කරගත් ඔවුන් එය ‘යූ ටියුබ්’ ජාලයට නිකුත් කිරීම නිසා ඔහු ‘තොතිරාජු’ නොහොත් ‘වඳුරු රජා’ යනුවෙන් ලෝ පුරා ප්‍රසිද්ධියට පත්විය.
“වඳුරන් වගේ උස් තැන්වලට නගිනවා කියන එක ලේසි පහසු වැඩක් නොවේ” යැයි පවසන ජෝතිරාජ් වසර කිහිපයක් වඳුරන්ගේ නැගීමේ ක්‍රියාවලිය පුරුදු පුහුණු වූ බව ද පැවැසීය.
“නගින්න පුරුදු වෙන කොට අනන්ත වාරයක් මට තුවාල වුණා. මගේ කකුල් දෙකත්, අත් දෙකත් කැඩිල බිඳිල තියෙනවා. ඒ වගේම මගේ පිටකොන්දටත් ඔළුවටත් දරුණු තුවාල සිදුවී තිබෙනවා. ඒ මොනවා වුණත් මගේ කටයුත්ත අත්හැරියේ නෑ. එදා වගේ නොවෙයි හැමෝම මට ආදරෙයි. මා ජීවත්වන ගමේ සියලු දෙනාම මට ඒ අයගේ පුතකුට වගේ සලකනවා.”
ඔහුගේ මෙම විස්මයජනක ශක්තිය හා දක්ෂතාවය සමාජ සේවාවක් ලෙසටත් යොදා ගත් අවස්ථා ඇත. දියඇලි මතට නැඟ සියදිවි හානි කරගත් අයගේ මළසිරුරු පහතට ගෙන ඒම ද ඔහු අතින් සිදුවී ඇති අතර කුඩා දරුවන්ට පර්වත හා කඳු නැගීම පුරුදු පුහුණු කිරීමට ද සිදු කරයි.
“මගේ ජීවිතය වැඩි කලක් පවතින එකක් නෑ. ඒත් මගේ නාමය සදාකාලිකව පවතීවි. ඒ හින්ද තමයි මට කිසිම තත්ත්වයක් දැනෙන්නේ නැත්තේ. මගේ නම අවුරුදු දහස් ගණනක් පවතීවි” යනුවෙන් මඳ සිනාවක් පාමින් ජෝතිරාජ් පැවැසීය.
විස්තර "සිලුමිණ" න්...

කිසිම අනතුරක් නොවී දීර්ඝායුෂ වැඩිවේවා!