වීරයන්ගෙ අඩුවක්

Bandolero1

Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මටනම් හිතෙන්නෙ සමාජ මාද්‍ය නිසා දැන් ගැහැණු පිරිමි දෙපක්ශයේම පිරමීඩයේ ඉහලම කොටසේ වැජඹෙන්නෙ ඉස්සර වගේ ටෙස්ටොස්ටෙරෝන් වැඩි පිරිමියාවත්,
    කාර්‍යශූර කාන්තව වත් නෙවෙයි. වෙනස්ම විදිහකටයි දැන් සමාජය හැඩ ගැහිලා තියෙන්නෙ.
    උදා :- Kardashians , Kpop

    ක්‍රීඩා වලත් වීරයන් දැන් නැහැ කියන්නත් අමාරුයි.
    මොකද අපේ තාත්තලාගෙ කාලෙ Maradona, Pele
    අපේ කාලෙ messi, Ronaldo,
    ඒ වගේම අලුත් දක්ශයෝත් දැන් එනවා පේනවනේ,, Mbappe, pogba වගේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,976
    113
    34
    Kalutara
    ඉස්සර අපෙ අක්කට පුදුම පිස්සුවක් තිබ්බා ශාරුක් කාන්ට. තඩි පත සීආර් පොතක් අරගෙන පොත පිරෙන්න ශාරුක් කාන්ගෙ පොටෝ අලවගෙන. ඒ පොත ඉවරවුනාම තව පොතක් ඒකටම අලවගන්නව. දැන් කොහෙද දන්නේ නෑ ඒ පොත. 🤔

    2000න් පස්සෙ උන්ගෙ වීරයා තමා කොස්තා. ජිම් එකට යන්න බෑ කොස්තගෙ භීශනේ. මොකෙක් හරි ඇවිල්ල ෆෝන් එක සබ් එකට ගහල කොස්තගෙ සින්දුමයි දාන්නෙ. 🤮
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    තරුණ කොල්ලෙක්ට කෙල්ලෙක්ට වීරයෙක් කරගන්න පුළුවන් මට්ටමෙ චරිත හරි අඩුයි නේද
    Movies paththen Donnie Yen? MMA pahthen Khabib, Porier wage aya?
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මට බලන්න සෙට් උනා චූටි මල්ලි (අපි නොදන්න ලයිව් එකෙ )
    නැත්තම් සුනෙත් චිත්‍රානන්ද එක්ක කරපු සාකච්ඡාවක්.
    එකෙදි අන්තිම හරියෙ පොර මෙහෙම අදහසක් ප්‍රකාශ කරනවා .
    ඒ තමා අපිට වීරයො ඉන්නවානෙ .
    විවිධ ක්ෂෙස්ත්‍රවල .
    උදාහරණෙකට කිව්වොත්
    අපි චිත්‍රපටයක් බැලුවත් අපි කැමති ඒ නළුවා වගෙ වෙන්න .
    එයා වගෙ ඇඟ හදාගන්න ,කොණ්ඩෙ හදා ගන්න .
    එතකොට අපි කරන්නෙ ඒ ගොල්ලන්ගෙ පින්තූර එකතු කරනවා ,
    එයාගැන කතන්දර අපි අහන්න ආසා කරනවා .

    උදා : ශාරුක් ඛාන් ,ආර්නල්ඩ් ,ටොම් කෲස් ,බෲස් ලී .

    ඒ වගෙම තමා ක්‍රීඩාවෙත් අපිට වීරයො ඉන්නවා.

    උදා : සනත් ජයසුරිය, උසෙන් බොල්ට් වගෙ අය .

    එතකොට තොරතුරු තාක්ෂණය පැත්තෙනුත් අපිට වීරයො හිටියා.

    උදා : බිල් ගේට්ස් ,ස්ටීව් ජොබ්ස් වගෙ අය .

    අද කාලෙ මෙ වීරයන්ගෙ අඩුවක් තියෙනවා නෙද ?
    මන් කිව්වෙ අද ඉන්න පොඩි එකෙක්ට ,තරුණ කොල්ලෙක්ට කෙල්ලෙක්ට වීරයෙක් කරගන්න පුළුවන් මට්ටමෙ චරිත හරි අඩුයි නේද ?


    man danna ewun tikak demma pallehain.
    weerayo netuwa nemei ban, social media and anit media walin cardboard weerayo godak pumbala hinda niyama weerayo eliyata pena eka adu wela.



    Movies - Tom Cruise, Robert Downey, Gal Gadot
    Sport - Lewis Hamilton, Virat Kohli, Naomi Osaka
    Tech - Bill Gates, Elon Musk, Susan Wojciki
    Politics - Emmanuel Macron, Kamala Haris
    Business - Jeff Bezos, Tim Cook, Janet Yellen
    Science - Neil D Tyson, Michio Kaku
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    උඹලට මතකද ව්‍රෙස්ලිං .
    අන්ඩටෙකර් ලා අපෙ ලොකෙ දෙවිවරු වගෙ ඒ කාලෙ.
    රැන්ඩි ඔර්ටන් වගෙ ටැටූ එකක් කොටන්නත් ආසා උනා .

    එතකොට ශිහාන් මිහිරංග මතකද ? කෙල්ලො මැරෙන්න හැදුවා ඒ කාලෙ ඌට. කොල්ලො ශිහාන් වගෙ කොණ්ඩෙත් හැදුවා.

    ක්‍රිකට් පැත්තෙන් ගත්තොත් මන් ආස කරෙ ජයසූරියට.
    ජයසූරිය ටීම් එකෙ සෙල්ලම් කරනවා කියන්නෙ අපිට හිතට මාරම හයියක් .

    ඒ වගෙම නළුවන්ගෙන් හොලිවුඩ් වලින් මන් ආස කරෙ ටොම් කෲස් ට .
    ඒ වගෙම ජැකී චෑන් ට , ආර්නල්ඩ් ට .ආර්නල්ඩ් වගෙ ඇඟ හදාගන්නට් හීන මැව්වා.
    හින්දි ෆිල්ම් වලට ආස නැති උනත් එව්වායෙ තිබ්බ සිංදු ඇහැව්වා.
    එතකොට ඒ නළුවො අඳින පළඳින විදියට ස්ටයිල්ස් කරන්න හිතුණා.

    එත් මෙව්වා දැන් හරි අඩුයි නේද ?

    අපෙ ගෙවල් පැත්තෙ පොඩි උන්ට ඔය වගෙ වීරයො ගැන පිස්සුවක් නැහැ.
    දැන් අපෙ කාලෙ හොඳා කියන සුපුරුදු සිංදුව නෙමෙ මෙ කියන්නෙ.
    අපෙ වැඩිහිටියන්ගෙ කාලෙ උනත් විජෙ කුමාරතුංගලා ,ක්‍රිකට් වලින් සිදත් වෙත්තමුනිලා එහෙම වීරයො උනා නෙ .
    ඉන්දියාවෙන් අමිතාභ් බච්චන් ලා ,ගොවින්ද ලා එහෙම හිටියා .

    ඒ ගොල්ලන්ටත් වීරයො හිටියා එක එක ක්ෂේස්ත්‍ර වල ඒ කාලෙ .

    ඒත් අද කාලෙ කොයි ක්ෂේස්ත්‍රයෙත් (අපෙ නෙමෙ මෙක ලෝකෙම අවුලක් ද මන්දා )
    වීරයෙක් කරගන්න තරම් මට්ටමෙ චරිත නැහැ .
    හරිම අඩුයි .

    ශිහාන් මිහිරංග famous වෙච්ච කාලේ අපේ කොල්ලෝ සෙට් එකක් පාර අයිනේ ශිහාන් ගේ sticker තොර තොර හිටපු දෙවි බාලිකා නංගිලා වගයකට මොනවද කියල හොඳටම කෑවා කුඩ මිටි වලින්. ඒගොල්ලෝ හැබැයි පොළොවේ පය ගහගේනමයි හිටියේ.
     
    • Haha
    Reactions: BruceWayne92