අභීතව දිවි පිදූ හසලක වීරයා
ලෝක සිතියමේ ඉතාමත් කුඩාවට සටහන් වී තිබුණද, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලි ලැබූ අපේ රට අත්පත් කරගැනීමට අතීතයේ පටන් නොයෙක් කණ්ඩායම් උත්සාහ කළේ මේ මාතෘ භූමියේ වටිනාකම හේතුවෙනි.
එදා රටට එරෙහිව නැඟුණු බලවේග විනාශ කරන්නට රටේ ස්වෛරීත්වය, නිදහස ආරක්‍ෂා කරන්නට , පෙරමුණ ගත් වීර පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා වැනි ජාතික වීරයන් රට වෙනුවෙන් සිය ජීවිත පූජා කළ ආකාරය අදටත් අපි සිහිපත් කරන්නේ මහත් අභිමානයෙන් යුතුවය.
රට ගැන කැක්කුමක් ඇති, රට වෙනුවෙන් දිවි පුදන්නට තරම් එඩිතර වූ ලක් පුතුන් තවමත් අපි අතර සිටින බව පසුගිය යුද කාලවකවානුවේ දී ඔප්පු කර පෙන්වන්නට අපේ වීරෝදාර රණවිරුවෝ සමත් වූහ.
1990 දශකය කොටි ත්‍රස්තවාදය මෙරට ප්‍රබලව ක්‍රියාත්මක වූ කාලපරිච්ඡේදයක් විය. කොටි ත්‍රස්තවාදීන් තැන තැන ඇටවූ බෝම්බ, මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් රටට අහිමි වූ අතර, එදා ඔවුන්ගේ තවත් ප්‍රබල ඉලක්කයක් වූයේ අලිමංකඩ යුද හමුදා මූලස්ථානය විනාශ කිරීමයි. ඒ සඳහා කාලයක සිට සැලසුම් සකස් කළ ඔවුහු දිගින් දිගටම අලිමංකඩ කඳවුරට ප්‍රහාර එල්ල කරන්නට වූහ.
1991 ජූලි 10 වැනි දින ඉතාමත් තීරණාත්මක දිනයක් විය. ගාමිණී කුලරත්න රණවිරුවා ද ඒ වන විට සේවය කරමින් සිටියේ අලිමංකඩ යුද හමුදා කඳවුෙර්ය. එදින රාත්‍රියේ කඳවුරට කඩාවැදුණු යුද ටැංකියක් බඳු කොටි බුල්ඩෝසරය දුටු ගාමිණී කුලරත්නට කොටි ත්‍රස්තවාදීන් සිදු කරන්නට යන විනාශයේ තරම ක්ෂණිකව වැටහී ගියේය.
වහා ක්‍රියාත්මක වූ ඔහු, සිය ජීවිත අවාදනම ද නොතකා කොටි බුල්ඩෝසරයට පැන බෝම්බයක් පුපුරුවාගෙන එහි ගමන නතර කළේය. එහිදී මරුමුවට පත් වූ හෙතෙම පසු කලෙක හසලක ගාමිණී විරුවා වශයෙන් ප්‍රකට විය.
ගාමිණී කුලරත්න රණවිරුවා රට වෙනුවෙන් කළ ඒ මහා වික්‍රමය වෙනුවෙන් ජාතියේ උපහාරය ඔහුට සැමදා හිමිවන්නේය. හසලක ගාමිණී නමින් ප්‍රකටව ඔහු සිය උපන් ගමටද මහත් අභිමානයක් ගෙන දුන්නේය.
1986 අඹේපුස්ස යුද හමුදා කඳවුරේ 6 වැනි සිංහ රෙජිමේන්තුවට එක්වූ ඔහු මූලික පුහුණුව ලැබුවේ අම්පාරේදීය. ඉන්පසු තංගල්ල, හම්බන්තොට, කන්කසන්තුරේ සහ අවසන් වරට අලිමංකඩ ක්‍රියාන්විතයේ නිරතව සිටියේය.
වසර 5 ක පමණ කාලයක් රණවිරුවකු ලෙස සේවය කළ ඔහු, මිය යන විට කෝප්‍රල්වරයෙකි. හසලක ගාමිණී රණවිරුවා ජාතිය වෙනුවෙන් දිවි පුදා වසර 23 ක් පමණ ගෙවී ගොසිනි. නමුත් ඔහු නමින් නැඟෙන කඳුළු තවමත් තිබේ. ජුලියට් කුලරත්න හසලක ගාමිණීගේ දයාබර මෑණියන් අදටත් ඔහු වෙනුවෙන් කඳුළු සලන්නීය. ඒ වගේම රට, ජාතිය වෙනුවෙන් අභීත පුතණුවෙක් ජාතියට දායාද කරන්නට ලැබීමේ අභිමානය ද ඇය තුළ පවතී.
'අද යුද්ධය නිමාවෙලා. රටම සාමයෙන් සතුටින් ඉන්නේ ගාමිණී වැනි රණවිරුවන් කළ කැපවීමත්, ඔවුන් ලබා දුන් මුල් ආරම්භයත් නිසයි. මගේ පුතා රට වෙනුවෙන් කළ සේවය ඉතාම ඉහළයි.
මට දරුවන් පස්දෙනෙක් ඉන්නවා. ඉන් දෙවැනියා තමයි ගාමිණී කුලරත්න. ඔහු යුද හමුදාවට බැඳුණේ හරිම කැමැත්තෙන්. කවදාවත් ඔහු යුද බිමේ සිදුවෙන දේවල් ගෙදර ඇවිත් කිව්වේ නැහැ. 89, 90, 91 කාලයේ යුද්ධය තදින් පැවතුණු නිසා මම හරි බයෙන් හිටියේ. අලිමංකඩ ප්‍රහාරයෙන් දින දෙකකට පසු මට පුතා ඒ සටනේදී මිය ගිහින් කියලා ආරංචි වුණා. ඒ අවස්ථාවේ මට ඒක දරාගන්න බැරිවුණා. නමුත් මට මගේ පුතා ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. කවුරුවත් හසලක ගම ගැන අහලා තිබුණේ නැහැ. හසලක ගමත් ප්‍රසිද්ධ වුණේ පුතාගේ වීර ක්‍රියාව නිසයි.
දැන් මම බණ භාවනා කරනවා. පුතාගේ මරණයෙන් පස්සේ මට ගෙයක් ලැබුණා. ඔහුගේ වැටුප මට තවමත් ලැබෙනවා. අද මට කරන්න පුළුවන් ඔහු වෙනුවෙන් පින් දහම් කරන එක විතරයි. ඉපදුණු හැමෝම මැරෙන බව කල්පනා කර ආගම, දහමට යොමුවෙලා අද මම හිත හදාගෙන ඉන්නවා.'
හසලක ගාමිණී නමින් ජුලියට් කුලරත්න මෑණියන්ගේ මුවින් පිටවුණේ එවන් අදහසකි. හසලක ගාමිණී සිහිගන්වනු පිණිස ඔහුගේ පිළිරුවක් ද නිමකර තිබේ. පිළිරූ ප්‍රතිමා නොතිබුණත් මේ මාතෘ භූමිය වෙනුවෙන් ඔහු කළ වික්‍රමය ජන හදවත් තුළින් කිසිදා මැකෙන්නේ නැත.
අමිල හිමියනි හසලක ගාමිණී අවලංගුද?

Last edited: