වීර ඊශ්‍රායලය සහ දුෂ්ඨ පලස්තීනය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    Najith Indika

    20 m ·


    වීර ඊශ්‍රායලය සහ දුෂ්ඨ පලස්තීනය! - 01 කොටස
    .................................................................
    නැවත වතාවක් බටහිර ලෝකයේ අනුග්‍රහය සහිතව ඊශ්‍රායල් හමුදා විසින් පලස්තීනුවන් සංහාරය කිරීම ඉහළ දමා තිබෙනවා. මුස්ලිම්වරුන්ගේ වැදගත් ආගමික උළෙලක් වන රාමසාන් උත්සවය පවතින වටපිටාවක, ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමත්, ළමුන් ඇතුළු සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කිරීමටත් "වීර" ඊශ්‍රායලය මේ වන විට කටයුතු කරගෙන යනවා.
    මේ සංහාර ක්‍රියාවලිය 1946 දී ඊශ්‍රායලය නැමති රටක් පිහිටුවා වසරක් ගතවූ 1947 සිට, වසර 74 ක් තිස්සේ එකම ආකාරයකට අඩු වැඩි වෙමින් ක්‍රියාත්මක වුණා. නමුත් ලංකාවට අදාළව මෙහි විශේෂත්වය තමයි ලංකාවේ මේ ගැටුම සහ අරගලය සම්බන්දව පොදු අදහසේ පැහැදිලි වෙනසක් සිදුවී තිබීම. ඒක අපි ගැඹුරින් කතාබහ කරගත යුතු දෙයක් කියල හිතෙනවා. මොකද "කොහේවත් ඉන්න" යුදෙව්වන්ගේ හෝ පලස්තීනුවන්ගේ ඉරණම කුඩා කොදෙව්වක ඉන්න අපගේ මතය නිසා තීරණය නොවුනත්, ඒ ගැටළුව සම්බන්දව අපේ මතය, පොදුජන මනස හැසිරෙන ආකාරය, ඉදිරියට අපිට එන්න නියමිත ගොඩක් ගැටළු වලදි, සංහාරයන් වලදි, අපි හිටගන්න තැන තීරණය කෙරෙන්නක් වෙන නිසා.
    මුලින්ම අපි පලස්තීනය හා ඊශ්‍රායලය සම්බන්ද ඉතිහාසයේ වැදගත් කරුණු සාරාංශගත කරමු.
    මැදපෙරදිග ලෝකය කේන්ද්‍ර කරගෙන බිහිවුනු දැනට ලෝකයේ ප්‍රධාන වශයෙන් පවතින ආගම් සහ සංස්කෘතීන් තුනක් තියෙනවා. ඒ පිළිවෙලින් යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ඒවා. වසර 500 ක වගේ අතරමැද විවේකයන් සහිතව එකම භූමි කාණ්ඩයක පවතින අර්බුද වලට පිළිතුරු වශයෙන් බිහිවෙන මේ ආගම්, එකිනෙකාට නෑදෑ සබඳකම් දක්වනවා වගේම ඓතිහාසිකව ලොකු පසමිතුරුභාවයන්ද දක්වනවා. එළඹෙන වසර 1500 තුළ එම ආගම් හා සංස්කෘතීන් මැදපෙරදිගෙන් ඔබ්බට ගමන් කරද්දී, යුදෙව් සහ ක්‍රිස්තියානි ආගම් මූලික වශයෙන් බටහිරටත්, ඉස්ලාම් ආගම පෙරදිග ලෝකයටත් ඇතුල් වී ස්ථානගත වෙනවා. ඒවායින් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් වඩා තියුණු සහ බලවත් විදියට, එකිනෙකාට එරෙහිව යුධ වදිමින් පැතිර යද්දී, යුදෙව්වන් වෙළඳාම මුල්කරගත් ජීවන රටාවක් සහිතව යුරෝපය පුරා පැතිර යනවා.
    මෙහි විශේෂ කාරණයක් තමයි, මුස්ලිම් සහ යුදෙව් යන ජන කොට්ඨාශ දෙකටම ඔවුන්ට ආවේණික, අනෙක් ජන කොටස් වලින් ඔවුන් වෙන්කට දක්වන, ආගම හා බැඳුණු සංස්කෘතීන් පැවතීම. ඒ අතර විශේෂ ආහාර රටා හා ඒ හා බැඳුනු රීතින් ආදියද වෙනවා.
    [උදාරහණයක් ලෙස මුස්ලිම් ජනතාවගේ "හලාල්" ආහාර ක්‍රමය මෙන්ම වූ යුදෙව්වන්ගේ "කොෂර්"(kosher) නම්වූ ක්‍රමයක් පවතිනවා. හලාල් වල සියළුම දේ පාහේ ඇතුළත් එම යුදෙව් ක්‍රමයේ ඊට අමතරව ඉස්සො, දැල්ලො වගේම බිරියානි කන්නත් බැහැ.
    🙂
    ]
    ඒ වගේම එම ජනකොට්ඨාශ දෙකම මූලිකවම ඔවුන් සුළුතරයක් වූ සමාජයන්හිදී වෙළඳාම පදනම් කරගෙන ජීවත් වීමද, වෙළඳාම ඔස්සේ සුදුසු වෙළඳ භූමි කරා ව්‍යාප්ත වීමද දකින්නට ලැබෙනවා. මෑත කාලීනව සිදුවන විශේෂ දේ තමයි 1930 දශකය වනවිට නාසිවාදීන්ගේ ආගමනයත් සමඟ සංස්කෘතික වෙනස්කම්, සතුරුකම් ලෙස ඔසවා තබමින් යුරෝපය පුරා සිටින යුදෙව්වන්නට එරෙහි "වාර්ගික ශුද්ධයක්" හිට්ලර්ගේ මූලිකත්වයෙන් සිදුකිරීම. මිලියන ගණනක් ගැහැනු, පිරිමි, ළමුන්, ඔවුන් උපතින් යුදෙව්වන් වීම නිසාම කඳවුරු තුළ ගාල් කරමින් මිලියන ගණනින් වධබන්දනයන්ට ලක්කර ඝාතනය කිරීම. නාසිවාදීන්ගේ උපායමාර්ගය වන්නේ සමූලඝාතනය කිරීමෙන් යුදෙව්වන් ලෝකයෙන් අතුගා දැමීමයි. කෙසේ හෝ 1945 දී මිත්‍ර පාර්ශ්වය විසින් හිට්ලර් ඇතුළු නාසිවාදීන් පරාජය කර දමන මොහොත වනවිට යුදෙව්වන් මිලියන 6 ක් මෙසේ සමූලඝාතනයට ලක්කර තිබෙනවා.
    දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ මේ ගැටළුවෙ නව පරිච්චේදයක් පෙරළෙනවා. පුරාණ ඊජිප්තුවේ වහලුන් වහල් බවින් ගලවා ගෙන, පිහිටවූ යුදෙව් ආගමික සංස්කෘතික කාරණා වල ප්‍රමුඛතම කාරණයක් තමයි දෙවියන් වහන්සේ "මෝසෙස්"
    (දේව පණිවිඩය ලැබූ යුදෙව් නායකයා. ඉස්ලාම් භක්තිකයන්ට මොහොමඩ් නබි සහ ක්‍රිස්තියානුවන්ට යේසුස් වහන්සේ වැනි.) හට ලබා දුන් "පොරොන්දු දේශය" පිළිබඳ පුරාවෘත්තය. ඒ අනුව වර්තමාන පලස්තීන - ඊශ්‍රායල් භූමියේ යෙරුසෙලම ආශ්‍රිත භූමිය යුදෙව්වන්ගේ "පොරොන්දු දේශය" ලෙස ඔවුන්ගේ පුරාවෘත්ත වල පවතිනවා. 1945 වන විට පෘථිවි තලයේ වඩාත්ම බිහිසුණු සංහාරයයේ වින්දිතයන් බවට පත්ව සිටි යුදෙව්වන් වෙනුවෙන් "සාධාරණය ඉෂ්ඨ කිරීමට" ලෝකයේ ප්‍රබලයින් පෙළ ගැසෙනවා.
    ඇමරිකානු සහ බටහිර ප්‍රමුඛ "සාධාරණය ඉෂ්ඨ කිරීම්" ගැන මේ වන විට අපිට වඩාත් හොඳ අදහසක් තිබෙනවා. ඒ වනවිටත් හිට්ලර් පරාජය කළ ලෝකයේ දෙකට බෙදුණු බලයක් සහිතව සීතල යුද්ධයක් කරා ගමන් කරමින් සිටින බටහිර ලෝකය, තම කලාපීය දේශපාලන අරමුණු සහ යුදෙව් පුරාවෘත්ත ඒකාබද්ධ කිරීම අපූරුවට කරගෙන යනවා. [ වසර 30 කට පසු ඇෆ්ගනිස්තානයේදී සෝවියට් හමුදාවන්ට එරෙහි ලොව පළමුවන "ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම" වන "මුජහිදීන්"(පසුව තලේබාන්වරු) නිර්මාණය කරද්දීත් ඔවුන් මේ ක්‍රීඩාව අපූරුවට සිදුකරනවා. ] ඒ වන විට ස්ථාපිත ඉස්ලාම් ලෝකයක් වූ මැදපෙරදිග, පලස්තීනය නම් රාජ්‍ය පිහිටි භූමිය තුළ, වසර ලක්ෂ ගණනක් තිස්සේ එහි ජීවත්වූ ඉස්ලාම් බහුතරයක් වන පලස්තීනුවන් සිටියදීම "ඊශ්‍රායලය" යනුවෙන් තවත් රටක් ස්ථාපිත කරන්නේ අන්න ඒ අකාරයටයි.
    මෙහිදී සඳහන් කල යුතු අප්‍රකට කරුණක් වන්නේ, ජනකතා හා ආගමික කතා වලට මූලිකත්වය දෙමින්, අනාගතයේ විශාල සංහාරයකට පාරකපන ලෙස, පලස්තීන භූමියේ යුදෙව්වන් යළි පදිංචි කර ඊශ්‍රායලයක් ස්ථාපිත කිරීම වෙනුවට, සාමකාමී ලෙස ලෝකයේ වෙනත් තැනක "පොරොන්දු දේශය" නිර්මාණය කිරීමේ යෝජනාවන්, විවාදයන් කොතෙකුත් ඉදිරිපත් වී තිබුන් බවයි. විශේෂයෙන් ඒ වන විට ප්‍රබලව පැවති සමාජවාදි රටවලින් සහ සංවිධාන වලින් ලතින් ඇමරිකාව තුළ ඊශ්‍රායලය ස්ථාපිත කිරීම, නැතිනම් ඒ වන විටත් යුදෙව්වන් බහුතරය ගොනුවී සිටි නැඟෙනහිර යුරෝපය තුළ එම රාජ්‍යය ස්ථාපිත කිරීම වැනි යෝජනා වෙනවා.
    (ඒ සම්බන්දව ලියැවුණු පැරණි පොත්පත් කිහිපයක්ම සොයාගත්තත් තවම ඒවා කියවීමට අවස්තාවක් ලැබුනේ නැහැ.)
    කෙසේ නමුත් අවසානයේ සීතල යුද්ධයෙටෙ බටහිර උපාය මාර්ග ජයග්‍රහණය කරමින් පලස්තීන භූමිය තුළ ඊශ්‍රායලය නම් දේශයක් 1946 දී ස්ථාපිත කරනවා.
    අනතුරුව එළඹෙන්නේ, එතෙක් "ගොදුර" ලෙස පැවති යුදෙව්වන් "දඩයක්කාරයා" වීමේ යුගයයි. ආරම්භක එකඟතාවලට පයින් ගසමින්, බටහිර ලෝකයේ සෘජු ඒජන්තයෙක් ලෙස කටයුතු කරන අනුන්ගේ ගර්බාශයක අලුත් උපන් ඊශ්‍රායලය, වසරක් ගතවූ තැන 1947 දීත්, අනතුරුව 1967 දීත් සිදුකළ මහා ආක්‍රමණ දෙකකින් සහ ඉන් අනතුරුව සිදුකරන අනවරත ආක්‍රමණයක් සහ සංහාරයක් ඔස්සේ පලස්තීන භූමියෙන් වැඩි කොටසක් බලෙන් අල්ලා ගන්නා අතර, වසර දහස් ගණනක් තිස්සේ එහි වාසය කල පලස්තීන මිනිසුන් සිය උපන් භූමිය තුළම අනාථයින් බවට පත් කර, ඔවුන් "රටක් අහිමි මිනිසුන්" බවට පත්කරනවා.
    පලස්තීනය නැමති විශාල ඉතිහාසයක් සහිත දේශය, "ගාසා තීරය" සහ "බටහිර ඉවුර" යනුවෙන් කුඩා බිම් තීරු දෙකකට සීමා වන්නේත්, තමන්ගේ රට ලෙස අවසානයට ඉතිරි වී ඇති කුඩා බිම්කඩවල් දෙකත් දිනෙන් දින අල්ලා ගනිමින්, සමූල ඝාතනය කරමින් ඉදිරියට එන ඊනියා ශිෂ්ඨ සම්පන්න බටහිර ලෝකයේ සහය ලබන සියොන්වාදී ම්ලේච්ච ඊශ්‍රායල් හමුදාවන්ට එරෙහිව පලස්තීන ජාතිකයන් තමන්ට හැකි අයුරින් සටන් කරන්නේත් අන්න ඒ වටපිටාව තුළයි.
    ..................................................................
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    737
    2,098
    93
    33
    ඊශ්‍රායලය පට්ට රටක් කියල ඉස්සර ෆේස්බුක් පෝස්ට් share වුනා නේද පට්ටෙට. ලෝකේ ප්‍රධාන මාධ්‍ය ආයතන වැඩිම ගාණක අයිතිය තියෙන්නෙ යුදෙව්වන්ට. සාමාන්‍ය මිනිහගේ මොළේ හේදන එක නම් මහ දෙයක් නෙවෙයි. ඔතන කොච්චර පළස්තීනේ සාමාන්‍ය මිනිස්සු මැරුම් කෑවත් ලංකාවේ මුස්ලිම් විරෝධය නිසා පැත්තක් ගන්න වුනොත් ජනප්‍රිය මතය වෙන්නෙ ඊශ්‍රායලය
    pictures.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සුද්දගෙ මානව හිම්කම් රෙද්ද පල්ලෙ බේරෙනව..

    අපේ රටේ කොරෝනාවෙන් මැරුන තම්බ්යෙක්ගෙ මිනියක් පිච්චුවම අම්මේ සුද්දගෙ තියෙන මානව හිමිකම, ඊශ්‍රයල් උන් පනපිටින් තම්බි පැටවු පුච්චද්දි සුද්දට මානව හිමිකම් මතක් වෙන්නෙම නැ,, සුද්දට අල්ලන ගු ඇන් පි ගොන් බඩුත් එහෙමමයි...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඊශ්‍රායලය පට්ට රටක් කියල ඉස්සර ෆේස්බුක් පෝස්ට් share වුනා නේද පට්ටෙට. ලෝකේ ප්‍රධාන මාධ්‍ය ආයතන වැඩිම ගාණක අයිතිය තියෙන්නෙ යුදෙව්වන්ට. සාමාන්‍ය මිනිහගේ මොළේ හේදන එක නම් මහ දෙයක් නෙවෙයි. ඔතන කොච්චර පළස්තීනේ සාමාන්‍ය මිනිස්සු මැරුම් කෑවත් ලංකාවේ මුස්ලිම් විරෝධය නිසා පැත්තක් ගන්න වුනොත් ජනප්‍රිය මතය වෙන්නෙ ඊශ්‍රායලයView attachment 124877
    මීඩියාස් විතරක් නෙමෙ හොලිවුඩ් පවා යුදෙව්වන්ගෙ නිර්මාණ තමා .
    ෆේස්බුක් ,ගූගල් ,වට්සැප් බිස්නස් වලත් ආරම්භකයා යුදෙව් තමා .
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අල්ලාහ්ගේ බලේ මදි ඊශ්‍රායල් එක්ක හැප්පෙන්න
    පකේ දෙය්යා
    ඊශ්‍රායෙල් උන් අදහන්නෙත් අල්ලව තමයි බන්.
    ඉස්ලාම්, ජුදෙව්, කතෝලික, ක්‍රිස්තියානි ඔක්කොම අදහන්නෙ අල්ලව.

    කියන නම් විතරයි වෙනස්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    ඊශ්‍රායලය පට්ට රටක් කියල ඉස්සර ෆේස්බුක් පෝස්ට් share වුනා නේද පට්ටෙට. ලෝකේ ප්‍රධාන මාධ්‍ය ආයතන වැඩිම ගාණක අයිතිය තියෙන්නෙ යුදෙව්වන්ට. සාමාන්‍ය මිනිහගේ මොළේ හේදන එක නම් මහ දෙයක් නෙවෙයි. ඔතන කොච්චර පළස්තීනේ සාමාන්‍ය මිනිස්සු මැරුම් කෑවත් ලංකාවේ මුස්ලිම් විරෝධය නිසා පැත්තක් ගන්න වුනොත් ජනප්‍රිය මතය වෙන්නෙ ඊශ්‍රායලයView attachment 124877
    Yes. හතුරාගේ හතුරා මගේ මිතුරාය

    අල්ලා ලෝකේ මවද්දී යුදෙව්වෝ මැව්වේ පිට කසා ගන්න වෙන්න ඇති.
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    mona ponna ratakda නිරායුද minissunta gahana🤣.නිරායුද minissu nta gahalada mun me lokko wenna hadannr🤣.aiyo lol.
    Ehenm කොච්චර hoda wenna onada ape army eka.sakkili demalun daas gaanak bera gana aduma තාක්ෂණyakin yudde kele.munta තාක්ෂණya tibilath civilians lawa maranne natuwa yudda karanna ba.ambo lol🤣
     
    • Like
    Reactions: DiazHub

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mona ponna ratakda නිරායුද minissunta gahana🤣.නිරායුද minissu nta gahalada mun me lokko wenna hadannr🤣.aiyo lol.
    Ehenm කොච්චර hoda wenna onada ape army eka.sakkili demalun daas gaanak bera gana aduma තාක්ෂණyakin yudde kele.munta තාක්ෂණya tibilath civilians lawa maranne natuwa yudda karanna ba.ambo lol🤣
    Naki mainage yaluwonta support nokara bane nida ban 😂😂😂
     
    • Dislike
    Reactions: sk_ralahami