වී වගාවෙන් වැඩක් නෑ
වී වගාවෙන් වැඩක් නෑ..
කුඹුරුවල අල, ළුණු වවන්න..
රු. 35ට ඉන්දියාවෙන් හාල්
ගේන්න පුළුවනි - මුදල් ඇමති
වී ගොවිතැනෙන් ඉවත්ව කුඹුරු ඉඩම්වල අල හා ළුෑණු වගා කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි.
ලංකාවේ නිෂ්පාදනය කරන සහල් මිල වැඩි බවත් ඉන්දියාවෙන් සහල් ආනයනය කලහොත් කොළඹ වරායේදී එක සහල් කිලෝවක් සඳහා වැයවන්නේ රුපියල් 35ක් පමණක් යයිද ඇමතිවරයා කියා සිටියේය.
‘‘දෙරණ 360‘‘ වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා අදහස් පල කලේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමතිවරයා කියා සිටියේ ගොවීන්, ගොවි තැන නවවත්වා වෙනත් දෙයක් කරන එක හොද වනු ඇති බවයි.
අපගේ පරිභෝජනය අවශ්‍යතාවයටත් වඩා වැඩියෙන් ලංකාවේ වී නිපදවන බවත් ඔහු පවසයි. අපේ හාල් අපනයනය කිරීමට බැරි බවත් අපි මෙහේ ආහාරයට ගත්තද පිටරට අය ඒවා ආහාරයට නොගන්නා බවත් හෙතම පැවසීය.
පිටරට ඉල්ලූම ඇත්තේ ජපානය, තායිලන්තය වැනි රටවල නිපදනවන හාල් වලට බවත් මුදල් ඇමතිවරයා කියා සිටියේය.
‘‘එම නිසා අපි කියනවා කරුණාකරලා වී ගොවිතැන කරන්න එපා. ඊට වැඩිය හොදයි අල සහ ළුූණු වගා කරන එක. ඒකෙන් ඊට වඩා මුදල් ප්‍රමාණයක් ලැබෙනවා‘‘ යැයි කරුණානායක මහතා අවධාරණය කළේය.

හොඳා හොඳා සන්තෝසයි