වෘෂණ කෝෂවලින් අල්ලා පහරදුන් මහරගම OIC
මහරගම චීන අවන්හල් හිමියකුගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණි මහරගම පොලිසියේ ස්ථානාධිපති අජිත් ගුණවර්ධන මහතා එහි සිටි ව්‍යාපාරිකයාගේ බිරියට සහ දියණියට බැන වැදී ව්‍යාපාරිකයාගේ වෘෂණ කෝෂවලින් අල්ලා පහරදීමෙන් අනතුරුව එම ව්‍යාපාරික ස්ථානය කුඩුකර දමන බවට තර්ජනය කරනු ලැබ ඇතැයි පවසමින් අතවරයට පත් ව්‍යාපාරිකයා නුගේගොඩ ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිලි කොට තිබේ.
එම දර්ශන සියල්ලම එම ස්ථානයේ සවිකර තිබුණු සීසීටීවී කැමරාවේ දෙබස්ද සහිතව පටිගතව ඇත.
හෙල්මටයක් පැලඳ යතුරුපැදියේ තමන් ගමන් කරමින් සිටියදී පිළිකා රෝහල වෙත පාගමනින් යමින් සිටි ආබාධිතයකු තම යතුරුපැදියේ නංවා ගෙන යෑම මේ පහරදීමට හේතුව බව අවන්හලේ හිමිකරුවන මහරගම දිල්ෂාන් චයිනීස් රෙස්ටුරන්ට් අවන්හලේ හිමිකරු ඩී. සමන් ගොඩගේ මහතා පැමිණිල්ලේ සඳහන් කර ඇත.
තමා ව්‍යාපාරිකයකු වශයෙන් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා ඉතා හොඳින් දන්නා හඳුනන බවත්, ඒ මහතාගේ ඉල්ලීම මත තම ව්‍යාපාරික ස්ථානය වෙත එවනු ලබන පොලිස් නිලධාරීන්ට පමණක් නොව ඇතැම් කාන්තාවන්ට පවා කිසිදු මුදලක් අය නොකර ආහාර පාර්සල් ලබාදෙන බවත්, එවන් සබඳකමක් පවත්වා ගෙන යන තමන් හෙල්මටයක් නොපැලඳි ආබාධිතයෙක් යතුරුපැදියක නංවා ගෙන යෑම වරදක් නම් බිරියට සහ දියණියට තර්ජනය නොකර පොලිසියට පැමිණෙන ලෙස තමන්ට දැන්වූයේ නම් තමා මහරගම පොලිසිය වෙත යන බව ඔහු වැඩිදුරටත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.
nethfm