වෘෂණ කෝෂ ඉවත් කරන ලද ගායකයෝ - Castrati singers

Razor89Dark

Member
Jun 13, 2017
164
14
0
වෘෂණ කෝෂ ඉවත් කරන ලද ගායකයෝ - Castrati singers

වෘෂණ කෝෂ ඉවත් කරන ලද ගායකයෝ - Castrati singers

අර ලාංකික කාන්තාවන් ගේ නිල ඇඳුම වෙන "හවුස් කෝට්" නමැති ගවුමට "හුචක්කුව" යැයි කියමින් කතාවක් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ සරත් විජේසූරිය දන්නවා නේද?

අප සමහරු "අවිඳු අඳුර" කාලේ ඉඳලාම ලේඛකයෙක් යැයි විදියට දැනගෙන හිටියාට, ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරණ බොහෝ දෙනෙක් සරත් විජේසූරියව දැන ගන්නට ඇත්තේ ඔය "හුචක්කුව" වීඩියෝව හින්දායි.

සරත් විජේසූරිය දැන් සිංහල භාෂාව ගැන මහාචාර්යවරයෙක්. පොත් ප්‍රකාශකයෙක්. ජනප්‍රිය දේශකයෙක්. හොඳ කෙටිකතාකාරයෙක්. ඒ වගේම වෙනත් විවිධ මාතෘකා ගැනත් පොත් රාශියක් ලියලා තියෙනවා. ඔහු ලියා ඇති පොත්වලින් මා ගාව තියෙන දුසිමක් විතර පොත් අතරින් මා වඩාත් කැමතිම කෘතිය නම් "මගේ නඩුව ඉවරයි" යන්නයි.

මා මේ කියන්න යන්නේ ඒ පොත් ගැන කතන්දරයක් නම් නොවෙයි.

අර මුලින් සඳහන් කළ හුචක්කුව වීඩියෝවට පස්සේ සරත් විජේසූරිය කරපු කතා ගොඩක් යූ ටියුබ් එකේ නැගලා ගියා. මට මතක හැටියට මේවායින් එක වීඩියෝවක තිබුණු කතාවක් තමයි වර්තමාන ලාංකික ගායකයින් සමහර දෙනෙකුට පුරුෂ කටහඬක් නැතිය, ඔවුන් ගී ගයන්නේ වෙනත් ආකාරයක කටහඬකින් ය කියන කතාව.

මට ඒ කතාව මතක් වුනේ විකිපීඩියාවේ තියෙන ඉතාලියේ සිටි කැස්ට්‍රාටෝ නම් ගායකයින් ගැන විස්තරයට සබැඳියක් මිතුරෙකුගෙන් ලැබී කියවූ වෙලාවේයි.

මේ කියන කැස්ට්‍රාටෝ ගායකයින් ගේ කටහඩ යුරෝපීය සම්භාව්‍ය ගායනාවේ යෙදෙන (ඒ කියන්නේ ලයනල් රන්වල ගේ වචනවලින් හූ කියන) සොප්‍රානෝලා ගේ කටහඬට සමාන බවයි කියවෙන්නේ.

නමුත් මෙතැන තියෙන අවාසනාවන්ත කාරණය තමයි මේ කැස්ට්‍රාටෝ ගායකයෙක්ව බිහිකරන්නේ පිරිමි ළමයෙක් කුඩා කාලයේදීම ඔහු ගේ වෘෂණ කෝෂ අයින් කිරීමෙන් වීමයි.

වැඩිවියට පත්වෙන්න පෙර මෙසේ කිරීමෙන් ඒ ළමයා ගේ පරාසයෙන් වැඩි ළමා කටහඩ එලෙසම වාගේ පැවතෙන අතර, පිරිමි හෝමෝන නිපදවීමක් සිදු නොවන නිසා අස්ථි දිගෙන් වැඩී හුස්ම අල්ලාගෙන ගායනා කිරීමේ වැඩි හැකියාවක් ද ලැබේ ලු!

මේ ආකාරයට ඌරන් ගේ වෘෂණ කෝෂ අයින් කීරීම ගැන පසුගිය දවස්වල අපි බ්ලොග් ලෝකයේ දැක්කා. ඒ වගේම හරකුන් ගේ වෘෂණ කෝෂ අයින් කරලා කිරි පුස්සන් හදන බව නම් කාලෙකට කලින් ඉඳලාම මං අහලා තිබුණා අර ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගීතය නිසා.

ඒ මොනවා වුණත් මේ ළමයින් ගේ වෘෂණ කෝෂ ඉවත් කරන කතාව නම් තරමක් විශ්වාස කරන්නත් අමාරුයි වගෙයි දැනුනේ!

රජකාලේ දඬුවම් ලෙස හෝ සතුරන්ගෙන් පළිගැනීම් ලෙස මේ වැඩේ කරලා තිබුණාට, ගායකයෙක් හදන්න ළමයෙකුට මේ වගේ අතවරයක් කරන්නේ මොන හිතකින්ද?

හැබැයි, ඒ එක්කම මතක් වෙන්නේ විකාෂ් ස්වරූප් ගේ "කිව් ඇන්ඩ් ඒ (Q and A) කෘතියේ සහ ඒ අනුසාරයෙන් හැදු "ස්ලම් ඩෝග් මිලියනර්" චිත්‍රපටයේ තිබුණු අන්ධ ගායකයින්ට හොඳින් හිඟමන් ලැබෙන නිසා ගී ගයන්න හැකි ළමයෙකුව අන්ධයෙක් කරන සිද්ධියයි.

"හන්ච්බැක් ඔෆ් නොට්‍රැඩෑම්" පොතේ හෝ එවැනි තැනක, මධ්‍යතන යුරෝපයේත් ළමයින් ගේ අත් කකුල් පොඩි කාලේම විකෘති කර සර්කස් යනාදියේ ප්‍රදර්ශණ භාණ්ඩ කරන තිරිසන් ක්‍රියාවන් ගැනත් සඳහන් වී තිබුණා මට මතකයි.

කෙසේ වෙතත් ඉතාලියේ මේ කැස්ට්‍රාටෝ කිරීම 1870 දී නීතියෙන් තහනම් කර තියෙනවා.

මෙන්න විකිපීඩියාවේ එන කැස්ට්‍රාටෝ ගායකයින් ගැන විස්තරයට පාර නැවතත්.
http://en.wikipedia.org/wiki/Castrato

-කතන්දරකාරයා

ප/ලි:
ඉංගිරිසියෙන් හී හැස් ගොට් නෝ බෝල්ස් යැයි කීමෙන් අදහස් කෙරෙන්නේ මොකක්ද කියා දන්නවාද?
http://www.urbandictionary.com/define.php?term=you've+got+no+balls

තමන්ට විරුද්ධ මතයක් දරන අයෙකුව මතවාදීව පරාජය කරන්නට නොහැකි වූ විට පුද්ගලිකව මඩ ගසන්නට අසත්‍ය ප්‍රචාර කරන අයටත් "දේ හැව් ගොට් නෝ බෝල්ස්!" යැයි කිව හැක.
 
  • Like
Reactions: RIDER89

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ලංකාවෙත් පූජා කරන්නම් ගගා අඬන, මෑත පරපුරේ සැට් එකේ එවුන්ගෙ කුට්ටම ඉවත් කලා නම් හරි