වෘෂණ කෝෂ රිදෙනවද? එහෙමනම් අනිවාර්යෙන් කි&#3514

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
වෘෂණ කෝෂ රිදෙනවද? එහෙමනම් අනිවාර්යෙන් කි&#3514

vv-113.png


මහ එපාකරපු කැක්කුමක් තියෙන්නේ. කාටත් කියන්නත් ලැජ්ජයි. සමහර පිරිමින්ට මේ කියන ගැටලුවට මැදිවන්නට සිදුවන අවස්ථා තියෙනවා. සමාජ රෝගයක් හැදිලාවත්ද කියලා සමහරු බයවෙනවා. මොකද වෘෂණ කෝෂ ආශ්‍රිතව එන අමුතු වේදනාව නිසා ඔවුන් අපහසුවට ලක්වීම නිසයි.

වෘෂණ කෝෂ ආශ්‍රිතව හටගන්නා වේදනාවට හේතු ගණනාවක්ම තිබෙන්නට හැකියි. හයිඩ්‍රෝසීල් හෙවත් අණ්ඩවාතය කියන්නේ මෙයින් විශේෂිත තත්ත්වයක්. ඒකෙදි වේදනාවක් දැනෙන්නේ නෑ. නමුත් වෘෂණය විශාල වෙන්නට ගන්නවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේක හඳුන්වන්නේ බැහැලා කියලයි.

මෙහිදී සිදුවෙන්නේ වාෂණ කෝෂය ඉදිමීම නැත්නම් විශාල වීමයි. ඒකට හේතුව වෘෂණය වටා ඇති ආවරණයේ දියරයක් එකතුවීමයි. වේදනාකාරී නොවන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන මේ තත්ත්වය බරවා රෝගය වැඩි මුහුදුබඩ කලාපයේ අය අතර බහුලව දකින්න පුළුවනි.

කුඩා දරුවන් අතර මේ රෝගය ඒ තරම් දැකගන්නට නෑ. තරුණයන් සහ වැඩිහිටියන් අතර තමා බහුල. වෘෂණවලට අනතුරක් සිදුවීමෙන්, පහරක් වැදීමෙන් වගේම ආසාදනයක් නිසාත් මේ විදිහට බහින්න එහෙමත් නැත්නම් ඉදිමෙන්න පුළුවනි. ඒ වගේ වෙලාවට නම් මේක වේදනාකාරියි.

අණ්ඩවාතයෙන් පෙලෙන අයත් මේ ගැන කියන්න කතා කරන්න ලැජ්ජයි. මේ නිසා වෛද්‍යවරු වෙත යොමුවන්නේ නෑ. ඒ වෙනුවට පුවත්පත් දැන්වීම්වල තියෙන තෙල් බේත් සරණ පතා යනවා. මේ තෙල් බේත් කොයිතරම් ගුණද නැද්ද කියලා කවුරුත් දන්නේ නෑ. මේවා හුඟක්ම බොරු වෙදකම්. මේ නිසා සල්ලිත් විනාශ කරගෙන අමාරුවේ වැටෙන එකයි වෙන්නේ. හොඳම ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවීම අනිවාර්යයි. ශල්‍යකර්ම මගින් මේ තත්ත්වය නිට්ටාවටම සුවකරගත හැකියි. මේ ශල්‍යකර්මය ඉතාම සුළු එකක්. කවදාකවත් වරදින එකක් එහෙම නෙමේ.

හර්නියාව කියන්නෙත් බොහෝමයක් දෙනා කියන්නේ නැතිව හංගාගෙන ඉන්න ලෙඩක්. මෙතෙන්දි වෙන්නේ උදරයේ බිත්ති දුර්වල වෙලා ඒ හේතුවෙන් බඩවැල දුර්වල උදර බිත්ති තුළින් වෘෂණ තුළට පාත්වීමයි. මේ පාත්වීම නිසා ගෙඩියක් වගේ පිම්බෙන ගතියක් ඇතිවෙනවා දක්නට පුළුවනි. මේ තත්ත්වය මුලින්ම දක්නට ලැබෙන්නේ යටිබඩ දෙපස හෝ පැත්තක පුංචි පිම්බීම් දෙකක් හැටියටයි.

කහින වෙලාවට මෙය පිටතට නෙරා එනවා පමණක් නොවේ වේදනාවන් වැඩිවෙන්නට හැකියි. මේ තත්ත්වයන් තරුණයන් හා වැඩිහිටියන් අතර බහුලයි. සුළු ශල්‍යකර්මයක් මගින් මේ අපහසුතාවන් වළක්වා ගත හැකියි.

අණ්ඩවාතය සහ හර්නියාවට අමතරව වෙනත් හේතුන් නිසාද වෘෂණ වේදනා ඇති විය හැකියි.

එයින් ප්‍රධාන එකක් වන්නේ වෙරිකෝස් හෙවත් වෘෂණකෝෂය ආශ්‍රිතව ඇති ශිරා ප්‍රසාරණය වීමයි. නහර ගැටගැසීම කියලා හඳුන්වන තත්ත්වයම තමා මේ. මේ සඳහා නිතර ආධාරක යට ඇඳුමක් ඇඳීම තමා හොඳ. තත්ත්වය දරුණු නම් වෛද්‍යවරයකු හමුවී පසුව සැත්කමකට යන්නට පුළුවනි.

තවත් සැත්කම් කළ යුතු අවස්ථාවක් හැටියට යම් හේතුවක් නිසා වෘෂණ ඇඹරීමට ලක් වීමෙන් එකවර හට ගන්නා වේදනාව දැක්විය හැකියි. මේ සඳහාත් වෛද්‍ය උපදෙස් ලබා වහාම සැත්කමක් කළ යුතුයි.

මුත්‍රා මාර්ගයේ ගල් හට ගත් විට අධික වේදනාවක් යටි බඩේ සිට වෘෂණ දක්වා ගමන් ගන්නවා. මුත්‍රා ගල් සඳහා ඖෂධ වර්ග පවතිනවා. නමුත් මෙහිදීත් ඖෂධ වලින් ඉවත් කරන්න දියකරන්න බැරි තත්ත්වයක් නම් සැත්කමට යොමුවිය යුතුයි.

යම් හෙයකින් වෘෂණයට තද පහරක් වැදීම හෝ තුවාල වීම නිසා ඇතිවන වේදනාවට පැරසිටමෝල් මගින් සහනයක් ලැබෙනවා. තදවනසේ යට ඇඳුමක් ඇඳීම සහනයක් ගෙන දෙනවා. වෛද්‍යවරයකු හමුවීම කළ යුතුමයි.

වෘෂණය සහ අපිමූචකය හෙවත් ශුක්‍රානු තැන්පත්ව ඇති කොටසේ ආසාදනයක් නිසාත් වේදනා ඇතිවිය හැකියි. පවුලේ වෛද්‍යවරයා හමුව ප්‍රතිජීවක සහිත ඖෂධ භාවිතාව මගින් සහනයක් ලැබේවී.

කම්මුල්ගාය වෛරස් ආසාදනය වීම නිසාත් වෘෂණ වේදනාව ඇතිවන අවස්ථා තිබෙනවා. මේ අවස්ථාවේදී වහා වෛද්‍යවරයා වෙත යොමු වී ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගත යුතුයි. එමගින් අනාගතයේ වඳ භාවයට පත්වීම වැළැකී යා හැකියි.

ලිංගික ප්‍රාණවත් භාවය ඇතිව දිගු වේලාවක් සිටින විටත් වෘෂණවල වේදනාවක් හට ගන්නා අවස්ථා තියෙනවා. නමුත් එය ප්‍රාණවත් බව නැතිව යාමත් සමඟ ඉවත්ව යන සාමාන්‍ය තත්ත්වයක් නිසා බියවිය යුතු නෑ.

WaDaGaThNaM REP++++++++++++
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    adoo mageth ridena cn ekak thiynewa. kondath ekka ridenwa welawakata.
    mama wathura bonna gaththa ude pandara nagitala.. issrata wada pewenawa wathura..dannam aulak na habai. :(