වෘෂභ ලග්නයෙන් උපන් අය ගැනයි මේ..

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වෘෂභ ලග්නයෙන් උපන් අය ගැනයි මේ..

    වෘෂභ ලග්නය​

    TAURUS-Oct5201174722720AM.jpg

    වෘෂභ ලග්නයට අදිපතිත්වය දරන්න්නේ ග්‍රහලොව සුකොමාල කෙල්ල,සිකුරු ග්‍රහයා වේ.වෘෂභ ලග්නයට සහ සිකුරු ලග්න යන දෙකටම අදිපතීත්වය දරන්නේ සිකුරු ග්‍රහයා වේ.මේ දෙදෙනා අතර ඇති වෙනස වන්නේ වෘෂභය පුරුෂ රාශියක් වීමත් තුලාව ස්ත්‍රී රාශියත් වීමත්ය.

    ජ්‍යෝතිෂ්‍යයේදී වෘෂභයා වැඩුනු ගොනෙකුගේ රූපයකුට සමාන කර ඇත.ලැබෙන ඕනෑම අවස්ථාවකින් ප්‍රයෝජන ගෙන පිම්මේ පැනීම ගොනාගේ සිරිතයි.නැතහොත් වෘෂභයාගේ සිරිතයි.මේ නිසාම වෘෂභයා නිතරම තම පවුලේ දියුණුව ගැන නිරතුරුව සැලකිලිමත් වේ.ලැබෙන සියලුම අවස්ථාවකින්ම පවුලේ දියුණුව සඳහා මුදල් ඒකරාශී කිරීම සහ ඒවා ඉතා ප්‍රවේසමෙන් ප්‍රයෝජනවත් ලෙස වියදම් කිරීමට පෙළෙඹෙයි.

    ජ්‍යෝතිෂ්‍යයේදී රාශි වලල්ලේ 2 වැන්නෙත් තැන්පත් ධනය ගැන කතාකරන්නේ මේ නිසාමය.රාශි වලල්ලේ දෙවැන්න වන්නේ වෘෂභයයි.වෘෂභයා නිතරම හැඟීම් වලට වහල් වීමට වඩා තම පවුලේ ප්‍රේමය, නෑදෑ සහ සම්බන්ධතා ආරක්ෂණය කර ගැනීම සඳහා වැඩිපුර වෙහෙසෙයි.මේ නිසාම තම සහකාරයා හෝ සහකාරිය තෝරා ගැනීමේදී ධනය ඉපයීමේ ක්‍රියාවලියේ (රැකියාවක් හෝ ව්‍යාපාරයකින් යහතින් ආදායම් ලබන ) නිරතවන්නෙක් හෝ වන්නියක් තෝරා ගැනීමට පෙළෙඹෙයි.වෘෂභ ලග්න හිමියා තුලා ලග්න හිමියා මෙන් සුඛෝපබෝගී දේවල් වලට ඇල්මක් දැක්වුවද වෘෂභ ලග්න හිමියාට ඒ සියලු සැප පහසුකම් ලබා ගත යුත්තේ තමාගේම මහන්සියෙන් යන්න සිත තුල තිබේ.වෘෂභයා මුදල් පාලන කටයුතු වල සූරයෝ වෙති.මේ නිසාම ඔවුන් මූල‍ය සැලසුම් , මූල්‍ය පරිපාලන, බ්‍රෝකර් කටයුතු , ගණකාධිකාරී ,බැංකු කළමනාකාර හෝ නොයෙක් මූල්‍ය ගණණය අංශයේ වෘත්තීන් වලට ඉතා සුදුස්යෝ වෙති.​

    අවසරයකින් තොරව කොපිකිරීම තහනම්..
    pawusi (RAH):love:
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    වෘෂභ ලග්නය​

    TAURUS-Oct5201174722720AM.jpg




    වෘෂභයා නිතරම හැඟීම් වලට වහල් වීමට වඩා තම පවුලේ ප්‍රේමය, නෑදෑ සහ සම්බන්ධතා ආරක්ෂණය කර ගැනීම සඳහා වැඩිපුර වෙහෙසෙයි.​

    අවසරයකින් තොරව කොපිකිරීම තහනම්..
    pawusi (RAH):love:

    ammooo.... 100% true
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හරියටම හරි. ඒත් "මේ නිසාම තම සහකාරයා හෝ සහකාරිය තෝරා ගැනීමේදී ධනය ඉපයීමේ ක්‍රියාවලියේ (රැකියාවක් හෝ ව්‍යාපාරයකින් යහතින් ආදායම් ලබන ) නිරතවන්නෙක් හෝ වන්නියක් තෝරා ගැනීමට පෙළෙඹෙයි." මේක නම් බොරුද මන්දා :P මගේ කෙල්ල ජොබ් එකක් කරන්න අදහසක් නෑ කියල දැනගෙනත් මම සෙට් කරගත්තනේ :D

    +6
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    තුලා ගැනත් කියන්නකෝ pawsi අය්යේ... මගේ birthday එක 1990 ජනවාරි 30 වෙලාව 1.05 පුලුවන්නම් මේකටත් කියන්න..
     

    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    Same here!!

    :yes:
    හරියටම හරි. ඒත් "මේ නිසාම තම සහකාරයා හෝ සහකාරිය තෝරා ගැනීමේදී ධනය ඉපයීමේ ක්‍රියාවලියේ (රැකියාවක් හෝ ව්‍යාපාරයකින් යහතින් ආදායම් ලබන ) නිරතවන්නෙක් හෝ වන්නියක් තෝරා ගැනීමට පෙළෙඹෙයි." මේක නම් බොරුද මන්දා :P මගේ කෙල්ල ජොබ් එකක් කරන්න අදහසක් නෑ කියල දැනගෙනත් මම සෙට් කරගත්තනේ :D

    +6