වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඒ මිත්‍යාදුස්ටිකයද...

    කතා විලාශය, අදහනවා කියන දේ, හැම එකක්ම බැලුවහම බොහෝ දුරට ඒ වගේ.
    පොරගේ වචන සෙට් එකක් තියනවා. ගිය දවස්ස් වල වැරදිලා වගේ එකක් දෙකක් වැටිලා තිබ්බ. :lol:
    දැන් නම් ටිකක් සංවර වෙලා වගේ.
    පරණ thread ටිකක් බලපන්කො.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    මම අවුරුදු දහයක් නිර්මාන්ෂයි.. එත් නිර්මාන්ෂවීම සීලයක් නෙවෙයි.. වෙන කෙනෙක් මරපු මසක් කෑවට ප්‍රාණඝාත අකුසලය සිද්දවෙන්නේ නැහැ. එත් බිත්තර කෑම , බිත්තර කැඩීමෙන් ප්රානඝාතයක් සිදුවෙනවා.. ෆාර්ම් බිත්තර කියල වෙනසක් නැහැ..

    මේ බන ටික හොඳින් අහන්න.. හිතේ තියන සැකය දුරුවේවි..

    කොහොමත් බෞද්ධයා රූපවාහිනිය චාටර්. එකෙන් උත්සාහ ගන්නේ පුද්ගල චරිත උලුප්ප උලුප්ප, ධර්ම කරුණු තමන්ට ඕන විදියට වචන හරඹ කර කර තෝරමින්, ගුවන් කාලය අපතේ හරින්න. නමුත් ශ්‍රද්ධා රූපවාහිනිය නිර්මල සද්ධර්මය විකෘති නොකර සරලව පැහැදිලි කරදෙමින් පුද්ගල ප්‍රතිරූප උලුප්පා දැක්වීමකින් තොරව ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව වැඩෙන ආකාරයට වැඩසටහන් ඉදිරිපත් කරයි. අඩුතරමින් ධර්ම දේශනාවකට වැඩම කරන ස්වාමීන් වහන්සේගේ නමවත් නිවේදකයා විසින් නොපවසයි. එසේ කරන්නේ එම ධර්මය බුදුන් වහන්සේගේ නිසාය. නුවනැත්තෝ වෙනස හඳුනා ගනිත්වා. ඔබට නිර්මල සද්ධර්මය ශ්‍රවනය කිරීමට අවශ්‍ය නම් ශ්‍රද්ධා රූපවාහිනිය හා එක්වන්න
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කලලයක් වුනත් ගන්දබ්බයෙක් ඇතුල් වෙන කල් ජීවයක් නෙවේ..ඉතින් ෆාම් බිත්තර වල ජීවයක් තියෙන්න අමාරුයිනෙ කොහොමත්..

    ගන්දබ්බ කියල කෙනෙක් බුද්ධ දේශනාවේ නැහැ මචන්..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගන්දබ්බ කියල කෙනෙක් බුද්ධ දේශනාවේ නැහැ මචන්..
    එහෙම ගන්දබ්බ නමක් නැතත් පව් පින් අනුව සකස්වෙච්ච අවසන් සිතින් ඊලඟ තැනට ආපු එකම කෙනා නේද :confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ අදහන හින්දු ආගමේ නම් ගන්ධබ්බයෝ ඇති. හැබැයි මම දන්න, බුදු හාමුදුරුවෝ දේශනා කරපු, බුදු බනේ නම් ගන්දබ්බයෝ නැහැ. ඒකම තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අනාත්මයි කියල. ඒවගේම බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව පෙන්නල තියෙනව භික්ෂුන් නොකෑ යුතු මස් වර්ග. සියලු මස්, බිත්ත්‍ර ඇකැප නම් බුදුන් වහන්සේ එය දේශනා නොකරයිද?
    බුදුහාමුදුරුවො මස් කන්ඩ එපා කිවුව කියල මන් කියල නෑනෙ..ඒක තමන්ගෙ කැමත්ත..ගන්දබ්බයො නෑ කියල නෙමේ අන්තරා භවයක් නෑ කියලයි බුදුහාමුදුරුවෝ දේශනාකරල තියෙන්නෙ..පනුවෙක් අත්තක් දිගේ යද්දි එක් තැනක් අත අරිද්දි තව තැනක් අල්ලා ගන්නවා වගේ, එක් භවයකින් ඉවත්වෙද්දි තවත් තැනක් ඉපදෙනව..ඒක ගන්දබ්බයෙක් වෙන්නත් පුලුවන්..ඉපදෙන්න මව් කුසක් හොයමින් එහෙ මෙහෙ යන කාලෙ..දැන් අපි කෙනෙක් මැරුනම හොද තැනක ඉපදෙන්න කියල පින් දෙන්නේ ඒකනෙ..ගන්දබ්බ අවස්තාවක් නැතුව් කෙලිම්ම ඉපදෙනව නන් එහෙම කරන්ඩ වෙලාවක් නෑනෙ...[/QUOTE]

    ඔයා වැරදි වැටහීමක ඉන්නේ. වර්තමානයේ ගන්දබ්බ කියල හඳුන්වන ජීවීන් කොට්ටාශය ප්‍රේත , භූත කොට්ටාශයට අයිති උප්පත්තීන්... යම් කෙනෙක් මැරෙන මොහොතේම කර්මානුරූපීව ඕපපාතිකව ප්‍රේත හෝ භූත ආත්මයක ඉපදෙන එකට තමයි ගන්දබ්බ කියන වෙනස් අර්ථකතනයක් දීල තියෙන්නේ. බුදුරජානන් වහන්සේ කොතැනවත් දේශනා කරලා නැහැ මරණින් පස්සේ මවු කුසක් හොයමින් ගන්දබ්බයෙක් වෙලා සැරිසරනවා කියල. කෙනෙක් මරුන් පස්සේ අපි දෙන පින් අරන් ඒ සත්වයා හොඳ උප්පත්තියක් කරා යනවා කියල ඔයා විශ්වාස කරනවානම් ඒ පින් ගන්නා සත්වයා ඉන්න ඕන ප්‍රේත ආත්මයක විතරයි. එහෙම පින් ගන්න ප්‍රේතයෙක් නම් ඒ ප්‍රේත කොට්ටාශය පරදත්තුපජීවී කියන කොට්ටාශයේ ඉපදිලා ඉන්න ඕන.

    ප්‍රේතයින් ගැන විස්තරයක් තියනව මෙන්න මෙතන

    http://www.nirvanadhamma.com/lk/dam...ayata-yanawada/peretha-apaya/perethayo-warga/
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම ගන්දබ්බ නමක් නැතත් පව් පින් අනුව සකස්වෙච්ච අවසන් සිතින් ඊලඟ තැනට ආපු එකම කෙනා නේද :confused:

    මම අහල කියවල ඉගෙනගත්තු බුද්ධ දර්ශනය අනුව ගන්දබ්බ කියල වැරදිලා හඳුන්වන්නේ කර්මානුරූපීව ප්‍රේත , භූත ආත්ම වල ඉපදිලා ඉන්න සත්වයින්ට.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ ඉන්න ටිකේ මසක් මාලුවක් කාල තෙලක් දාල දුමක් දාල ඔය අහුවෙන වෙලාවක බඩුවකුත් ගහල කිචවෙලා යන්ඩ ඔ්නෙ බං. ;)
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කොහොමත් බෞද්ධයා රූපවාහිනිය චාටර්. එකෙන් උත්සාහ ගන්නේ පුද්ගල චරිත උලුප්ප උලුප්ප, ධර්ම කරුණු තමන්ට ඕන විදියට වචන හරඹ කර කර තෝරමින්, ගුවන් කාලය අපතේ හරින්න. නමුත් ශ්‍රද්ධා රූපවාහිනිය නිර්මල සද්ධර්මය විකෘති නොකර සරලව පැහැදිලි කරදෙමින් පුද්ගල ප්‍රතිරූප උලුප්පා දැක්වීමකින් තොරව ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව වැඩෙන ආකාරයට වැඩසටහන් ඉදිරිපත් කරයි. අඩුතරමින් ධර්ම දේශනාවකට වැඩම කරන ස්වාමීන් වහන්සේගේ නමවත් නිවේදකයා විසින් නොපවසයි. එසේ කරන්නේ එම ධර්මය බුදුන් වහන්සේගේ නිසාය. නුවනැත්තෝ වෙනස හඳුනා ගනිත්වා. ඔබට නිර්මල සද්ධර්මය ශ්‍රවනය කිරීමට අවශ්‍ය නම් ශ්‍රද්ධා රූපවාහිනිය හා එක්වන්න

    ane nikan palayan ban yanna... shadra eke yanne ara kiribathgoda dharmaya.. pure buddism neme... Baudhdhaya eka 1000kin hondai umba oya kade yanaekata wada...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113

    මම අහල කියවල ඉගෙනගත්තු බුද්ධ දර්ශනය අනුව ගන්දබ්බ කියල වැරදිලා හඳුන්වන්නේ කර්මානුරූපීව ප්‍රේත , භූත ආත්ම වල ඉපදිලා ඉන්න සත්වයින්ට.

    මචන් මමත් අවු.5 ක විතර ඉදන් නිර්මාන්ශියි.(බිත්තර විතරක් කනව).සීලයක් රකින්නවත්,පොශ් කමක්වත් නෙමේ.සතුන්ට තියෙන කරුණාවට. කොටින්ම මට මිනිහෙක්ට වඩා සතෙක් ගැන දුක හිතෙනවා.

    මම ඔයා දාපු දේශනාව ඇහුවෙ නෑ ඩේටා ලිමිට් වෙලා හින්ද. නමුත් මට හිතාගන්න බෑ ඩිම්බයක් පමණක් තියෙද්දි ජීවයක් තියෙන්නෙ කොහොමද කියල. ඕක ඌ රැක්කත් සතෙක් ඇතිවෙන්නෙ නෑනෙ. ජීවයක් පහළ වෙන තුරු ඒක නිකම්ම සයිල ගොඩක් විතරයිනෙ. ඒක පවක් නම් ස්වයන්වින්දනයේ යෙදීමත් පවක් නේද? මම ඒක සාධාරණීකරනය කරනවා නෙමේ. ඇත්ත දැනගන්නයි ඕනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    ගන්දබ්බ කියල කෙනෙක් බුද්ධ දේශනාවේ නැහැ මචන්..

    මම දන්න තරමිනුත් මරණයත් සමගම වෙනත් ස්ථානයක සිත පහළ වෙනවා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් මමත් අවු.5 ක විතර ඉදන් නිර්මාන්ශියි.(බිත්තර විතරක් කනව).සීලයක් රකින්නවත්,පොශ් කමක්වත් නෙමේ.සතුන්ට තියෙන කරුණාවට. කොටින්ම මට මිනිහෙක්ට වඩා සතෙක් ගැන දුක හිතෙනවා.

    මම ඔයා දාපු දේශනාව ඇහුවෙ නෑ ඩේටා ලිමිට් වෙලා හින්ද. නමුත් මට හිතාගන්න බෑ ඩිම්බයක් පමණක් තියෙද්දි ජීවයක් තියෙන්නෙ කොහොමද කියල. ඕක ඌ රැක්කත් සතෙක් ඇතිවෙන්නෙ නෑනෙ. ජීවයක් පහළ වෙන තුරු ඒක නිකම්ම සයිල ගොඩක් විතරයිනෙ. ඒක පවක් නම් ස්වයන්වින්දනයේ යෙදීමත් පවක් නේද? මම ඒක සාධාරණීකරනය කරනවා නෙමේ. ඇත්ත දැනගන්නයි ඕනෙ.

    මචං ඒ දේශනාව අහනකම් මමත් හිතන් හිටියේ බිත්තර කෑමත් පවක් නැහැ කියල.. ඒත් වෙන කෙනෙක් තම්බල හෝ බැදලා දෙන බිත්තරයක් කන එකෙන් කන කෙනාට පවක් සිද්දවෙන්න විදිහක් නැහැ කන කෙනා වෙනුවෙන්ම කරපු දෙයක් නෙවෙයි නම්. ගෝතම ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවේ බොහොම තාර්කිකව පැහැදිලි කරනවා බිත්තර කැඩීමෙන් පවක් සිද්දවෙන්න පුළුවන් කියල. ඩේට ලැබුනාම ඒ බන ටික අහල හිතල බලන්නකෝ.. මම දැනට අවුරුදු දහයක් මස් මාංශ කරවල බිත්තර උම්බලකඩ කිසිදෙයක් කන්නේ නැහැ. එහෙම කරන්නේ සත්තු මරණ එකට මම අකමැති නිසා. ඒ ඇරෙන්න ඒක සීලයක් නෙවෙයි කියල දන්නවා.

    මම විනෝදාංශයක් විදිහට කුකිං කරන නිසා කෑම එහෙම හදද්දී අනික් අය වෙනුවෙන් මම බිත්තර , මාළු, මස් උයල දෙනවා ඕන තරම්. එත් ගෝතම ස්වාමින් වහන්සේගේ බන අහනකම් මමත් ෆාර්ම් බිත්තරේක පරානයක් නැහැ කියන මතයේ ඉඳන් බිත්තර කඩන එක එහෙම කරා කෑම හදද්දී. එත් ගෝතම ස්වාමින්වහන්සේගේ බන ටික අහුවයින් පස්සේ බිත්තර කඩන එක නවත්තලා කඩේ තියන egg York සහ egg white ගෙනල්ල තමයි කෑම හදද්දී හදල දෙන්නේ. කොහොමෙන් හරි වලකින්න ඕන අකුසල කර්ම තමයි.

    විද්‍යාත්මක සාධක අනුව කිකිලියෙක් කුකුලෙක් නැතුව බිත්තර දාන්න පුළුවන් කියල කියන්නේ.. එත් කුකුල් ෆාර්ම් වල කිකිලියෝ දෙතුන්දාහක් අතරේ කුකුලන් දෙතුන් දෙනෙකුත් ඉන්නවා මම දැකල තියෙනව (ලංකාවේදී හුඟ කාලෙකට කලින් ). ඒ නිසා අපිට හරියටම කියන්න බැහැ කිකිළි දාන බිත්තරේ කුකුලෙකුගේ ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වෙලාද නැද්ද කියල. ඒ හින්ද අපිට හරියටම කියන්න බැහැ අපි කඩන බිත්තරේ ඇතුලේ ජීවයක් තියෙනවද නැතිද කියන එක. අකුසල කර්ම ගොඩ ගහගන්න ඕන නැති නිසා වඩාම හොඳ බිත්තර කැඩීමෙන් වැළකී ඉන්න එක තමයි.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම ගන්දබ්බ නමක් නැතත් පව් පින් අනුව සකස්වෙච්ච අවසන් සිතින් ඊලඟ තැනට ආපු එකම කෙනා නේද :confused:

    ඔව්.. එහෙමත් අර්ථදක්වන්න පුළුවන් ඇති.. එත් ඒක අලුත් ඕපපාතික උප්පත්තියක්..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මචං ඒ දේශනාව අහනකම් මමත් හිතන් හිටියේ බිත්තර කෑමත් පවක් නැහැ කියල.. ඒත් වෙන කෙනෙක් තම්බල හෝ බැදලා දෙන බිත්තරයක් කන එකෙන් කන කෙනාට පවක් සිද්දවෙන්න විදිහක් නැහැ කන කෙනා වෙනුවෙන්ම කරපු දෙයක් නෙවෙයි නම්. ගෝතම ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවේ බොහොම තාර්කිකව පැහැදිලි කරනවා බිත්තර කැඩීමෙන් පවක් සිද්දවෙන්න පුළුවන් කියල. ඩේට ලැබුනාම ඒ බන ටික අහල හිතල බලන්නකෝ.. මම දැනට අවුරුදු දහයක් මස් මාංශ කරවල බිත්තර උම්බලකඩ කිසිදෙයක් කන්නේ නැහැ. එහෙම කරන්නේ සත්තු මරණ එකට මම අකමැති නිසා. ඒ ඇරෙන්න ඒක සීලයක් නෙවෙයි කියල දන්නවා.

    මම විනෝදාංශයක් විදිහට කුකිං කරන නිසා කෑම එහෙම හදද්දී අනික් අය වෙනුවෙන් මම බිත්තර , මාළු, මස් උයල දෙනවා ඕන තරම්. එත් ගෝතම ස්වාමින් වහන්සේගේ බන අහනකම් මමත් ෆාර්ම් බිත්තරේක පරානයක් නැහැ කියන මතයේ ඉඳන් බිත්තර කඩන එක එහෙම කරා කෑම හදද්දී. එත් ගෝතම ස්වාමින්වහන්සේගේ බන ටික අහුවයින් පස්සේ බිත්තර කඩන එක නවත්තලා කඩේ තියන egg York සහ egg white ගෙනල්ල තමයි කෑම හදද්දී හදල දෙන්නේ. කොහොමෙන් හරි වලකින්න ඕන අකුසල කර්ම තමයි.

    ඔබ තුමාට බොහෝම පින් මේ කරුණු මතු කර දැක්වූවාට.

    ඔබතුමාට පෙනෙනවා ඇති මම ඔබ කියන කරුනට එකඟ නැහැ කියාත්. ඒ කෙසේ වෙතත්, ඔබතුමාට පුලුවන් නම් මට හරියටම කියන්න වල්පොල ස්වාමීන්වහන්සේ "තාර්කිකව පෙන්නපු තැන" සංසේචනය නොවූ ෆාම් බිත්තරයක ජීවය තිබෙනවා"යි පෙන්වු තැන බොහොමත් කෘතඥ වෙමි. බිත්තරේ ජීවය තිබේ නම් පාවෙන්නේ නැහැ යන්න අන්තිම ලාමක කරුනක්, ප්‍රඥාවන්තයින් නොසැලකිය යුතු ලාමක තර්කයක්. එසේ නම් ලෙදර් බෝලයක් වතුරට වැටුනාමත් පාවෙන්නෙ නැහැ නොවැ, එකටත් පන තියෙනවාද?

    ඒ නිසා ඒ වගේ සරල විහිලු නොවෙයි යම් පිලිගත හැකි, බුද්ධිමත්, තර්කයක් හෝ බුදු බනේ පැහැදිලිව මව පියාගේ එක්වීමක් නැතිව හැදුනු බිත්තර වල ප්‍රානයක් ඇතැයි බුදුරජුන් පෙන්වූ තැනක් වෙත් නම් පෙන්වන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජිංතක ජිල්ලබකිට;19748075 said:
    ඔබ තුමාට බොහෝම පින් මේ කරුණු මතු කර දැක්වූවාට.

    ඔබතුමාට පෙනෙනවා ඇති මම ඔබ කියන කරුනට එකඟ නැහැ කියාත්. ඒ කෙසේ වෙතත්, ඔබතුමාට පුලුවන් නම් මට හරියටම කියන්න වල්පොල ස්වාමීන්වහන්සේ "තාර්කිකව පෙන්නපු තැන" සංසේචනය නොවූ ෆාම් බිත්තරයක ජීවය තිබෙනවා"යි පෙන්වු තැන බොහොමත් කෘතඥ වෙමි. බිත්තරේ ජීවය තිබේ නම් පාවෙන්නේ නැහැ යන්න අන්තිම ලාමක කරුනක්, ප්‍රඥාවන්තයින් නොසැලකිය යුතු ලාමක තර්කයක්. එසේ නම් ලෙදර් බෝලයක් වතුරට වැටුනාමත් පාවෙන්නෙ නැහැ නොවැ, එකටත් පන තියෙනවාද?

    ඒ නිසා ඒ වගේ සරල විහිලු නොවෙයි යම් පිලිගත හැකි, බුද්ධිමත්, තර්කයක් හෝ බුදු බනේ පැහැදිලිව මව පියාගේ එක්වීමක් නැතිව හැදුනු බිත්තර වල ප්‍රානයක් ඇතැයි බුදුරජුන් පෙන්වූ තැනක් වෙත් නම් පෙන්වන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    ඔයා මම දාපු පොස්ට් එකේ කොටසක් නැතුවයි කෝට් කරලා තියෙන්නේ. මේ ටිකත් කියවන්න

    //විද්‍යාත්මක සාධක අනුව කිකිලියෙක් කුකුලෙක් නැතුව බිත්තර දාන්න පුළුවන් කියල කියන්නේ.. එත් කුකුල් ෆාර්ම් වල කිකිලියෝ දෙතුන්දාහක් අතරේ කුකුලන් දෙතුන් දෙනෙකුත් ඉන්නවා මම දැකල තියෙනව (ලංකාවේදී හුඟ කාලෙකට කලින් ). ඒ නිසා අපිට හරියටම කියන්න බැහැ කිකිළි දාන බිත්තරේ කුකුලෙකුගේ ශුක්‍රාණුවක් එක්ක සංසේචනය වෙලාද නැද්ද කියල. ඒ හින්ද අපිට හරියටම කියන්න බැහැ අපි කඩන බිත්තරේ ඇතුලේ ජීවයක් තියෙනවද නැතිද කියන එක. අකුසල කර්ම ගොඩ ගහගන්න ඕන නැති නිසා වඩාම හොඳ බිත්තර කැඩීමෙන් වැළකී ඉන්න එක තමයි.//

    මම අදහස් ඉදිරිපත් කරේ කෙස් පැලෙන තර්ක ගෙනල්ල මේ ත්‍රෙඩ් එකේ වාද කරන්න නෙවෙයි.. මගේ අදහස සහ ඒ ගැන මම අහපු කියවපු දේවල් මම කලින් කෝට් කරලා තියනවා. ඒව සහ තවත් කරුණු හොයාබලලා හොඳයි කියල හිතෙන දෙයක් කරන්න.
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Try Yahoo answers;;

    The eggs you buy in the grocery store are just the egg of the chicken,, without being impregnated with the male chickens semen, they will never hatch into a chicken, This is true 99.99% of the time,,
    When ppl got their eggs from their own chickens, they were often fertilized, you can tell that by the yoke having a small red dot on it.

    ඔය රතු පාටින් තියෙන අකුරැ සිංහලෙන් කියන්නද?:lol:

    So basically we are eating the periods of chiken.... :baffled::baffled::baffled::baffled::baffled: