වෙනත් දේවල්

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    දන්තාලේප මඟින් කල හැකි වෙනත් දේවල්

    ඔයාල දන්නේ....දත් බහෙත් වලින්....දත් මදින්න විතය නේද ?



    1243316760.jpg

    1. මේස මත තබා ඇති පැණිරස ආහාර වලට කුහුඹුවන්ගෙන් සිදුවන හාණි තාවකාලිකව වැලැක් වීමට එම මේසයේ කකුල් වටා බිම දන්තා ලේප වලින් සීමාව සලකුණූ කරන්න. දන්තාලේපයේ සැර ගතිය පවතින තුරු කුහුඹුවන් මේසයට නැගීමෙන් වළකියි.

    2. CD DVD තැටිවල ඇති සීරීම් පාරවල් ඉවත් කිරීමට දන්තාලේප තවරා පිරිසිඳු මෘදු රෙදි කඩකින් එක් අතකට පමනක් අතුල්ලා සෝදා හරින්න. ජල බින්දු සියල්ල වේලෙන තුරු භාවිතා නොකරන්න.


    3. පිළිස්සුමකට ලක්වූ විට හැකි ඉක්මනින් එම ස්ථානයේ දන්තාලේප ආලේප කිරීමෙන් සහනයක් ලැබිය හැක.


    4. අත් වල ඇති දුගඳ නැති කිරීමට දන්තාලේප අතුල්ලා සෝදාගන්න. ළූණු වල සැර ගතිය පිළී ගඳවල් ආදිය ඉවත් කිරීමට මෙය සාර්ථක ක්‍රමයකි.


    5. මීමැස්සන් ආදී කුඩා කෘමිසතුන් ගේ සපා කෑම් ආදියෙන් සිදුවන වේදනාවට තාවකාලිකව සහනයක් ලබාගැනීමට සපා කෑ ස්ථානයේ දන්තාලේප තවරන්න.


    6. මුහු‍ණ මත කුරුළෑ ඇතිවීගෙන එන විට නින්දට කලින් එය මත දන්තාලේප ආලේප කර පසුදා උදෑසන සෝදා හැරීමෙන් සහනයක් ලද හැකියි.


    7. නිය පිරිසිඳු කිරීමට වතුරින් තෙමාගත් නිය මත දන්තාලේප තවරා බුරුසුවකින් මදින්න. කුණු ඉවත්වී නියපොතු දීප්තිමත් වෙයි.


    8. අත් ‍ඔරලෝසුවේ වීදුරුව පිරිසිඳුකිරීමටත් සීරීම් සලකුණු ආදිය ඉවත් කිරීමටත් ටිෂූ කඩදාසියක තැවරූ දන්තාලේප භාවිතා කල හැකියි.


    9. මේස මත ටී‍පෝ මත ඇති කෝප්ප, බීම වීදුරු ආදිය තැබීමෙන් ඇතිවන වතුර පැල්ලම් ඉවත් කිරීමට දන්තාලේප තැවරූ තෙත රෙදි කැබැල්ලකින් පිසදමන්න.


    10. බිත්තියට හාණි නොකර එය මත පෝස්ටර් පින්තූර ආදිය රැඳවීමට පොස්ටරයේ යටිපැත්තේ කොන් හතරේ දන්තාලේප ආලේප කර බිත්තිය මත අලවා ගන්න. (බිත්තියෙ ලිත ඇලවීමට කලින් යොදා ගත්ත බත් ඇට, මැලියම් දැන් දන්තාලේප )


    11. බිත්ති මත හෝ ගෙබිම මත ඇති පාට පැන්සල් පැස්ටල් සලකුණු ඉවත් කිරීමට දන්තාලේප ආලේප කර තෙත රෙදි කැබැල්ලකින් පිස දමන්න.


    12. රෙදිවල තැවරුණු තොල් ආලේපන (Lipstick) පැල්ලම් තීන්ත පැල්ලම් ඉවත් කිරීමට එම පැල්ලම මත දන්තාලේප තවරා අතුල්ලා සෝදා හරින්න.


    13. දියමන්ති මුදු රිදී ආභරණ පිරිසිඳු කිරීමට වතුරින් තෙමා පැරණි දත් බුරුසුවකට දන්තා ලේප තවරා ඉතා සීරුවෙන් දූවිලි අපද්‍රව්‍ය ඉවත් වන පරිදි මදින්න. ඉන්පසුව දන්තාලේප සෝදා ඉවත් කරන්න.


    14. බුමුතුරුණු (Carpet) මත ඇති පැල්ලම් ඉවත් කිරීමට දන්තාලේප එම පැල්ලම් මත ආලේප කොට බුරුසුවකින් අතුල්ලා සෝදා වේලෙන්නට තබන්න.


    15. සපත්තු ලෙදර් බෑග් ආදිය පිරිසිඳු කිරීමට දන්තා ලේප තැවරූ බුරුසුවක් භාවිතා කරන්න. බෑග් මත ඇති පැල්ලම් ඉවත් කිරීමට සපත්තු වල ඇති සීරීම් සලකුණූ ඉවත් කිරීමට මෙම ක්‍ර‍මය ඉතා පහසුවෙන් හාවිතයට ගත හැකියි.


    16. බිත්ති මත ඇණ ගැසීම ආදියෙන් ඇතිවන කුඩා සිදුරු වැසීමටත් දන්තාලේප යොදා ගත හැකියි. එහෙත් ඒය තාවකාලික පිළියමක් පමණි.


    17. නාන කාමරයේ ඇති කරාම, මුහුණ බලන කණ්නාඩිය, වතුර මල (shower) ආදී දිලිසෙන මතුපිටවල් ඇති කොටස් පිරිසිඳු කිරීමටත් දන්තාලේප භාවිත කළ හැකියි.


    18. වාහ‍නයේ ඇති ප්‍රධාන ලාම්පුවල බැදුන දූවිලි මීදුම් පටල සීරීම් සලකුණූ ආදිය ඉවත් කිරීමට භාජනයක දියකරගත් දන්තාලේප ස්පොන්ජ් කැබැල්ලකින් ගෙන පිසදමන්න.


    19. කුඩා සෙල්ලම් බඩු, කාර්වල ගුවන් යානවල කුඩා ආකෘති ආදිය පිරිසිඳු කිරීමට දන්තාලේප තැවරූ බුරුසු වක් භාවිතා කල හැකි වෙයි.


    20. පිහිනීමට භාවිත කරන පිහිණුම් කණ්නාඩි (swimming goggles) වල බැඳි ඇති දූවිලි මීදුම් පටලයන් ඉවත් කිරීමට දන්තාලේප සහිත රෙදි කැබැල්ලක් යොදාගන්න


    21. පි‍යානෝවේ, ඔර්ගනයේ යතුරු (keytops) පිරිසිඳු කිරීමට මෘදු රෙදි කැබැල්ලක තැවරූ දන්තාලේප යොදාගන්න.


    22. වීදුරු භාන්ඩ වල දීප්තිමත් බව ඇති කිරීමට දන්තාලේප යෙදූ මෘදු රෙදි කැබැල්ලකින් පිසදා සොදා හරින්න දිදුලන දීප්තියක් ඒවාට ලැබෙයි.


    23. කුඩා දරුවන්ගේ සූප්පු, බෝතල් ආදියෙන් එන දුගඳ නැතිකර පිරිසිඳු කිරිමට දන්තාලේප මිශ්‍ර කල වතුරෙන් සෝදන්න.


    24. රෙදි මදිනයේ (iron) පහළ මදින කොටසේ ඇති පිළිස්සුනු පැල්ලම් කහට පැල්ලම් ඉවත් කර පිරිසිඳු කිරීමට. දන්තාලේප ‍තැවරූ ‍රළු රෙදි කඩකින් තදින් අතුල්ලා තෙත රෙදි කැබැල්ලකින් පිසදමා වේලෙන්නට ඉඩහරින්න.

     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    සී ඩී නම් ක්ලීන් කරල තියෙනව කලින්..ඒත් ඉතුරු ඒව නම් දැනගත්තෙ දැන්..ගොඩක් ස්තූතියි බෙදා ගත්තට...