බෞද්ධයා කියන්නෙ ස්වයං හික්මීමක් තියෙන්න ඕන, ස්වයං විනයක් තියෙන්න ඕන කෙනෙක් එහෙම නැතුව නීති රීති දාල ආගමට සම්බන්ධ දේවල් නතරකරල ආගමික දියුණුවක් විශේෂයෙන්ම බුද්ධාගමේ බලාපොරොත්තු වෙනවනම් ඒක විහිළුවක්
තමන්ම විමසා, තමන්ම තේරුම් අරගෙන, ඒ අනුව හැඩගැහෙන ධර්ශනයක් විදියට බුද්ධාගමට ඒක ගැලපෙන්නෙ නෑ.
මෙබස් තම නුවණින්ම විමසා නොතිරවු කය ගති ...................අසන්නේ
දෙතිස් කුණුයෙන් යුතුව මඳකුත් සාරනූ බව නැණින් ..................දන්නේ
මිනිස් බව ලත් තැනේ කුසලක් නොකර උන්නෝ අපල ..............වන්නේ
සතිස් නිරයේ ගොසින් වැටුනොත් එදයි අනුවණ කම් ..........දැනෙන්නේ
සමහර ආගම් නීතිරීති මගින් ශ්‍රාවකයො ඇද බැඳ තියාගන්නව සතියට එක දවසක එක වෙලාවක අනිවාර්යයෙන් තමන්ගෙ ආගමික ස්ථානයට ඇවිත් වතාවත් කළ යුතුයි ආදී වශයෙන් අපි ඒ තත්ත්වයට වැටිය යුතුද...?
රජය මගින් පාලනය කරන, නීති පොතට යටවූ බණ පොතක්ද අපිට අවශ්‍ය.....????