මචන් ඇයි බන් උඹලා මේව පිලිගන්න අකමැති.. ඇස් දෙක ඉස්සරහ තියන ඇත්ත.. මේ..
1. අවුරුදු 70 UNP,UPFA පක්ශ රට දියුනු කර නැත.. ඒ නිසා ඉදිරියේදී චන්දයක් දුන්නත් වැඩක් වේ කියා සිතීමට අපහසුය.. සාමාන්‍යයෙන් බුද්ධිමත් මිනිසුන් එක පාරක් දෙපාරක් වැරදුනු විට නැවත ඒ දේ නොකරයි.
2.මහින්ද සංවර්ධනය කලා..
සංවර්ධනය කියන්නේ භෞතිකව සිදුකරනදේ පමනක් නොවේ..මිනිසුන්ගේ ජීවන තත්වය.. නීතිය හා සාධාරනත්වය..ආදායම් මාර්ග..රක්ශා ඔය සියලුම දේ වර්ධනය කල යුතුය..ඒවා සිදුවී නැත...
3.මහින්ද යුද්ධය අවසානකලා ඒ නිසා චන්දෙ දෙන්න ඕන..
ඔව් අනිවාර්යෙන් යුද්දෙ ඉවර කලා නමුත් ඊටපස්සේ අවුරුදු 5 රටේ නීතියක් තිබුනද?? සාදාරනයක් ඉටු උනාද?? යුද්දෙන් පස්සේ රටේ රස්සා ඇති උනාද?? කප්පම් ගැනීම් පැහර ගැනීම් කොච්චර උනාද?? ඉතින් අයෙ චන්දෙ දුන්නොත් ඒවා නොවී තියෙයිද???ඇත්තටම මිනිස්සුන්ගේ මොරාල් එකත් එක්ක රට වේගයෙන්ම සංවර්ධනය කරන්න පුලුවන් උන කාලෙ නාස්ති උනා..
4.එතකොට JVP?? JVP එකත් ලොකු සුදුසු කමක් නෑ චන්දය දෙන්න.. ඒ 83 කලබල හින්ද කියනව නම් අමු ගොන් කතාවක්..ඒ පරිසරය මර්දනය එක්ක ආපු ක්‍රියා දාමයක්..ඒ කාලෙ ගැන හෙව්වොත් තේරුම් ගන්න පුලුවන්.. අයෙ කවදාවත් JVP තියා මොන ජගතටවත් ලංකාවේ මහ ජාතිය FB එකෙන් ග්‍රවුන්ඩ් එකට ගෙන්න ගන්න බෑ..මට තේරෙන විදියට JVP එකත් එක්ක ලන්කාවේ අපේ කම සලකන්නෑ.. රුසියාවේ හැම දේම ලංකාවට ගැලපෙන්නේ නෑනේ.ලංකාවට ඕන..සිවුරට, වෙලට බැදුනු පක්ශයක්
එතකොට චන්දෙ දෙන්නේ?? එහෙම චන්දෙ දෙන්න පක්ශයක් නෑ ලංකාවේ ඇත්තටම..
1. අපේ රට දියුණු නැත්තේ මොකට සාපේක්ශවද? අද දකුණු ආසියාවේ දියුණුම රට ලන්කාව කියන එක ගැන විවාදයක් නෑ. එකට UNP,UPFA පක්ශ දෙකටම ගරැ කරන්න ඕනි.
2. භෞතික සංවර්ධනයක් නැතුව ඔය කියන ජීවන තත්වය.. නීතිය හා සාධාරනත්වය..ආදායම් මාර්ග..රක්ශා කිසිම දෙයක් වර්ධනය වෙන්නෙ නෑ. ඒ නිසා භෞතික සංවර්ධනය වැඩක් නැ කියන්නෙ අමුම අමු කුහක කමට
3. රටේ නීතියක් තිබුනද කියල අහන්නෙ කොයි කාලෙට සාපේක්ශවද? 1977-2005 කාලෙට වඩා හොදට නීතිය ක්‍රියාත්මක උනා මහින්දගේ කාලෙදි. ඒක පිලිගන්න ඕනි අපි කවුරැත්.
සාධාරණය ඉටු වෙන්න ඔිනි කාටද? කොටින්ටද?
යුද්දෙන් පස්සේ රස්සා ඇති කරනවා කියල මැජික් එකෙන් රස්සා මවන්න බෑ. රස්සා දෙන්න ඕනි නිසා තමා පාරවල් හැදුවේ, එයාපෝර්ට්, වරාය හැදුවේ.. ඒවා විකුණන් කාලා දැන් රස්සා කෝ කියල අහන එක වැරදි.
4. JVP එකට සුදුසු කමක් නැත්තෙ 2004 දී ආසන 40 හම්බ වෙලත් රට වෙනුවෙන් කිසිම වැඩක් කරන්න JVP එක ඉදිරිපත් වෙච්ච නැති නිසා. 2005 දී මහින්දයාත් ඒ චාන්ස් එක දුන්නා. JVP එක එ්ක ගත්තෙත් නෑ. එහෙවු පක්සයකට වැඩ බෑ කියල කියන්න ආයේ අමුතුවෙන් බලයක් දෙන්න ඕනි නෑ.