වෙනස (විරිදු)

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බට දඬු නළා...
ජය පැන් බොන සෙබළ ‍රැලක් - උලතෙත හඬ තල තලා....
රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා...
අසනුමැනවි අසනුමැනවි - අසනුමැනවි තුටුවෙලා...

පරයන ඉදුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නේ කවුරුද - නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලිකරන්
පාසැල්යන දෙවට දිගේ - නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

අඩ සදවන් නලලතේ - චන්දන තිලකය ඇතේ
රිකිපිල වැනි කෙස් කලඔට - කිතුල් රෑන පැරදෙතේ
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

මුහුදෙහි රල පෙල ගැසී - ගමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට - ආසිරිමල් වැසි වසී
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

නැහැඹුල් හද කිතිකැවී - නව රසදුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න - එනවද මදු මාදවී
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ
කිරියි පැනියි වගේ ඉන්න - එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

කරදර බාදක මැද්දේ - දිවි ගගඟ පහලට ඇද්දේ
ගල්පරදැක පෙරමුනේ - මොන නදියද නැවතුනේ
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

හසරැලි නැත්නම් මුහුණේ - සිතුවිලි ලස්සන නැහැනේ
වේදනාව නැති ලොවේ - මීවිත රසවත් නොවේ
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

ගන්නට ඔබ වාඩුවක් - නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක් - ඉමුද පරවි ජොඩුවක්
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...
 

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ade aruge arms balahallako :shocked::shocked: mamth raban gahanna patan ganna one:nerd::nerd::nerd:

    Hikzzz
    0002031F.gif