මම දැනුයි බං වීඩියෝ එක බැලුවෙ.. අවංකවම මගේ ඇස් දෙකට කඳුළු ආවා.. අපි මේ පොළොවෙ නිදහසේ පය ගහලා ඉන්නෙ, නිදහසේ ලංකාව පුරාම ඇවිදින්නෙ මේ රණවිරුවො නිසා.. ගොඩක් අයට කාලයක් එක්ක ඒ අතීතය අමතක වෙලා ගිහින්.. දැන් යුද්ධයක් තිබ්බද කියලවත් මේ ලංකාවෙ අයට අමතකයි.. උඹ ගොඩක් ස්තුතියි මචං.. ගොඩක් අයට අමතක වෙලා ගියපු අතීතය ආයෙම මතක් කරලා දුන්නට..
මට ඇත්තටම ඒ සෙබලගෙ බිරිඳ ගැණ සෑහෙන ආඩම්බරයක් දැනුණා.. ඒ වගේ බිරිඳක් ලබන්න ඒ මහත්තයා පින් කරලා තියෙනවා..
උඔල අපිට මේ වීඩියෝ එකෙන් දැනෙන හැගීම, මේකෙ ඉන්න ගොඩක් උන්ට නොතේරෙන එකයි මචං දුක.
මිනිස්සු ඇයි මේ තරම් ඉක්මනට තමන්ව ජීවත්කරවන්න ජීවිත පූජා කරපු ඒ දෙවි වරුන්ව අමතක කරන්නෙ
අපි හිනාවෙලා ඉන්නෙ කී දහකගෙ කදුලු වලින්ද බං.
ඒ ජීවිත පූජා කරපු වීරයන්ගෙ පවුල්වල අය කදුලින් ජීවිත ගෙවන්නෙ අපිට හිනාව දෙන්න ඒ වීරයො ජීවිත පූජා කෙරුව නිසා නෙමේද බං
අපි හිනාවෙලා ඉන්නෙ කී දහකගෙ කදුලු වලින්ද බං.


