ලුණුවිල සිව් පුද්ගල ඝාතනයේ සැකකරු සියදිවි හානි කර ගනී
වෙන්නප්පුව, ලුණුවිලදී එකම පවුලේ සිව් දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාඔයට පැන සියදිවි හානි කරගත් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ ඝාතනයට යොදාගත් පොරවක් සොයා ගැනිම සඳහා මිගමුව, තෝප්පුව ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
නිලධාරින්ගෙන් මිදි ඔහු තෝප්පුව පාලමෙන් ඔයට පැන ඇති බව ය.
එහිදි ඇතිවූ පොර බැදිමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔහු සඳහන් කළේ, සැකකරුගේ සිරුර මේ වනවිට ගොඩගෙන ඇති අතර එය මාරවිල රෝහලේ තැන්පත් කර ඇති බව ය.
එම සැකකරු අද උදෑසන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඝාතනයට ලක්වූ සිව්දෙනාගේ මළ සිරුරු පසුගිය 01 වනදා ප්‍රදේශයේ පොල් ලෙලි වළකින් සොයාගනු ලැබිණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු බව ය.