වෙන්ව යමු අපි හමු නොවන්නට
නැවත කිසි දින කිසිම ලෙසකින්
ඉන්න මා ළග තවත් මොහාතක්
ඔබේ සුපුරුදු සුවඳ සමඟින්
මුසුව එන ආදරයක සමඟින්
පැතුව ආදර සුවඳ සමඟින්
ඉන්න මට තව තවත් ලංවී
තවත් මොහොතක් ආදරෙන්
පිදුව ඒ ආදරය ඔබ මට
කෙලෙස යන්නද මග හැරන්
දැනෙන දුක හිත පුරා දිව යයි
වාව ගන්නට බැරි තරම්
ගෙවන්නට හැකි වේද මතකය
සදා සිත තුල සිරකරන්
නෙලන්නට බැරි මලක් වී ඔබ පිපුණේ ඇයි
මගේ හිත අරන්
