මේක එච්චරම අවුලක් ගන්න දෙයක් නෙවෙයි. බාදිය තත්තව නිසා මේක වෙනවා. නමුත් කලින් පාර වලට වඩා මේ සැරේ වතුර අඩු වෙලා. වැනිසිය කියන්නේ පුදුම තැනක්. මම ගිහින් තියනවා. හැමදේම වතුර එක්ක බැදිලා තියෙන්නේ.
වැනිසිය ගොඩනැගෙන්න ලොකු බලපෑමක් කලේ ඇටිලා ද හන් කියන මිලේච්ඡ ගෝත්රික ආක්රමණය. රෝමය අල්ලගන්න ආපු ඇටිලාට බයේ ගොඩබිම හිටපු මිනිස්සු වගුරේ හැංගුනා. ඊට කලින් මේ වගුරේ පොඩි පොඩි කදවුරු තිබ්බා මාලු කාරයොන්ගේ. ඇටිලාට බයේ ආපු මිනිස්සු නිසා වගුර ජනාකිරණ උන්. ඒ අය වගුර නගරයක් කලා. මම ගත්ත පින්තුර වගයක් තියනවා. නමුත් මම දන්නැ කොහොමද ඒවා මේකට අප්ලෝඩ් කරන්නේ කියලා. දන්න කෙනෙක් කියන්න කරන හැටි.