වෙන අය කරපු වැඩත් තමන්ගෙ වගේ නම් කරපු රජතුමා.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113

    නිශ්ශංක මල්ල රජතුමා (ක්‍රි.ව.1187 සිට 1196)​








    නිශ්ශංක මල්ල රජතුමා



    කිර්ති නිශ්ශංක සහ කාලිංග ලෝකේශ්වර යන නාම වලින්ද හැඳින්වුන නිශ්ශංක මල්ල රජතුමා 1187 සිට 1196 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළේය. මහා පරාක්‍රමබාහු රජතුමාගේ අනුප්‍රාප්තිකයා වූ ඉන්දියාවේ සිට පැමිණි කාලිංග වංශිකයෙකි.

    මොහු පිළිබඳ තොරතුරු ගවේෂණය කරන්නකුට සාහිත්‍ය මූලාශ්‍රය සහ සෙල්ලිපි යන අංශ දෙකෙන්ම තොරතුරු ගවේෂණය කළ හැක. මහා වංසයෙහි දෙවැනි කොටසෙහි සහ දඹදෙණි යුගයේ දී මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචිත පූජාවලිය තුළින් ද නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු රැසක්‌ම ලද හැකිය. එසේම නිශ්ශංකමල්ල රජු පිළිබඳව තොරතුරු ලබා දෙන සාහිත්‍ය මූලාශ්‍රයන් අතර
    • රාජාවලිය
    • පූජාවලිය
    • දළදා සිරිත
    • රාජරත්නාකරය යනාදියට ද වැදගත් ස්‌ථාන හිමි වේ.
    එපමණක්‌ ද නොව, නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු සපයන මූලාශ්‍රයන් අතර, "සෙල්ලිපි" සඳහා ද සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වන අතර, ලංකාවේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක්‌ පිහිටුවීමේ ගෞරවය හිමිවනුයේ ද නිශ්ශංකමල්ල රජතුමාටය. නිශ්ශංකමල්ල රජු විසින් පිහිටුවන ලද සෙල්ලිපි අතර
    • ගිරිතලේ ගල් ආසන ලිපිය
    • ගල්පොත ලිපිය
    • වැලිගහවත්ත ලිපිය
    • කටුගහගල්ලේ ලිපිය
    • රාමේශ්වරමේ ලිපිය ප්‍රධාන ස්‌ථානයක්‌ හිමිකර ගනී.



    ගල්පොත ලිපිය


    මෙම සෙල්ලිපි තුළින් නිශ්ශංකමල්ල රජු පිළිබඳ තොරතුරු රැසක්‌ම අනාවරණය කර ගැනීමේ හැකියාව පවතී. එම තොරතුරු පිළිබඳව සඳහන් කරන්නේ නම්
    • තුන් රජය පැදකුණු කිරීම
    • දුස්‌ථ ලංකාවාසීන් සුස්‌ථ කිරිම
    • පාණ්‌ඩ්‍ය රාජ්‍ය ජයග්‍රහණය කිරීම
    • විදේශ රාජ්‍යයන්ගෙන් පුද පඬුරු ලැබීම යනාදිය වැදගත් ය.

    මෙවැනි කරුණු ගණනාවක්‌ම සෙල්ලිපි තුළින් පැහැදිලි කරන අතරම, මොහු පිළිබඳ තොරතුරු සපයන මාධ්‍යයක්‌ වශයෙන් "පුරාවස්‌තු" ද වැදගත් වේ. එම පුරාවස්‌තු ලෙස
    • නිශ්ශංක ලතා මණ්‌ඩපය
    • රන්කොත් වෙහෙර
    • නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය
    • හැටදාගෙය
    • වටදාගෙය යනාදිය පෙන්වාදිය හැකිය.




    නිශ්ශංක රාජ සභා මණ්ඩපය



    නිශ්ශංක ලතා මණ්ඩපය



    නිශ්ශංකමල්ල රජු යනු විදේශීය වංශිකයකු බැවින් මෙරට රාජ්‍යයට පත්වීම ඔහුට මහත් අසීරුතාවක්‌ විය. එයට හේතුව වූයේ ලාංකීය ජනතාව විදේශීය පාලකයකු මෙරට පාලන කටයුතු මෙහෙයවීම අනුමත නොකිරීමයි. මෙසේ සිදු වූ අවමානයෙන් මිදීමට නම් රජු ජනතාව අතර කැපී පෙනෙන චරිතයක්‌ බවට පත්වීම සිදු විය යුතුමය. මේ අනුව නිශ්ශංකමල්ල රජු සිය අභිමානය ගොඩනැංවීම උදෙසා යොදාගත් උපක්‍රමයක්‌ වශයෙන් "විරුදනාමයන් භාවිත කරමින් ජනතාව ඉදිරියේ පෙනී සිට ඇත. එසේ භාවිත කළ විරුද නාමයන් අතර "නිශ්ශංකමල්ල" යන්න භාවිත කිරීම පෙන්වා දිය හැකිය. කාලිංග රජවරු පොදුවේ භාවිත කළ නාමයක්‌ සේ "මල්ල" යන්න සඳහන් ය. මොහු විසින් කරවන ලද සියලු ස්‌ථාන තමාගේ නාමයෙන්ම හඳුන්වාදී තිබේ. එම නාමයන් අතර "නිශ්ශංක ගව්ව, නිශ්ශංකලතා මණ්‌ඩපය, නිශ්ශංක දළදාගේ" යනාදිය සඳහන් ය. එසේම මොහු "පරාක්‍රමබාහු" යන විරුද නාමය ද යොදා ගෙන තිබේ. "නිශ්ශංක කාලිංග පරාක්‍රමබාහු" සේ හඳුන්වා තිබෙන බවත්, මෙය මහා පරාක්‍රමබාහු රජතුමා තමාට ප්‍රදානය කළ බවත් සඳහන් කරනු ලබයි. නිශ්ශංකමල්ල රජු යොදාගත් විරුද නාමයන් අතර, "කාලිංග ලංකේශ්වර" යන්න සඳහන්ය. විදේශිකයෙකු වූ මොහු කාලිංග යන වචනයව ලාංකිකයන්ට නිතර ඇසීමට සලස්‌වා තිබේ. මොහු යොදාගත් විරුද නාමයන් අතරින් අප්‍රතිමල්ල යන්න විශේෂ තේරුමක්‌ නැතිව යොදා ගෙන තිබේ. විද්වතුන් පෙන්වා දෙන අන්දමට මෙහි අදහස වනුයේ "සතුරන් නොමැති" යන්නයි. මේ ආකාරයට නිශ්ශංකමල්ල රජු තම අභිමානය සලසා ගනු සඳහා හෝ කුමන හේතුවක්‌ නිසා හෝ විරුද නාමයන් බොහෝ ප්‍රමාණයක්‌ භාවිත කරන ලද බව පැහැදිලි වේ.

    ලංකාවේ රාජ්‍ය බලය හිමිකර ගත් රජවරු විවිධ අභියෝගයන්ට මුහුණ දුන් බව මූලාශ්‍රය තොරතුරුවලින් අපට අනාවරණය කර ගත හැකිය. පොලොන්නරුව රාජ්‍යයෙහි බලයට පත් වූ නිශ්ශංකමල්ල රජු ද අභියෝගයන් රැසකටම මුහුණ දුන්නේය. නිශ්ශංකමල්ල රජු එවැනි අභියෝගයන් හයකට (6) ලක්‌ වූ බවත් එම අභියෝගයන් ජයග්‍රහණය කළ ආකාරයත් පිළිබඳ මූලාශ්‍රය සඳහන් කරනු ලබයි. ඒ අනුව නිශ්ශංකමල්ල රජුට මුහුණ දීමට සිදු වූ අභියෝගයන් මෙසේය.
    1. විජාතිකත්වය
    2. මහා පරාක්‍රමබාහු රජුගේ ජනප්‍රියත්වය
    3. ගොවිකුල ජනතාව
    4. පරාක්‍රමබාහු රජතුමාගේ හමුදාව
    5. පාණ්‌ඩ්‍ය වංශිකයන්
    6. රුහුණේ ජනතාව


      අතීත පොලිටිකලි ගනින් දැන් පොලිටික්ස් වලට ගන්න එපා. ඉතිහාස පාඩමක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    පලවෙනි අනුර රජතුමා
    Confused Dog GIF by MOODMAN
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    නිස්සංකමල්ල කාර් එකේ දොර තනියම ඇරලා වහගන්නවද?
    අස්ව කරත්තේ දොර බන් . .

    යද්දී අස්ව කරත්ත 3ක් අරන් ගියා .
    එකක ඉදන් අනිත් එකට පනින්න මගදී මොකක් හරි අවුලක් උනොත් .
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    මූනේ ලපයක් තිබ්බද? කතා කරද්දි පොඩ්ඩක් ඉස්සිලා, කට උල් කරලා අතේ ඇඬිලි ටික 🤌 වගේ කරලද කතා කලේ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    මහින්ද රාජපක්ස මහා පරාක්‍රමබාහු රජතුමා. රනිල් ධාතුසේන රජතුමා. 😍
     
    • Haha
    Reactions: KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    උබලට ලොකු කරලා ලීවා නේද මේක ඉතිහාස පාඩමක් කියල. මොනවද මේ ලප තිබ්බද අහන්නයි. උස මිටි අහන්නයි පටන් ගත්තේ. ඒ කාලේ මොන පොටෝද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    ඔය නම් සේරම සිංහලට හුරුයිනේ, අද භාවිතා කරන සිංහල ලොවෙත් මීට අවුරුදු 1000කට කලින් තියෙන්න නැතුව ඇතිනේ. එතකොට ඇත්තටම ඒ කාලේ භාවිතා වෙලා තියෙන නම මොකක්ද? මහා පරාක්‍රමබාහු වුනත්. 🤔
     
    • Wow
    Reactions: MR.YOLO

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    උබලට ලොකු කරලා ලීවා නේද මේක ඉතිහාස පාඩමක් කියල. මොනවද මේ ලප තිබ්බද අහන්නයි. උස මිටි අහන්නයි පටන් ගත්තේ. ඒ කාලේ මොන පොටෝද


    රැවුල් කට් එකයි උසයි නම් ගැලපෙනවා