වෙන කවුරුවත් හිටිය යැ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වෙන කවුරුවත් හිටිය යැ

    වෙන කවුරුවත් හිටිය යැ


    ‘ඊයෙ නං සර්ට හොඳටම වැඩියි නේද?’ කොන්දොස්තර කොලුවා ඇසුවේ ජයතිස්ස උදේ බසයට ගොඩවෙද්දීය.
    ‘ඒ මොකද තමුසෙ එහෙම ඇහැව්වේ?’ ජයතිස්ස ඇසුවේ පුදුම වෙමිනි.
    ‘ඇයි සර්ට මතක නැද්ද, බස් එකට නැග්ග නෝනා කෙනෙකුට සර් නැගිටලා ඉඩ දුන්නා.’ කොලුවා ඇසුවේ සිනාසෙමිනි.
    ‘ඉතින් ඕයි ඒක හොඳ වැඩක් නෙ.’ ජයතිස්ස කොලුවා දෙස බැලුවේ කෝපයෙනි.
    ‘හොඳ වැඩක් තමයි. ඒත් ඒ වෙලාවේ බස් එකේ හිටියේ සර් විතර නෙ.’ කොලුවා කීය.

    :oo::rofl:


    =======================================================

    දෙන්නෙම නැද්ද?


    එය ළමා කිරිපිටි හිඟයක් තදින් බල පැවැත්වූ කාලයකි. කොළඹින් බැහැර කුඩා නගරයක වූ විශාල සිල්ලර කඩයකට පෙර දින ළමා කිරිපිටි තොගයක් ලැබුණු බවට කටින් කට පැතිර ගිය ආරංචිය අනුව මිනිසුන් මේ කඩය ඉදිරිපිට පෝලිම් ගැහුණේ පාන්දර සිට ය. ඉර එළිය වැටෙද්දී මේ කඩය ඉදිරිපිට ඉතා දිගු පෝලිමක් සෑදී තිබුණි.
    ඊට ටික වේලාවකට පසු පැමිණි පුරුෂයෙක් පෝලිමේ අගට එකතු නොවී, පෝලිමේ මුලට යනු දුටු මිනිස්සු කෝප වී ඔහු පෝලිමේ පසුපසට ඇද දැම්මේය. ඊළඟ මොහොතේ ඔහු නැවතත් ඉදිරියට එනු දුටු හැඩිදැඩි තරුණයෙක් ඔහු නැවතත් පසුපසට ඇද දැම්මේ නොසරුප් වදනක් ද දොඩමිනි.
    තුන්වෙනි වරට ද ඔහු ඉදිරියට ම එනවා දුටු පෝලිමේ අයට යකා නැංගේය. පෝලිමේ මුල සිටි හැඩිදැඩි අයකු ඔහු ඉදිරියට පැන්නේ අතක් උළුක් කරමිනි. පෝලිමේ මුලට ආ තැනැත්තා නැවතී පෝලිමේ සිට තමන්ට විරෝධය පාන්නන් දෙස බැලුවේ කෝපයෙනි.
    ‘තමුසෙල මට අද කඩේ අරින්න දෙන්නෙම නැද්ද?’

    :angry::baffled:


    =======================================================

    නාන්ඩ දෙන්නං

    සංගීත සංදර්ශනය සඳහා පැමිණි සංගීත ශිල්පීන් සහ ගායක ගායිකාවන් තේ මේසය වෙත කැඳවාගෙන ගිය සංවිධායක ධනපාල මහතා මෙසේ කීය. ‘දැනට ඔන්න තේ ලැහැස්ති කෙරුවා. හැබැයි රෑට මෙහෙම නෙමෙයි. රෑ කෑම මේසෙදි හැමෝටම නාන්ඩ දෙන්නං.’
    සංගීත සංදර්ශනය අවසන් වී සැවොම කෑම මේසයට වාඩි වූහ. කෑම මේසයේ මත්පැන් කිසිවක් නොමැති බව තබ්ලා කරු එක බැල්මකින් ම වටහා ගත්තේය.
    ‘මිස්ටර් ධනපාල ඔහේ හවස කිව්වේ රෑට නාන්ඩ දෙන්නං කියලනෙ. නාන්ඩ නැතුවට කමක් නැහැ. අපිට මූණ සෝදා ගන්ඩ තරමට තිබුණොත් ඇති.’ සංවිධායක වෙත කිට්ටු වූ කරුණාරත්න කීය.

    :rolleyes::nerd:

    උපුටා ගැනීම : සිළුමිණ