වෙලේ_සුදාගේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    වෙළේ සුදාගේ කුඩු රාජධානිය බිඳ වැටුණු හැටි





    රට වනසන මත් කුඩු ජාවාරමුන්ට සහ පාතාල කෙරුමන්ට එරෙහිව පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ආරක්‍ෂක අංශ මෙහෙයුම්වලදී මෙන්ම ඇතැම් පාතාල ප්‍රහාරවලින් කුඩු රජවරුන් හා පාතාලයන් ගණනාවක්‌ පරලොව යද්දී සූක්‍ෂම ලෙස සියලලෙන් බේරී ජීවිත රැකගත් චරිත දෙකක්‌ පිළිබඳ මෑත කාලයේ කියෑවෙන්නට විය.



    wele1.jpg
    wele2.jpg
    wele3.jpg
    wele4.jpg




    පාතාලයේ වැජඹෙමින් කුඩු රජවරුන් ලෙස පෙරට ආ එකී චරිත දෙක අතරින් එක්‌ චරිතයක්‌ වූයේ මහරගම කළු තුෂාරය. අනෙකා වූයේ බඩෝවිට වෙළේ සුදාය. කාලයක සිටම මෙරට ක්‍රියාත්මක මත් කුඩු ජාවාරමේදී මොවුන් දෙදෙනා සිටියේ අංක එකේ කෙරුමන් ලෙසින් බව පොලිස්‌ වාර්තා අනුව සනාථ වන්නකි.

    නමුත් ඉකුත් දා වැලිකඩ බන්ධනාගාරයේදී ඇති වූ සිරකරු කැරැල්ලේදී මහරගම කළු තුෂාරගේ ගමන නිමා වූයේ කිසිවකුත් නොසිතූ පරිද්දෙන් විය. එය සිදු වූයේ බන්ධනාගාර ගැටුම අතරතුර අවි දරා සිටියදී හමුදා ප්‍රහාරයකට ගොදුරු වීමෙන් බව පොලිස්‌ පරීක්‍ෂණ අනුව දැන් තහවුරු වී තිබෙන්නකි.

    ඉදින් මියගිය කළු තුෂාර පිළිබඳ දැන් කතා කිරීමෙන් ඵලක්‌ නොවන්නේය. මන්ද, තුෂාර තුළ වූ සමාජෙද්‍රdaහීත්වය කොතෙක්‌ වුවද මහරගම තුෂාරට සමීපව සිටි බිරිඳ දරුවන් ඇතුළු පවුලේ ඥතීන් මේ සමාජයේ තවමත් ජීවතුන් ලෙස සිටින බැවිනි.

    එහෙත් මහරගම කළු තුෂාරගේ ගමන එසේ නිමා වෙද්දී ඔහු හා කරට කර සිටිමින් මත්කුඩු වසංගතයෙන් මේ රට වනසන්නට වූ බඩෝවිට වෙළේ සුදාගේ කතාව අද කෙසේ වී තිබේද?

    "මහත්තයෝ. වෙළේ සුදාට විතරයි මේ රටේ කුඩු ජාවාරමේදී කුඩු පැකට්‌ එක ඔතන්න වෙනමම ප්‍රින්ට්‌ කරපු කොළයක්‌ තිබුණේ. ලංකාවේ මොන කොනේ හිටියත් කුඩු ගහන ඕනම එකෙක්‌ ඒ කොළෙන් සුදාගේ බඩු අඳුන ගත්තා. ඒ පැකට්‌ එකේ එන බඩුත් නියමයි.

    ඒත් මාර වැඩේ කියන්නේ මහත්තයෝ දැන් ටික දවසක ඉඳන් බජාර් එකේ කොහේවත් සුදාගේ පැකට්‌ එකත් නැහැ. බඩුත් නැහැ. ඒක හොයන්න ට්‍රයි කරලා අපි දැන් නන්නත්තාර වෙලා ඉන්නේ. මොන කෙළියක්‌ වුණාද කියන්න කුඩ්ඩෝ එකෙක්‌වත් දන්නේ නැහැ.

    කළු තුෂාරගේ ගමනක අවසානයත් සමග ඉකුත් දිනෙක බඩෝවිට වෙළේ සුදා පිළිබඳ අප කළ විමසීමකදී දිනකට රුපියල් පහළොස්‌ දහසක පමණ කුඩු උරන දන්නා හඳුනන සුපිරි කුඩ්ඩකු අපූරු කථාවක්‌ කීවේ එලෙසිනි.

    මේ සිදුව ඇත්තේ කුමක්‌ද? වෙළේ සුදාගේ කුඩු රාජධානිය සමතලා කරමින් යම් ප්‍රහාරයක්‌ එල්ල වී තිබේද? අපි සොයා බැලුවෙමු. කතාව හෙළි වූයේ එහිදීය.

    සැබැවින්ම කුඩු රජකු ලෙස වැජඹුණු වෙළේ සුදා නන්නත්තාර කරමින් අති දැවැන්ත ප්‍රහාරයක්‌ ඔහුගේ නරුම කුඩු ජාවාරමට එල්ල වී ඇත්තේය. ඒ මාස දෙකහමාරක පමණ කාලයක්‌ පුරා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් කණ්‌ඩායමක්‌ දිවා රෑ නොබලා කළ සූක්‍ෂම මෙහෙයුමකට අනුවය.

    පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය යනු ස්‌ථාපිත කෙරුණු දා පටන් මෙරට ක්‍රියාත්මක මත් කුඩු ජාවරමුන්ට එරෙහි සුපිරි ක්‍රියාන්විතවල යෙදුණා වූ අංශයක්‌ ලෙස ප්‍රකටව තිබෙන්නකි. නමුත් අවස්‌ථා කිහිපයකදී කුඩු රජවරුන්ගේ බලපරාක්‍රමය හමුවේ එහි වූ පාවා දෙන්නන් නිසා මෙන්ම තුට්‌ටු දෙකේ දේශපාලන කෙළි නිසා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටයුතු බිඳ වැටුණු අයුරුද අපේ මතකයේ ඇත්තේය.

    මීට මාස හත අටකට ඉහතදීද මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ එවන් කඩා වැටීමක්‌ සිදුව තිබිණ. ඒ කුඩු ජාවාරමුන්ගේ පශ්චාත් භාගයට වඳිමින් සාක්‌කු පුරාවා ගන්නා අතරේ එහි සිටි අවංක නිලධාරින්ට කෙළවන්නට දැඟලූ "වෙන්ට අධිකාරිව" සිටි එක්‌තරා පොලිස්‌ ලොක්‌කෙකු ඇතුළු පාදඩ රැලක්‌ හමුවේ විය.

    ඒ දිනවල මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටි අවංක නිලධාරිහූ කුඩු ජාවාරමුන් සොයා මෙහෙයුම් කරද්දී මෙකී පාදඩ රැල එක්‌ව මෙහෙයුමට පෙර කුඩු රජවරුන්ට දුරකථන ඇමතුම් දෙමින් රහස්‌ හෙළි කරන්නට වූහ. ඉනුත් නොනැවතුනු මුන් ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් කල්හි උන්ගේ ඥතීන්ව මානව හිමිකම් අංශ වෙත දක්‌කන්නටද ක්‍රියා කළේය. එහිදී මුන්ගේ යටි අරමුණ වූයේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටින දක්‍ෂ සහ අවංක නිලධාරින් දංගෙඩියට යවා දූෂණය එහි රජ කරවීම විය.

    නමුත් මේ සියල්ල කණපිට හැරුණේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වත්මන් අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නාලකද සිල්වා මහතා එම තනතුරට ඒමත්a සහ අපරාධ මර්දනයෙහිලා අති දක්‍ෂ පොලිස්‌ ප්‍රධානියකු= වූ නියෝජ්‍ය පොලිස්‌පති ජයන්ත කුලතිලක මහතා යටතට මත්ද්‍රව්‍ය කාර්යාංශය පත්වීමත් සමගිනි.

    ජයන්ත කුලතිලක සහ නාලක ද සිල්වා මහත්වරුන්ගේ මෙකී සුසංයෝගයත් සමග නරි විසිවෙද්දී මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ නැවතත් සිංහයෝ හිස ඔසවන්නට වූහ. එතැන් පටන් එකී සිංහයෝ කුඩු රජුන් සොයා දඩයම ආරම්භ කළහ. මෙහිදී කෙන්ද කන්ද කරමින් ලන්දේ සැඟවී ඇතැම් මාධ්‍ය පිස්‌සු කෙළින්නටද විය. එහෙත් සිංහයෝ දිගටම දඩයමේ යෙදුණාහ.

    බඩෝවිට වෙළේ සුදාගේ කුඩු රාජධානියම කුඩු වී යන්නේ මෙහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි. එය සිදුව ඇත්තේ කෙසේද? මුදල් විශූද්ධිකරණ පනත යටතේ බඩෝවිට වෙළේ සුදාගේ වත්කම් තහනම් කෙරෙමින් ඔහුගේ බිරිඳ ගයනි සහ වසන්ති වසුන්දරා නමැති ඥාති සොයුරියක ඇතුළු හත් දෙනකුට එරෙහිව ඉකුත් අප්‍රේල් මාසයේදී රහස්‌ පොලිසිය මගින් මහාධිකරණය හමුවේ නඩු පවරන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වරටය.

    ඒ දැනට විදේශයකට පැන ගොස්‌ සිටින වෙළේ සුදා සමග විදේශගත වී සිට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් යළි මෙරටට පැමිණෙමින් සිටි වෙළේ සුදාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන පසුව ඇගෙන් ලැබුණු තොරතුරු මත කොළඹ සුපිරි මහල් නිවාස සංකීර්ණයක්‌ වූ "ටූ තවුසන්ඩ් ප්ලාසා හි" රහස්‌ පොලිසිය කළ වැටලීමකදී මත්කුඩු කිලෝවකට ආසන්න ප්‍රමාණයක්‌ සහ රුපියල් කෝටියක පමණ මුදලක්‌a සමග සුදාගේ ඥති සොයුරිය වූ වසන්ති වසුන්දරා ඇතුළු පිරිස කොටු කර ගැනීමත් සමගින්ය. නමුත් රහස්‌ පොලිසිය එසේ ක්‍රියාත්මක වුවද වෙළේ සුදාගේ ජාවාරම නම් ඉන් පසුවත් දිගටම ක්‍රියාත්මක වෙමින් තිබිණ.

    එහිදී තහනමට ලක්‌ කෙරෙන වෙළේ සුදා මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් වත්කම් ප්‍රමාණය පමණක්‌ රුපියල් ලක්‍ෂ 1850 ක්‌ පමණ වන්නේය. රහස්‌ පොලිසිය මෙසේ වෙළේ සුදාගේ දළ ගලවමින් සිටියදී එවකට රහස්‌ පොලිසිය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පති ජයන්ත කුලතිලක මහතා පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරව පත්ව එන්නේ මේ අතරතුරය.

    ජයන්ත කුලතිලක මහතා එසේ පත්ව ඒමත් සමග ඒ මහතාගේ සහ මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නාලක ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විශේෂ නිලධාරින් කණ්‌ඩායමක්‌ විදේශයකට පැන කුඩු ජාවාරම මෙහෙයවන වෙළේ සුදාගේ ඉතිරි වූ දළ ගැලවීමේ මෙහෙයුම් අරඹන්නේ එතැන් පටන්ය.

    එම මෙහෙයුම්වලට අනුව පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිස මුල්න්ම වෙළේ සුදාගේ මත්කුඩු පැකට්‌ කරන සුපිරි මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන ගිය පිටකෝට්‌ටේ ප්‍රදේශයේ නිවසක්‌ වටලනුයේ ඉකුත් සැප්තැම්බර් මස 18 වැනිදාය.

    එහිදී වෙළේ සුදාගේ මත් කුඩු භාරව සිටි සමීර මලිත් නමැත්තකු ග්‍රෑම් 500 ක පමණ කුඩු තොගයක්‌ද සමගින් පොලිසියට කොටු වන අතර මෙකී සමීර මලිත් පොලිසියට කොටු වීමෙන් පසු රිමාන්ඩ්භාරයට පත් කර සිටියදී ඉකුත්දා ඇතිවූ වැලකඩ බන්ධනාගාර කැරැල්ලේදී වෙඩි වැදි මිය ගොස්‌ තිබිණ.

    සමීර මලිත් කොටුවීමත් සමග ඔහුව මත්ද්‍රව්‍ය කාර්යාංශයට ගෙනවිත් කළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට අනාවරණය වන්නේ වැල්ලවත්ත ග්ලෝබල් ටවර් සුපිරි නිවාස සංකීර්ණයේ වෙළේ සුදාට අයත් නිවසක ඔහුගේ දැවැන්තම මත්කුඩු ගබඩාව තිබෙන බවකි.

    පසුව පොලිස්‌ නිලධාරින් ඉකුත් සැප්තැම්බර් මස 28 වැනිදා ග්ලෝබල් ටවර් සුපිරි නිවාස සංකීර්ණයේ නව වන මහලේ වූ සුදාට අයත් එම නිවසද වටලන්නේ සමිර මලිත්ගෙන් ලැබුණු තොරතුරු අනුව යමිනි.

    "ඔව් මේ වැටලීමෙදී අපිට පුළුවන් වුණා ඒ වනතෙක්‌ වෙළේ සුදාගේ ඉතිරිව තිබූ සියලු වත්කම් සහ මුදල් පරිපාලනය කරමින් විදේශගතව සිටින ඔහු සමග Rජු සබඳතා පවත්වපු ද්‍රවිඩ ජාතිකයෙක්‌ අත්අඩංගුවට ගන්න.

    ඔහු අශෝකන් දිල්රුක්‍ෂාන් හෙවත් දිලූ නමැත්තෙක්‌. මේ ස්‌ථානය වටලන අවස්‌ථාවේ එතැන අලුත්වැඩියාවකට යොදා තිබුණු පලංචියකට නැගලා එහි සිටි තවත් සිව් දෙනෙක්‌ පැන ගත්තා. ඒත් වෙළේ සුදාගේ සුපිරිම ගෝලයා අපිට අහුවුණා. ඒ මත්කුඩු තොගයකුත් එක්‌ක. එකී වැටලීම පිළිබඳ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියකු අපට අනාවරණය කර සිටියේ එලෙසිනි.

    මෙසේ අත්අඩංගුවට ගනු ලබන අශොකන්වද පසුව පොලිසියට ගෙන එන නිලධාරින් රැඳවුම් නියෝග යටතේ ඔහුගෙන්ද ප්‍රශ්න කිරීම් අරඹන්නේය. එහිදී වෙළේ සුදාගේ සුපිරි ගෝලයා වුවද පොලිස්‌ සංග්‍රහයන් හමුවේ ආයාශයකින් තොරවම අශොකන්ගේ මුවද විවර කරවන්aනට පොලිස්‌ නිලධාරින් සමත් වන්නේය.

    "සර්. උඩහමුල්ලේ සුදා අයියට අයිති තව ගෙයක්‌ තියෙනවා. එයාගේ ආයුධ වගයකුත් එතැන හංගලා තියෙනවා. එතනත් කුඩු පැකට්‌ කරන තැනක්‌.. අශෝකන් පොලිසිය හමුවේ සියල්ල වමාරන්නට වූයේ එලෙසිනි. එම තොරතුරු ඔස්‌සේ යන පොලිසිය පසුව එකී උඩහමුල්ලේ නිවසද වටලන්නේ සුදාගේ ගැන්සියේ කිසිවකුත් බලාපොරොත්තු නොවන අයුරිනි. එහිදී සුදාගේ කුඩු පැකට්‌ කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු සහ තවත් තරුණයකු සමග මත්කුඩු තොගයක්‌ හා වෙළේ සුදාට අයත් රිවෝල්වර හතරක්‌ද පොලිසියට හසුවන්නේ මෙහෙයුමේ වටිනාකම තවත් වැඩි කෙරෙමින්ය.

    මෙසේ සිය ජාවාරමේ බොහෝ දේ පොලිසියට අනාවරණය වුවද ඒ මොහොත වන විටත් වෙළේ සුදා කිසිදු පසුබැස්‌මකින් තොරව සිය ජාවාරම කරගෙන යන්නේ පොලිසියද පුදුමයට පත් කරමින්ය. අශෝකන් දිල්රුෂාන් හෙවත් දිලූ පොලිසියට කොටු වීමත් සමග වෙළේ සුදා එතැන් පටන් සිය ජාවාරම මෙහෙය වන්නේ සිය බිරිඳගේ නැගණිය වූ මුතූ නමැත්තියක පිට සියලු බර පටවමිනි. එතෙක්‌ අශොකන් භාරයේ වූ වත්කම් පාලනය සහ මුදල් එක්‌රැස්‌ කිරීම ආදී කටයුතුද භාර කෙරෙන්නේ ඇයටය.

    ඒ අතරේ උඩහමුල්ල නිවසින් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා සහ තරුණයාගෙන්ද පොලිස්‌ ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන්නේය. "සර් සුදාගේ කුඩු දැන් ලංකාවට ගේන්නේ පකිස්‌තාන්වල ඉඳන් වතුර මෝටර් අස්‌සේ හංගලා.. මුතූ නංගි තමයි ඔක්‌කොම වැඩ ටික හැඬල් කරන්නේ. එකී පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ වෙළේ සුදාගේ බිරිඳගේ නැගනිය වූ මුතූ පිළිබඳ සහ සුදාගේ තවත් අලුත්ම උපක්‍රමයක්‌ පිළිබඳ අත්අඩංගුවේ සිටින කාන්තාවන් අනාවරණය කරනුයේa පොලිසියද නොසිතූ අයුරිනි.

    එහිදී වෙළේ සුදා ලංකාවට එවූ එවන් වතුර මෝටර් 222 ක්‌ පසුගිය ඔක්‌තෝබර් මාසයේදී ලංකාවට ළඟා වූ බවද අනාවරණය කරන එක්‌ කාන්තාවක්‌ ඒ සියල්ල මරදාන ප්‍රදේශයේ තවත් කුඩු ජාවාරමෙකු වූ සිද්ධික්‌ගේ බිරිඳ රැගෙන ගිය බවද හෙළි කරන්නේ පොලිසියට තවත් පොටක්‌ පාදා දෙමින්ය. මේ සිද්ධික්‌ යනු දැනට වෙළේ සුදා සමගම විදේශගතව කුඩු ජාවාරමේ යෙදෙන්නෙක්‌ බවද පොලිසියට වාර්තා වී තිබෙන්නකි.

    වෙළේ සුදාගේ බිරිඳගේ නැගණිය වූ මුතූගේ නාටකය සහ වතුර මෝටර් සෙල්ලම පිළිබඳ තොරතුරු ලැබීමත් සමග පොලිසියේ ඊළඟ අවධානය දැඩිව යොමු වන්නේ මුතූ නමැත්තිය කෙරෙහිය.

    එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඉකුත් ඔක්‌තෝබර් මාසයේ දිනක පොලිසිය වැල්ලම්පිටිය බුත්ගමුව ප්‍රදේශයේ සුපිරි නිවසක්‌ වටලන්නේ මුතූ එහි සැඟවී සිටින බවට ලැබෙන තොරතුරක්‌ අනුවය. නමුත් එදින පොලිසිය එහි ළඟා වන විට කෙසේ හෝ මුතූ සිටියේ නිවසින් පිටව ගොසින්ය.

    එහෙත් ඉන් පසුනොබසින මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලබා ගන්නා තොරතුරකට අනුව ඉන් දින කිහිපයකට පසු සුපිරි මොටර් රථයක නැගී තලවතුගොඩ ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදීය මේ මුතූ නමැත්තිය කොටු කර ගන්නේය.

    ඒ මෝටර් රථයෙන් කුඩු තොගයක්‌ ගෙන ගොස්‌ බෙදා හැර ඉතිරි වූ තවත් කුඩු ග්‍රෑම් 30 ක්‌ පමණ තොගයක්‌ රථයේ තිබියදීමය. මෙම වැටලීමේදී වෙළේ සුදාගේ දරු දෙදෙනා සහ බිරිඳගේ මවද පොලිසියට කොටු වන අතර පසුව ඉදිරිපත් වන ඥතියකු දරු දෙදෙනා තමන් භාරයට ගෙන තිබිණ.

    මෙසේ සිය බිරිඳගේ නැගණිය වූ මුතූ සහ නැන්දම්මා පොලිසියට කොටුවූ අවස්‌ථාව වන විට එතෙක්‌ ක්‍රියාත්මක වූ පොලිස්‌ මෙහෙයුම් හමුවේ සියලු උපක්‍රම බිඳ වැටී සිටින වෙළේ සුදා මෙරටට කුඩු ගෙන්වීම සඳහා යොදාගෙන තිබුණේ මත් කුඩු ජාවාරමුන් අනුගමනය කරන පහත්ම ක්‍රමය වූ පාකිස්‌තාන ජාතිකයන්ට කුඩු ගිල්ලවා ගුවන් මගින් ලංකාවට රැගෙන ඒමේ ක්‍රමය විය.

    එය, දිගින් දිගටම සිදු කෙරුණු පොලිස්‌ මෙහෙයුම් හමුවේ ඒ වන විට වෙළේ සුදා තුළ ඇතිව තිබූ කඩා වැටීම මැනවින් පිළිබිඹු කරන්නක්‌ද විය. එහෙත් මුතූ සහ බිරිඳගේ මව එසේ පොලිසියට කොටු වීමත් සමග සුදාගේ එකී උපක්‍රමය පිළිබඳවද ඔවුන් දෙදෙනාගෙන් තොරතුරු හෙළි කර ගන්නා පොලිසිය ඉකුත් එකොළොස්‌ වෙනිදා වෙළේ සුදා පාකිස්‌තානු ජාතිකයන් දෙදෙනකු හරහා මෙරටට එවා තිබූ කුඩු කිලෝ ග්‍රෑම් දෙකක ප්‍රමාණයක්‌ බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නේ වෙළේ සුදා නන්නත්තාර කරවමිනි.

    එහිදී සුදාගේ කුඩු පාකිස්‌ථානයේ සිට රැගෙන ආ පාකිස්‌ථානු ජාතිකයන් දෙදෙනා සමග වෙළේ සුදාගේ තවත් ගෝලයකු පොලිසියට කොටු වන අතර පසුව ඔවුන්ගෙන්ද රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසිය පියවර ගන්නේය. එසේ ප්‍රශ්න කිරීම් කෙරෙන අතරවාරයේ පෙරදී කාන්තාවන් දෙදෙනා හෙළි කළ තොරතුරට අනුව මරදානේ සිද්ධික්‌a නානාගේ බිරිඳ විසින් රැගෙන ගිය බව කියූ වතුර මෝටර් 222 ද පොලිසිය සොයා ගන්නේ වෙළේ සුදා ඇතුළු කල්ලියම අන්ද මන්ද කරවමිනි.

    එසේ වතුර මෝටර් තොගය සොයා ගන්නා පොලිසිය පසුව ඒ පිළිබඳ කළ විමර්ශනවලදී අනාවරණය වන්නේ ඒවායෙහි ආමේචර් ගලවා කුඩු තොග සඟවමින් ව්‍යාජ ලෙස සකස්‌ කර මෙරටට කුඩු ගෙන්වීම සඳහා වෙළේ සුදා ඒ උපක්‍රමය භාවිත කර ඇති බවකි. මෙහිදී කුඩු මුදල්වලට ගිජු වී අදාළ වතුර මෝටර් තොගය රේගුවෙන් මුදා ගැනීමට සහාය වූ වාප්පු ලිපිකරුවකුද පොලිස්‌ අත්අඩංගුවට පත්වන්නේ වෙළේ සුදාගේ සියලුම දළ ගලවා දැමීමට පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් වූ බව තහවුරු කෙරෙමිනි.

    පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මෙකී මෙහෙයුම් හමුවේ මේ වන විට වෙළේ සුදාගේ කුඩු ජාවාරමේ කොටස්‌කරුවන් වූ ඔහුගේ බිරිඳ, බිරිඳගේ නැගනිය, බිරිඳගේ මව ඇතුළුව මහ උළු ගෙදර කූරු ගණින පිරිස පහළොස්‌ දෙනකු පමණ වෙති. ඒ ඔහුගේ කුඩු ජාලයේ සම්පූර්ණ සබඳතා බිඳී යද්දී වේ.

    මාස දෙකහාමාරක්‌ පුරා කළ සූක්‍ෂම මෙහෙයුමකට අනුව පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අති දක්‍ෂ නිධාරින් කණ්‌ඩායමක්‌ අද මෙරට සිටින අංක එකේ කුඩු රජා වූ වෙළේ සුදාගේ කුඩු රාජධානිය වනසා දමනුයේ එලෙසිනි. පෙර සුපිරි කුඩ්ඩා කී ලෙස සුදාගේ පැකට්‌ එක අද කුඩ්ඩන් වෙතින් ගිලිහී ගොස්‌ ඇත්තේද පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ එකී අතිශූරත්වයේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

    එහෙත් මේ වන විට රට හැරදා මැදපෙරදිග රටකට පැන ගොස්‌ මෙරට සිටි තවත් කුඩු ජාවාරමුන් තිදෙනකු වූ මාලු සමන්ත, සිද්ධික්‌ සහ මොරිල් වැන්වුන් සමග එක්‌වී කුඩු විෂෙන් යළි යළිත් මේ බිම වනසන්නට මාන බලන වෙළේ සුදාගේ මීළඟ කුරුමානම කුමක්‌ විය හැකිදැයි කල්පනා කරන කල තවමත් රට හමුවේ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.





    සමන් ගමගේ

    divaina
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේ වෙන කොට වැඩේ කරපු පොලිස් කාරයෝ සේරම මාරු කරලා දාල තියෙන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලු තුශාර, වෙලේ සුදා, මහරගම සුරන්ග, පොලේ බුද්දික, මුන් ඔක්කොම කුඩු සබ් ඩීලර්ස්ලා, ලන්කාවට කුඩු වැඩිහරියක් ගෙන්නන්නේ මලිගාවත්ත මුස්ලිම් පාතලය, මියගිය කුඩු නූර් ගෙන් පටන්, අයුක්කාන්, ආනමාලු ඉමිටියාස්, ෆාජි මේවගෙ අය තමයි. ලන්කාවේ මුස්ලිම් පාතලය හරහා කුඩු ව්‍යාපාරය සාර්තකව කරන්න මෙයාලට පුලුවන් වුනේ පකිස්තාන් හා අෆ්ගනිස්තාන් ත්‍රස්තවාදි සන්විදානවල සබදතා නිසායි. මෙයාලාට පල්ලියේ සහයෝගයත් නොඅඩුව ලැබුනා. මුස්ලිම් පාතලය කුඩු වලට මරා ගන්නකොට ඒවා සමගි කලේ මුස්ලිම් පල්ලියෙනුයි

    අනිත් කුඩු ගෙන්වන අය තමයි මර්වින් සිල්වා හා දුමින්ද සිල්වා ඒකත් මහපරිමානයෙන් කරන්නෙ දුමින්ද සිල්වා කියලයි කියන්නේ.

    තත්වය මෙසේ නම් සබ් ඩීලෙර්ස්ලා මරාදැමිමෙන් කුඩු උවදුර නැවත්විය හැකිද????? ඔබම කල්පනා කර බලන්න රෝග නිධනය සුව නොකර රෝගය සුව නොවේ. මොලේ ඇති සහොදරයන් පමනක් කියවා තෙරුම් ගන්න. ඩ්ජ් සුනිමල් වැනි අය මෙය නොසලකනවා නම් වඩාත් සුදුසුය