වෙසක් පසු විපරම

දෙදහස් හයසිය වැනි ශ්රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණයත් අහවරය. සම්බුද්ධත්ව ජයන්තියේ මතකය උපරිමයෙන් තවත් සති දෙකකට පමණක් සීමා වනු ඇත. උත්තම වූ වෛශාක්ය ත්රෛමංගල්යයත් සමඟ එක්තරා කාලකන්නි හැතිකරයක් අමුතු වෙසක් දැම්මෝය. ජෝගි සහ ගොං පාට් දමමින් ගොං ආතල් ගත්තෝය. බාල් නැටුවෝය. ඒ වූ කලි සිංහල බෞද්ධයාට ඉනා බේත් දීමකි. තෙමඟුල් අසිරිය එතකින් නිමාවට පත්විය. බුද්ධාලම්බන ප්රීතියෙන් ඉපිළ ගිය සංවේදී හදවත් මේ අමුතු වෙසක් දැක මහත් සේ කම්පාවට පත් විය.
වෙසඟේ අර්ථය දියාරු වී ගියේය. වෙසක් යනු එකකි. කානිවල් සහ සංදර්ශන මේනියාව යනු තවත් එකකි. අපට දැකිය හැකි වූයේ නියම බෞද්ධකම වටහාගත් බෞද්ධයන් නොව, හිපියන් සේ හැසිරෙන ප්රාථමික ජනතාවකි. සමහරු මහා උජාරුවට අං තට්ටු පැළැඳ තමා හරකෙක් බව සෙස්සන්ට ඇඟවූවෝය. තම ජාතියේත්, ආගමේත් කොටස්කරැවෝ හරක් බව ලෝකයාට හඬඟා කියූවෝය. තවත් සමහරෙක් විකාර රූපී උසුළු විසුළු වෙස් මුහුණු පැළැඳ, ඇස් ආවරණ පැළැඳ සෙවල ගති පාමින් කෙල්ලන්ට, පොඩ්ඩන්ට මෙන්ම ආච්චි අම්මලාටද කොකම් පෑවෝය. මේ අතර තවත් ඇතැමෙක් කටගොන්නක් බීගෙන බජව් දමමින් බුදුන්ගේ අමා ධර්මේ...නොතේරී දනා මේ.... යැයි කියමින් බැති ගී කියූවෝය. කෙල්ලන්ට කොල්ලන්ට පෙම් කෙළින්නත්, විනෝද වෙන්නත් වෙසඟ තරම් තරම් තවත් දිනයක් නැත. තොරණක් ඇත්තේ කොතැනද ඒ අසලම මහා පරිමාණ කානිවල් එකකි. වෙසක් යනු අද වනවිට මහා පරිමාණ ගැරිල්ලකි. මේවා පිටුපස ඉහළ පෙළේ භික්ෂූන්ද නැතුවාම නොවේ. මේවා එළිපිට කරන්නේ නැත. බළලුන් ලවා කොස් ඇට බාවති. කූඩුවක් හදන්නේ මුදල් ගැරීමටය. මේ කියන්නේ බලෙන් ටිකට් කැඩීම ගැනය. කූඩුව නැරඹීම සඳහා වෙනම මුදලක් අයකර අදාළ ස්ථානයේ වාහනය නවත්වනවාට තවත් මුදලක් අය කරති. තොරෙණ වුවත් එසේමය. සඟවන්නට බැරි නිසා හැමෝටම පේන්නට ඉඩ හරිති. සාමාන්යයෙන් වෙසක් නිර්මාණයක් සකසන්නේ දැහැමි රසය සියල්ලන් සමඟම බෙදා ගැනීමටය. ඒත් මේ ගැරිල්ල නිසා එකී උත්තරීතර පරමාර්ථය වියැකී ගොසින්ය. දැහැමි රසය බෙදා ගන්නවා වෙනුවට නොදන්නාකම වහගන්නනට බදාගෙන කති; බොති; සුඛති. වෙසක් සුබ පැතුම්පත් වුව හුදු පෙම්පත් වී තිබේ. ලාබ පරමාර්ථයෙන් තොරව යමෙක් බුදු ගුණ සැමරීම සඳහා විවිධ නිර්මාණ ඉදිරිපත් කළේ නම් ඒ සියලු දෙනාටම අපි පුණ්යාණුමෝදනා කරමු. ජාතියේ කෘතවේදීත්වය පුදමු.
උත්තම වූ වෙසඟ අවසානයේදී නොදැනුවත්කම නිසාමදෝ වෙසඟනකගේ තත්ත්වයට පත්කර තිබිණි. සමහර විට ප්රීති වෙසක් කියන්නේ මේකට විය හැකිය. මෙසේ කියන විට අප බුදුන්ට නිගා කරන්නේ යැයි දොස් නඟනු ඇත. ඒත් මාධ්ය ප්රචාරණය ඔස්සේ දකින පිවිතුරු සුන්දරත්වය තුළම සැඟවගත් යථාර්ථය ඕකය. ඇත්තටම බුදුන්ට නිගා කරන්නේ කවුදැයි තම තම නැණ පමණින් දැන ගත යුතුය. අහෝ...! ජාතියක ඛේදනීය ඉරණමක මහත....! යන්නේ කොහිදැයි විමසන විට පොල්ලේ මල් යැයි කියති.
නිර්මල බුදු සමය පවතින්නේ ශ්රී ලංකාවේ යැයි සිතන විදේශිකයෝ දහස් ගණනින් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියේ අපූරැ වෙසක් සිරි නැරඹීම පිණිස මෙරටට පැමිණ සිටියෝය. ලංකාවේ වෙසක් අසිරිය විදේශීය මාධ්යවල ප්රචාරය කිරීම සඳහා මෙරටට විශේෂයෙන් පැමිණ සිටි එක්තරා විදේශික මාධ්යෙව්දියෙකු කියා සිටියේ ලංකාවේ කානිවල් තවමත් ප්රාීථමික මට්ටමේ ඒවා යැයි කියාය. ඒ මාධ්යවේදියා වෙසක් සැමරුම ගැන අවබෝධ කරගත්තේ එසේය. අපි අන්තිමට ලෝකයාට දුන් පණිවිඩය ඒකද...? එසේම දුර ඈත පළාත්වලින් අති විශාල ජනකායක් සුදු පිරැවට ඇඳ මහත් සේ පේවී සැදැහැති උපාසක උපාසිකාවන් සේ මෙවර කොළඹ වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණ සිටියෝය. තමන් කවදාවත්ම නොදුටු ආකාරයේ අමුතු වෙසක් දැක ඔවුන්ගේ ඇස් අදහා ගත නොහැකි විය. ගමේ වෙසක් සමරන්නේ එක විදිහකටය. කොළඹ ඇත්තෝ වෙසක් සමරන්නේ තවත් විදිහකටය. ඔවුන් එසේ සිතුවා නොවේද...? අන්තිමේදී පොඩි එවුන්ගේ ඔළුවට ගියේ මොනාද...? අද තත්ත්වය මේක නම් මේවා දකින අනාගත පරපුර කෙසේ නම් වෙසක් සමරනු ඇද්ද...?
1505න් පසුව මෙරටට පැමිණි බටහිර අධිරාජ්යවාදීන් නිරන්තරයෙන්ම කල්පනා කළේ ලංකාව යටත් කරගන්නේ කෙසේද කියාය. මේ දෙමළ, මුස්ලිම් ආදී අන්ය සුළු ජාතින්ද මාන බලමින් සිටියේ අධිරාජ්යවාදයෙන් උපරිම ප්රයෝජන ගෙන තමන්ට මේ රටේ බලය ලබා ගන්නේ කෙසේද කියාය. මේ දෙපාර්ශවයටම තමන්ගේ පරමාර්ථ ඉෂ්ටාර්ථ සාධනය කරගැනීම උදෙසා තිබූ එකම මඟ සිංහලයාත්, බුදු දහමත් අතර පැවැති සම්බන්ධතාවය සහමුලින්ම වනසා දැමීමයි. ඒ අනුව අධිරාජයවාදීන් විසින් ක්රිස්තියානිය සිංහල බෞද්ධයාගේ කරපිට බලයෙන් පටවා මත්පැනට හුරැ කරවන ලද අතර, මුස්ලිම් ප්රජාව තම තමන්ට රිසි රිසි පරිදි පල්ලි ඉදි කරමින් ඉස්ලාම් ව්යාප්තවාදය දියත් කළෝය. සංකරාචාර්ය වැනි හින්දු ආචාර්යවරු බුදුන් විෂ්ණුගේ දහවැනි අවතාරය ලෙස දක්වා හින්දු දහමත් බුදු දහමත් සම්මිශ්රණය කළෝය. මේ කිසිවකට එරෙහිව නැඟී සිටීමේ හැකියාවක් නොමැති තැන අසරණ වූ සිංහල බෞද්ධයාට වැල යන අතට මැස්ස ගහනවා විනා තම ජාතිය වෙනුවෙන් කළ හැකි වෙනත් යමක් නොවීය. බුදු දහම වැනසීමේ කූඨ, සූක්ෂම වෑයම තුළින් පරපෝෂිතයෝ උත්සාහ කළේ අනෙකක් නොව, සිංහල ජාතිය වැනසීමටය. සිංහලයාගේ සභ්යමත්වයට ඔවුහු මහත් සේ ඊර්ෂ්යයා කළෝය. සිංහල බෞද්ධ සංස්කෘතිය උඩු යටිකුරු කළෝය. උරුම කරගත් කාලකන්නි විජාතික නිදහසේ සෙවණැලි මතින් අද අප ජාතික වීරයෙක් සේ හඳුන්වන පොන්නම්බලම් රාමනාදන් බුද්ධාගම නැති දාට සිංහලයත් නෑ... යැයි කීමෙන් ඒ වග සනාථ වේ. එකී යාන්ත්රණය අදටද එසේමය. පාලන බලයට පිවිසියේ කළු සුද්දන් නිසා මේ අයුක්තිය එලෙසම යට ගියේය. බෞද්ධකමේ සෙවණැල්ලක්වත් නැති විකාර බුදු සමයට එකතු කිරීමේ ජනකාන්ත බුද්ධාගම අප වළක්වාලිය යුතුය. ආකර්ශනීය අනවශ්යය දෑ මඟ තොටේ විකුණමින් අන්යාගම්කාරයෝ බුදු දහම වැනසීමට නොයෙක් උපාය මාර්ග යොදති. ඔවුන් එසේ කරන්නේ සිංහල බෞද්ධයා හරකෙක් බව දන්නා නිසාය. අපේ හරක් මොකද කරන්නේ...?. අහක තියෙන අං තට්ටුවක් මුදලට මිලදී ගෙනම ඔළුවේ දාගනිති.මෙහි තේරුම කුමක්ද...?
මේවා වැළැක්වීමට කටයුතු කර බුදු දහම විනාශයෙන් වළක්වා ගැනීම පාලකයන්ගේ වගකීමකි. අප දන්නා තරමින් සම්බුද්ධත්ව ජයන්ති කමිටුවක් පත් කළේ ඒ සඳහා විය හැකිය. ඒත් මේ සම්බුද්ධත්ව ජයන්ති කමිටුව කරපු කෙහෙල්මලක් නැත. අවසානයේදී නිර්දේශ යැයි කියා ඉදිරිපත් කළේ මොනවාද..? සකස් කිරීමට පැය භාගයක්වත් ගත නොවන යෝජනාවලියක් සකසා අන්තිමේදී වැඩේ ගොඩින් බේරා ගත්තේය.එසේ ඉදිරිපත් කළ යෝජනා කිහිපයද පුංචි එකෙකුට වුවද සකස් කළ හැකිය. අඩුම තරමේ සම්බුද්ධත්ව ජයන්ති සැමරැමේ බෞද්ධකම ආරක්ෂා කිරීම සඳහාවත් කටයුතු කිරීමට තිබිණි. එහෙත් එසේවත් කළේ නැත. සම්බුද්ධත්ව ජයන්ති කමිටුවේ ප්රමිතිය ඕකය. අන්තිමට ජනාධිපතිතුමා මහලොකුවට උත්සවය නම් ඇමතුවේය. ඒත් ප්රතිඵලය මහ හිස් ගොඩකි. සම්බුද්ධත්ව ජයන්ති කමිටුව ප්රයයෝජනයක් වූයේ නැතැයි කියා එය වේලාසනින්ම අහෝසි කර දැමූ බව ජනතාවට සැඟවූයේ ඇයි...? සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා නිකරැණේ හුළං කමිටු පත්කිරීමෙන් වැඩක් නැත. ඔයිට වඩා බුද්ධ ශාසන අමාත්යංශය ඉස්සරහා පොල් ගෑවා නම් හොඳය. එසේ කළා නම් බාගවිට මේ වෙද්දී බුද්ධ ශාසන අමාත්යංශයේ ඉහළ තට්ටුවට වෙනකම්ම පොල්කටු පුරවන්නට පුළුවන්කම තිබිණ. අපි අහන්නේ පාලකයෝ මේවා ජනතාවට හංගන්නේ ඇයි...? රැවුලත්, කැඳත් දෙකම බේරා ගැනීමට ජනතාව ගොනාට ඇන්දීම, ඉනා බේත් දීම මහා පාපකර්මයකි. අනේ...! මේවා දැක දැකත් සමහර උපාසක උපාසිකාවෝ සාධූ...! සාධූ...!! සාධූ...!!! යැයි කියති.
ආමිස පූජාව සේම ප්රතිපත්ති පූජාවද එකසේ වැදගත්ය. වෙසක් පොහොයේදී ආමිසයෙන්ද, ප්රතිපත්තියෙන්ද බුදුන් පිදීමට අපි සැදී පැහැදී සිටිමු. මල් පුදන්නේ ආමිස පූජාවක් හැටියටය. එහෙත් අවසානයේදී, පුප්ඵං මිලායාති යතා ඉධම්මේ - කායෝ තථායාති විනාසභාවං... මේ මල මෙන් මාගේ කයත් වැනසේ කියා යළිත් ප්රතිපත්තියට පිවිසේ. බෞද්ධ ප්රතිපදාවේ ස්වරෑපය ඕකය. එහෙයින් රාගය, ද්වේශය, මෝහය උත්සන්න කරන ජනකාන්ත බුද්ධාගම හා කානිවල් වෙසක් නැමැති සංදර්ශන මේනියාව ඉවත දමා සැබෑ දහම හඳුනාගත යුතුය. දන්සැල් දෙනවාට, තොරණ බඳිනවාට වඩා රටේ ජනතතාව මේ ගැනත් අවධානය යොමු කළොත් හොඳය. සුඛෝ බුද්ධානං උප්පාදෝ බුදු උපත සැපතකි කියන්නේ බුදු උපත සමරා මුදල් ඉපැයිය හැකි නිසා නොවේ. බුදුරදුන් එදා ලෝකයා හමුවේ තැබුවා වූ උත්තරීතර දහම් පණිවුඩය ලෝකයා හමුවට රැගෙන යා යුතුය. මෝඩ පාලකයන්ටත්, කඩේ යන බලධාරීන්ටත් මේ වැඩේ කරන්න බැරි නම් අඩුම තරමේ ගෞරවනීය මහා සංඝරත්නය හා මහ ජනතාවවත් පෙරට ආ යුතුය. ඔම්ලට්වලින් බිත්තර හදන්නට බැරිය. අද වන විට බුද්ධ ශාසනය සුරක්ෂිත කළ යුතු බව ව්යවස්ථාවට පමණක් සීමා වී තිබීම අතිශය කණගාටුවට කාරණයකි. ජනතාව මේ ගැන මනා අවබෝධයෙන් යුතුව, එළැඹ සිටි සිහියෙන් කටයුතු කළ යුතුය. අමූලිකා ශ්රද්ධාව හෙවත් හිස් වැටහීමක් සහිත ශ්රද්ධාව ඉවත දැමිය යුතුය. ආකාරවතී ශ්රද්ධාව හෙවත් තෙරැවන් කෙරෙහි නියම අවබෝධය හා ප්රසාදය ඇතිව කටයුතු කළ යුතුය. නිර්මල සම්බුද්ධ ශාසනයත්, සිංහල ජාතියත් වැනසීමට අන්යාගමික හෝ විජාතික බලවේගවලට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුය. බුදු දහම වනසන්නට ගෙන ආ සංදර්ශන මේනියාවක් පස්සේ නොයා ලබන වසරේදීවත් ධර්මානුකූල පිළිවෙතකට හුරු වෙන්නට උත්සාහ දරමු.
උපුටා ගැනීමකි

Last edited: