වෙස්ටර්න් බෘෘස් ලී හෙවත් චක් නෝරිස්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වෙස්ටර්න් බෘෘස් ලී හෙවත් චක් නෝරිස්

    චක් නෝරිස් (Chuck Norris) යනු අප කවුරුත් දන්නා ප්‍රසිද්ධ සටන් නළුවෙකි; ආත්මාරක්ෂක සටන් ශිල්පියෙකි; චිත්‍රපට නිෂ්පාදකවරයෙකි; තිර රචකයෙකි. ඒ හැර ඔහු පිළිබඳව ඔබ දන්නේ මොනවා ද? අද අපි ඔහු ගැන කතා කරමු.
    කාලෝස් ‘චක්’ වීම

    2-2-701x930.jpg

    ඇමෙරිකාවේ ගුවන් හමුදාවෙහි සේවය කරන ලද චක් (http://chucknorris.com)

    1940 මාර්තු 10 වැනි දින ඇමෙරිකාවේ ඔක්ලොහොමාහි උපත ලද චක් නෝර්ස්ගේ සෑබෑ නම වන්නේ කාර්ලෝස් රේ නෝරිස් (Carlos Ray Norris) ය. 1958 සිට 1962 දක්වා ඇමෙරිකාවේ ගුවන් හමුදාවෙහි සේවය කළ චක් පසුව ඉන් ඉවත් වී සිනමා කර්මාන්තය වෙත ප්‍රවිශ්ට වී ඇත. ඔහුගේ සැබෑ නම වෙනස් වන්නේ ගුවන් හමුදාවේ දී ය. ඒ ගැන ඔහු මෙසේ සඳහන් කරයි.
    “මම ටෙක්සාක්හි සැන් අන්තෝනියෝ හි හමුදා කදවුරක සිටින කාලයේ දී බැරැක්කයේ සිටි එක් අයෙකු මගේ නම ඇහුවා. මම කිව්වා කාර්ලෝස් (Carlos) කියලා. එවිට ඔහු එහි තේරුමක් තියෙනවා ද කියා ඇහුවා. මගේ පිළිතුර වුණේ ‘කාර්ලොස්‘ (Carlos) කියන්නේ ‘චාර්ල්ස්’ (Charles) කියන එකටම බවයි. ඉන්පසු ඔහු කිව්වා ‘චාර්ල්ස්‘ කියන එකට අපි ‘චක්‘ (Chuck) කියමු කියලා. ඊට පස්සේ කඳවුරේ හැමෝම මට කිව්වේ ‘චක්‘ කියලයි. එදා ඉඳන් කවුරුත් මාව අමතන්නේ ‘චක්’ කියලා”.
    ආත්මාරක්ෂක ක්‍රීඩා ශූරයා

    1964 සිට 1974 දක්වා දිවෙන ඔහුගේ ආත්මාරක්ෂක ක්‍රීඩා දිවිය අතිශය වර්ණවත් ය. ඔහු පළමු තරගාවලි ත්‍රිත්වයෙන් ම පරාද වන නමුත් 1966 වන විට, එනම් වසර දෙකක් තුළ පහසුවෙන් පරාජය කළ නොහැකි ක්‍රීඩකයකු බවට පත්වේ. ඒ ඔහුගේ දැඩි කැපවීම හා මනා පුහුණුව තුළිනි. 1966 දී ජාතික කරාටේ ශූරයා බවට පත් වන චක් එතැන් පටන් ඔහුගේ ජයග්‍රහණ වාර්තා තැබීම අාරම්භ කර තිබේ.
    3-1-701x541.jpg

    (www.sidekickmma.com)

    1966 All star Championship මල්ලවපොර ශුරතාව, 1967 ලෝක කරාටේ ශූරතාව (මධ්‍යම බර පන්තිය), 1967 All American ශූරතාව, 1968 Internationals, 1968 World Professional Middleweight Karate Championship, All-American Championship (1968), National Tournament of Champions (1968), American Tang Soo Championship, and the North American Karate Championship යනාදී ශූරතා දිනූ චක් 1974 දී ආත්මාරක්ෂක සටන් ක්‍රීඩාවෙන් සමුගත්තේ මැද බර පන්තියේ අපරාජිත ශූරයා ලෙසිනි. (undefeated Professional Full-Contact Middleweight Champion)
    1990 දී ටයික්වොන්ඩෝ ක්‍රීඩාවෙහි 8 වැනි පටිය ලබා ගත් චක්, ඒ වන විට එවැනි දක්ෂතාවක් පෙන්නුම් කළ එක ම බටහිර ක්‍රීඩකයා ද විය. එසේ ම වර්ෂ 2000 දී ලෝක කරාටේ සංගමය විසින් කරාටේ ක්‍රීඩාවෙහි විශිෂ්ටයන්ගේ නාමාවලියට (Hall of Fame) චක් නෝරිස් නාමය ද එක් කරන ලදී.
    සිනමා තරුවක් වීම

    චක් සිනමා තරුවක් බවට පත්වීමේ අඩිතාලම වැටෙනුයේ 1972 දී ඔහු රඟන බෘෘස් ලීගේ Return of The Dragon (Way of Dragon) චිත්‍රපටයෙනි. එහි ඉපැරණි රෝම කොලෝසියමෙහි (Roman Colosseum) බෘෘස් ලී සමග චක් නිරත වන සටන් ජවනිකාව ප්‍රේක්ෂකයන්ගේ ඉමහත් ආකර්ෂණයට බඳුන් විය. ඒ පිළිබදව චක් තම නිල වෙබ් අඩවියේ මෙලෙස දක්වා ඇත.
    “බෘෘස් මට කතා කරලා කිව්වා ඔහු අලුතින් හදන චිත්‍රපටයේ එන සටන් ජවනිකාවක් ගැන. ඒක තියෙන්නේ රෝම කොලෝසියමේ බව කියලා ඔහු මට ආරාධනා කළා ඔහුගේ ප්‍රතිවාදියා වෙන්න. ඒ වගේ ම ඔහු කිව්වා ‘ඒක ලෝකය මෙතෙක් දැක්ක හොඳම සටන් ජවනිකාව වේවි. අපි දෙන්නා සැබෑ ග්ලැඩියේටර්වරුන් දෙන්නෙක් වගේ සටන් කරාවි‘ කියලා. මම සිනාසෙමින් ‘එතකොට කවුද දිනන්නේ?’ කියා අැසුවා. ‘දිනන්නේ මම. මමනේ ෆිල්ම් එකේ වීරයා’, බෘෘස් කිව්වා. ‘එහෙනම් ඔබට අවශ්‍ය ලෝක කරාටේ ශූරයාව පරාද කරන්න?’ කියා මම අැසුවාම බෘෘස් හිනාවෙමින් කිව්වේ ‘නෑ, මට අවශ්‍ය ලෝක කරාටේ ශූරයාව මරා දමන්න’ කියලා…”
    4-1-701x936.jpg

    Delta Force චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය (www.senscritique.com)

    එතැන් පටන් සිනමා කෘති රැසක රඟපෑ චක්, ලොව පුරා ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් විය. Breaker Breaker (1977), Good Guys wear Black (1978), The Octagon (1980), An Eye for Eye (1981), Silent Rage (1982), Lone Wolf McQuade (1983), Missing In Action (1984), Code of Silence (1985), Firewalker (1986), The Delta Force (1986), Hero and Terror (1988), The Hitman (1991), Side Kicks (1992), Top Dog (1995), Forest Warrior (1996), Logan’s war bound by honour (1998), President’s Man (2000) සහ Expendables 2 (2012) යනාදී චිත්‍රපට සහ තවත් බොහෝ චිත්‍රපටවලට ඔහු දායක වී තිබේ. මෙයින් බොහොමයක් සිනමා කෘති ඉහළ ආදායම් වාර්තා කිරීමට ද සමත් විය.
    වෝකර් – ටෙක්සාස් රේන්ජර්

    5-2.jpg

    (www.pinterest.com)

    සිනමා කර්මාන්තය තුළින් රූපවාහිනි කතා මාලාවන්ට පැමිණෙන චක් අතිශය ජනප්‍රියත්වයට පත් කළ ‘වෝකර් – ටෙක්සාස් රේන්ජර්‘ (Walker – Texas Ranger) කතා මාලාව නිර්මාණය වන්නේ 1993 දී ය. ටෙක්සාස් ප්‍රාන්තයේ අපරාධ මැඩලීමෙහි නිතර දක්ෂ හා අවංක රේන්ජර්වරයකු වඩා ගෙතුණු කතාවක් වන මෙය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් විය. කතා මාලා 8 ක් දක්වා දිග හැරුණු මෙහි වෝකර් චරිතයට රසිකයන් කෙතරම් ප්‍රිය වී ද යත්, චක් නෝරිස් ‘චක්‘ නාමයට අමතරව ‘වෝකර්‘ යන නාමයෙන් ද ඇතැම් විට හඳුන්වනු දැක ගත හැකිය.
    වොක්ර් – ටෙක්සාස් රේන්ජර් හි තේමා ගීතය
    සමාජ ක්‍රියාකාරිකයකු ලෙස

    6-2-701x394.jpg

    (http://www.wideopenspaces.com)

    නළුවකුට අමතරව ඔහු විසින් සිදු කරනු ලබන සිවිල් ක්‍රියාකාරීත්වය කිසිසේත් සුළු කොට තැකිය නොහැක. The United Way සහ Make a Wish යන රාජ්‍ය නොවන සමාජ සත්කාරක සංවිධානයන්ට දායකත්වය ලබා දෙන චක්, එමගින් කුඩා ළමුන්, වැඩිහිටි ජනතාව හා අසරණ පවුල්වල සෞඛ්‍ය පහසුකම් නගා සිටුවීම සඳහා දායකත්වය සපයා දෙයි.
    යුද්ධයේ දී තුවාල ලද සෙබළුන් වෙනුවෙන් නිරතුරුව ම හඬ නගන චක්, ඔවුන්ගේ විශ්‍රාම වැටුප් හා සෞඛ්‍ය රැකවරණය සම්බන්ධයෙන් වැඩි සමාජ අවධානයක් ලබා දීමට කටයුතු කරයි. මේ නිසා ම 2001 දී ඔහුට වසරේ විරුවාට හිමි සම්මානය (Veteren of the year) ද හිමි විය.
    7-1-701x470.jpg

    Kickstart kids Institute (http://www.kickstartkids.org)

    1990 දී ඔහු විසින් ආරම්භ කරන ලද Kickstart Kids ආයතනය මගින් පාසල් ළමුන් හා මත්ද්‍රව්‍ය අැතුළු වෙනත් දුරාචාරයන්ට ඇබ්බැහි වූ දරුවන් වෙත ආත්මාරක්ෂක සටන් ඉගැන්වීම තුළින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානය ගොඩනංවමින් එම චරිත නැවත ගොඩනංවන වැඩසටහනක් පවත්වාගෙන යනු ලබයි.
    මේ අනුව චක් නෝරිස්ගේ චරිත කියවීමෙන් පෙනී යන්නේ ඔහු හුදෙක් සිනමා තිරය මත මැවෙන වීරයකු නොව, සත්‍ය වශයෙන් ම වීරයකු වන බව නොවේ ද?
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    චක්ගෙ යි බෘස් ලිගෙ ඇත්ත ෆයිට් එකක් තිබුණේ නැද්ද
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Na Chuk is the real Champ Bruce Lee just a fighter and Actor :dull::dull:

    pissuda oi umbata ?
    Lee ta gamek na Chuk wa.. a kaale waliyak dinnama peraduna kena win kala kenage golaya wenawa.. eka theory 1k satan kalaawe.. Chuk paraduna habayi Lee ge golaya une na...
    Lee marenakanma mun2ge friendship1 hodata tibba...
    Lee marunath hari Chuk nitarama kiyawanna gatte eyage pamporiya... yako Lee kiyanne loke methek bihiwuna pusirima waddek.. poddak hoyala balapan.. Chuk is nothing to Lee...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    pissuda oi umbata ?
    Lee ta gamek na Chuk wa.. a kaale waliyak dinnama peraduna kena win kala kenage golaya wenawa.. eka theory 1k satan kalaawe.. Chuk paraduna habayi Lee ge golaya une na...
    Lee marenakanma mun2ge friendship1 hodata tibba...
    Lee marunath hari Chuk nitarama kiyawanna gatte eyage pamporiya... yako Lee kiyanne loke methek bihiwuna pusirima waddek.. poddak hoyala balapan.. Chuk is nothing to Lee...


    Real Fight Ekaka Thibila Na Lee thama Porata Fight Seen Ekata katha karala thiyenne Film eke
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    mchn officially tibila na..
    but underground ehema wela thiynwa...
    lee kiyanne real waddek


    Ou But Lee thama Film Eke Scene Ekata Katha Kale Kiyanawa


    Chuck ithin Self Respect Miniha ne Lee Hitiya Nam Oya Katha Kiyanne na Chuck ge World title Ekath Boruwak lu kiyanawa


    Techniques nam Different Lee Jeet Kundo


    Chuck Kick Boxing


    Kohomath Kanawa


    Anika Chuck Point Contact Karate Lee ithin Full Contact :D:D
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Na Chuk is the real Champ Bruce Lee just a fighter and Actor :dull::dull:

    Bruce hasnt fight much in legitimate ring where chuck norris is the world champion. Eventhough Lee had demonstrated super strength , Norris is the one with better legitimate record.


    pissuda oi umbata ?
    Lee ta gamek na Chuk wa.. a kaale waliyak dinnama peraduna kena win kala kenage golaya wenawa.. eka theory 1k satan kalaawe.. Chuk paraduna habayi Lee ge golaya une na...
    Lee marenakanma mun2ge friendship1 hodata tibba...
    Lee marunath hari Chuk nitarama kiyawanna gatte eyage pamporiya... yako Lee kiyanne loke methek bihiwuna pusirima waddek.. poddak hoyala balapan.. Chuk is nothing to Lee...

    Those are parts of mythology surrounding bruce lee. They both had trained together but there was no teacher student relationship.