වෙළඳ සළකුණු වල තේරුම

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    වෙළඳ සළකුණු වල තේරුම

    ඔන්න ඉතින් අදත් අරන් අවා ලොකේ විස්තර ටිකක්


    :angry::angry::angry::angry:



    1. ඇමසොන්.


    1efcf78d-db0f-4317-828d-192fb29e854f.jpg


    මේ සළකුණ දිහා හරියට බැලුවොත් පේනවා නම යටින් තියන ඊතලය “A” අකුරේ සිට “Z” අකුර දක්වා ගමන් කරනවා කියලා. මේකෙන් කියන්නේ ඇමසොන් ඒ අයගේ පාරිභෝගිකයන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරන බවයි.

    2. ටොබ්ලරෝන්.


    logos-toblerone-bear.jpg


    මේ චොක්ලට් වර්ගය ආවේ ස්විට්සර්ලන්තයේ බර්න් නගරයෙන්. මේ නගරය ප්‍රසිද්ධ වලසුන්ට. මේ නිසා මේ සළකුණේ වලහෙක් දකින්න තියනවා.

    3. යුනිලිවර්.


    c22c0a06-39b1-4e4e-bafe-0db9afeca8a9.jpg


    යුනිලිවර් සමාගම ගොඩක් වෙනස් භාණඩ හදන සමාගමක්. ඒ අයගේ සළකුණේ විශේෂත්වය වෙන්නේ ඒ අයගේ භාණ්ඩ ඔක්කෝම නිරූපණය වෙලා තිබීමයි.

    4. ෆෙඩෙක්ස්.


    d13a9c5c-ab58-4323-9975-ee4e893e5c2b.jpg


    ගොඩක් නිර්මාණාතමක් සළකුණක් තමා මේ. ගොඩක් අයට එකපාරටම හඳුනගන්න බැරි වුනාට සළකුණේ “E” සහ “X” අකුරු අතර ඉදිරියට යොමු වෙලා තියන ඊ හිසක් දකින්න පුලුවන්. මේකෙන් සමාගමේ ඉදිරි දැක්ම පෙන්නනවා.

    5. අයි බී එම්.


    fcb76a79-26dd-4fc7-b66f-305dbb047168.jpg


    මේ සළකුණේ නිල් ඉරි මැදින් තියන සුදු ඉරි වල යට කොටසේ සමාන කිරීමේ ලකුණ දකින්න පුලුවන්. ඒ මගින් සමාගම තුළ තියන සමානත්වය පෙන්නනවා.






    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එක ගැන තමා පට්ටෙටම කියපු එක වැදුනේ නියමයි බන් :D