වෙළෙඳපොළ_වැටුණු_මොහොතේ_නිමල්_රු.බිලියන_2_ක_

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වෙළෙඳපොළ_වැටුණු_මොහොතේ_නිමල්_රු.බිලියන_2_ක_

    දිගින් දිගටම කොටස් වෙළෙඳපොළ පහළ යමින් තිබෙන මෙම වකවානුවේ දී රුපියල් බිලියන 2 ක සමාගම් කොටස් තමා විසින් මිල දී ගනු ලැබූ බව මෙරට කොටස් වෙළෙඳපොළේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි. මෙරට ව්‍යාපාරික ප්‍රවෘත්ති සඳහා වෙන්වුණු එකම දිනපතා පුවත්පත වන Daily FT සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කර ඇත.

    ඔහු මෙහිදී පවසා ඇත්තේ වෙළෙඳපොළ පහළ ගිය අවස්ථාවේ ආයෝජන මූලධර්මවලට අනුකූලව අගය කෙරෙන ඉතා හොඳ තත්ත්වයේ සමාගම් කොටස් අඩු මිලට මිල දී ගැනීම සඳහා මේ වන විට අවස්ථාව ලැබී ඇති බවයි.

    බැංකු අංශයේ හා විවිධාංගීකරණය කරන ලද සමාගමේ කෙරෙහි තමා වැඩි වශයෙන් උනන්දු වන බවත්, මිල පොත් අගය අනුපාතය අනුව ඉතා ආකර්ෂණීය තක්සේරුවක් ඇති සමාගම් කොටස් මිල දී ගැනීමට තමා යොමු වුණු බවත් නිමල් පෙරේරා කියා සිටී.

    පසුගිය සතිය තුළ හැටවන් නැෂනල් බැංකුවේ කොටස් මිලියන 1.36 ක් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 273 ක් ආයෝජනය කළ ඔහු සම්පත් බැංකුවේ කොටස් මිලියන 1.4 ක් වෙනුවෙන් රුපියල් මිලියන 330 ක් වැය කර තිබේ.

    මේ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 1.5 ක් එකක් රු. 135 බැගින් ද, එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කොටස් මිලියන 1.5 ක් හා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිලියන 3 ක්ද ඔහු විසින් මෙම වකවානුවේ දී මිල දී ගෙන ඇත.

    මෙම ආයෝජනයන් සඳහා අවශ්‍ය මුදල් ඔහු විසින්ම සපයා ගෙන ඇති අතර ආන්තික පහසුකම් ද ඒ වෙනුවෙන් ලබා ගෙන තිබේ. මෙලෙස අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා තම හිමිකාරීත්වය යටතේ තංගල්ලේ පිහිටි නිවාඩු නිකේතනය සිංගප්පූරු ආයෝජකයෙකු හට ඩොලර් මිලියන 2.5 කට විකුණා දැමීමට නිමල් පෙරේරා කටයුතු කර ඇත. එසේම 2014 වසරේ දී රුපියල් මිලියන 250 කට මිල දී ගනු ලැබූ මර්කන්ටයිල් ප්‍රොඩියුස් බ්‍රෝකර්ස් සමාගමේ ඔහු සතුවූ 97% කොටස් අයිතිය රුපියල් බිලියනයක මුදලකට විකුණා දමන්නට ද ඔහු පියවර ගෙන තිබේ.

    මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ සමීපතම ආයෝජක සගයා ලෙසින් හැඳින්වුනු නිමල් පෙරේරා, ධම්මික පෙරේරා පරම බහුතර කොටස් හිමිකාරීත්වය දැරූ රෝයල් සෙරමික් පීඑල්සී, හොරණ වැවිලි සමාගම, ලංකා සෙරමික්, ලංකා වෝල්ටයිල්ස්, ස්විස්ටෙක් (සිලෝන්) , ලංකා ටයිල්ස්, අමායා ලෙසර්, කින්ග්ස්බරි හෝටලය, හේකාබ්, හේලීස් හා තලවාකැලේ වැවිලි සමාගම ඇතුළු සමාගම් කිහිපයකම අධ්‍යක්ෂ ධූරවලින් 2017 වසරේ මාර්තු මාසයේ දී ඉල්ලා අස්විය.


    Nimal-Perera.jpg


    biz.adaderana
     
    • Like
    Reactions: barath dpriye

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,233
    113
    pickme karayath stock market ekata enna yanne

    minihath hoda salli karayek wey
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    මාත් හැම සමාගමකින්ම කොටස් දෙක ගානෙ ගන්ඩ ඉන්නෙ..

    සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල එකතු කරල තමා මම ගොඩ යන්නෙ :D


    ගොඩක් කොටස් ඒවගෙ වටිනකමින් 50% වඩ අඩුවෙන් තමයි මේ දවස් ව්ල තියෙන්න. මාකට් එක තව පහල යන්න පුලුවන් කියලා expert ලා කියනවා. ඇත්තටම කොටස් ගන්නවනම් මේ කාලෙ හොදයි. 2020 න් පස්සෙ මේක අප් වෙයි කියලයි හැමොම හිතාගෙන ඉන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ගොඩක් කොටස් ඒවගෙ වටිනකමින් 50% වඩ අඩුවෙන් තමයි මේ දවස් ව්ල තියෙන්න. මාකට් එක තව පහල යන්න පුලුවන් කියලා expert ලා කියනවා. ඇත්තටම කොටස් ගන්නවනම් මේ කාලෙ හොදයි. 2020 න් පස්සෙ මේක අප් වෙයි කියලයි හැමොම හිතාගෙන ඉන්නෙ.

    කොටස් ගත්ත එළකිරියන්ස්ලත් ඇති :rolleyes: