වේයන්ගොඩදී දුම්රියෙන් වැටීමෙන් ඊයේ පස්වරුවේ තරුණයකු ජීවිතක්ෂයට පත් වී ඇත.
දුම්රිය පාලක මැදිරියට අනූව කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ දුම්රියේ පා පුවරුවේ ගමන් කරමින් සිටියදී ඔහු අනතුරට ලක්ව ඇත.
අනතුරෙන් තරුණයාගේ සිරුර කොටස් දෙකකට වෙන් වී ඇති අතර සිරුරේ ඉහල කොටස රැස් වූ පිරිස සමග කතා කරමින් තමන්ගේ දෙපා කැඩී ඇති දැයි, රැස්ව සිටි පිරිසෙන් විමසූ බවත් ඉන්පසුව තමන් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් සිද්ධිය ඇසින්දුටුවකු පැවසීය.අනතුරට පත් තරුණයා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අපරික්ෂාකාරී ලෙස දුම්රියේ සහ බස් රථ වල පාපුවරු වල ගමන් කර මෙවන් අවාසනාවන්ත මරණ වලට ගොදුරු නොවන ලෙසට තරුණයන් ගෙන් අප ඉල්ලා සිටිමු.
ඔබේ මිතුරන් අතර SHARE කරන්න
උපුටා ගැනීම මූණු පොතෙන්

