වේලාව

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    [FONT=&quot]දිනක් සිය මෝටර් රථයෙන් මැදියම් රෑ ගමන් කරමින් සිටි සිරිපාලට හදිසියේ නිදිමතක් ඇති විය. නිදිමතේ රිය පැදවීම අනතුරුදායක බැවින්, රථය පාර අයිනේ නතර කර මඳක් නිදා ගැනීමට ඔහු තීරණය කළේ ය.[/FONT]


    [FONT=&quot]ඒ අනුව රියැදුරු අසුන මතම නින්දට වැටුණු සිරිපාලට ටික වේලාවකින් කිසිවෙකු තමා අසළ වීදුරුවට තට්ටු කරනු ඇසිණ. වීදුරුව පාත් කර බැලූ ඔහුගෙන් එම මගියා, කරුණාකරලා තරහා නැතුව දැන් වේලාව කීයද කියලා කියන්න පුළුවන්ද ? යනුවෙන් විමසී ය.[/FONT]


    [FONT=&quot]ඔරලෝසුව බැලූ සිරිපාල දැන් වේලාව එකයි යනුවෙන් පැවසූ අතර, මගියා ඔහුට ස්තූති කර යන්නට ගියේ ය. නැවත නින්දට වැටුණු සිරිපාලට තවත් ටික වේලාවකින් තවත් පුද්ගලයෙකු වීදුරුවට තට්ටු කරනු ඇසිණ. වීදුරුව ඇර බැලූ ඔහුගෙන් එම මගියාද පෙර පරිදිම වේලාව විමසුවේ ය.[/FONT]


    [FONT=&quot]මේ ආකාරයට කිහිප විටක්ම පාරේ ගමන් ගත් පුද්ගලයන්ට වේලාව පැවසීමට සිදු වූ බැවින්, එම හිරිහැරයෙන් නිදහස් වීමට සිතූ සිරිපාල කඩදාසික් ගෙන, මා ළඟ ඔරලෝසුවක් නෑ යනුවෙන් ලොකු අකුරින් ලියා එය කාරයේ වීදුරුවේ අළවා සැනසිල්ලේ නින්දට වැටුණේ ය.[/FONT]


    [FONT=&quot]එවර ඔහු වේලාව පැවසීමේ කරදරයෙන් නිදහස් විය. එහෙත් තවත් ටික වේලාවකින් නැවතත් කිසිවෙකු වීදුරුවට තට්ටු කරන හඞ ඇසිණ. සිරිපාල කෝපයෙන් යුතුව වීදුරුව පාත් කරනවාත් සමඟම මගියා මෙසේ පැවසී ය.[/FONT]


    [FONT=&quot]මහත්තයා, දැන් වේලාව පාන්දර තුනයි, මහත්තයා ළඟ ඔරලෝසුවක් නැති නිසයි කතා කරලා වේලාව කියන්න හිතුවේ...[/FONT]