බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.ඒ පසුගිය කාලයේ ඇතිවූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමක් සම්බන්ධයෙනි.
වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඳවීමකට අනුව ඒ මහතා මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බවය.
පසුගියදා ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර සිදුවූ අවස්ථාවේදී සිය ජීවිත අවධානමද නොතකා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කැපවීමෙන් කටයුතු කළේය.
