|| ශකිරා කළේ වංචාවක්ද? Waka Waka ගීතය පිටුපස කතාව
මගේ මතකය හරි නම් 2010 පාපන්දු ලෝක කුසලානයේ නිල තේමා ගීතය නිර්මාණය කරන්න විවෘත තරඟාවලියක් තිබුණා.
ඒ තරඟාවලිය නිසා තමා K'naan ගේ "Wavin' Flag" ගීතය එන්නේ.. හැබැයි අන්තිමට තේරෙන්නේ ශකිරාගේ "Waka Waka" ගීතය...
මේක අතිශයෙන්ම ජනප්‍රියත්වයට පත් වුණා. සමහර පාපන්දු රසිකයෝ එතෙක් මෙතෙක් හදපු හොඳම පාපන්දු නිල තේමා ගීතය කියන තරමටම මේක ජනප්‍රියත්වයට පත් වුණා.
ශකිරා මේ ගීතය නිර්මාණය කරපු හැටි ගැන මාධ්‍යවේදීන් විසින් එක්තරා මාධ්‍ය හමුවකදී විමසනවා.
එතනදී ඇය කියන්නේ මේ වගේ කතාවක්,
"....මම උරුගුවේ තියෙන මගේ ගොවිපොළක නිවාඩුවක් ගත කරන්න ගිහින් හිටියේ. ගොවිපොළේ ඉඳලා මම ආයෙත් ගෙදර එද්දී Boom!!එක පාරටම මගේ ඔලුවට ගීතය ආවා....."
ඔහොම තමා ශකීරා කියන්නේ Waka Waka ගීතය හරියටම ඇය මුලින්ම නිර්මාණය කරපු ගීතයක් විදිහට. හැබැයි ඇත්තම කතාව තමා Zamina Mina ගීතය නිර්මාණය වෙද්දී ශකීරා සිංදු කියන්න තියා හිතලවත් නැහැ.
මේ ගීතය මුලින්ම නිර්මාණය වෙන්නේ 1986 දී කැමරූන් රාජ්‍යයේ දී. ගීතයේ නිර්මාණකරුවන් තමා Zangaléwa කියන්නේ (Golden Sound කියලත් කියනවා) මුල් ගීතය නිර්මාණය වෙන්නේ හමුදා සෙබළෙකුගේ කතාවක් පාදක කරගෙන කියලා සඳහන් වෙන්නේ.
කොහොම වුණත් ශකීරා, මුල් ගීතයට ලබාදිය යුතු කිසිම Royalty හෝ Credit එකක් දීලා තිබුණේ නැහැ. මේ ගැන ලොව පුරා සංගීත රසිකයෝ දැනගත්තාට පස්සේ ලොකු විරෝධයක් එනවා ශකීරාට සහ Waka Waka ගීතයට. ඉතින් මේ අර්බුදය නිමා වෙන්නේ අන්තිමට අධිකරණය ඉදිරියේ දී.
එතනදී ශකීරාගේ කලමණකාරණය ආයතනය, Sony Music සමාගම සහ Zangaléwa කණ්ඩායම විසින් එකඟතාවයකට එනවා. ඒ අනුව Waka Waka ගීතයට පාදක වුණේ Zangaléwa ලාගේ Zamina Mina කියන ගීතය කියන Credit එක ලබාදීමටත්, ගීතය නිසා උපයා ගත්ත මූල්‍යමය වටිනාකමෙන් කොටසක් දීමටත් එකඟ වෙනවා..
වෙන කෙනෙකුගේ මහන්සිය, කාලය, දැනුම තමන්ගේ වාසියට යොදාගෙන මුල් නිර්මාණකරුවාට කිසිම ආකාරයක ගෞරවයක් ලබා නොදෙන එක කරන්න පුළුවන් බරපතළම අපරාධයක්.
ඉතින් මේ පහළ Video එකේ තියෙන්නේ මුල්ම Zamina Mina කියන ගීතය. බලන්න ශකීරාගේ Waka Waka එකට මොන තරම් සමාන ද කියලා..
ශකීරාගේ Interview එක
Post