ශකිරා කළේ වංචාවක්ද?

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,114
    9,961
    113
    || ශකිරා කළේ වංචාවක්ද? Waka Waka ගීතය පිටුපස කතාව

    මගේ මතකය හරි නම් 2010 පාපන්දු ලෝක කුසලානයේ නිල තේමා ගීතය නිර්මාණය කරන්න විවෘත තරඟාවලියක් තිබුණා.
    ඒ තරඟාවලිය නිසා තමා K'naan ගේ "Wavin' Flag" ගීතය එන්නේ.. හැබැයි අන්තිමට තේරෙන්නේ ශකිරාගේ "Waka Waka" ගීතය...
    මේක අතිශයෙන්ම ජනප්‍රියත්වයට පත් වුණා. සමහර පාපන්දු රසිකයෝ එතෙක් මෙතෙක් හදපු හොඳම පාපන්දු නිල තේමා ගීතය කියන තරමටම මේක ජනප්‍රියත්වයට පත් වුණා.
    ශකිරා මේ ගීතය නිර්මාණය කරපු හැටි ගැන මාධ්‍යවේදීන් විසින් එක්තරා මාධ්‍ය හමුවකදී විමසනවා.

    එතනදී ඇය කියන්නේ මේ වගේ කතාවක්,
    "....මම උරුගුවේ තියෙන මගේ ගොවිපොළක නිවාඩුවක් ගත කරන්න ගිහින් හිටියේ. ගොවිපොළේ ඉඳලා මම ආයෙත් ගෙදර එද්දී Boom!!එක පාරටම මගේ ඔලුවට ගීතය ආවා....."
    ඔහොම තමා ශකීරා කියන්නේ Waka Waka ගීතය හරියටම ඇය මුලින්ම නිර්මාණය කරපු ගීතයක් විදිහට. හැබැයි ඇත්තම කතාව තමා Zamina Mina ගීතය නිර්මාණය වෙද්දී ශකීරා සිංදු කියන්න තියා හිතලවත් නැහැ.

    මේ ගීතය මුලින්ම නිර්මාණය වෙන්නේ 1986 දී කැමරූන් රාජ්‍යයේ දී. ගීතයේ නිර්මාණකරුවන් තමා Zangaléwa කියන්නේ (Golden Sound කියලත් කියනවා) මුල් ගීතය නිර්මාණය වෙන්නේ හමුදා සෙබළෙකුගේ කතාවක් පාදක කරගෙන කියලා සඳහන් වෙන්නේ.

    කොහොම වුණත් ශකීරා, මුල් ගීතයට ලබාදිය යුතු කිසිම Royalty හෝ Credit එකක් දීලා තිබුණේ නැහැ. මේ ගැන ලොව පුරා සංගීත රසිකයෝ දැනගත්තාට පස්සේ ලොකු විරෝධයක් එනවා ශකීරාට සහ Waka Waka ගීතයට. ඉතින් මේ අර්බුදය නිමා වෙන්නේ අන්තිමට අධිකරණය ඉදිරියේ දී.

    එතනදී ශකීරාගේ කලමණකාරණය ආයතනය, Sony Music සමාගම සහ Zangaléwa කණ්ඩායම විසින් එකඟතාවයකට එනවා. ඒ අනුව Waka Waka ගීතයට පාදක වුණේ Zangaléwa ලාගේ Zamina Mina කියන ගීතය කියන Credit එක ලබාදීමටත්, ගීතය නිසා උපයා ගත්ත මූල්‍යමය වටිනාකමෙන් කොටසක් දීමටත් එකඟ වෙනවා..
    වෙන කෙනෙකුගේ මහන්සිය, කාලය, දැනුම තමන්ගේ වාසියට යොදාගෙන මුල් නිර්මාණකරුවාට කිසිම ආකාරයක ගෞරවයක් ලබා නොදෙන එක කරන්න පුළුවන් බරපතළම අපරාධයක්.

    ඉතින් මේ පහළ Video එකේ තියෙන්නේ මුල්ම Zamina Mina කියන ගීතය. බලන්න ශකීරාගේ Waka Waka එකට මොන තරම් සමාන ද කියලා..
    ශකීරාගේ Interview එක








    Post
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,114
    9,961
    113
    ඔය වගේ සින් නිසා ගොඩක් උන් දඩ කාල තියනව.
    Shakira talk eka maru. Boom gala oluwata awalu. naki maina paramparawe vage :lol:

    ඕකේ original එක ඒ කාලෙම ජනප්‍රිය උනා නේ බන් ඉතින්... 🙃
    first time meka dakke
    ------ Post added on Jan 10, 2023 at 1:26 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    Key ekai bpm and chrods ekai kiyala sue karanna plwnda ban mona huttakda dan pop music hadena widihata kochchara sue wenda onida ehenam
    ඒක තමා කියන්නේ ඉන්ටනැෂනල් සින්දු හදද්දී නිකන් අතුරේ යනවා වගේ වැඩක්.

    ඔහොම ගහනවා නම් ලංකාවේ ගහල තියෙන කොපි වල හැටියට ජෝතිපාලගේ ඉඳන් ගහගෙන එන්න ඕන දඩ.
     

    Similar threads