ශල්‍යකර්මයකට දොස්තර ගාස්තුව කෝටියක් අතට ඉල්ලයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙරට ස්නායු සම්බන්ධ ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු රෝගියෙකුට සැත්කමක් සිදු කිරීම සඳහා වෛද්‍ය ගාස්තු ලෙස රුපියල් කෝටියක් ඉල්ලා ඇතැයි දෙවන පරපුර සංවිධානය පවසයි.

    එහි ප්‍රචාරක ලේකම් චේනක අභයසිංහ මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ එම මුදල ඉල්ලා ඇත්තේ රෝහලේ ගාස්තු සහ වෙනත් ගාස්තු වලින් තොරව බවයි.

    එම මුදල සෘජුව මුදලින්ම ඉල්ලා ඇති බවත් ඒ ගණනය වීම් වැලැක්වීමටත්, බදු ගෙවීම පැහැර හැරීමට බවත් ඔහු සඳහන් කළේය.

    අද වන විට රජය විසින් සෞඛ්‍ය පද්ධතිය සීඝ්‍රයෙන් බිඳවැට්ටවීම හරහා පෞද්ගලික රෝහල් මාෆියාවට ජනතාව සූරා කෑමේ අවස්ථාව උදා කර දී ඇති බවද හෙතෙම පැවසීය.

    පෞද්ගලික රෝහලකට යන ඕනෑම අයෙකුට අනවශ්‍ය ලෙස විවිධ පරීක්ෂණ හා අදාල නැති ඖෂධ වර්ග පවා මිලට ගැනීමට නියමිත නිර්දේශ කරන බවත් ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,179
    1
    58,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙවන පරපුර සංවිධානය පවසයි.

    එහි ප්‍රචාරක ලේකම්
    Question Mark What GIF by MOODMAN
     
    • Haha
    Reactions: Asmodeus

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන් බලෙන් එන්න කියන්නේ නෑනේ බං.
    එහෙම අතට සල්ලි ගන්න බෑනේ බන් බදු වන්චා කරන්න. ඕනම බිස්නස් එකක් නීත්‍යාණූකූල වෙන්න එපෑයි. ගන්න ගාණ නියාමනය කරන එක රජයේ වගකීමක්. ප්‍රයිවට් කෑම්පස් නියාමනය රජයෙන් කරන්න ඕනේ වගේම අනිත් ප්‍රයිවට් බිස්නස් නියාමනය කරන එකත් රජයේ වගකීමක්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ආයෙම තිබ්බ විදිහට හදලා දෙන්න කියන්න තමා වෙන්නේ ඔහොම බිල් දුන්නොත්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,991
    113
    Colombo
    එහෙම අතට සල්ලි ගන්න බෑනේ බන් බදු වන්චා කරන්න. ඕනම බිස්නස් එකක් නීත්‍යාණූකූල වෙන්න එපෑයි. ගන්න ගාණ නියාමනය කරන එක රජයේ වගකීමක්. ප්‍රයිවට් කෑම්පස් නියාමනය රජයෙන් කරන්න ඕනේ වගේම අනිත් ප්‍රයිවට් බිස්නස් නියාමනය කරන එකත් රජයේ වගකීමක්.

    දැන් හැමෝම හදන්නේ තමන් ගොඩ යන්න බං
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    එහෙම අතට සල්ලි ගන්න බෑනේ බන් බදු වන්චා කරන්න. ඕනම බිස්නස් එකක් නීත්‍යාණූකූල වෙන්න එපෑයි. ගන්න ගාණ නියාමනය කරන එක රජයේ වගකීමක්. ප්‍රයිවට් කෑම්පස් නියාමනය රජයෙන් කරන්න ඕනේ වගේම අනිත් ප්‍රයිවට් බිස්නස් නියාමනය කරන එකත් රජයේ වගකීමක්.
    health walata minissu ona ganak wiyadam karanawa, report karanneth na marenna bari nisa... athata cash gaththama sakkith na..
    oppu unath mukuth karanna ba strike karai..
    owa ethics..