:( ශල්‍යකර්මයේ ඡායාරූප

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :( ශල්‍යකර්මයේ ඡායාරූප

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ හිසට සිදුකළ බරපතල ශල්‍යකර්මයේ ඡායාරූප.

    23806.jpg

    මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී හිසට වෙඩි වැදී මාරාන්තික තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී සිදුකළ බරපතල ශල්‍යකර්මය දැක්වෙන ඡායාරූප දැන් අප වෙත ලැබී තිබෙනවා. මන්ති‍්‍රවරයාගේ හිසෙහි බරපතල ශල්‍යකර්මය සිදු කරද්දී ගත් ඡායාරූප සහ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේදී උණ්ඩ හිසට ඇතුලූ වූ සහ පිට වූ ආකාරය දැක්වෙන එක්ස්-රේ ඡායාරූප ද ඊට ඇතුළත්. මේ අතර, මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී සැබවින්ම අගතියට පත්වූයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා බව තහවුරු කෙරෙන, ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා ද අප වෙත ලැබී තිබෙනවා. පහත දැක්වෙන්නේ එම වාර්තාව සහ ඡායාරූපයි.

    මේ අතර, පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට වෙඩි වැදුණේ කෙසේද ? වෙඩි තැබුවේ කවුද? ඒ, කුමන ගිනි අවියකින් ද ? යන්න පිළිබඳ තවමත් පරීක්ෂණ පැවැත්වී නොමැත. එලෙස වෙඩි තැබූ ගිනි අවිය පවා මෙතෙක් සොයාගෙන නැත. එමෙන්ම මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේදී භාරත ලක්ෂ්මන් සමග පැමිණි මැර කණ්ඩායම තවමත් නිදැල්ලේය. ඔවුන් සියල්ලන්ම එම අවස්ථාවේ ගිනි අවි භාවිත කළ බවට ද තොරතුරු වාර්තා වී ඇත. නමුත්, මේ කිසිවක් පිළිබඳව තවමත් කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති අතර, භාරත ලක්ෂ්මන්ගේ මෙම මැර කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට ද කි‍්‍රයා කර නැත.


    23750_5.jpg

    23750_2.jpg

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේදී උණ්ඩ හිසට ඇතුලූ වූ සහ පිට වූ ආකාරය දැක්වෙන එක්ස්-රේ ඡායාරූප 01
    23750_3.jpg

    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ හිසට එල්ල වූ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයේදී උණ්ඩ හිසට ඇතුලූ වූ සහ පිට වූ ආකාරය දැක්වෙන එක්ස්-රේ ඡායාරූප 02
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    * දුමින්දට වෙඩි තැබුවේ කව්දැයි තවමත් සොයාගෙන නැත.

    * දුමින්දට වෙඩි තැබූ ගිනි අවිය ද තවම සොයාගෙන නැත.

    * භාරත ලක්ෂ්මන් සමග පැමිණි අවිගත් මැර කණ්ඩායම තවමත් හඳුනාගෙන නැත.

    * භාරත ලක්ෂ්මන්ගේ මැර කණ්ඩායම භාවිත කළ ටී -56 ගිනි අවි තවමත් සොයාගෙන නැත.

    * මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධිය වී මාස තුනක් ගත වී ඇතත්, පරීක්ෂණ කණ්ඩායම්වලට මේවා සොයා ගැනීමට නොහැකි ඇයි ?

    * සියලූ ජනමාධ්‍ය මෙම කරුණු වාර්තා නොකරන්නේ ඇයි ?
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේ නොවැම්&

    මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධියේ නොවැම්බර් 28 අධිකරණ වාර්තාව.

    මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා සැකකරුවෙකු නොව අගතියට පත් පුද්ගලයා බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණයට පෙන්වා දෙයි.


    මුල්ලේරියාව සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කළ ද මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා, සැබවින්ම එහිදී අගතියට පත් පුද්ගලයා බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නා. කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් ඉදිරියේ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා රෝහල් ගත කළ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ඔහුගේ ඇද ඉහ පත ඊයේ ඉදිරිපත් කෙරුණා. එහිදී කරුණු දැක්වූ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය කියා සිටියේ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාට එරෙහිව ඉදිරිපත් කළ සාක්ෂි හුදෙක් ද්වේෂසහගතව ගොතන ලද ඒවා බවයි. මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට පහළ සිට ඔහු දෙස බැලූ පුද්ගලයෙකු විසින් සමීපව වෙඩි තබා ඇති බව වෝහාරික සාක්ෂි මගින් පැහැදිලිව ඔප්පු වන්නේ යැයි නීතිඥවරයා පෙන්වා දුන්නා.


    අධිකරණය මගින් කැඳවන ලද සාක්ෂි රැසක් අතුරින් මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා සැකකරුවෙකු බවට පත් කරලීම සඳහා සාක්ෂි ලබාදී ඇත්තේ දෙදෙනෙකු පමණයි. එහෙත් එම වැරදි සහගත, නොමග යවන සුළු ගොතන ලද සාක්ෂි මගින් බිඳලිය නොහැකි ලෙස මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා අගතියට පත්වූවෙකු බව තහවුරු කිරීමේ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා. අධිකරණය වෙත නිවැරදි කරුණු ඉදිරිපත් කිරීමේ වගකීම සහිතව මේ බව ප‍්‍රකාශ කරන්නේ යැයි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය එහිදී සඳහන් කළා.



    මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාට එරෙහිව ඉදිරිපත් වූ සාක්ෂි මුළුමනින්ම තහවුරු කළ නොහැකි සහ පරීක්ෂාවට භාජනය නොකළ යුතු කරුණු දැක්වීමක් බව තහවුරු කිරීම සඳහා මන්ත‍්‍රීවරයාගේ ඇද ඉහ පත අධිකරණයට කැදවනු ලැබුවා. එහි පැහැදිලිව දැක්වෙන පරිදි මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ දෑත්වල හෝ සිද්ධිය ඇතිවන අවස්ථාවේ ඔහු හැඳ සිටි ඇදුම්වල වෙඩි බෙහෙත් සලකුණු කිසිවක් නොතිබීමෙන් මන්ත‍්‍රීවරයා කිසිවෙකුට වෙඩි නොතැබූ බව තහවුරු වනවා. එමෙන්ම මන්ත‍්‍රීවරයාගේ හිසේ වෙඩි පහර ඇතුළු වූ ස්ථානයේ සහ අවට සලකුණු මගින් කිසිවෙකු විසින් ඔහුට සමීපව වෙඩි තැබූ බව පැවසිය හැකියි. එම දුර ප‍්‍රමාණය සෙන්ටිමීටර් 30කට වඩා දුරස් නොවන අතර වෙඩි පහර ඇතුළු වූ සහ පිට වූ ස්ථාන අනුව එය මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පහත බලා සිටින අතර පහළින් එල්ල වූ වෙඩි පහරක් බව තහවුරු වන කරුණක්.



    සාක්ෂි මගින් පැහැදිලිව තහවුරු වී ඇත්තේ මෙහිදී ගැටුමක් ඇති වී තිබෙන අතර එක් පුද්ගලයෙකු බිම වැටී මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ඔහු ඉදිරියේ ඔහුට ඉහළින් සිටි බවයි. වෙඩි පහර එල්ල වී ඇත්තේ ඒ අවස්ථාවේදීයි. එමෙන්ම වෙඩි පහර එල්ල කර ඇත්තේ ඔහුට පහළින් වූ පුද්ගලයා වෙතින් බවත් නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නා. වෙනස් පිහිටීමක සිටි පුද්ගලයෙකුට එලෙස මන්ත‍්‍රීවරයාගේ නළලින් ඇතුළු වී හිස් කබලෙන් පිටවන ආකාරයෙන් වෙඩි පහරක් එල්ල කළ නොහැකි බව නීතිඥවරයාගේ තර්කය වුණා.



    නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සඳහන් කළේ මේ බව තහවුරු කිරීම සඳහා තමා අධිකරණය වෙත මන්ත‍්‍රීවරයාගේ ඇද ඉහ පත කැදවීමට ඉල්ලීමක් කළ බවයි. එය ඕනෑම පාර්ශවයක් විසින් පරීක්ෂාවට ලක් කළ හැකි බව ද ඔහු තවදුරටත් සඳහන් කළා. මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාට වෙඩි වැදී ඇත්තේ ගැටුම ඇතිවී තත්පර 30කට අඩු කාලයකදීයි. එහිදී මන්ත‍්‍රීවරයා ලේ වැගිරෙමින් සිටියදී අනෙකුත් වෙඩි තැබීම් සිදුව තිබෙනවා. වෙඩි ප‍්‍රහාරවලින් මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා බේරාගෙන රෝහල්ගත කිරීම සඳහා අනෙකුත් වෙඩි තැබීම් සිදුව ඇති බවයි නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පෙන්වා දුන්නේ.

    මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ ඇඳ ඉහ පත අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිරන්ත වලලියැද්ද විරෝධය පළ කළා. කොළඹ අතිරේක දිසා විනිසුරු, මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් විසින් විභාගය අද දිනට කල් තබනු ලැබුවා. නීතිඥ හිමාලි කුලරත්නගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සහ චන්ද්‍රසිරි විජේසිංහ, වීරසේන රණහේවා, ඉනෝකා ගමගේ, ඉන්ද්‍රිජිත් අමරතුංග යන නීතිඥවරුන් මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා වෙනුවෙන් මෙහිදී පෙනී සිටියා.
     
    • Like
    Reactions: upulcla

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය ඉදිර&

    මුල්ලේරියාව සිද්ධියේ අධිකරණ කි‍්‍රයාවලිය පිළිබඳ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය ඉදිරිපත් කළ ප‍්‍රකාශය.


    මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට තුවාල සිදු වූයේ කෙසේ ද සහ ඔහුට වෙඩි තැබුවේ කවුරුන්ද යන්න පිළිබඳ සොයා බලන ලෙස මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධිය පරීක්ෂාවට ලක් කිරිමේදී කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් රහස් පොලිසියට නියෝග කළා. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය, ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට සිදුවූ තුවාල දැක්වෙන ස්කෑන් පරීක්ෂාවක ඡායාරූප 19 ක් අධිකරණයට ඉදිරිපත් කළා. මොලයට සහ හිස් කබලට සිදු වූ තුවාල, උණ්ඩ හිසට ඇතුලූ වූ සහ ඒවා පිට වූ තුවාල එම ඡායාරූපවල දැක්වුණා. මෙම වෙඩි තැබීම සෙන්ටිමීටර් 10 ත් 30 ත් අතර දුරකින් සිදුවී තිබෙන බවත් එහිදී පෙන්වා දෙනු ලැබුවා. මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා බිම බලාගෙන සිටියදීයි. තොරතුරුවලට අනුව භාරත ලක්ෂ්මන් සහ ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා අතර ගැටුමක් සිදුවී ඇති බවත් භාරත ලක්ෂ්මන් බිම ඇද වැටුණු පසු ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ඔහුගේ ඇඟ මතට වැටී ඇති බවත් එම ප‍්‍රකාශයේ සඳහන්. ප‍්‍රශ්නය තිබෙන්නේ ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට වෙඩි තැබූවේ කවුරුන්ද යන්න පිළිබඳවයි. මන්ති‍්‍රවරයාට තුවාල සිදුවූයේ කෙසේද යන්න දැනට ලැබී තිබෙන පැමිණිලි සහ වාර්තා අනුව නිවැරදිව ප‍්‍රකාශ කළ නොහැකියි. තත්ත්පර 30 ක කාලයක් ඇතුළත මේ සියල්ල සිදුවී තිබෙනවා. ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට සිදුවූ වෙඩි තැබීමෙන් පසුවයි අනෙකුත් සියලූම වෙඩි ප‍්‍රහාර සිදුවී ඇත්තේ. වෙඩි වැදුණු පසු ඔහු ලේ ගොඩක් මත බිම වැටී තිබෙනවා. අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් ප‍්‍රකාශ කළේ ඔහුට තුවාල සිදුවුයේ කෙසේද යන්න සොයා බලන ලෙසයි. පැමිණිකාර පාර්ශ්වය ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයාට වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීම අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නිශ්ප‍්‍රභ කළා. අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් තවදුරටත් සඳහන් කළේ ආර්. දුමින්ද සිල්වා මන්ති‍්‍රවරයා ශි‍්‍ර ලංකාවට පැමිණි පසු ඔහුව උසාවියට ඉදිරිපත් කිරිමට රහස් පොලිසියට බලතල ඇති බවයි.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පිස්සු වගේ ඇති නේ උබට දුමින්ද නැතුව :(
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    * දුමින්දට වෙඩි තැබුවේ කව්දැයි තවමත් සොයාගෙන නැත.

    * දුමින්දට වෙඩි තැබූ ගිනි අවිය ද තවම සොයාගෙන නැත.

    * භාරත ලක්ෂ්මන් සමග පැමිණි අවිගත් මැර කණ්ඩායම තවමත් හඳුනාගෙන නැත.

    * භාරත ලක්ෂ්මන්ගේ මැර කණ්ඩායම භාවිත කළ ටී -56 ගිනි අවි තවමත් සොයාගෙන නැත.

    * මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධිය වී මාස තුනක් ගත වී ඇතත්, පරීක්ෂණ කණ්ඩායම්වලට මේවා සොයා ගැනීමට නොහැකි ඇයි ?

    * සියලූ ජනමාධ්‍ය මෙම කරුණු වාර්තා නොකරන්නේ ඇයි ?

    ඒ වගේම....
    උබේ තාත්තා කවුද කියලත් හොයාගෙන නැ නේද?????
     

    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    අම්මෝ දුමින්දයට මෙච්චර ලොකු මොලයක් තියනවද බන්:P. දැන් මුගේ මොලේ කොලොප්පන්:confused::lol: වෙලා ඇති නෙය් පොනිමලෝ. ගිනි අවිය ගැන නම් මටත් සැකයි ඇයි ඉතින් උන්ඩේ මෙච්චර පොඩි වෙලත් මේක වැදුන එක නේ පුදුමේ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Code:
    [SIZE=5]* මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධිය වී මාස තුනක් ගත වී ඇතත්, පරීක්ෂණ කණ්ඩායම්වලට මේවා සොයා ගැනීමට නොහැකි ඇයි ?
    [/SIZE]

    අනේ මන්දා සුනිමල්..:dull: ඇත්තටම ඇයි බැරි වෙලා තියෙන්නේ?:(
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Code:
    [SIZE=5]* මුල්ලේරියාව වෙඩි තැබීමේ සිද්ධිය වී මාස තුනක් ගත වී ඇතත්, පරීක්ෂණ කණ්ඩායම්වලට මේවා සොයා ගැනීමට නොහැකි ඇයි ?
    [/SIZE]

    අනේ මන්දා සුනිමල්..:dull: ඇත්තටම ඇයි බැරි වෙලා තියෙන්නේ?:(

    දන්නේ නැහැ මචන් පරීක්ෂණ අයගේ අකාර්යක්ෂමතාව
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දන්නේ නැහැ මචන් පරීක්ෂණ අයගේ අකාර්යක්ෂමතාව

    උබත් හැම මගුල ගැන කියවනවා මේක ගැන තමා දන්නේ නැත්තේ..:rolleyes: