ශ්‍රීලනිපයේ උගත්තු නැද්ද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ශ්‍රීලනිපයේ උගත්තු නැද්ද?

    මෛත්‍රීට ව්‍යවස්ථාදායක සභාවට ශ්‍රීලනිපයෙන් කෙනෙක්ව හොයා ගන්න බැරි උන හැටි. ලැජ්ජ නැති වැඩනේ බන් මේවා. :rolleyes::rolleyes:

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරන් 7 ක් සහ සිවිල් නියෝජිතයන් තිදෙනෙකුගෙන් සමන්විත 8 වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව සඳහා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ එකම නියෝජිතයා වශයෙන්, මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත්කෙරේ.

    පාඨලී චම්පික රණවක මහතා 7 වන පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේද නියෝජිතයෙකු ලෙස කටයුතු කළේය.

    චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයකු ලෙසය. ඒ අනුව මෙම පත් කිරීමද මෙරට දේශපාලනයේ සුවිශේෂී අවස්ථාවකි.

    මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නි‍යෝජිතයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් පත්කර තිබේ.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනූව ව්‍යවස්ථාදායක සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විතය.

    ඒ අනූව එයට නිල බලයෙන් පත්වන්නේ කථානායක, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාවරයාය.

    මීට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, අගමැතිවරයාගේ නියෝජිතයෙකු සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු අතර ඒ අනූව ජනපතිගේ හා අගමැතිගේ නියෝජිතයින් දෙදෙනා ඉහත පරිදි නම් කර ඇත.

    එසේම සුළු පක්ෂ නියෝජනය කරන නියෝජිතයෙකු සහ සිවිල් සාමාජිකයින් තිදෙනෙකු ද ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතුය.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු ස්වාධීන කොමිෂන් සභා 9 ක් ස්ථාපිත කොට සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවරී තිබේ.

    ඊට අමතරව රජයේ තවත් ඉහළ තනතුරු ගණනාවකට පුද්ගලයින් පත් කිරීමද සිදු කළ යුතු වන්නේ ව්‍යවස්ථාදායක සභාව මගිනි.

    http://lankadaily.com/latestnews/item/8793-2015-09-09-06-26-48
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ජනාධිපතිගේ නියෝජිතයෙක් දාන්නේ නිදහස් පක්ෂෙ නියොජිතයෙක් නෙවෙ. ඉතින් ජනාධිපතිව පත් කරන්න හංසයා ලකුනෙන් තරග කරද්දි කැප වෙච්ච එකෙක්ව දාලා තියෙන්නේ. ජනාධිපති එජාපේ වෙලා අගමැති එජාප වුනොත් එත් දාන්නේ එජාපේ කෙනෙක්. තනතුරේ නියෝජනයක් මිසක් පක්ෂ නියෝජනයක් නොවේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජනාධිපතිගේ නියෝජිතයෙක් දාන්නේ නිදහස් පක්ෂෙ නියොජිතයෙක් නෙවෙ. ඉතින් ජනාධිපතිව පත් කරන්න හංසයා ලකුනෙන් තරග කරද්දි කැප වෙච්ච එකෙක්ව දාලා තියෙන්නේ. ජනාධිපති එජාපේ වෙලා අගමැති එජාප වුනොත් එත් දාන්නේ එජාපේ කෙනෙක්. තනතුරේ නියෝජනයක් මිසක් පක්ෂ නියෝජනයක් නොවේ.

    :yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ජනාධිපතිගේ නියෝජිතයෙක් දාන්නේ නිදහස් පක්ෂෙ නියොජිතයෙක් නෙවෙ. ඉතින් ජනාධිපතිව පත් කරන්න හංසයා ලකුනෙන් තරග කරද්දි කැප වෙච්ච එකෙක්ව දාලා තියෙන්නේ. ජනාධිපති එජාපේ වෙලා අගමැති එජාප වුනොත් එත් දාන්නේ එජාපේ කෙනෙක්. තනතුරේ නියෝජනයක් මිසක් පක්ෂ නියෝජනයක් නොවේ.

    :D
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ජනාධිපතිගේ නියෝජිතයෙක් දාන්නේ නිදහස් පක්ෂෙ නියොජිතයෙක් නෙවෙ. ඉතින් ජනාධිපතිව පත් කරන්න හංසයා ලකුනෙන් තරග කරද්දි කැප වෙච්ච එකෙක්ව දාලා තියෙන්නේ. ජනාධිපති එජාපේ වෙලා අගමැති එජාප වුනොත් එත් දාන්නේ එජාපේ කෙනෙක්. තනතුරේ නියෝජනයක් මිසක් පක්ෂ නියෝජනයක් නොවේ.
    :yes:
    11.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ජනාධිපතිගේ නියෝජිතයෙක් දාන්නේ නිදහස් පක්ෂෙ නියොජිතයෙක් නෙවෙ. ඉතින් ජනාධිපතිව පත් කරන්න හංසයා ලකුනෙන් තරග කරද්දි කැප වෙච්ච එකෙක්ව දාලා තියෙන්නේ. ජනාධිපති එජාපේ වෙලා අගමැති එජාප වුනොත් එත් දාන්නේ එජාපේ කෙනෙක්. තනතුරේ නියෝජනයක් මිසක් පක්ෂ නියෝජනයක් නොවේ.

    උබ කියන කතාව ඇත්ත. චම්පික මේකට නුසුදුසු කෙනෙක් කියලා මම කියන්නේ නෑ. ඒත් වෙච්ච දේ ටිකක් අවුල් වගේ දැනුනා.