ශ්‍රී නිවාස් රාමනුජන් ට ගණිත විසඳුම් හීනෙන් පෙනුනාද?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,727
    8,995
    113
    දමිත් කේතක පෙර ෆේස්බුක් සටහනක් ඇසුරෙන් manthrana.com අඩවියට සකස් කල
    ලිපියකි.
    -------



    ශ්‍රී නිවාස් රාමනුජන්….මේ දවස් වල හුඟක් දෙනෙක් කථාවෙන චරිතයක්….දිමිත්‍රි මෙන්ඩලියෙෆ්….ඒත් හුඟ දෙනෙක් මේ නම ඇදලා ගන්නවා…ඕගස්ට් කෙකුලේ …. ඒ නමත් සෑහෙන පාවිච්චි වෙනවා….


    Srinivasa Ramanujan, the genius who knew infinity - YouTube


    මගේ නම් අදහසේ හැටියට මේ අද්විතීය බුද්ධිමතුන්ගේ නම් ශ්‍රී ලංකාවෙදි සෑහෙන “අවභාවිතා” වෙනවා….

    නාමක්කල් හි නාමගිරි දෙවොලේ වැඩ වෙසෙන නාමගිරි මහා ලක්ෂ්මී දෙවඟන ශ්‍රී නිවාස් රාමනුජන්ට “ගණන් කියා දුන්නාද?”



    LAKSHMI NARASIMHA SWAMY TEMPLE, NAMAKKAL | Temple, Ancient cities,  Pilgrimage
    Lakshmi Narasinha Swami Temple of Namagiri – Namakkal

    ඔය කථාව කිය කිය යන කී දෙනෙක් දන්නවද රාමනුජන් මොකක්ද මෙලොවට දායාද කලේ කියන එක…?…

    ගණිතයෙහි සංකීර්ණ විශ්ලේෂණය, සංඛ්‍යා වාදය, සන්තත භාග සහ අපරිමිත ශ්‍රේණිය….ඔන්න ඔහුගේ ප්‍රධාන දායකත්වය දක්වපු පථයන් 4….

    ඔතනින් ලක්ෂ්මී දෙවඟනගේ සහාය ලැබුන බව කියන්නෙ මොනවටද?….සන්තත භාග සහ අපරිමිත ශ්‍රේණිය….විශේෂයෙන්ම අපරිමිත ශ්‍රේණිය…

    ලක්ෂ්මී දෙවඟන රාමනුජන් සමඟ සන්නිවේදනය කලේ කොහොමද?…..”හීනෙන්” නෙමෙයි….එංගලන්තයේ කේම්බ්‍රිජ් වලදිත් නෙමෙයි….ඒ වගේම එංගලන්තයට යන්න කිට්ටුව දුප්පත් ලිපිකරුවෙක් වෙලා හිටියදිත් නෙමෙයි….පුංචි කාලෙ ඉඳලම….

    රාමනුජන්ට එයාගෙ ගමේ ඉන්දෙද්දි, උදේට යාන්තමින් ඇහැරී ගෙන එනකොට ගණිතමය විසඳුම් කල්පනා වෙනවා… ඒ වගේම ඔහුට නැගිටලා කොළයක් දිහා බැලුවාම ඒ විසඳුම් කොළය මත ලියවෙන්නා සේ පේනවා….

    A passage to infinity: The untold story of Srinivasa Ramanujan | Lifestyle  News,The Indian Express
    Childhood Residence of Ramanujan

    රාමනුජන් ඔහුගේ පවුල් පසුබිමෙන්ම මේ නාමගිරි මහා ලක්ෂ්මි දේවතාවියට ඉතාම භක්තිවන්තයි….ඉතින් මේ ආකාරයට තමන්ට ගණිතය නිරවුල් කර දෙන්නෙ, ගැටලු ලිහා දෙන්නේ, ඉදිරියට ඉදිරියට විසඳුම් පෙළ සදා දෙන්නේ මහා ලක්ෂ්මී දේව මාතාව බව හෙතෙම විශ්වාස කළා….

    අපි හිතමු බැරිවෙලාවත් රාමනුජන් හින්දු භක්තිකයෙක් නොවී, කිතුණුවෙක් උනා කියලා… ඔහු “ගෝව” වගේ ප්‍රාන්තයක ඉපදිලා ඉඳලා ඔහුගේ නම “රැම්සේ” උනා කියලා….දැන් මොකක්ද බොහෝ දුරට වෙන්න ඉඩ තියෙන්නෙ…?….

    එකත් එකටම ගෝවේ නිර්මල ගර්භධාන දේවමාතාව වන මරිය තුමිය තමයි රාමනුජන්ට ගණිතයට උදව් උපකාර කරන්නෙ….රාමනුජන් කියන්නෙ කවුද?… ඔහු රාජේන්ද්‍රම් ගමේ මාලු විකුණ විකුණ ඉන්නකොට උන්හිටි ගමන් ගණිතය පහළ වෙච්ච කෙනෙක්ද?….රාජේන්ද්‍රම් ගමේ කොල්ලො කුරුට්ටො එක්ක බෝක්කු උඩ රංචු ගැහෙන අතර, එක පාරටම මහා සොයාගැනීමක් කරලා ගණිතඥයෙක් වෙච්ච කෙනෙක්ද?…..නෑ…..

    ඔහු වයස අවුරුදු 11 වනවිට, A Synopsis of elementary results in pure and applied mathematics හි ගණිතමය ප්‍රමේයයන් 5,000 ක් හදාරා අවසන් කරපු කෙනෙක්….

    වයස 14 වෙද්දි ඔයිලර් – මස්කිරෝනි නියතය යොදාගෙන දිගටම ගණිතමය පරීක්ෂණ කරපු කෙනෙක්…

    ජීවිත කාළය පුරාවට ගණිතමය විසඳුම් 3,978 ක් ඉදිරිපත් කරපු කෙනෙක්…. තමන්ගෙ ඒවා…..අනුන්ගෙ නෙමෙයි…

    වයස 26 වෙද්දි ධන පූර්ණ සංඛ්‍යා විභජනය පිළිබඳව ඔයිලර්ගේ සිද්ධාන්තය සහ සමීකරණය ප්‍රථමක සංඛ්‍යා සඳහා ශ්‍රේණි පහකින් එහාට තැනින් තැන අසම්පූර්ණයි කියලා හඳුනාගත්තු කෙනෙක්….

    ඒ සේරටම වඩා වැදගත් දේ මොකක්ද දන්නවද?….ශ්‍රී නිවාස් රාමනුජන් කියන්නෙ “වෛදික ගණිතයේ” ප්‍රබල ආභාෂයක් ලබපු කෙනෙක්….කුම්භකෝණම් කෝවිලේ පොළවේ, ගෙදර පිල්කඩ උඩ, පාරේ වැලි තීරුවේ, මේ හැමතැනකම ඇණ තියාගෙන පිස්සෙක් වගේ ගණන්ම හදාගෙන හදාගෙන ගිය විශිෂ්ඨයෙක්….

    වෛදික ගණිතය ගැන අහලා තියෙනවද?….ඒ තමයි දැනට මේ ලෝකයේ සොයාගෙන තියෙන “සාක්ෂි සහිත” පැරණිම ගණිතය….හැබැයි ඉතාම ලෙහෙසි පහසුවෙන් ග්‍රහණය කරගන්න පුලුවන් ගණිත ක්ෂේත්‍රයක්….

    ඔබ වෛදික ගණිතය හදාරා එහි ප්‍රවීණයෙක් වෙනවා නම්, නූතන ගණිතයේ ගුණිතයන්, අඩුකිරීම්, බෙදීම්, එකතු කිරීම්, සාධනය කිරීම්, මෙකී නොකී සකළ විධ සුළුකිරීම් හිතෙන්ම කරන්න තරම් දක්ෂයෙක් වෙනවා….මොකද වෛදික ගණිතය කියන්නෙ ඒ දේවල් ඉතාම පහසුවෙන් කිරීමෙහිලා ඔබව ප්‍රවීණයෙක් කරන්න බිහිවෙච්ච ශාස්ත්‍රයක්….

    ( රාමනුජන් වෛදික ගණිතයේ ආභාෂය ලද බවට සාක්ෂි දෙන ප්‍රධාන මූලාශ්‍රය : භානුමූර්ති විසින් රචිත “A Modern Introduction To Ancient Indian Mathematics” )

    ගණිතමය සුළුකිරීම් වල ප්‍රවීණයන් තනන වෛදික ගණිතයේ ඓතිහාසික ගුරුවරු කවුද?…

    බ්‍රහ්මගුප්ත, නාරායන පණ්ඩිත, භාෂ්කර් නාථ, ආර්යභාත්, මාධව….

    මේ ගුරුවරුන්ගේ ඓතිහාසික ලියවිලි එකතු කරලා වෛදික ගණිතය නූතනයට හඳුන්වා දුන් එහි මහා ගුරුවරයා කවුද?…1880 – 1960 කාළය තුල ජීවත් වූ භාරතී ක්‍රිෂ්ණ තීර්ථ හෙවත් ජගද්ගුරු ෂංකරාචාර්ය ( මේවා ගුරු පෙළපත් නම්බුනාම ) ස්වාමි භාරතී ක්‍රිෂ්ණ තීර්ථ….

    වෛදික ගණිතය අතිශය සංකීර්ණ ගණිතයක් නොවේ….එය ඉතාම සරල ස්වරූපයෙන් ඔබ ඉදිරියට එන ගණිතයක්…..ඒ සරල බව නිසාම ලෝකයේ බොහෝ රටවල් ඔය ස්වාමි භාරතී ක්‍රිෂ්ණ තීර්ථගේ කෘතීන් සහ ගණිත අභ්‍යාස එච්චර සීරියස්ලි ගණන් ගත්තේ නෑ….

    නමුත්, ඔවුන් දැන සිටියේ නෑ කොච්චර වේගයෙන් ගණන් හදන්න පුලුවන් මිනිස්සුද මේ වෛදික ගණිතයේ තියෙන සරල ක්‍රමවේදයන් ප්‍රගුණ කළොත් බිහිවෙන්නෙ කියන එක…

    May be an image of book
    Maths Sutra – Vedic Speed Calculations

    රාමනුජන් කියන්නෙ කුඩා කළ සිට මේවයේ අවිධිමත් ආභාෂය ලබපු කෙනෙක්….අවිධිමත් ආභාෂයේ තියෙන විශේෂත්වය තමයි, එය කෙනෙක්ගේ මොළයේ අපිළිවෙලට තැන්පත්වීම….

    ඔබ අත්දැකීමෙන් දන්නවා, උදෑසන 4 ට වගේ නිකමට හරි නිදි යහනේ අවදි උනොත්, ඒ වෙලාවට ඔබට බොහෝ දේ පිළිබඳව ඇතිවන හැඟීම්, දහවල් කාළයට වඩා අතිශය තියුණුයි… ඒ වගේම නිරවුල්….ඒ වගේම, එහෙම අවදි වෙලා අඩ නින්දෙන් ඉන්න වෙලාවක ඔබ යම් අතීත සිද්ධියක් මතක් කළොත්, ඒකට අදාළ නම්,ගම්, අනෙකුත් තොරතුරු දහවල් කාළයේ ඔබට අමතක වෙලා තිබුනත්, ටක් ගාලා මතකයට එනවා…..

    මෙතනින් එහාට ඉතිරි ටික මම කියන්න යන්නෙ නැත්තෙ, ඇත්තටම එහෙමද උනේ කියන එක ගැන මම රාමනුජන්ව පරීක්ෂණයකට භාජනය කරපු කෙනෙක් නොවන නිසා…. නමුත් අනුමානයෙන් කියන්න පුලුවන්, ඔහුගේ ගණිතයට තිබුණු අසීමිත කැපවීම නිසාම, උදෑසන ඔහුගේ මනස අවදිවෙන වෙලාවට, කෝවිලේ භාවනා කරලා එන වෙලාවට, වගේ ඔහුගේ මනස නිරවුල් වෙන වෙලාවට, ඔහුට මේ ගණිතමය විසඳුම් පහළ වුනා කියන එක….

    The unlikely friendship that uncovered mathematician Srinivasa Ramanujan's  genius — Quartz India
    Ramanujan with his mentor G.H. Hardy – Cambridge, UK.

    නාමගිරියේ මහා ලක්ෂ්මී දෙවඟනට ඔහුගේ අසීමිත භක්ත්‍යාදරයක් තිබුනු නිසා, කුඩා කළ පටන් තරයේ විශ්වාස කළ ඒ දේව මාතාවට ඔහු මෙහි ගෞරවය පුද කරන්න ඇති….

    තව අපූරු දෙයක් කියන්නද?….ඔය උඩ කියපු වෛදික ගණිතය නූතනයට හඳුන්වා දුන් භාරතී ක්‍රිෂ්ණ තීර්ථ ඉන්නෙ….අන්න එයාගේ ගණිත විසඳුම් වලත් නිශ්චිතව, සුපැහැදිලිව, විසඳුම ලබාගත්තේ කොහොමද කියන එකට ගණිත පෙළක් පෙන්වලා ඔප්පු කරලා නෑ…..

    හිතවතුනි, ඒ තමයි වෛදික ගණිතයේ හැටි….එය නූතන ගණිතය වගේ පෙළින් පෙළට සාධනය කරන්නෙ නෑ….ඇයි දන්නවද?…. ඒක ඔබට හුරු කරන්නේ, විසඳුමේ බොහෝ කොටස් මනසින් හදන්න….එතකොට පෙළ තියෙන්නෙ මනසේ….කොළේ නෙමෙයි…..

    රාමනුජන් වෙනත් ආගමක කෙනෙක් උනා නම් සමහරවිට නාමගිරියේ මහා ලක්ෂ්මී දේව මාතාවට ඔහු සොයාගත් සමීකරණ පිළිබඳව සම්මානය නොලැබෙන්නත් ඉඩ තිබුණා…..සමහර විට ඒක මරිය තුමිය හෝ අල්ලාහ් දෙවිඳුන්ගේ නියෝජිතයෙක් දිනාගන්නත් ඉඩ තිබුණා….මම මේ කියන කථාව කියන්නෙ ඓතිහාසික සිද්ධි ගළපලා අනුමානයෙන්….නමුත් මේක ඔබට වැටෙහනවා ඇති….රාමනුජන්ට බොහෝවිට පිහිට වුනේ, කුඩා කළ සිටම සුපිරියට පුහුණු කරවා තිබුණු ඔහුගේම මනස වෙන්න පුලුවන්…. ඒ වගේම ඔහුගේම ප්‍රබල බුද්ධි බළ මහිමය සහ ප්‍රඥාව වෙන්න පුලුවන්…. ඔහු පෞද්ගලිකව තිබුණු භක්තිය නිසා, ඒ සිදුවුනේ කුමක්දැයි මනෝ විශ්ලේෂණයක් හෝ වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණයක් කර නොගෙන, දේව මාතාවට එහි ගෞරවය පුද කළා වෙන්නත් පුලුවන්….

    නුවර ඉඳන් මහියංගණයට බස් එකක් එලවන මගේ නෑයෙක් හිටියා….ඔහු දැන් ජීවතුන් අතර නැහැ….එයා මට කියපු කථාවක් තමයි, “පුතේ දහ අට වංගුව එහෙම හොඳට අතට හුරුවුනාම, අපි වංගුව ඇහෙන් බලන්නෙ නෑ…. ඉබේම අත් දෙක ලස්සනට නමනවා වංගුව” කියන එක….සමහරවිට ඒ මාමා ඒ දක්ෂතාවය මහියංගණයේ වැඩ වෙසෙනෙ දෙවි කෙනෙකුගේ පිහිටාශීර්වාදය ලෙස සළකනවා වෙන්නත් බැරි නෑ….

    රාමානුජන්ට හාඩිට පෙන්න ගන්න බැරි වුනෙත්, කේම්බ්‍රිජයේ ඔහුගේ ගුරුවරුන්ට පෙන්වන්න බැරි උනෙත් කුමක්ද ?….ගණිතමය සාධනයේ පියවර පෙළ….ඇයි එහෙම බැරි උනේ කියන එකට මට තියෙන අනුමානය තමයි ඔය….

    නැවතත් කියන්නෙ මේක අනුමානයක් පමණයි….මට රාමානුජන් විද්වතාව හීනෙන් පෙනුනෙත් නෑ, එතුමා කොහේ හෝ දෙව්ලොවක ඉඳලා ඇවිත් මට කථා කරලත් නෑ…..මෙන්ඩලියෙෆ්ට ආවර්තිතා වගුවේ අනාගතයේ එන්න නියමිත මූලද්‍රව්‍ය හීනෙන් පෙනුනු වගට පිළිගත හැකි කිසිදු සාක්ෂියක් නෑ….කොටින්ම ආවර්තිතා වගුවේ මූලික ආකෘතිය ඔහුට හීනෙන් පෙනුනු බවට තියෙන එකම පිළිගත හැකි වාර්ථාව වන්නේත් බොනිෆති කෙඩ්‍රෝව් නම් සෝවියට් විද්වතා ඒ ගැන ලියන ලද ලිපියක තියෙන “ද්වීතීයික තොරතුරක්…” … ඒ තොරතුරේ හැටියට මෙන්ඩලීයෙෆ් අලුයම් කාළයේ වරින් වර අවදි වෙමින්, ඔහු නින්දෙන් දුටු වගුවකට මූලද්‍රව්‍ය ටික පහසුවෙන් දාගන්න පුලුවන් කියන එක ලියා තබලා, පසුව ඒ ගැන භූ විද්‍යාඥ ඒ.ඒ ඉන්සොට්‍රාන්සෙෆ්ට යවන ලද ලිපියක තිබිලා තමයි මේ හීන ගැන මුලින්ම හමුවන්නෙ…

    රැයක් මුළුල්ලේ රසායනික මූලද්‍රව්‍ය දාන්න වගුවක් සකස් කරන්න මානසිකව අධික ලෙස වෙහෙසී, ඉන් පසුව අඩ නින්දට පත්වන කෙනෙකුට, ( වරින් වර අවදිවන ) මේක අඩ නින්දේදී නිරවුල් වීම අරුමයක්ද?…..ගෙම්බන්ගේ ස්නායු සංවේදනය පරීක්ෂා කර, ස්නායු පද්ධතියේ රසායනික සම්ප්‍රේෂණ ගැන සොයාගත් ඔස්ට්‍රියානු ජාතික ඔටෝ ලොවී කියන විද්වතා එක්තරා සෙනසුරාදා දිනයක් පුරාවටම ඒ වෙනුවෙන් අධික ලෙස කයින් සහ මනසින් වෙහෙස වෙලා නින්දට යනවා…ඉරිදා උදෑසන 3 ට ඔහු හදිසියේම අවදි උනාම, ඔහු විසඳුම් සොයමින් සිටි ගැටලුවට විසඳුම එනවා….උදෑසන 5 වෙනකල්ම ඔහු විසඳුම් සමඟ වරින් වර අවදි වෙනවා….

    මේවා “හීනෙන් පෙනිච්ච” සීන්ම නෙමෙයි කියලා ඔබට තේරෙනවද?….මේ නින්ද, අඩ නින්ද, දිනයේ ශාන්තිමත් වෙලාවන් වලට මනස නිරවුල් වූ පසුව ලැබිච්ච විසඳුම් නෙමෙයිද?….

    දැන් ඉතින් මේක හොඳටම දිග වැඩියි….කෙකුළේ ගැන ලියන්න ගියොත් ඔබ කියවන එකක් නෑ….ඒක වෙනම ලියන්නම්…..ශ්‍රී නිවාස් රාමනුජන්ලා, මෙන්ඩලීයෙෆ්ලා කියන්නෙ එහෙම සිල්ලරට පාවිච්චි කරන්න පුලුවන් “පේන කාරයො” නෙමෙයි හොඳේ…..ඔවුන් ගැන අපි මොනවද දන්නෙ…?….ඔවුන්ගේ ජීවිත වල ගතවුන සෑම දවසක්ම කොහොම ගෙවුනාද කියලා අපි කොහොමද දන්නෙ…?…. ඒ සියල්ලගේම එකතුව තමයි, ඔවුන්ගේ විශිෂ්ඨ මානසික පුහුණුව, ශාස්ත්‍රීය සංයමය … ඔවුන් දායාද කරපු දේවල් එයින් තමයි උපන්නේ….ඒ අය මුළු ජීවිත කාළයක්ම තම ශාස්ත්‍රීය අරමුණු වලට කැපවුනු උදවිය….නැතුව මේ උන්හිටි ගමන් පහළවෙච්ච අය නෙමෙයි…….ඒ මිනිස්සුන්ගෙ නම් සිල්ලරට අවභාවිතා නොකළ යුතුයි….




    https://www.manthrana.com/2021/05/17/did-goddess-lakshmi-appear-to-srinivas-ramanujan/
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,619
    12,184
    113
    Mahanuwara
    මගේ පියා මට ටිකක් තෙරෙන කාලයේ රාමානුජන් ගැන තියන මේ පොත ගෙනත් දුන්න කියවන්න :D,එ දවල් වල මෙකේ තියන සමහර දෙවල් තෙරුනේ නැ,මේ ලිපිය ලියල තියන පුද්ගලය කියන කතාව හරි නාමගිරි දෙවිය කියන්නෙ ලක්ෂ්මි දෙවඟන ගෙම තවත් විදියක්,රාමානුජන් ගේ පවුලේ දෙවතාවිය හැටියට ඇය තමයි සැලකුවේ,කුඩා කාලයේ ඉඳන් දැඩි දෙව භක්තියක් රාමානුජන්ට තිබ්බ එ අය බ්‍රහමණත් නිසා,කෙසේ හෝ එ දෙවිය උදව් නොකලත් කලත් ඇය නොවන වෙන හෝ මලගිය කෙනෙක් රාමානුජන්ට මුල් කාලයේ උදව් කල බව මගේ නම් පෞද්ගලික හැඟිමයි,(එහෙම හිතන්නෙ රාමානුජන් එ මතය දැඩිව හිටපු නිසත් ඔහුගේ ප්‍රකාශ එහෙම මානසික ආබාධයක් කියල අහක දාන්න බැරි හෙතු තියන නිසත් බව කියන්න ඔනේ)කවුරු උදව් කලත් නැතත් ඔහු අති දක්ෂයෙක්...

    MfLpBnA.jpg
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,077
    113
    Wakanda
    ඌට එහෙනම් ඒ විදියට කරලා රාමානුජන් වගේ වෙලා පෙන්නන්න කියපන්කො
     
    • Haha
    Reactions: pga

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඕක ගැන මට තියෙරියක් තියෙනව,
    මම කියන්නෙ නව අලුත් අදහසක්, අලුත් කවියක්, ප්‍රශ්නෙකට අලුත් විසඳුමක් අපේ මනසට එන්නෙ අපිට අයිති නැති තැනකින්
    අපි අලුත් සොයා ගැනීමක් කරනව කියන්නෙ අපි අලුතෙන් දෙයක් හිතනව කියලයි සාමාන්‍යය ව්‍යවහාරයේ තියෙන්නෙ,
    නමුත් අලුතෙන් දෙයක් හිතපු ඕන මිනිහෙක් දන්නව ඒ අලුත් සිතුවිල්ල අපිට ආවේ අපේ ඊගෝ එකෙන් නෙමෙයි කියල,
    ඒක සමහර වෙලාවට කෙනෙකුට පෙනෙන්න පුලුවන් දෙවියෝ දෙනව කියල (දේව විශ්වාස තියෙන කෙනෙකුට)
    ග්‍රීසියේ කලා කාරයෝ muses ල තමාට කලාව දෙනව කියල හිතුවා,
    සොක්‍රටීස් daimonion කියල දෙයක් තමාට සමහර දේවල් කරන්න එපා කියනව කියල හිතුවා,
    බෙන්සීන් චක්‍රය හොයාගත්ත ගෙනා ඒක තමාට හීනෙන් පෙනුන කියල කියල තියෙනව..
    තව මේ වගේ උදාහරණ ඕන තරම් තියෙනව

    මේ හැම දේකම පොදු සාධකය මම දකින විඳිහට මේ අලුත් සොයාගැනීම් කියන ඒව අපේ මනසෙ සිද්ධ වෙන්නෙ අපේ ඊගෝ (rationality) එකේ පාලනය යටතේ නෙමෙයි..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    8,995
    113
    මගේ පියා මට ටිකක් තෙරෙන කාලයේ රාමානුජන් ගැන තියන මේ පොත ගෙනත් දුන්න කියවන්න :D,එ දවල් වල මෙකේ තියන සමහර දෙවල් තෙරුනේ නැ,මේ ලිපිය ලියල තියන පුද්ගලය කියන කතාව හරි නාමගිරි දෙවිය කියන්නෙ ලක්ෂ්මි දෙවඟන ගෙම තවත් විදියක්,රාමානුජන් ගේ පවුලේ දෙවතාවිය හැටියට ඇය තමයි සැලකුවේ,කුඩා කාලයේ ඉඳන් දැඩි දෙව භක්තියක් රාමානුජන්ට තිබ්බ එ අය බ්‍රහමණත් නිසා,කෙසේ හෝ එ දෙවිය උදව් නොකලත් කලත් ඇය නොවන වෙන හෝ මලගිය කෙනෙක් රාමානුජන්ට මුල් කාලයේ උදව් කල බව මගේ නම් පෞද්ගලික හැඟිමයි,(එහෙම හිතන්නෙ රාමානුජන් එ මතය දැඩිව හිටපු නිසත් ඔහුගේ ප්‍රකාශ එහෙම මානසික ආබාධයක් කියල අහක දාන්න බැරි හෙතු තියන නිසත් බව කියන්න ඔනේ)කවුරු උදව් කලත් නැතත් ඔහු අති දක්ෂයෙක්...

    MfLpBnA.jpg

    //ඇය නොවන වෙන හෝ මලගිය කෙනෙක් රාමානුජන්ට මුල් කාලයේ උදව් කල බව මගේ නම් පෞද්ගලික හැඟිමයි//

    දඩාර ස්පෙක්‍යුලේෂන් එකක්. අපි පැහැදිලිකිරීම් හැටියට මේ වගේ ඒවටම ආශක්ත වෙන එක සංස්කෘතික ප්‍රවණතාවයක් කියන එක තමයි ලිපියෙත් පොයින්ට් එක.

    //එහෙම හිතන්නෙ රාමානුජන් එ මතය දැඩිව හිටපු නිසත් ඔහුගේ ප්‍රකාශ එහෙම මානසික ආබාධයක් කියල අහක දාන්න බැරි හෙතු තියන නිසත් බව කියන්න ඔනේ//

    නෑ...රමානුජන් තමන්ගෙ ගණිතමය ප්‍රතිඵල දේව භක්තියට ලඝු කරපු එක මානසික රෝගයක් විදිහට අර්ථ දක්වල නෑ. ඒක එයාගෙ පසුබිම අනුව යන්න තියෙන ස්වභාවිකම මනස් කලාපයක් වෙන්න පුලුවන්.

    ඔය මතේ දැඩිවම එල්ලීම නිසාම තමයි එයාගෙ ඇකඩමියාවෙ අවසාන කාලය ඉතාම දුෂ්කර උනෙත්. රමානුජන් ට විතරක් නෙමේ කේම්බ්‍රිජ් සෙනෙට් එකටත් අපහසුවක්. පුලුවන් තරම් ඔප්පු කිරීම් කරන්න නැත්නම් ඔය පේපර් එකක්වත් ගනන් ගන්නෙ නැතිවෙයි කියල හාඩි අවධාරණය කරන්නෙත් ඒකයි. ඒක රමානුජන් ගෙ වැරද්දක් නෙමේ, ක්‍රම දෙකක් අතර ගැටීමක්.

    ඒත් බටහිර ඇකඩමියාවෙ ගණිතමය සහ භෞතිකය සම්බන්ධ සිද්ධාන්ත තහවුරු කරවන ප්‍රොටෝකෝල් එක වඩා සෙන්සිබල් බව කියන්න ඕනෙ.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    8,995
    113
    ඕක ගැන මට තියෙරියක් තියෙනව,
    මම කියන්නෙ නව අලුත් අදහසක්, අලුත් කවියක්, ප්‍රශ්නෙකට අලුත් විසඳුමක් අපේ මනසට එන්නෙ අපිට අයිති නැති තැනකින්
    අපි අලුත් සොයා ගැනීමක් කරනව කියන්නෙ අපි අලුතෙන් දෙයක් හිතනව කියලයි සාමාන්‍යය ව්‍යවහාරයේ තියෙන්නෙ,
    නමුත් අලුතෙන් දෙයක් හිතපු ඕන මිනිහෙක් දන්නව ඒ අලුත් සිතුවිල්ල අපිට ආවේ අපේ ඊගෝ එකෙන් නෙමෙයි කියල,
    ඒක සමහර වෙලාවට කෙනෙකුට පෙනෙන්න පුලුවන් දෙවියෝ දෙනව කියල (දේව විශ්වාස තියෙන කෙනෙකුට)
    ග්‍රීසියේ කලා කාරයෝ muses ල තමාට කලාව දෙනව කියල හිතුවා,
    සොක්‍රටීස් daimonion කියල දෙයක් තමාට සමහර දේවල් කරන්න එපා කියනව කියල හිතුවා,
    බෙන්සීන් චක්‍රය හොයාගත්ත ගෙනා ඒක තමාට හීනෙන් පෙනුන කියල කියල තියෙනව..
    තව මේ වගේ උදාහරණ ඕන තරම් තියෙනව


    මේ හැම දේකම පොදු සාධකය මම දකින විඳිහට මේ අලුත් සොයාගැනීම් කියන ඒව අපේ මනසෙ සිද්ධ වෙන්නෙ අපේ ඊගෝ (rationality) එකේ පාලනය යටතේ නෙමෙයි..

    නිසඟ බුද්ධිය කියන්නෙ auto pilot එකේ යන දෙයක් තමයි. අපි පොලිටිකල් කරෙක්ට් වීම අගයන නිසා මේක විවෘතව නොකිව්වට, sublime brilliance is born, not made. ඒක ගැන කෙරෙන පසු විපරමේ හැඩය සංස්කෘතිය අනුව වෙනස් වෙන්න පුලුවන්. තමන්ගෙ බුද්ධිමය අරගල පිටිපස්සෙ ඉන්න muse කෙනෙක් සංකල්පීයව ගොඩනගාගන්න එක හරි ලස්සනයි හැබැයි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,625
    7
    31,273
    113
    නිසඟ බුද්ධිය කියන්නෙ auto pilot එකේ යන දෙයක් තමයි. අපි පොලිටිකල් කරෙක්ට් වීම අගයන නිසා මේක විවෘතව නොකිව්වට, sublime brilliance is born, not made. ඒක ගැන පසු විපරම සංස්කෘතිය අනුව වෙනස් වෙන්න පුලුවන්.
    Yes... Our current political correctness makes us to think all are born equal. But in reality it's not so...
    Just look at this forum... I could teach them.... but no way I can impart brains to them. May be one day, when we develop the techniques of brain implants.
    By that time we are f!@#ed beyond any hope.
     
    • Like
    Reactions: Sen-lu and Candid-B

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,619
    12,184
    113
    Mahanuwara
    //ඇය නොවන වෙන හෝ මලගිය කෙනෙක් රාමානුජන්ට මුල් කාලයේ උදව් කල බව මගේ නම් පෞද්ගලික හැඟිමයි//

    දඩාර ස්පෙක්‍යුලේෂන් එකක්. අපි පැහැදිලිකිරීම් හැටියට මේ වගේ ඒවටම ආශක්ත වෙන එක සංස්කෘතික ප්‍රවණතාවයක් කියන එක තමයි ලිපියෙත් පොයින්ට් එක.

    //එහෙම හිතන්නෙ රාමානුජන් එ මතය දැඩිව හිටපු නිසත් ඔහුගේ ප්‍රකාශ එහෙම මානසික ආබාධයක් කියල අහක දාන්න බැරි හෙතු තියන නිසත් බව කියන්න ඔනේ//

    නෑ...රමානුජන් තමන්ගෙ ගණිතමය ප්‍රතිඵල දේව භක්තියට ලඝු කරපු එක මානසික රෝගයක් විදිහට අර්ථ දක්වල නෑ. ඒක එයාගෙ පසුබිම අනුව යන්න තියෙන ස්වභාවිකම මනස් කලාපයක් වෙන්න පුලුවන්.

    ඔය මතේ දැඩිවම එල්ලීම නිසාම තමයි එයාගෙ ඇකඩමියාවෙ අවසාන කාලය ඉතාම දුෂ්කර උනෙත්. රමානුජන් ට විතරක් නෙමේ කේම්බ්‍රිජ් සෙනෙට් එකටත් අපහසුවක්. පුලුවන් තරම් ඔප්පු කිරීම් කරන්න නැත්නම් ඔය පේපර් එකක්වත් ගනන් ගන්නෙ නැතිවෙයි කියල හාඩි අවධාරණය කරන්නෙත් ඒකයි. ඒක රමානුජන් ගෙ වැරද්දක් නෙමේ, ක්‍රම දෙකක් අතර ගැටීමක්.

    ඒත් බටහිර ඇකඩමියාවෙ ගණිතමය සහ භෞතිකය සම්බන්ධ සිද්ධාන්ත තහවුරු කරවන ප්‍රොටෝකෝල් එක වඩා සෙන්සිබල් බව කියන්න ඕනෙ.
    මම දන්න වෙදෙක් හිටියා එ වෙදා වෙදකම් කරන්නෙ වෙද මුත්තා කියල කෙනෙක් එයාට පෙන්නුම් කරන බෙහෙත් වලින්,සල්ලි සත පහක් වත් ගත්තෙ නැ බෙහෙත් කලෙත් බොහොම ටික කාලයයි එ මනුස්සයා,ඔහු කියන්නෙ එ පරම්පරාවේ නැති වෙලා ගිය වෙද මුත්තා ඇවිල්ල බෙහෙත් කියනවා කියලා මම ගිය ලෙඩෙටත් හරියටම ලෙඩේ කියල බෙහෙත් දුන්නා,බලාගන යනකොට එ මිනිස්සු පාරම්පාරිකව වෙද්දු වෙලත් ඉඳලා තියනවා,මම එ සිද්ධිය මේකත් එක්ක සසඳන්න යනවා නෙමෙයි නමුත් අපි හිතන දෙයම සත්‍ය නොවෙන්න පුලුවන්.......සමහර විට ඔහු
    සිතින් මවාගත්තු දෙයක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්,මම නම් හිතන්නෙ එහෙම නොවෙයි කියල (මුල් කාලයට හෝ),තව කෙනෙක් කිව දෙයකට 100/100 මෙහෙමයි කියල අර් ථ තර් ක දක්වන්න අපට හැකියාවකුත් නැ,එය ඔහුගේ පෞද්ගලික අත්දැකීම... මෙය මගේ පෞද්ගලික මතය පමණයි අන් අයගේ මත සමග මම ගැටෙන්න යන්නෙ නැ...
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    7,652
    17,688
    113

    The Man Who Knew Infinity 2015

    බලන්න ඕනෙ බන්. මූ ජීවත් උනානම් බ්ලැක් හෝල් මිස්ට්‍රි එකත් විසදලා කියල තිබුන නේද? අපරාදෙ අඩු වයසෙන් මැරුනේ. 😐
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,315
    113
    ඉන්දියානුවන්ගේ වෙනත් නිර්මාණ දිහා බැලුවහම ඕක තේරෙනවා.

    සංස්කෘත ව්‍යාකරණයට ලියැවුණු ප්‍රසිද්ධ ව්‍යාකරණ පොතක් තියෙනවා "සාරස්වතය" කියලා.
    ව්‍යාකරණ නීති සූත්‍රගත කරලා මතක තියා ගන්න ලේසි විදිහට ලියපු. ඕක ලියන්නේ අනුභූති ස්වරූපි කියන ආචාර්‍යවරයා.
    ඔහු කෘතිය ආරම්භයේදීම කියනවා ඒ සූත්‍ර ටික ඔහුට කිව්වේ සාරස්වතී දෙවගන කියලා. ඉතින් ඔහු ඒ ග්‍රන්ථය නම් කරනවා "සාරස්වතය" කියලා.
    ඒ කියන්නේ "සාරස්වතිය විසින් කියන ලද" කියන එක.

    තව පොතක් තියෙනවා "ඡන්දස් සූත්‍ර" කියලා. "පිංගලක" කියන මුනිවරයෙක් ලියපු. ඒ ග්‍රන්ථයේ තියෙන්නේ ඡන්දස් ශාස්ත්‍රය ගැන.
    ඒ පිළිබද දැනුම ලැබුනේ "මහා බ්‍රහ්මයාගෙන්" කියලා ඔහු කියන්නේ.

    කොටින්ම කිව්වොත් ඉන්දියාවේ බිහිවූ බොහෝ දේ දෙවියන් කළ දේවල් බව හැගවීමට ඉන්දියානුවෝ උත්සහ කළා.
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    නිසඟ බුද්ධිය කියන්නෙ auto pilot එකේ යන දෙයක් තමයි. අපි පොලිටිකල් කරෙක්ට් වීම අගයන නිසා මේක විවෘතව නොකිව්වට, sublime brilliance is born, not made. ඒක ගැන කෙරෙන පසු විපරමේ හැඩය සංස්කෘතිය අනුව වෙනස් වෙන්න පුලුවන්. තමන්ගෙ බුද්ධිමය අරගල පිටිපස්සෙ ඉන්න muse කෙනෙක් සංකල්පීයව ගොඩනගාගන්න එක හරි ලස්සනයි හැබැයි.
    muse සංකල්පීය වෙන්න පුලුවන් නමුත් එකෙන් කියවෙන දෙයක් තියෙනව
    they are almost saying
    "I have nothing to do with it",
    "it didn't come from me",
    "I couldn't do something like this"

    when they say this creation didn't come from them, we should take them at their words ,
    එකෙන් කියවෙන්නේ නෑ වෙන දෙවියෙක් අපිට මේව දෙනව කියල නමුත්
    අපේ අතින් අලුත් දෙයක් නිර්මාණය වෙන අවස්ථාව අපි වැරදියට තේරුම් අරන් ඉන්නව කියලයි මම හිතෙන්නෙ
    ඒ අවස්ථාවේ අපේ අපේ මනසය කියල හිතන් ඉන්න දේගේ influence එක ඉතාම අඩුයි,
    inspire කියන වචනෙම අරන් බලන්න