ශ්‍රී පාද වන්දනා 2021 ??

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    GS/ PHI / AGA permission aragena puluwan neda?
    ඒක දෙනවද ?
    මඟට ගියාම කිව්වොත් මේ පාර්මිශන් එක හරි නෑ කියලා ?? ආයේ හැරිලා එන්නද බෑ නේ බං

    ඔය ලියුං කරදහි හරි කරදර වැඩ
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ඒක දෙනවද ?
    මඟට ගියාම කිව්වොත් මේ පාර්මිශන් එක හරි නෑ කියලා ?? ආයේ හැරිලා එන්නද බෑ නේ බං

    ඔය ලියුං කරදහි හරි කරදර වැඩ
    Letters okkoma gatta ada. Heta api yanawa machang..

    owa aran giya kiyala corona hadenne ne kiyalada ban? crowed eka wedi unoth kohomada athal eka
    Ewa ganne korona hadila na kiyala prove karanna ban.
    ------ Post added on Feb 12, 2021 at 2:42 PM

    උඩ මළුවේ සැරේකට ඉන්න දෙන්නේ 200
    එක රූට් එකකින් සැරේකට යන්න දෙන්නේ පනහයි ලූ
    මාස්ක් දාං ඕක නැග්ගැකිද බං
    Permission case nisa wadiya crowd ekak nathi wei. Mask daagena nagina eka nam tikak amaaru wei..
    ------ Post added on Feb 12, 2021 at 2:43 PM

    උඩමලුවේ පොකුර

    coming soon...
    Ehema wenna epa kiyala wish karahalla ..:)
    ------ Post added on Feb 12, 2021 at 2:43 PM

    බම්ප්
    pin.
    ------ Post added on Feb 12, 2021 at 2:44 PM

    pin
    ------ Post added on Feb 12, 2021 at 2:44 PM
     
    • Like
    Reactions: hodakolla

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    යනවා නම් යන්න පුලුවන්, ග්‍රාම සේවක ගාව තියෙනවා ෆෝම් එකක් ඒ ෆෝම් එක පුරවලා, PHI ගෙන් සයින් කරගෙන , ප්‍රාලෙකම්ගෙනුත් සයින් කරගන්න ඔන. අවසරේ වලංගු දවස් 03කට විතරයි. ප්‍රදාන පාරවල් තුනෙන් විතරයි යන්න පුලුවන් ඒ යන අතර මග පොලීසිය චෙක් කරනවා ගොඩක් වෙලාවට (චෙක් කරන එක 90% ක් අනිවා වෙනවා)

    ෆොම් එක ග්‍රාමසේවකගෙන් ගන්නඑක නැතුව සොෆ්ට් කොපි සමහර ප්‍රා ලේ සහතික කරන්නෙනෑ (හරියට පදිංචි සනාත කිරිමේ එකේ පොටොකොපි සයින් කරන්නෙ නෑ වගේ )

    Attachment : ග්‍රාමසේවක ලග තියෙන ෆෝම් එක
     

    Attachments

    • Application.pdf
      909.5 KB · Views: 197

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    ශ්‍රී පාද වන්දනා වාරය - 2020/2021

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශෙෂ ගැසට් පත්‍රය - 2020.12.26​


    ඉහත සඳහන් වන්දනා සමය 2020 දෙසැම්බර් මස 29 වැනි දින සිට 2021 මැයි මස 27 දින දක්වා පවත්වන බව මහජනයාගේ දැනගැනීම සඳහා මෙයින් නිවේදනය කරමි.

    01. විශ්‍රාම ශාලා/අම්බලම්

    1.1 ලිහිණිහෙල, පළාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාම ශාලා/ අම්බලම් නවාතැන් ලෙස භාවිතා කළ යුතු ය.
    1.2 තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු ය.

    02. ගොඩනැගිලි ඉදිකිරීම

    මාගෙන් හෝ බලයලත් නිලධාරියකුගේ ලිඛිත අවසරයකින් තොරව කිසිවකු විසින් හෝ 2020 දෙසැම්බර් මස 29 දින සිට 2021 මැයි මස 27 දින දක්වා කාලය තුළ ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිල්ලක් හෝ නවාතැනක් හෝ වෙළඳසැලක් ඉදිකිරීම නොකළ යුතු ය.

    03. යාචකයෝ

    සිරිපා මළුව ප්‍රදේශයේ හෝ අම්බලම්/ විශ්‍රාමා ශාලා ප්‍රදේශයේ කිසිම තැනක දී යාචකයන් විසින් හිඟමන් ඉල්ලීම හෝ ලබාගැනීම ද කිසිවෙකු විසින් හිඟමන් දීම හෝ බෙදාදීම ද නොකළ යුතු ය.

    04. නෑම සහ සේදීම

    4.1 දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්මේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන මගින් හඳුනාගෙන නම්කර ඇති ආරක්ෂිත ස්ථානවල දී හැර දියනෑම හෝ රෙදි සේදීම නොකළ යුතු ය.

    4.2 පෞද්ගලික ආයතන මගින් දියනෑම හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැලසීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් විධිමත් පූර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතු ය.

    05. වාහන/ගමන් මාර්ගය

    5.1 ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතනය විසින් වෙන්කර ඇති ස්ථානවල හැර වෙනත් ස්ථානවල වාහන ගාල් කිරීම හෝ ඇතුළු කිරීම නොකළ යුතු ය.

    5.2 වන්දනා සඳහා වෙන්කර ඇති ප්‍රධාන මාර්ග වන්නේ රජමාවත (පලාබද්දල මාර්ගය), හැටන්- නල්ලතන්නිය මාර්ගය හා කුරුවිට එරත්න මාර්ගයයි.

    06. පරිසරය හා සනීපාරක්ෂාව


    6.1 වන්දනා මාර්ගයේ හෝ සිරිපා මළුව පරිශ්‍රයේ හෝ විශ්‍රාම ශාලා අවට හෝ පරිසරයට පොලිතින්, ප්ලාස්ටික අවිධිමත් පරිදි බැහැර කිරීම නොකළ යුතු ය.

    6.2 ශ්‍රී පාදය අඩවිය තුළ කිසිම හේතුවක් නිසා ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල සැකසීම හෝ ගිනි දැල්වීම සිදු නොකල යුතු ය.

    6.3 වන්දනා වාරය තුළ බැතිමතුන් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැලසීම හා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු පළාත් පාලන ආයතනවලට හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පවරමි.

    6.4 මාර්ගයේ අත්වැට විෂබීජහරණය කිරීමේ වගකීම පළාත් පාලන ආයතනවලට පවරමි.

    07. වෛද්‍ය පහසුකම්

    පෞද්ගලික ආයතන මගින් පැවැත්වීමට අදහස් කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර/ප්‍රථමාධාර මධ්‍යස්ථාන සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහ පළාත් පාලන ආයතනයේ පූර්ව ලිඛිත අවසරයෙන් ලබාගත යුතුය.

    08. වෙළෙදාම සහ දන්සල්

    8.1 පවතින Covid - 19 වසංගත තත්ත්වය නිසා සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශයන්හි මෙන්ම ගමන් මාර්ගයේ ද සංචාරක වෙළෙ`දාම තහනම් ය.

    8.2 මවිසින් හෝ බලයලත් නිලධාරියෙකු විසින් අවසර දුන් ස්ථානවල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි හෝ වෙනත් ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු යි.

    8.3 මත්පැන්, දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රවයක් ගමන් මාර්ගවල රැගෙනයාම හෝ වෙළෙඳසැල්වල තබා ගැනීම, විකිණීම, මිලදී ගැනීම හෝ භාවිතා කිරීම තහනම් ය.

    8.4 පිවිසුම් මාර්ගයන්හි දෙපස අවසර දී ඇති ස්ථානවල හැර කිසිදු ස්ථානයක තාවකාලික හෝ ස්ථිර වෙළෙඳසැල් තැනීම හෝ පවත්වාගෙන යාම හෝ වෙළඳාම් කිරීම නොකළ යුතු ය.

    8.5 සෑම වෙළෙඳසැලකම, සෑම ගොඩනැගිල්ලක ම කසළ බඳුන් තැබිය යුතු අතර, අපද්‍රව්‍ය සියල්ල එහි බහාලිය යුතු ය.

    8.6 විකිණීමට තබා ඇති සියලු සකස් කළ ආහාර ද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන පරිදි ආවරණ සහිතව රඳවා තැබිය යුතු ය.

    8.7 ආහාරපාන, දන්සැල් ලබාදීම සඳහා අවසර නැත, අත්‍යවශ්‍යම කෙනෙක් සිටී නම් මුඛ ආවරණ හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය දන්සැල්, ගමන් මාර්ග ආරම්භක ස්ථානවල පැවැත්විය හැකි ය.

    8.8 ඒ සඳහා මාගේ හෝ බලයලත් නියෝජිතයකුගේ පූර්ව අවසරය ලබාගත යුතු ය.

    09. කොවිඞ් -19 වසංගතය තත්ත්වය තුළ ගතයුතු ක්‍රියාමාර්ග


    9.1 නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් මුඛ ආවරණ පැළඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ යෙදීම.

    9.2 (i) වන්දනාවේ පැමිණීමට අදහස් කරන පිරිස් තම වන්දනා නඩවල තොරතුරු ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු ය.

    (ii) නිරෝධායනය නොවන බවට තහවුරුව සමඟ එම ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපත් රැගෙන ආ යුතු ය.

    (iii) එක් පිටපතක් ගමන් ආරම්භයේ පරීක්ෂා කරන ස්ථාන (නල්ලතන්නිය, වර්ණගල, පලාබද්දල මාර්ගවල දී) පරීක්ෂක නිලධාරීන්ට ලබා දිය යුතු ය.

    (iv) සති අන්ත දිනවල පැමිණීම අවම කළ යුතු ය.

    (v) වැඩිහිටි, වයස්ගත අය වන්දනාවේ කැඳවාගෙන ඒම අවම කළ යුතු ය.

    9.3 ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු ය.

    මාලනී ලොකුපෝතාගම,
    රත්නපුර දිස්ත්‍රික් ලේකම්/දිසාපති.


    2020 දෙසැම්බර් මස 22 වැනි දින,
    රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ය.
     
    • Like
    Reactions: asylum and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Letters okkoma gatta ada. Heta api yanawa machang..


    Ewa ganne korona hadila na kiyala prove karanna ban.
    ------ Post added on Feb 12, 2021 at 2:42 PM


    Permission case nisa wadiya crowd ekak nathi wei. Mask daagena nagina eka nam tikak amaaru wei..
    ------ Post added on Feb 12, 2021 at 2:43 PM


    Ehema wenna epa kiyala wish karahalla ..:)
    ------ Post added on Feb 12, 2021 at 2:43 PM


    pin.
    ------ Post added on Feb 12, 2021 at 2:44 PM


    pin
    ------ Post added on Feb 12, 2021 at 2:44 PM
    ප්‍රාර්ථනා නම් කාටද කරන්න බැරි.ප්‍රාර්ථනාවලින් වෛරස් එකක් පැතිරෙන එක නවත්වනන් පුලුවන් ,මොනවද කරන්න බැරි.හරි නම් ඔය වගේ රොත්ත ගැහිල ඉන්න තැන්වලට නොයා ඉන්න එකයි මේ දවස්වල කරන්න ඕනේ.වෛරස් කියන ඒවා කලින් කියලා ඇගට ගොඩ වෙන්නේ නෑනේ.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔය මොනා තිබ්බත් මෙච්චරයි බන් කියන්න තියෙන්නෙ

    " මේ අවුරුද්දේ ගිය නෑ කියලා සිරිපාදේ නැති වෙන්නෙ නෑ, මාස්ක් දාන් ගියා කියලා 100% ක් ශුවර් කියන්න බෑ. අනිවාර්‍යෙන් මොනා කිව්වත් අත් වැටක් හරි අල්ලනවානේ. අනික මාස්ක් එක දාගෙන නගින එක ටිකක් අමාරුයිත් එක්ක. ඊයේ දවසට 900 ගානක් ආසාදිතයෝ. උන් කොහේ කොහේ ගියාද දන්නෙ නෑ. අනිත් එක තව කී දෙනෙක් අහුවෙන්නෙ නැතුව හැදිලද දන්නෙත් නෑ.
    අත්‍යාවශය නොවේ නම් මේ අවුරුද්දට අදහස අත ඇරපන්.. උබ ගැන , ගෙදර උන් ගැන හිතලා..."

    අවධානම උබ අතේ
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    අපි පරිස්සමෙන් ගිහින් ආව. සෙනග ඇත්තෙම නැ. පොලීසියෙන් තමයි වැඩිපුරම හිටියෙ.පොඩි පොඩි කඩ 1ක් 2ක් එහෙන් මෙහෙන් ඇරල තිබුන. වන්දනා කරන පිරිසෙන් 95% ක් වගේ හැමෝම ආරක්ශිත ක්‍රියමාර්ග අනුගමනය කරන බවක් නම් පේනව. පොලීසියෙනුත් ආරක්ශිත ක්‍රියාමර ගන්නෙ නැති අයව දැනුවත් කරනව. සෙනග අඩු නිසා පරිසරයනම් විනාශ වෙලා නැ මෙ සැරේ.මම ගිය හැම වතාවකටම වඩා මේ සැරේ තමයි නිදසේ වන්දනා කරේ.
    WhatsApp Image 2021-02-15 at 10.34.20.jpeg

    WhatsApp Image 2021-02-15 at 10.44.11.jpeg

    WhatsApp Image 2021-02-15 at 10.42.53.jpeg


    WhatsApp Image 2021-02-15 at 10.43.31.jpeg


    WhatsApp Image 2021-02-15 at 10.33.35.jpeg

    WhatsApp Image 2021-02-15 at 10.33.46.jpeg

    WhatsApp Image 2021-02-15 at 10.34.33.jpeg

    WhatsApp Image 2021-02-15 at 10.34.10.jpeg


    WhatsApp Image 2021-02-15 at 10.33.27.jpeg


    ප්‍රාර්ථනා නම් කාටද කරන්න බැරි.ප්‍රාර්ථනාවලින් වෛරස් එකක් පැතිරෙන එක නවත්වනන් පුලුවන් ,මොනවද කරන්න බැරි.හරි නම් ඔය වගේ රොත්ත ගැහිල ඉන්න තැන්වලට නොයා ඉන්න එකයි මේ දවස්වල කරන්න ඕනේ.වෛරස් කියන ඒවා කලින් කියලා ඇගට ගොඩ වෙන්නේ නෑනේ.
    කතාව ඇත්ත ඒත් මේ සැරේ මිනිස්සු ගොඩක් අඩුයි මචන්. රොත්ත ගැහෙන්න බැ පොලිසියෙන් මලුවෙ වැඩි වෙලවක් ඉන්න් දෙන්නෙත් නැ. උපරිම 20ක් 30ක් වෙනකොට කට්ටිය යවනව.
    ------ Post added on Feb 15, 2021 at 11:01 AM