ශ්‍රී මුචලින්ද අමරතුංග කතා වස්තුව

waligamaya

Well-known member
  • ශ්‍රී මුචලින්ද අමරතුංග කතා වස්තුව

    VIP බුවාගේ අතීතය...
    සබරගමු කැම්පස් එකේ කොල්ලෙක් 😢😢😂
    පෙත්තා නොහොත් *ශ්‍රී මුචලින්ද අමරතුංග*

    අවුරුදු පහළොවකට දාසයකට කලින් සිඳු වීමක් ....කතාව මේ ලෝකේ තේරුමක් නැති උනාට සෑහෙන්න දිගයි...හොඳේ..!

    ඌට මම විහිලුවට කිවුවේ "ශ්‍රී මුචලින්ද අමරතුංගය"... ඌ රැග් සීසන් එකේ පටන්ම දෙසා බෑ පට්ට කෙබර ඒ සා විසාලය...!
    අපි කැම්පස් ඉන්න කාලෙ දුෂ්කර පාසල්වල සාමාන්‍ය පෙළ ළමයින්ට වාර්ෂික සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වූවා. ඉතින් අපේ බැච් එකෙන් ගණිතය සම්මන්ත්‍රණය කරන්න ස්වේච්ඡාවෙන්ම බාර ගත්තේ "පෙත්තා". මගේ නාමකරණය අනූව නම් "ශ්‍රී මුචලින්දයා"....!
    පෙත්තාගේ චරිත ලක්ෂණ, වාග් විලාසය අනූව ඌ ටියුෂන් වලටම හරියන "සක්විතියෙක්". ඌ ඒ කාලේ වෙනකොටත් හොරණ-ඉංගිරිය අවට ටියුෂන් කරමින් හිටියා.
    දවසක් රෑ, මේ පෙත්තා ආවා යූනියක් රූම් එකට අපේ යූනියන් අයියාව මුණගැහෙන්න.
    "අයියේ... මට භාර දෙන්න seminar කරන වැඩේ.. මම මොණරාගල විතරක් නෙමෙයි රත්නපුර, හොරණ, කළුතර වගේ පැති වලත් seminar කරන්නම්.."

    අපි යූනියන් එකක් විදියට ඒ කාලේ හිටියේ ලොකු project එකක...ඒ project වල හැටියට අපිට ඒ කාලේ අවශ්‍යතාවයක් තිබුණා කැට වලට සල්ලි පුරවන මිනිස්සුන්ගේ ළමයින්ට ක්ෂණික ප්‍රතිලාභ විදියට අපෙන් යමක් ලැබෙන ක්‍රමයක් හදන්නත්... ඉතින් අපේ යූනියන් අයියා මුචලින්දයාගේ ප්‍රෝපසල් එකට OK එක දීලා ඇහුවා...

    "හරි උඹට මොනවාද ඕනි..?"
    "මට යූනියන් එකෙන් ලියුමක් දෙන්න දුෂ්කර පාසල්වල seminar කරන්න විදුහල්පතිවරුන්ගෙන් අවසර ඉල්ලලා...ඉතුරු ටික ඔක්කෝම මං බලා ගන්නම්"

    මට මතක විදියට එක ලියුමකුත්, අවශ්‍ය විටකදී ප්‍රයෝජනයට ගන්න ලිපි කිහිපයකුත් දුන්නා මම එපා කියලා ඉඟි කරද්දිත්...! මොකද "මුචලින්ද" කරන වැඩෙන් "ඇණකොණ්ඩා" වෙන්නේ අපි නිසා... 😂

    කොහොමින් කොහොම හරි letters ටික ගත්ත බුවා සම්පූර්ණයෙන්ම වාෂ්පයි..! ආගිය අතක් නැති උනා...
    අපි seminar කරන්න බාර ගත්ත මොණරාගල පාසලේ seminar එක පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ තවත් දවස් දෙකකින්..! මූ අද එයි.... හෙට එයි කියලා බලා ගෙන හිටියා..! පොර නෑ...!
    අවසානයේදී මම අපේ මුචලින්දයාගේ ගෙදරට කතා කරා... තරුණ යුවතියක් අඬාගෙන උත්තර දුන්නා "අයියාට සෙංගමාලේ... මාස කීපෙකට යුනිවර්සිටි එන්න වෙන්නේ නෑ..."
    කොහොමින් කොහොම හරි මම seminar එක කරා...
    දවසක් අපේ යූනියන් අයියා බෝඩ් මීටින් එකක් ඉවර වෙලා ලහියේ දුවගෙන එන ගමන් අහනවා "උඹ දන්නවාද අර සෙංගමාලේ හැදුනා කියපු එකා දාගෙන තියෙන ගුස්පිය..? ආන්න ඌ ක්‍රිමිනල් කේස් එකක් දාගෙන කූඩුවේ... ඉස්කෝලෙක සර් කෙනෙක්ට වෙඩි තියන්න ගිහිල්ලා..!"
    ඉතිං පෙත්තා රිමාන්ඩ්..! මම දන්න විදියට ඌට කැම්පස් එකෙනුත් අවුරුදු තුනක පංති තහනමක් දීලා තිබුණා...හැබැයි මම දැනුවත්ව ඒකේ ප්‍රධාන චෝදනාව වෙලා තිබුණේ උපකුලපතිවරයාගේ අත්සන හොරට ගැසීම...!! 😂
    හැබැයි වෙඩි කේස් එක ටිකක් දිග කේස් එකක්..

    කොහොම හරි, මට මූව ආයෙත් හදිස්සියේම මුණ ගැහෙනවා අවුරුදු කීපයකට පස්සේ final year එකේ අවසන් කාලයේදී...
    මම ඇහුවා උගෙන් උඹ කොහේද බං ගිහින් හිටියේ..? මූ කියාපි...
    "මම දැන් පොලිසියේ වැඩනේ..."

    හිසේ සිට පාදාන්තය දක්වා බැලුවත් මුගේ කොණ්ඩෙන් වත් මේස්, සපත්තුවලින් වත් මට නම් දැනුනේ නෑ මූ පොලිසියට බැඳෙන්න ඇති කියලා... එතකොටම මට තේරුනා මූ මේ තාක් කාලෙකට අල්ලපු ජල්ලි සහ කරපු දේවල්වල හැටියට අවුරුදු කීපයක්ම පොලිසි, උසාවිවල ලගින්නට ඇති නිසා මුචලින්දයා මේ සා විසාල නයෙක් අරින විත්තිය....!
    කොයි එකටත් මම ඇහුවා මොන පොලිසියේද වැඩ කියලා...
    මූ කියාපි head quartes කියලා...
    මම ශ්‍රී මුචලින්දයා එක්ක වෙන වල් පල් ටිකක් කතා කර කර ඉඳලා එක පාරටම ඇහුවා "ගිය සතියේ ගින්නෙන් සෑහෙන්න විනාසයි නේද කියලා.." මූ උඩ බිම බලන්න ගත්තා....
    මම එහෙම ඇහුවේ, ඊට දවස් කීපයකට උඩදී police head quartes වල ගින්නක් ඇතිවෙලා දැඩි විනාශයක් ඇති වෙලා තිබුණා.. ඒක ඒ දවස්වල පත්තරේ headline එක..! තමන් වැඩ කරන පොලිසිය ගිනි ගත්තාත් දන්නේ නැති පොලිස්කාරයෙක් තමයි ඔය "ශ්‍රී මුචලින්දයා" හෙවත් පෙත්තා...! 😂

    ඉතින් කොහොම හරි මම ඇහුවා ඌ මොකටද හදිසියේම කැම්පස් ආවේ කියලා... ඌ කියාපි "අවුරුදු තුනක නිවාඩුවක් ඉල්ලුවා ජොබ් කරන නිසා - දැන් අවුරුදු දෙකහාමාරක් ඉවරයි... දැන් මට ආයේ ස්ටඩි පටන් ගන්න ඕනි. ඒක ගැන කථා කරන්න ආවේ... හැබැයි බෝඩ් එකෙන් කියනවා අවුරුදු තුනම නිවාඩු අරන් එන්න කියලා... උඹට මේක කතා කරන්න චාන්ස් එකක් ආවොත් කතා කරපං" කියලා...!

    මට නම් හිතුනේම මූ අවුරුදු තුනක් හිරේට නියම වෙලා ඉඳලා යහපත් කල්ක්‍රියාව නිසා අවුරුදු දෙකහමාරෙන් නිදහස් වෙලා ඇවිල්ලා කියලමයි...! මොකද අපි දන්නේ උපකුලපතිගේ අත්සන ගහලා කූඨ ලේඛණ හදපු එක විතරක් උනාට, මම කලින් කියපු වලිය දා ගත්තු වෙලාවෙදි ගිණි අවි පරිහරණය, මරණ තර්ජන එල්ල කිරීම, මිනී මැරීමට තැත් කිරීම ආදී බොහෝ චෝදනා ශ්‍රී මුචලින්දට තිබුනා කියලා ආරංචියි...!

    කොහොම හරි මුචලින්දයාට මාස ගණනක් ගියාට පස්සේ නැවැත ස්ටඩි ආරම්භ කරන්නට සරසවියෙන් ඉඩ දුන්නා...! මූ මගේ ඉස්සරහට එන හැම වෙලාවකම මට පේන්නේ මම ආසම ෆිල්ම් එකක් වන "Catch me if you can" movie එකේ ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ pilot කෙනෙක්, දොස්තර කෙනෙක් විදියට කරන රඟපෑම...! 😂

    තවත් කාලයක් ගියා...! දවසක් රෑ 1.00 ට විතර අපේ ජුන්නෙක්ගෙන් දුරකථන ඇමතුමක් එනවා..
    "මොකෝ උට්ටෝ මේ රෑ හදිස්සියක්ද...?"
    "අයියේ...අර බොලාගේ බැච් එකේ හිටපු පෙත්තා මන්ත්‍රීකෙනෙක් ද..?"

    මම ඇහුවා ඒ මොකද කියලා...

    "අද අපි කැම්පස් එකේ අන්තිම දවස... රෑ පාටි එකට පෙත්තා ඇවිල්ලා බැස්සේ බොඩි ගාඩ්ලා සෙට් එකක් එක්ක.. ඌ ගාවට කිට්ටු වෙන්නත් බොඩි ගාඩ්ලාගෙන් අවසර ගන්න වෙච්ච සීන් එකක් තිබුණේ..."

    ඕන්න ඔහොමයි කැම්පස් කාලෙත් "ශ්‍රී මුචලින්දයා" සල්ලි වලට ගත්ත බොඩි ගාඩ් සෙට් බස්සලා "VIP නාඩගම" නැටුවේ..!😂

    කොහොමින් කොහොම හරි තවත් ටිකකාලයක් ගත උනා....මම දවසක් හයිලෙවල් පාරේ කලුඅග්ගල හරියේ වගේ එනකොට පාරේ අයිනේ ගෙදරක ගහලා තියෙනවා ලොකු කටවුට් එකක්...! කටවුට් එකේ බැබැළි බැබළි ඉන්නවා දැකලා පුරුදු මූණක්... හප්පට සිරි...! "ශ්‍රී මුචලින්දයා" කටවුට් එකේ..! යටින් ගහලා තියෙනවා "ශ්‍රී නුවන් පදනම" 😂
    ඒක උගේ ශාඛාවක්...!

    ඉතිං මම තව ටිකක් හෙවුවා අපේ "ශ්‍රී මුචලින්දයාගේ" වැඩ පිළිවෙල...මොකද ඔයාකාර පදනම් පිහිටුවා ගත්තු හැම එකාම "සුද්දෝ- ධනලා".... වෙන විදියකට කියනවා නම් අපේ ධනය සුද්ද කරන එවුන් බහුතරයක් ඔය පදනම් දා ගෙන එන්නේ... උදා:- දුමින්ද සිල්වා පදනම... කාල්ටන් පදනම...

    තවත් දවසක මම අහම්බෙන් දකිනවා ඉරිදා පත්තරේ මේන්න මෙහෙම Advertisement එකක්..
    "රුපියල් 5 ට පරිගණකයක් - දිනකට රුපියල් 5 බැගින් ගෙවා ඔබත් පරිගණකයක් ලබාගන්න..! ශ්‍රී නුවන් පදනමේ ප්‍රජා සේවයක්"
    😂

    (ඔය වචනම නොවුනත් ඔය අදහස ඇතිව තිබුණු දෙයක් තමයි ඒකේ තිබුණේ)

    ඊට පස්සේ මම පොඩ්ඩක් ඉඳලා හිටලා හොයලා බැලුවා ශ්‍රී මුචලින්දයාගේ වැඩ පිළිවෙල...ඒ කාලෙදී මුචලින්දයා ඔෆිස් එකේ සහ ෆේස්බුක් පිටුවල කීර්තිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ඇමතිවරු සමඟ ඉන්න ෆොටෝ දාලා තිබුණා...
    මට තේරුණා සක්විති රණසිංහ මහින්ද රාජපක්ෂගේ ෆොටෝ එක ඔෆිස් එකේ ගහගෙන කීර්තිමත් මාධ්‍යවේදියෙක් වන එඩ්වින් ආරියදාස හරහා තමන්ගේ මගෝඩි වැඩ මාර්කට් කරගත්ත ආකාරයටම අපේ මුචලින්දයාත් ගේමක් ගහන විත්තිය... 😁

    තවත් ටික කාලයක් ගත උනා.. එක්තරා ප්‍රසිද්ධ වාමාංශික පුවත්පතක තනි පිටුවක ඇඩ්වටීස්මන්ට් එකක් යනවා... ඒකේ තිබුණු විස්තරේ මෙහෙමයි...!

    අපේ ශ්‍රී මුචලින්දයා සබරගමු සරසවියේ ඉගෙනුම ලබමින් සිටින විට දැක්වූ විශේෂ දක්ෂතා නිසා ජර්මනියේ සරසවියකින් ශිෂ්‍යත්වයක් ලැබුණාය... ජර්මනියේ අවුරුදු තුනක් ඉගෙන ගෙන ශ්‍රී මුචලින්දයා තමන්ගේ පරිගණක ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරාය කියලා...
    යකෝ...! අපිටත් නොකියා මූ කැම්පස් එකෙන් අවුරුදු තුනක් අතුරුදහන් වෙලා ගිහින් තියෙන්නේ ජර්මනියට ඉංජිනේරු උපාධියක් ගන්න...! ඕන්න ඔහොමයි මුචලින්දයාගේ මාර්කටින් වැඩ...
    කොහොම හරි ඒ පත්තරේ අපේ මුචලින්දයා ගැන, එයා දවසට රුපියල් පහක් අය කරලා දෙන පරිගණකය ගැන , සමාජ සේවා ගැන හෙන වර්ණනාවක් තිබුණා...!

    කොහොමින් කොහොම හරි තවත් ටික කාලයක් ගියා.... අහම්බෙන් වගේ මට බැලුම්ගල වැඩසටහනක් අහන්න ලැබුණා....ඒ වැඩසටහනට හේතුපාදක වෙලා තිබුණෙත් දවසට රුපියල් පහේ කම්පියුටර් කතාව..!
    මෙන්න බොලේ හොරණ, ඉංගිරිය , පාදුක්ක පැත්තේ ගෑණු මූට හොඳටෝම බැණ බැණ මුගේ රුපියල් පහේ කම්පියුටරේ ගැන පට්ට වර්ණනාවක් දෙනවා...මම දන්නේ නෑ මූ ඒ කේස් ටිකෙන් මොන දහංගැටයක් ගහලා බේරුනාද කියලා....

    ඔය සිද්දිවලින් පස්සේ ආයෙත් මූ මතුවෙන්නේ දෙරණේ කරපු ගණිත වැඩසටහනක් එක්ක...

    මම කලිනුත් කිවුවේ , මූචලින්දයා දැක්කම මට මතක් වෙන්නේ catch me if you can movie එක කියලා. මූ එපමණට අණ්ඩපාල...!

    මූට දෙරණෙන් මේ වෙලාවේ ගහන්නේ දේශපාලන කාරණයක් නිසා... මම අහගෙන මුචලින්දයා ගැන නිවුස් එක ඊයෙත් දෙරණේ ප්‍රධාන නිවුස් එකක්...
    මේ නිවුස් එක මෙපමණ උස්සන්නේ මොකද කියන එක ගැන උත්තරේ දන්නේ දෙරණද පොහොට්ටුවද කියන එක තමයි මට නම් තියෙන ප්‍රශ්නය...!

    අනිත් අයට තියෙන ප්‍රශ්න වැල මූ පේරේද..?
    ඕකා ඇත්තටම පොලිසියේ වැඩ කරාද...?
    සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ද..?
    රුපියල් පහට කොම්පියුටර් දුන්නාද...?
    ජර්මනියේ හිටියේ කොයි කාලෙද...?
    මූ පේරේ ලෙචෙක් ද...?
    මූ LLB ද... නීති විශාරදයෙක්ද...
    මූ අයින්ස්ටයින් වගේ පොරක් ද..
    මුගේ රොබොටික්ස් කම්පැණිය මොකක්ද ?

    කියන ප්‍රශ්න වැලටම මට දිය හැකි එකම සාධාරණ පිළිතුර "ශ්‍රී මුචලින්ද අමරතුංග" යන්න පමණි...😂

    ඒවගේම.. මූ ජනාධිපති වෙනවාට එක පයින්ම කැමති ජනතාව අතර මූට "කුප්පි" දැමූ විශාල පිරිසක් සිටින අතර උන් සේරම "සිරි මුචලින්දයාගෙන්" බලාපොරොත්තු වෙන්නේ ඌ කවදාවත් අත නොහරින "වනිතා කටයුතු" ඇමතිකමයි.... 😂


    https://www.facebook.com/gchinthaka3/posts/10220121263282740
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    බංකොලොත් දේශපාලනය .අනෝජ් සිල්වා, අමරතුංග,නාගාන්නද වගේ චන්ද හාරසිය්යක් පන්සියක්වත් ගන්න බැරි හාල් අපේක්ෂකයන්ටත් හෝ ගාලා මඩ ගහනවා.මුන්ට කව්ද බන් වෝට් කරන්නේ.උන්ට ප්‍රෙසිඩෙන්ෂල් එකක් දිනන්න පුලුවන්ද චන්ද ලක්ෂ 70ක් අරගෙන. ෆේස්බුක් එකේ තඩි පෝස්ට් දැම්මා කියලා චන්ද වැටෙන්නේ නෑ.අඩුම ගානේ සනත් ජයසූරිය වගේ ලංකාවම දන්න එකෙක් තනියෙන් චන්දය ඉල්ලුවත් චන්ද දාහක් ගනී.පොන්සේකා ඉල්ලුවොත් චන්ද විසිදාහක් ගනී
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    OZ4aj5f.jpg
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    issara okagana balumgaleth giya neda. mu ara ammakenekta kunu harpen banina record ekakuth tibuna neda. ape uttalat itin hoyanne balanne natuwa ohe duwanawa eka eka passe.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    අනුජය ද මොකක්ද ද සිල්ව කියල ශිංහල බෞද්ධ සොන්නයෙකුත් ඉන්නේ ඔය දැන් උත් මේ වගේ නයි අරින එකෙක් තමා :baffled:
     

    waligamaya

    Well-known member
  • අනුජය ද මොකක්ද ද සිල්ව කියල ශිංහල බෞද්ධ සොන්නයෙකුත් ඉන්නේ ඔය දැන් උත් මේ වගේ නයි අරින එකෙක් තමා :baffled:

    ඌ අරින්නේ බ්‍රක්මණ නයි. මෝඩ සිංහලු ඕන හොරෙක්ට රැවටෙනවා TV එකේ FB එකේ Youtube එකේ අදින නයි බෙල්ල වටේම තමයි ඔතා ගන්නේ.
     
    Last edited: