මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇත.
feb 26 දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පැවති අතර මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට එහිදී තීරණය කර ඇත.
විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම යන මහත්වරු මේ සඳහා සහභාගී වී ඇත.
මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුව ඉදිකෙරෙන මහනුවර තදාසන්න දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය වේ.
ඒ අනුව මෙම දුම්රිය මාර්ගය රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට පහසුකම් සැලසේ.
එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොළ දක්වා දීර්ඝවන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වාත් දීර්ඝ කරන ලෙසත්, එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රදේශයද ආවරණය වන පරිදි ඉදිකිරීම් කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දුන්නේය.
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ හා ඒ අවට ප්‍රදේශය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිඟාව ඉක්මවන තෙක් කටුගස්තොට දෙසට කිලෝමීටර් එක හමාරක් දුරට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම තදාසන්න දුම්රිය මාර්ගය ඉදි කිරීමට යෝජිතය.
සමස්ත ව්‍යාපෘතියම කොන්ක්‍රීට් කුළුණු මත ඉදිකිරීමට නියමිත අතර දැනට තිබෙන දුම්රිය මාර්ගයට ඉහලින් මෙම දුම්රිය මාර්ගය ඉදි කෙරේ.
ස්පාඤ්ඤයට අයත් සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් සිදු කරන අතර එම නියෝජිත පිරිසක් ද අද දින පැවැති සාකච්ඡාවට සහභාගි වී ඇත.
ඒ අනුව මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලට අදාල මුලික කටයුතු එදින සිට ආරම්භ වන බව එහි ව්‍යාපෘතිය භාර නිලධාරින් දැනුම් දී ඇත.
-Ceylon Government Railway Magazine-