ශ්‍රී ලංකාවේ මාධ්‍යය මෙතරම් ප්‍රමුඛතාවය&
පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පිළිබඳ සිද්ධියට ශ්‍රී ලංකාවේ මාධ්‍යය මෙතරම් ප්‍රමුඛතාවයක් ලබා දෙන්නේ ඇයි දැයි මෙරට ඇමරිකානු තානාපතිවරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහීදි ඇමරිකානු තානාපතිවරිය විසින් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ මෙම සිදුවීම ලංකාවේ මාධ්‍යයන් තුළින් අනවශ්‍ය ලෙස උලුප්පා දක්වමින් සිටින බවයි.
කෙසේ වෙතත් මෙයට පිළිතුරු ලබාදී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ කිසිදු පදනමක් හො සත්‍යතාවක් නොමැති මෙම පැහැර ගැනීමේ සිදුවීම පිළිබඳ පළමුවෙන්ම වාර්තා කළේ නිව්යෝර්ක්ස් ටයිම්ස් ඇතුළු විදෙස් මාධ්‍ය බවයි.
පසුව මෙරට ආණ්ඩු හා විපක්ශ මැති ඇමතිවරුන් මෙම නිළාදාරිනිය ගැන සිදු කළ ප්‍රකාශ මෙන්ම, සිදුවූවායි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන පොලිස් විමර්ශණ නිසා ඒ පිළිබඳව මෙරට තුළ කතාබහට ලක්වී ඇති බවත් ජනාධිපතිවරයා ඇමරිකානු තානාපතිවරියට දැනුම් දී ඇත.
මේ අතර ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (16) පස්වරුවේ දැනුම් දී තිබේ
ඒ පැහැර ගැනීමට ලක්වූ බව කියන කාන්තාව අසත්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාව මත එලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අදාළ නියෝගය ලබාදුන් බව රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කරයි