ශ්‍රී ලංකාවේ මැතිවරණය පැවැත්වෙන්නේ ඡන්ද
මම මේ පොස්ට් එකෙන් කියන්න හදන්නේ ලංකාවේ මැතිවරණය තියන්නේ කොහොමද? ඡන්ද ගණන් කරන්නේ කොහොමද? කියලා ඉතාම මුලික දේවල් ටිකක්.
සාමාන්‍යයයෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරපු දවසේ ඉදන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඒ සම්බන්ධ වැඩ පටන් ගන්නවා.ඒ ඒ දිස්ත්‍රික්ක වල පිහිටුවා තියෙන මැතිවරණ කාර්යාල හරහා තමයි මෙම කාර්යයන් සම්බන්ධීකරණය කරන්නේ.ගොඩක් කාර්යයන් ඒ අතරේ සිදු උනත් මම මුලික කාර්යයන් ගැන විතරක් කියන්නම්.
මුලින්ම අපි තැපැල් ඡන්දය ගැන බලමු
රාජකාරිමය හේතු නිසා ඡන්දය දිනයේ ඡන්දය පාවිච්චි කරන්න බැරි නැත්නම් මැතිවරණ රාජකාරි වල නියුතු විමට බලාපොරොත්තු වන රජයේ සේවකයින් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබනවා.මෙලෙස සුදුසුකම් ලබන රජයේ සේවකයින් නිවැරදිව සම්පුර්ණ කල අයදුම් පත්‍රය තම ආයතන ප්‍රධානියා හරහා තමා අයත් මැතිවරණ දිස්ත්‍රීක්කයේ මැතිවරණ කාර්යාලය වෙත තැපැල් මගින් යොමු කල යුතු වෙනවා. දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය විසින් එම අයදුම් පත පිලිගත හැකි නම් ඒ බවද නොහැකි නම් ඒ බවද ඔහු සේවය කරන ආයතනය වෙත දන්වා යවනවා.දි.මැ.කා. විසින් පිලිගත් අයදුම් පත්‍ර සදහා ඡන්ද පත්‍රිකා අඩංගු ලියුම් කවරය අදාල සේවකයා සේවය කරන ආයතනය වෙත තැපැල් කරනවා.ඒ සමගම එම පුද්ගලයාගේ සාමාන්‍ය ඡන්ද පොලට යවන ලේඛණයේ ඔහුට තැපැල් ඡන්ද හිමිකම ඇති බවට සටහනක් යොදනවා.එතකොට ඔහුට එම ඡන්ද පොලෙන් සාමාන්‍ය ඡන්ද දිනයේ ඡන්ද දැමීමේ හැකියාව නැති වෙනවා.
තැපැල් ඡන්දය දින දෙකකදී තම ආයතනය තුලදිම පාවිච්චි කිරිමට ඉඩ සලසා දෙන අතර එසේ පාවිච්චි නොකල අයවළුන් සඳහා ඔහු සේවය කරන දිස්ත්‍රීක්කයේ දි.මැ.කා. දී ඊට දින කිහිපයකට පසු එක් දිනක් ඡන්දය පාවිච්චි කිරිමට ඉඩ දෙනවා.(මේ පාර නම් විවිධ හේතු නිසා දින කිහිපයක් ලබා දුන්නා) ආයතනයක් තුල ඡන්ද දැමිමේ කටයුතු අධීක්ෂණය සඳහා ආයතන ප්‍රධානියා හෝ ඔහු නම් කරන පුද්ගලයෙක් සහතික කිරිමේ නිළධාරියා ලෙස දි.මැ.කොමසාරිස් විසින් පත් කරනවා.
තැපැල් ඡන්ද දිනයේදී අදාල ඡන්ද දායකයා ඉදිරිපිට ඔහුගේ නම හා ජා.හැ. අංකය කියවා එය නිවැරදි නම් පමණක් පුද්ගලයෙක් සහතික කිරිමේ නිළධාරියා විසින් ඡන්ද පත්‍රිකා අඩංගු ලියුම් කවරය විවෘත කරනවා.එම තොරතුරු වැරදි නම් ඒවා ආපසු හරවා එවිය යුතුයි.එම ලියුම් කවරය තුල ඡන්ද පත්‍රිකාව, ඡන්ද අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව,රහස්‍ය බවේ ප්‍රකාශය සහ සලකුණු කල ඡන්ද පත්‍රිකාව දැමිය යුතු “B” කවරය අඩංගු වෙනවා.
ඉන් පසු අදාල ඡන්ද පත්‍රිකාව ඡන්ද දායකයා වෙත ලබා දුන් පසු ඔහු ඡන්දය ලකුණු කොට එය සහතික කිරිමේ නිළධාරියා වෙත රුගෙන එනවා. සහතික කිරිමේ නිළධාරියා විසින් ඡන්ද දායකයා ඉදිරියේද ඡන්ද පත්‍රිකාව “B” කවරය තුල බහා එම කවරය අලවනවා.මෙම ලියුම් කවරය ඉතා විශේෂ එකක්.පොලීතීන් වැනි ඝනකම් ස්භාවයක් ගන්නා මෙම කවරය සුදු පැහැයක් ගන්නා අතර කවරය ඇලවුපසු නැවත තිබුණු පරිදිම ගැලවිය නොහැකි අතර ගලවනවා නම් ගැලවිය යුත්තේ කවරය ඉරා දැමීමෙන්ම පමණයි.මේ නිසා එහි ආරක්ෂිත බව තහවුරු වෙනවා. හැම ඡන්ද පත්රිකාවකම පිටුපස අංකයක් සදහන් වෙනවා. එම අංකය මෙම “B” කවරයේ පිට පැත්තේ සටහන් වී තිබිය යුතුයි. ඒ වගේම රහස්‍යතා ප්‍රකාශයේද එම අංකය නිවැරදිව සටහන් කොට ඡන්ද දායකයා සහ සහතික කිරිමේ නිළධාරිය අත්සන් කල යුතුයි.දැන් මේ රහස්‍යතා ප්‍රකාශය ඡන්ද පත්‍රිකාව දමා ඇලවු “B” කවරයේ පිටින් තබා Paper Clip එකකින් අමුණා “A” කවරයයේ බහා දිනය අවසානයේදි තැපැල් කාර්යාලයට භාර දෙනු ලබන අතර විශේෂ තැපැල් ප්‍රවාහනයක් මඟින් ඒවා අදාල දි.මැ.කා. වෙත ප්‍රවාහනය කරනු ලබන අතර ඡන්දය ගණන් කරන දින වන තුරු දි.මැ.කා.යේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කරනු ලබනවා.ඡන්දය නොදැමු ඡන්ද කවර ආපසු සුරක්ෂිතව දි.මැ.කා. වෙත භාර දිය යුතුයි.
ඊට පස්සේ සාමාන්‍ය ඡන්දය වෙන්නේ කොහොමද බලමු
ඡන්ද දිනයට කලින් දවසේ ඉදන් සිදු වෙන්නේ මොනවද බලමු.එදින උදේ 8 වගේ ඉදන් ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් ලිපි ලේඛණ හා නිළධාරින් ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත් කිරිමේ කටයුතු සිදු වෙනවා.ඡන්ද 1000කට එක ඡන්ද පෙට්ටියක් බැගින් නිකුත් කරනවා.(උදා-ලියාපදිංචි ඡන්ද 1200 තියන මධ්යස්ථානයනට පෙට්ටි 2 යි )හැම ඡන්ද පෙට්ටියකටම ලියාපදිංචි අංකයක් තියෙනවා.මේ අංකය සෑම ලේඛණයකම සටහන් කරන නිසා ඡන්ද පෙට්ටියක් මාරු කරන්න කොහොමත්ම බෑ.ඡන්ද මධ්‍යස්ථානයක පහත තනතුරු දරන නිළධාරින් තමයි ඉන්නේ
SPO - මෙයා තමයි ඡන්ද මධ්‍යස්ථාන ස්ථානාධිපති
ESPO - මෙයා තමයි අතිරේක ඡන්ද මධ්‍යස්ථා ස්ථානාධිපති
JPO - මෙයාලා තමයි ඡන්ද මධ්‍යස්ථා ස්ථානාධිපතිට සහය දෙන්නේ
Clark - ඡන්ද පත්‍රිකා දෙන්න, ඇඟිලි පාට කරන්නේ මෙයාලා
OES - ඡන්ද පෙට්ටි අරන් යන්න වගේ වැඩ වලට ඉන්නේ මෙයාලා
මීට අමතරව ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් අධීක්ෂණයට Zone ARO ( Assistant Retaining Officer/ කලාප සහකාර තේරිම්භාර නිළධාරි) පත් කර සිටින අතර ඊටත් විශාල ප්‍රදේශයක් අධීක්ෂණයට Mega Zonal ARO පත් කර සිටිනවා.ඔවුන් විටින් විට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් එහි තත්වය දි.මැ.කා. වෙත වාර්ථා කල යුතු වෙනවා.ඡන්දය දිනයේ දවල්ට ප්රවෘත්ති මඟින් වැටි ඇති ඡන්ද ප්‍රතිශතය කියන්නේ ඔවුන් ලබා දෙන එම තොරතුරු අනුවයි.
ඡන්ද මධ්‍යස්ථානයක් පිලියෙල කිරිම සහ පැමිනෙන නිළධාරින්ට අවශ්‍ය පහසුකම් සැලසිමේ වගකිම එම ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරි වරයාට පැවරෙනවා. ඡන්ද මධ්‍යස්ථානයක සේවයේ නියුතු විය යුතු සියළුම නිළධාරින් ඡන්දයට පෙර දින ප.ව.2.00ට ඡන්ද මධ්‍යස්ථානයට වාර්ථා කල යුතු වෙනවා.එම අවස්ථාවේ හෙට දිනයේ කල යුතු රාජකාරිවල පෙර පුහුණුවිමක්ද සිදුකිරිම අනිවාර්යයි. ඡන්ද මධ්‍යස්ථානයේ පිරිමි නිළධාරින් කිප දෙනෙකු රාත්‍රියේ සිටිය යුතු අතර පොලිස් නිළධාරින් ආරක්ෂාව ලබා දෙනවා.
ඡන්දය දිනයේ උදේ 6.30ට පමණ පැමිණ සිටින ඡන්ද පොල නිරීක්ෂකයින් ඉදිරිපිට ඡන්ද පෙට්ටිය මුද්‍ර තබනු ලබනවා.අඟුල වැසු පසු ඡන්ද පෙට්ටියේ යතුර ඊට අදාල ලියුම් කවරයේ බහා මුද්‍රා තබනවා.ඉන් පසු උදැසන 7.00ට ඡන්දය දැමීමේ කටයුතු පටන් ගන්නවා.
යම් හේතුවක් මත ඡන්දය ලබා දිමය ඉඩ දිය නොහැකි පුද්ගලයෙකු දිගින් දිගටම ඡන්දය පාවිච්චි කිරිමට ඉල්ලා සිටිනවා නම් එවන් අයට ලබා දිමට නිල් පැහැති ඡන්ද පත්‍රිකා විශේෂයක් පවතිනවා.නමුත් මෙම ඡන්ද පත්‍රිකා වලංගු වන්නේ නෑ.ඡන්ද ගණන් කිරිමේ කාර්යයේදී මුලින්ම මෙම නිල් පැහැති ඡන්ද පත්‍රිකා ඉවත් කර දමනවා.
මින් පසු සාමාන්‍ය ලෙස ඔබ දන්නා පරිදි ඡන්දය දැමීමේ කටයුතු සිදු වෙනවා.හරියටම පස්වරු 4.00ට ඡන්ද පොල නිරීක්ෂකයින් ඉදිරිපිට ඡන්ද පෙට්ටි මුද්‍ර තැබිය යුතුයි.එම මුද්‍රා මත සියළුම ඡන්ද පොල නිරීක්ෂකයින් හා SPO අත්සන් කල යුතුයි.හොදින් මුද්‍රා තැබු ඡන්ද පෙට්ටි ජලය නොයන විශේෂිත පොලිතින් කවර වල බහා නැවත මුද්‍ර තබා පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරනු ලබනවා.
SPO විසින් පිලියෙල කරනු ලබන ඡන්ද පත්‍රිකා ගිණුම ( Ballot Paper Account) මෙහිදි විශේෂයෙන් සඳහන් කල යුතුයි. ඡන්ද මධ්‍යස්ථානය සඳහා නිකුත් කල ඡන්ද පත්‍රිකා ගණන, ඉතිරි ඡන්ද පත්‍රිකා ගණන සහ ඡන්ද පෙට්ටිය තුල ඇති ඡන්ද පත්‍රිකා ගණන මෙහි සඳහන් වෙන අතර මෙහි පිටපතක් බැගින් සැම ඡන්ද පොල නිරීක්ෂකයෙකුටම ලබා දිය යුතු වෙනවා.මෙම ඡන්ද පත්‍රිකා ගිණුමද ඊට අදාල ලියුම් කවරයේ බහා මුද්‍ර කොට ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත භාර දිය යුතු වෙනවා.මම මෙහිදි සඳහන් කලේ ඉතා මුලිකම කරුණු කිහිපයක් පමණයි.තව විශාල රාජකාරි ප්‍රමාණයක් ඡන්ද පොලකදි සුදු වෙනවා.
ඡන්ද ගණන් කිරිමේ කටයුතු
සාමාන්‍යයෙන් ඡන්ද ගණන් කිරිම රෑ 6.00ට වගේ පටන් ගන්නවා.ඒත් තැපැල් ඡන්ද ගණන් කිරිම ප.ව.4.00 ට පමන ආරම්භ කරනවා. ගණන් කිරිමේ මධ්‍යස්ථානයක කාමර 20ක 25ක විතර මේ ගණන් කිරිමේ කටයුතු සිදු වෙනවා.දිස්ත්‍රික්කයේ තිබෙන ඡන්ද ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. කොහොමත් එක කාමරයකට ඡන්ද 12000 ක් විතර වැටෙන්න තමයි කාමර වෙන් කරන්නේ. කාමර වල තියන්නේ දිග එකම මේසයයි.ඒ මේසේ වටේම පුටු 40ක් විතර දාලා තියනවා. ඒ මේසේ හොදට සුදු පාට කොල වලින් බිම දක්වාම ආවරණය කරලා තියෙන්නේ එක ඡන්ද පත්‍රිකාවක්වත් බිමට මේසය යටට නොවැටෙන විදිහට.සියළුම ජනේල් ආවරණය කරලා තියෙන්නේ.කාමරේ විදුලි පංකා දාන්න දෙන්නේ ඡන්ද පත්‍රිකා හුළගේ යන නිසා.AC තියන කාමරයක් නම් හොදයි. නැත්නම් රස්නෙට එපා වෙනවා රෑ වෙනකොට.ඡන්ද ගණන් කරන කාමරයේ පහත නිළධාරින් තමයි ඉන්නේ
CCO - Chief Counting Officer - මෙයා තමයි ඒ කාමරයේ ප්‍රධානියා
DCCO - Deputy Chief Counting Officer - මෙයා තමයි ඒ කාමරයේ දෙවනියා
ARO - Assistant Retaining Officer – Counting- මෙයාලා තමයි ගණන් කිරිමේ කටයුතු සුපරීක්ෂණය කරන්නේ
Clerk/SPO/JPO -මෙයාලා තමයි ගණන් කිරිමේ කටයුතු කරන්නේ
OES -ඡන්ද පෙට්ටි අරිනව වගේ වැඩ කරන්නේ මෙයාලා
මේ අයට අමතරව එක් එක් දේශපාලන පක්ෂ වලින් අවසර ලැබුණු පුද්ගලයින්ට කාමරය තුලට එන්න පුළුවන්.ඔවුන්ට ඡන්ද ගණන් කරන මේසයට දෙපසින් තරමක් දුරින් ඉන්න ඉඩ දෙනවා.ඔවුන්ට ඡන්ද ගණන් කරන මේසය අල්ලන්නවත් ඡන්ද පත්‍රිකා අල්ලන්නවත් ඉඩ දෙන්නේ නැ.ඒ මොකද එක ඡන්ද පත්‍රිකාවක් හරි නැති උනොත් ඒක ලොකු ප්‍රශ්ණයක් වෙන නිසා.
1.ඡන්ද ගණන් කරන්න පටන් ගන්න කියලා අවසරය ලැබුණු ගමන් පලවෙනි ඡන්ද පෙට්ටිය අරන් මේසය උඩින් තියනවා.ඒ කරලා ඡන්ද පෙට්ටියේ යට තියන අංකය හැමෝටම ඇහෙන්න කියනවා.ඡන්ද මධ්යස්ථාවයේදි ලියා ගත්ත අංකයයි මේ අංකයයි එකක් බව ඡන්ද පොල නිරික්ෂකයින් එකඟ වෙලා විරුද්ධත්වයක් නැතිනම් ඡන්ද පෙට්ටිව අරින්න පුළුවන්.ඒ සඳහා මුලින්ම බ්ලේඩ් තලයකින් පොලිතීන් කවරය කපනවා.මේ වෙනකොට CCO සතුව මුද්‍රා තැබු කවරයේ තිබෙන යතුර අරගෙන හැමොම ඉදිරියේ පෙට්ටිය ඇරලා ඡන්ද පත්‍රිකා මේසය උඩට හලනවා.ඉන්පසු පෙට්ටිය උස්සලා හැමොටම පෙන්නන්න ඕන ඡන්ද පෙට්ටි ඇතුලේ එක් ඡන්ද පත්‍රිකාවක්වත් ඉතුරු වෙලා නෑ කියලා.සාමාන්‍යෙයන් කාඩ්බෝඩ් වලින් හදපු බම්බුවලින් ඡන්ද ගණන් කිරිමේ මේසය කොටස් 3කට වගේ බෙදලා එකපාර ඡන්ද පෙට්ට 3ක් විතර වෙනවෙනම ගන්නවා ඡන්ද ගණන් කිරිමේ කටයුතු ඉක්මන් කර ගන්න.
ඡන්ද ගණන් කිරිමේ නිළධාරින් ඡන්ද පත්‍රිකා 50 ගොඩවල් වලට සකස් කරලා රබර් පටි වලින් බදිනවා.ඉන් පස්සේ ඔවුන් ඡන්ද පෙට්ටියේ තිබුණු ඡන්දවල එකතුව කියනවා.මම අර මුලින් කිව Ballot Paper Account එක දැන් තියෙන්නේ CCO අතේ.එයා ඒක කාටවත්ම පෙන්නන්නේ නෑ.ඉතින් Ballot Paper Account එකේ තියන ඡන්ද පෙට්ටියේ තිබිය යුතු ඡන්ද ගණනයි අර නිළධාරින් කියන ගණනයි එකක් නම් කිසි ප්‍රශ්ණයක් නෑ.එහෙම සමාන උනේ නැත්නම් Recount කල යුතුයි.කොහොමත් පලවෙනි පාර මේ ගාණ හරි ගියත් වැරදිම් වෙන්න පුළුවන් නිසා තව පාරක් ගණන් කරන්න කියලා CCO කියනවමයි.ඒ පාරත් හරියටම ගාන ආවනම් ඒ ඡන්ද පත්‍රිකා අරගෙන ඒ ලග තියන ලොකු කාඩ්බෝඩ් පෙට්ටියකට දානවා.ඔයාලට මතක ඇති මේ Ballot Paper Account එකේ පිටපතක් ඡන්ද පොල නිරීක්ෂකයින්ටත් දුන්න කියලා.ඉතින් එයාලත් දන්නවා ඡන්ද පෙට්ටියේ ඡන්ද කියක් තියනවද කියලා.ඒ නිසා එයාලට සෑහිමට පත් වෙන්න පුළුවන් ඡන්ද පොලේදි මුද්‍රා තැබුවට පස්සේ ඡන්ද පෙට්ටියට වෙන කිසිම හොර ඡන්දයක් දාල නෑ කියලා.ඉතින් මේ ගණන් කිරිමේ නිළධාරින් කියන ගානයි Ballot Paper Account එකේ ගානයි සමාන උනේ නැත්නම් නැවත නැවත ගණන් කරනවා.ඒත් හරියන්නේ නැත්නම් වෙන කණ්ඩායමක් දාලා ගණන් කරනවා.ඒත් එන්නේ වෙනස් ගණනක් නම් CCO පෞද්ගලිකවම ගණන් කරලා එත් එන්නේ වෙනස් ගන්නක්ම නම් හැමෝටම ප්‍රකාශ කරලා ඒ ගාණ ඡන්ද පෙට්ටියේ තිබෙන ඡන්ද ගාන බව ප්‍රකාශ කරනවා.මේ වෙනස බොහෝ විට ඡන්ද 1 වගේ තමයි.එහෙම නැතුව ඡන්ද ලොකු ගාණක වෙනසක් නම් ඇති වෙන්න කොහොමත්ම ඉඩක් නැ.මේ දෙයට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන Ballot Paper Account එක හදපු SPO.මේ විදිහට ඡන්ද මධ්‍යස්ථානයේ තිබෙන සියළුම ඡන්ද පෙට්ටි ගණන් කරලා Tally කරලා අර ලොකු පෙට්ටියට දානවා.එතකොට ඒ ලොකු පෙට්ටියේ තියෙන සියළුම ඡන්ද සංඛ්‍යාව CCO අතේ තියතන සියළුම Ballot Paper Account වල තියෙන ඡන්ද සංඛ්‍යාවට සමාන විය යුතුමයි.ඉතින් මේ අතරේ CCO විසින් මේ සියලු දේ තුලිත කරමින් ඒ සඳහා වන ආකෘති පත්‍ර සම්පුර්ණ කොට පවත්වාගෙන යා යුතුයි.
දැන් ඒ කාමරේ තියන සියළුම ඡන්ද පෙට්ටිවල තිබුණු ඡන්ද ගණන් කරලා ඉවරයිනේ.දැන් මේ ඡන්ද ප්‍රමානය නියමිත ආකෘති පත්‍රයකින් ප්‍රතිඵල කාමරය වෙත දන්වා යවනවා.දැන් ඊලග පියවර තමයි ඒ ඡන්ද ඒ ඒ පක්ෂ අනුව බෙදා වෙන් කර ගන්න එක.ඒකට ඒ ඒ පක්ෂවල සලකුණ අලවපු කාඩ්බෝඩ් පෙට්ටි පාවිච්චි කරනවා.ප්‍රධාන දේශපාලන පක්ෂ සඳහා ටිකක් විශාල පෙට්ටි තුනක් විතර මේසෙන් තියනවා.අනෙකුත් පක්ෂ සඳහා සාමාන්‍ය පෙට්ටි දෙකක් විතරකුත් සියළුම ස්වාධීන පක්ෂ සඳහා එක් පෙට්ටියකුත් වගේ වෙන්න තියා ගන්නවා.ස්වාධීන පෙට්ටියේ ඡන්ද පස්සේ ඒ ඒ පක්ෂයට වෙන් කර ගන්නවා.ප්‍රතික්ශේපිත ඡන්ද සඳහාත් වෙනම පෙට්ටියක් තියා ගන්නවා.
ඊට පස්සේ අර ලොකු පෙට්ටියේ තියන ඡන්ද මිටි අරගෙන හැමෝටම දෙනවා ඒ ඒ පෙට්ටිවලට වෙන් කරන්න.මේ වේලාවට හොදට බලන් ඉන්න ඕනි.නැත්නම් නිදි මරගාතේ පක්ෂ මාරු කරලා දානවා අපේ කට්ටිය.අර මන් කලින් කියපු පක්ෂ නියෝජිතයොත් හොදට බලන් ඉන්නේ මේ වෙලාවේ.එක්ක හරි වැරදි පෙට්ටියකට දානවා දැක්කෝත් මරා ගන්න හදනවා.ඒ වගේම ප්‍රතික්ශේප වෙන් ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් අවසන් තිරණය ගන්නේ CCO තමයි.ඒ දිහාත් මේ නියෝජිතයෝ හොදට ඇහැ ගහගෙන ඉන්නේ.ඉතින් මේ විදිහට ඡන්ද පත්‍රිකා ඒ ඒ පෙට්ටිවලට වෙන් කර ගත්තට පස්සේ ඒවා 50 මිටි වලට සකස් කරනවා ඒඒ පක්ෂ අනුව.දැන් ඒ පක්ෂවල ඡන්ද එකතුවයි ප්‍රතික්ශේපිත ඡන්ද එකතුවයි දෙක අර මුලින් තිබුන ලොකු පෙට්ටියේ ඡන්ද එකතුවට එහෙම නැත්නම් Ballot Paper Account වල තියෙන ඡන්ද එකතුවට සමාන නම් හැමෝගෙම වේලාව හොඳයි.එහෙම නොවුනොත් මේ ගාණ සමාන වෙනකම් අනිවාර්යයෙන්ම ආය ආය ගණන් කරන්න ඕනි. අර ලොකු පෙට්ටියේ තිබුණු ඡන්ද ටිකනේ මේ වෙන වෙන පෙට්ටි වලට බෙදුවේ.ඉතින් මේ ගාන සමාන වෙන්නම ඔනි.
සාමාන්‍යයෙන් මේ වැඩ ටික ඉවර වෙනකොට රෑ 12, 1 විතර වෙනවා.මේ ප්‍රතිඵලයත් වහාම ප්‍රතිඵල කාමරය වෙත දන්වා යවනවා. ජනාධිපතිවරණෙකදි නම් දැන් ඇත්තටම ගණන් කිරිමේ වැඩ ඉවරයි දෙවැනි මනාපේ ගණන් කරන්න සිදු නෙවුනොත් ඇර.ඒත් එහෙම ගණන් කරන්න වෙන්නේ නැ ලේසියකින් මොකෝ ලංකාවේ බලවත් තෙවෙනි අපේක්ෂකයෙක් සාමාන්‍යෙයන් එන්නනේ නැති නිසා.එතකොට එක අපේක්ෂකයෙක් 50% වඩා ගන්න නිසා දෙවෙනි මනාපයක් ගණන් කරන්න වෙන්නේ නැ.
දැන් ඊලගට තියන වැඩේ තමයි මනාප ගණන් කරන්න පටන් ගන්න එක.ඊට කලින් හැමෝටම විනාඩි 30 ක විතර විවේකයක් දෙනවා.
තව දෙයක් රෑ මෙහෙම ඡන්ද ගණන් කරනකොට කෑමෙන් බීමෙන් නම් අඩුවක් නෑ.මාළු පාන්,සැන්ව්ච්,තේ, කෝපි,බීම,ඇපල්,බිස්කට්,චීස්,පෙපරමින්ට්,රට ඉදි, කජු, වගේ ගොඩක් දේවල් හම්බවෙනවා.මෙහෙම නැතුව රුයක් පුරා ඇහෙරගෙන ඡන්ද කොළ ගණිනවා කියන එකත් ලේසි වෙන්නේ නෑ.
තැපැල් ඡන්ද ගණන් කිරිම
දි.මැ.කා. වෙත ලැබිල තියන ඡන්ද පත්‍රිකා අඩංගු “A” කවර ඡන්දය තියන දවසේ හවස 3.30 ට විතර පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානට අරගෙන යනවා.ඒවත් ලොකු ලී පෙට්ටි වල තමයි දාලා තියෙන්නේ.තැපැල් ඡන්ද ගණන් කිරිමේ කාමරත් 7 ක් 10 ක් විතර තියෙනවා.නියමිත කාමර වෙත පෙට්ටි ලැබුනම ඡන්ද ගණන් කරන්න පටන් ගන්නවා.
මෙතනදිත් මුලින්ම පෙට්ටියේ තියන ඡන්ද කවර ගණන් දි.මැ.කා. වෙතින් ලැබුණු ඡන්ද ගණත් එක්ක සසදනවා.එම ගණන් දෙක සමාන නම් “A” කවර විවෘත කරන්න පුළුවන්.මේ “A” කවර තුල රහස්‍යතා ප්‍රකාශ හා ඡන්ද පත්‍රිකාව අඩංගු “B” කවරය තිබිය යුතුයි.එත් විවිධ හේතු මත පහත විදියේ අවස්ථාත් උදා වෙනවා
1. රහස්‍යතා ප්‍රකාශ හා ඡන්ද පත්‍රිකාව අඩංගු “B” කවරය තිබිම
මෙහිදි රහස්‍යතා ප්‍රකාශය නිවැරදිව අත්සන් කොට තිබිය යුතු අතර රහස්‍යතා ප්‍රකාශය සඳහන් ඡන්ද පත්‍රිකාවේ අංකය සහ “B” කවරයේ සඳහන් ඡන්ද පත්‍රිකාවේ අංකය එකම නම් එම “B” කවරය ගණන් කිරිමට සුදුසුකම් ලැබු ගොඩට දමනවා. රහස්‍යතා ප්‍රකාශයත් වෙනම පෙට්ටියකට දමනවා. රහස්‍යතා ප්‍රකාශය අසම්පුර්ණයි නම් හරි ඡන්ද පත්‍රිකාවේ අංකය වෙනස් නම් එම ඡන්දය ගණන් කිරිමට සුදුසුකම් නොලැබු ගොඩට දානවා.
2. රහස්‍යතා ප්‍රකාශය පමණක් අඩංගු විම
මෙය කෙලින්ම ඡන්දය ගණන් කිරිමට සුදුසුකම් නොලැබු ගොඩට දානවා.
3. “B” කවරය පමණක් අඩංගු විම
මෙහිදි මෙම කවරය CCO පෞද්ගලිකව විවෘත කරනවා.එය තුල ඡන්ද පත්‍රිකාව විතරක් තිබුනොත් ඡන්දය ගණන් කිරිමට සුදුසුකම් නොලැබු ගොඩට දානවා. රහස්‍යතා ප්‍රකාශ හා ඡන්ද පත්‍රිකාව දෙකම තිබුනොතු අංක 1 කිව කරුණු අනුව ගත යුතු තිරණය ගන්නවා.
4. ඡන්ද පත්‍රිකාව පමණක් අඩංගු විම
මෙය කෙලින්ම ඡන්දය ගණන් කිරිමට සුදුසුකම් නොලැබු ගොඩට දානවා
5. “A” කවර තුල මුකුත්ම නොමැති විම
දැන් කරන දේ නම් කියන්න ඕන නැනේ.මේක කෙලින්ම ඡන්දය ගණන් කිරිමට සුදුසුකම් නොලැබු ගොඩට දානවා
දැන් ඡන්දය ගණන් කිරිමට සුදුසුකම් ලැබු “B” කවරය එකින් එක විවෘත කරලා ඡන්ද පත්‍රිකා වෙනම පෙට්ටියකට දානවා.එම ඡන්ද ගණන ඡන්දය ගණන් කිරිමට සුදුසුකම් ලැබු ඡන්ද කවර ගණනට සමාන නම් එතනින් පස්සේ සාමාන්‍ය ඡන්ද ගණන් කරන කාමරයක වගේ ඡන්ද පක්ෂ වලට බෙදිමේ කටයුතු පටන් ගන්නවා.
දැන් බලමු මනාප ඡන්ද ගණින්නේ කොහොමද කියලා
ඔයාලා දන්නවනේ ඡන්දයකදි අපිට කැමති විදිහට මනාප එකක් දෙකක් තුනක් දෙන්න පුළුවන්.එහෙම නැතිනම් මනාප නොදීම ඉන්න පුළුවන්.ඉතින් අපි මුලින්ම මනාප දීල තියන විදිහට මේ ඡන්ද වෙන් කර ගන්න ඕනි.මුලින්ම වැඩිම ඡන්ද අරගෙන තියන පක්ෂේ ඡන්ද පත්‍රිකා අර ගෙන පහත විදිහට වෙන් කර ගන්නවා
1. මනාප 1 ක් සලකුණු කල ඡන්ද පත්‍රිකා
2. මනාප 2 ක් සලකුණු කල ඡන්ද පත්‍රිකා
3. මනාප 3 ක් සලකුණු කල ඡන්ද පත්‍රිකා
4. මනාප 3ට වඩා සලකුණු කල ඡන්ද පත්‍රිකා
5. මනාප සලකුණු නොකල ඡන්ද පත්‍රිකා
මේ විදිහට මුලින්ම වැඩිපුරම ඡන්ද ගත්ත පක්ෂේ ගන්නේ වැඩ වැඩි ටික ඉක්මනට ඉවර කර ගන්න ඕනි නිසායි.ඒකට වෙනත් හේතුවක් බල පාන්නේ නෑ.ඉන් පස්සේ ඒවා 50 මිටි විදිහට හදා ගන්නවා.ඒ විදිහට ඒ වර්ග පහේ එකතුව ඒ පක්ෂය ලබා ගත්ත මුළු ඡන්ද ගණනට සමාන උනා නම් මනාප ගණින්න පටන් ගන්නවා.
දැන් මනාප ගාණ දිහා පොඩ්ඩක් බලමු.මනාප තුනම ගහපු 50 ඡන්ද මිටියක මනාප 150ක් තියනවා.එතකොට මනාප 2ක් ගහපු මිටියක තියෙන්නේ මනාප 100යි.මනාප එකක් ගහපු මිටියක තියෙන්නේ මනාප 50යි.මේ වෙනස නිසාම තමයි මේ විදිහට ගහල තියෙන මනප ගණන අනුව ඡන්ද පත්‍රිකා ටික වෙන් කර ගන්නේත්.මේ සදහා භාවිතා කරනවා Tally Sheet කියලා පත්‍රිකාවක්.
එකේ එක අපේක්ෂයට කොටු 50 ගානේ වෙන් කරල තියෙනවා.ඒ එක ඡන්ද මිටියක ඡන්ද පත්‍රිකා 50ක් තියන නිසා.මුලින්ම පලවෙනි ඡන්ද පත්‍රිකාව අරන් එකේ මනාප දිල තියන තුන් දෙනාගේ අංක ඉස්සරහින් තියන කොටුවක් කපනවා. ඊට පස්සේ දෙවනි ඡන්ද පත්‍රිකාව අරන් එකේ මනාප දිල තියන තුන් දෙනාගේ අංක ඉස්සරහින් තියන කොටුවක් කපනවා.මේ වැඩේ තනියම තමයි කරන්න ඕන.දෙන්නෙක් එකතු වෙලා එක්කෙනෙක් ඡන්ද පත්‍රිකා බලල මනාප තියන විදිහයි වෙන එකකෙනෙක් ඒ විදිහට කොටු කපන්නයි දෙන්නේ නෑ.එහෙම කරන්නේ වෙන වැරදි අවම කර ගන්නයි. මේ විදිහට ඡන්ද පත්‍රිකා 50ම මනාප කැපුවට පස්සේ එක එක අපේක්ෂකයා ගත්ත මනාප වල එකතුව 150ක් වෙන්න ඕන.එහෙම ආවේ නැතුනම් ආයේ මුල ඉදන් පටන් ගන්නවා.හරියට 150 ආපු මිටි ආය පාරක් වෙන එක්කෙනෙක් check කරනවා.
මේ කිවේ මනාප 3ක් තියන ඒවා ගැන. මේ වගේම මනාප 2 ඒවයි මනාප 1 ඒවයි ගණන් කරල ඉවර කරනවා.
ඊට පස්සේ මේ Tally Sheet එකින් එකේ එකතුව වෙනම ආකෘතියක් මගින් එකතු කරලා එක තැනකට ගන්නවා.මේ මනාප සංඛ්‍යාව පහත EEEE සමාන නම් ඔක්කොම හරි
(එක් පක්ෂයක ඡන්ද පත්‍රිකා)
මනාප 3ක් ඇති ඡන්ද පත්‍රිකා ගණන AAA X 3 BBBB
මනාප 2ක් ඇති ඡන්ද පත්‍රිකා ගණන AAA X 2 CCCC
මනාප 1ක් ඇති ඡන්ද පත්‍රිකා ගණන AAA X 1 DDDD
තිබිය යුතු මුළු මනාප ගණන EEEEE
මේ විදිහට හැම පක්ෂයේම ගණන් කරලා අදාල ලේඛණ ප්‍රතිඵල කාමරයට භාර දිය යුතුයි.එහිදි සියළුම ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන ලේඛණ එකතු කරලා අවසන් ප්‍රතිඵල ලේඛණය සකස් කරනවා.තව මෙම වාර්තා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන වලින් ලැබුනු ගමන් නිවැරදිතාව පරික්ෂා කරලා තේරීම්භාර නිළධාරියා අත්සන් කරලා රාජගිරියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත Fax කල යුතු වෙනවා.
ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන වල තියෙන ගණන් කල ඡන්ද පත්‍රිකා ඡන්ද පෙට්ට සහ අදාල අනෙකුත් සියළු ලියකියවිලි දි.මැ.කා. ගබඩාව වෙත එදිනම රුගෙන යනවා.
මේ තමයි ඉතාම මුලික කරුණු කාරණා ටික. තව නම් ගොඩාක් දේවල් තියනවා.මම මෙවා කොහෙන්වත් ගත්ත එකක් නෙවෙයි.මමමයි Type කලේග.ඉතින් වැරදි ගොඩක් ඇති. එවත් පෙන්නල දෙන්න යාළුවනේ.