ශ්‍රී ලංකා ක්‍රිකට්
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ සුද්දයක් ඕනෑ
කණ්ඩායම හැරයන පුහුණුකරු බේලිස් කියයි
දේශපාලන බලපෑමෙන් මිදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට ක්‍රීඩාව සඳහා පමණක් අවධානය යොමුකළ හැකි පරිදි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් හා ස්ථාවර පරිපාලනයක් අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්වන ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරු ට්‍රෙවර් බේලිස් අවධාරණය කරයි.
ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කළ හෙතෙම මේ බව සඳහන් කළබව ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබේ.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ කළමනාකරණ කටයුතු තවදුරටත් දියුණු කළ යුතුයැයි ට්‍රෙවර් බේලිස් ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 2005 වසරේ සිට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තෝරා ගැනීමත් එම කමිටුව ඉවත් කිරීමේ බලය ඔහුටම තිබීමත් හමුවේ ක්‍රීඩකයින් වරින් වර විවිධ බාධාවන් මැද කටයුතු කරන බව පවසා තිබෙන හෙතෙම සඳහන් කර තිබෙන්නේ ආසියානු කළාපයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය මෙය බවයි.
කුමාර් සංගක්කාර නායකත්වයෙන්ද මහේල ජයවර්ධන උප නායකත්වයෙන්ද ඉවත්වීම අවාසනාවන්ත දෙයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාමට සිටින හොඳම දෙදෙනා ඔවුන් බවත් බේලිස් පවසා තිබේ.
“මම හිතන්නෙ ඒක ලැජ්ජාවක්“
යනුවෙන් පවසා තිබෙන හෙතෙම සඳහන් කර තිබෙන්නේ සමහරවිට ඔවුන් මුහුණ දෙන පීඩාවන්ට තිත තැබීමට ඔවුන් අදහස් කරන්නට ඇති බවයි.
මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාට පැවරෙන සමහර කාර්යන් ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නොමැති ඒවා බවත් සංගා හා මහේල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටුකර තිබෙන බවත් හෙතෙම සඳහන් කර තිබේ.
ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුදුස්සා ඇන්ජෙලෝ මැතිව්ස් බව බේලිස් පවසා තිබෙන නමුත් ඔහු නායකයා කිරීමට පෙර තවත් ජාත්‍යන්තර තරග අත්දැකීම් අවශ්‍ය බව පවසා ඇත.