ශ්‍රී ලංකා ක්‍රිකට්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,177
    8,181
    113
    M-Town
    ශ්‍රී ලංකා ක්‍රිකට්

    2014ට කලින්..
    ඒ කියන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් රාජධානිය
    බිඳ වැටෙන්න කලින්..

    අපේ උන් මැච් දින්නෙ මහ ලොකු
    මැජික් පෙන්නලා නෙමෙයි, ඒ
    • බෝලෙන් බෝලෙටම ගහපු ප්ලෑන් වලින්.. 🏋
    • "කොන්ද කැඩියන් බෝලෙ අල්ලනවා"
    කියලා දාපු මාරාන්තික dive වලින්.. 🤸
    • විකට් එක පස්සෙ ඉඳන් බෝලයක් ගානෙ
    සුද්ද සිංහලෙන්ම දීපු ගැම්මෙන්.. 📢
    • "උඹ විකට් එක බේරගනින් මං අවුට් වෙන්නම්"
    කියලා හිතාමතා පූජා කරපු රන් අවුට් වලින්.. 🏃
    • කොටින්ම සිංහයො 11ක ගැම්ම
    ග්‍රවුන්ඩ් එකක් මැදට ගෙනාපු හයියෙන්.. 🦁

    මුළු ලෝකෙටම ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා
    Brand එකක් හැදුනෙ ඔන්න ඔය සෙල්ලං වලින්.. 💪
    අපි අදටත් ක්‍රිකට් වලට පිස්සු වැටිලා ඉන්නෙ
    උන් එදා පෙන්නපු එකමුතුකමේ හයියෙන්.. 🙏

    2014න් පස්සෙ..
    • අඩු කාලෙන් හැදුන බොයිලර් කුකුල්ලු ටිකක්
    ඔය ක්‍රමේ කණපිට ගැහුවා.. 😣
    • අනිත් එකාගෙ මූණ බලන්නැතුව
    මං පොර ජාතකේ වදාරන්න ගත්තා.. 😏
    • ග්‍රවුන්ඩ් එකේ ගහපු ගේම වෙනුවට
    ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ
    හොඳ හොඳ ගේම් ප්ලේ කරන්න ගත්තා.. 😒

    මැච් එකපිට පැරදුනා..
    අපේ ක්‍රිකට් වලපල්ලට ගියා.. 😭

    අද ලාහෝර් පැත්තෙ පොඩි කොල්ලො ටිකක්
    අපේ ඔය පරණ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරනවා දැක්කා..
    ප්‍රතිඵලත් එදා වගේම කිරි ගහට ඇන්නා වගේ උනා..
    ලස්සන අතීතෙ ආයෙත් මතක් උනා.. 😍
    ඉතින් මේ වචන ටික නිකන්ම ලියවුනා.. 😔❤️
     
    • Like
    Reactions: cgrcanz

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,809
    2,960
    113
    කොහොමින් කොහොමහරි ලෝකෙ අංක එකේ විස්සයි විස්ස ටීම එක ලෝකෙ අංක අටට ඉන්න ටීම් එකක අලුත්ම පොඩි කොල්ලටිකකට පැරදුනා එකමුතුකමට දක්ෂතාවය එකතුවීම තමයි හේතුව
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    කොහොමින් කොහොමහරි ලෝකෙ අංක එකේ විස්සයි විස්ස ටීම එක ලෝකෙ අංක අටට ඉන්න ටීම් එකක අලුත්ම පොඩි කොල්ලටිකකට පැරදුනා එකමුතුකමට දක්ෂතාවය එකතුවීම තමයි හේතුව

    :yes::yes::yes: