ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ මතගැටුමක්
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ මතගැටුමක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයට පෙර තිලාන් සමරවීර කණ්ඩායමට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අතර මතගැටුමක් තිබී ඇති බව වාර්තාවේ.
තරඟයට පෙර දින රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී මෙම මතගැටුම උණුසුම් වචන හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බවටද වාර්තාවන අතර කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම නායක ටී.එම්. ඩිල්ෂාන් හට පවසා ඇත්තේ තමන් එම තරඟයේදී ක්‍රීඩාකරනු ලබන්නේ තමන්ට රිසි පරිදි යනුවෙනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ෂාන් මාධ්‍ය වෙත පවසා තිබුණේ දෙවන තරඟයේ සිට කණ්ඩායම ශක්තිමත්ව නැගී ක්‍රීඩා කිරීමට සූදානම් බවයි.

Code:
lankacnews
Last edited by a moderator:

,දේශපාලන යයි ක්රිදකෝයි ඔක්කොම දැන් කනවා ක්‍රිකට් නම් දැන් එපා ම වේල තියෙන්නේ