ශ්‍රී ලංකා පොලීසිය "ඩිජිටල්" වෙයි
Source : http://lankacnews.com/sinhala/news/41268/
දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථාන අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කොට ඇත.මීට අමතරව මේ වසර සඳහා පොලිස් මූලස්ථානය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති වැඩසටහන් අතර සිවිල් ජනතාව පොලිසියට ඉදිරිපත් කරන සාමාන්‍ය පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කටයුතුª පැය 48ක දී විසඳා අවසන් කිරීමට මූලිකව ක්‍රියා කෙරෙනු ඇත. මේ වනවිට දඩ මුදල් තැපැල් කාර්යාලයට ගෙවීමේ ක්‍රමවේදය වෙනුවට එස්. එම්. එස්. මඟින් දඩ මුදල් ගෙවීමේ පහසු ක්‍රමයක් ද ක්‍රියාවට නැංවේ.පොලිසිය විසින් පුද්ගලයින්ගේ තීන්ත ආලේපයක් ඇසුරින් ඇඟිලි සලකුණු ලබාගැනීමේ ක්‍රමය වෙනුවට විද්‍යුත් තාක්ෂණය අනුව එම කටයුතු කෙරේ.
Source : http://lankacnews.com/sinhala/news/41268/
