Sri Lanka's first satellite

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රාවණා 1: "ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව" කක්ෂගත කිරීමට සූදානම්



_105319350_6fbf771c-d0a8-4ce1-a315-f934d67be98a.jpg



"ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට" චන්ද්‍රිකාවක් නිර්මාණය කර එය කක්ෂගත කිරීමට ශ්‍රී ලාංකික දියණියක සහ පුතණුවෙක් සූදානමින් සිටිති.


ඒ, දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන දෙදෙනාය. ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා බීබීසී සිංහල සේවය, ජපානයේ සිටින ඔවුන් දෙදෙනා සම්බන්ධ කර ගැනීමට සමත් විය.


රාවණා තාක්ෂණය



ශ්‍රී ලංකා අභ්‍යවකාශ ඉන්ජිනේරු ඉතිහාසය අලුතින් ලියන සුවිශේෂී චන්ද්‍රිකාව නම් කර ඇත්තේ, 'රාවණා 1' යනුවෙනි. ඊට රාවණා යන නම තබා ඇත්තේ, කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය."රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ," අභ්‍යවකාශ ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.


රාවණා 1



රාවණා 1 (RAAVANA-1) යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.


_105321758_e9e82440-50b0-47d6-8b2d-affcba503499.jpg





රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත.

  1. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
  2. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත 'ලෝරා මොඩියුල්' (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
  3. චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
  4. කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳව අත්හදා බැලීම.
  5. පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම
චන්ද්‍රිකාව නිර්මාණය කරනුයේ, ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ (Kyushu Institute of Technology) සිටය.



_105323864_raavana1-2.jpg





_105323866_raavana1.jpg





_105321756_dulani_tharindu.jpg





ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාව පෙබරවාරි මාසයේදී ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දීමට නියමිතය.


"එතනින් අපේ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවනවා. කියුබ් චන්ද්‍රිකා විශාල නොවන නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආහාර සහ තවත් උපකරණ යැවීමේදී අපගේ චන්ද්‍රිකාවත් එහෙට යැවීමට සූදානම් කරලා තියෙනවා. චන්ද්‍රිකාව කක්ෂගත කරන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි." මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතියේ අභ්‍යවකාශ ඉන්ජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතය. එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.





_105321752_6418d15f-45af-4069-b64c-1988833f16a0.jpg



තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක්විය. මේ වන විට ඇය රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වන අතරතුර පශ්චාත් උපාධියක් හදාරමින් සිටින්නීය.
"මගේ අනාගත ඉලක්කය තමයි, අභ්‍යවකාශ ඉන්ජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබා ගන්න එක. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණය නගා සිටුවන්න මම කටයුතු කරනවා." දුලානි පැවසීය.


_105321754_bafca442-6119-407c-af61-0973a7f9b057.jpg





පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කළ තරිඳු දයාරත්න මේ වන විට ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටී.
"මගේ එක ම අරමුණ තමයි ශ්‍රී ලංකාවේ ඉඳගෙන ශ්‍රී ලංකාවේ ම චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම. ඒකට අවශ්‍ය දැනුම අපට තියෙනවා. පහසුකම් නම් නැහැ," තරිඳු පැවසීය.




BBC Sinhala
 
  • Like
Reactions: dark92b

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එතකොට චිචි යවපු එක පලවෙනි එක නෙමෙයිද?:oo:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    පට්ට බං





    ලංකාවේ පළමු රොකට් එක නං ඊයේ අභ්‍යවකාෂගත කළා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මේ මොන පොන්සයෙක්ද මේ මොන හුස්තියෙක්ද. තොපි අනුන්ගෙ අතේ යවලා පෙට්ටි සැට් යවනකොට චිචි මහත්තයා ඇරියෙ තනියම උඩ යන එකක්. මේවා කුමණ්ත්‍රන යකෝ. මෙච්චර කල් ඉඳලා මුන්ට දැන් තමයි සැට් යවන්න ඕන උනේ. චිචී සෑර්ගෙ මඟුලෙ ගැම්ම නැතිකරන්න දාපු නිවිස් එකක්





    ඕකුන්ට බනින්න එපා බන්. අනුකම්පා කරමු. මුනුත් ආස ඇතිනෙ ඉන්ජිනේර් කෙනෙක් වෙන්න. චිචී මහත්තයා පුරෝගාමියා උනේ නැත්නම් තොපිට ඇක්සයිස් පොතෙන් ඉරන කොලේ රොකට් තමයි

     
    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ටිටි කෙලි බඩ වෙලාද? මහින්ද සීයා කෙනෙක් වෙලාද? දැන්වත් අප්පච්චි මැරෙයිද? ශිරන්ති ආච්චි සිරිලිය ගිණුමක් අරිද පුංචි එකාට? දැවෙන ප්‍රශ්න.....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    ටිටි කෙලි බඩ වෙලාද? මහින්ද සීයා කෙනෙක් වෙලාද? දැන්වත් අප්පච්චි මැරෙයිද? ශිරන්ති ආච්චි සිරිලිය ගිණුමක් අරිද පුංචි එකාට? දැවෙන ප්‍රශ්න.....


    Huttiye mahinda appachchi & shiranthi aunty
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Eka chichi ge rocket ekak nemei bn, eka SupremeSAT kiyana Sri Lankan private company ekin karapu project ekak. mokada une kiyala danaganna puluwan SupremeSAT site eken. danne nathi dewal kiyanne nathuwa idapan machan

    http://www.supremesat.com/




    අනේ අපි නොදන්නා සුප්‍රීම් සැට් . ලොල් . මේ වගේ ව්‍යාජ සමාගම් නිර්මාණය කරලා සමාජය අන්දපු යුගය දැන් අවසන්. හැබැයි උබලව වගේ ගම්වල ඉන්න නුගත් බයියෝ මේවට රැවටෙනවා ඇති තවම.




    50713235_285003908850629_8528467219082903552_n.jpg
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනේ අපි නොදන්නා සුප්‍රීම් සැට් . ලොල් . මේ වගේ ව්‍යාජ සමාගම් නිර්මාණය කරලා සමාජය අන්දපු යුගය දැන් අවසන්. හැබැයි උබලව වගේ ගම්වල ඉන්න නුගත් බයියෝ මේවට රැවටෙනවා ඇති තවම.
    Eka Private Company ekak project ekak, sampuranayenma private company ekakin invest karala karapu deyak, government eke salli walin neme. Balapan site ekatawath gihin aduma tharame. Satellite ekaka watinakamak danne koheda Lotus tower ekatath banina meeharak.
    Wyaja samagamak mokada bn ubalage maha ponila, anurala okata wiruddawa adikaraneta noyanne, aduma ehema deshapalanen karapu hora samagamak nam kohomada bn andu peralith ohoma hodata thiyenne. Gon katha kiyanna epa bn. APi nodanna supreme sat kiwwata, uba danna labbak naa. puluwannam evidence ekka dapan oka government eken invest karala karapu project ekak kiyala.
     
    Last edited:
    • Like
    Reactions: menaka60