හොඳම දේ: සජිත් කියනවනම් GoDaddy ත් එපා, විශ්වාස නැති Local Reseller ලත් එපා. කෙහලින්ම Cloudflare, Namecheap හෝ Porkbun වැනි මධ්‍යස්ථ, සාධාරණ ජාත්‍යන්තර සමාගමක් භාවිතා කිරීම තමයි නුවණට හුරුම දේ.
මේව වල කිසිම අවුලක් නෑ. මම කියන්නෙ කෙලින්ම GoDaddy ඔන්ලි. කොච්චර නෑ කිව්වත් GoDaddy එකේ ඔයා ඩොමේන් එකක් සතියක් විතර Search කරන්න. සතියකින් විතර GoDaddy එකෙන්ම Domain එක අරන් විකුණන්න දානව බර ගානකට.
නමුත් වෙන්නේ මේකයි . ගොඩක් පුද්ගලයින් කරන්නේ විවිද registrar වෙත ගොස් එකම ඩොමේන් නාමය අඩු මුදලට ගන්න පුළුවන් ද කියල හොයන එක. එහෙම හොයන කොට Bots ලගේ අවධානයට යොමු වෙනවා. බොට්ස් (Bots) මෙම දත්ත විශ්ලේෂණය කරමින් සිටින අතර, එකම නම විවිධ තැන්වලින් කිහිප වරක් Search වන බව දුටු විගස, ඔවුන් එය "Hot Domain" (ඉහළ ඉල්ලුමක් ඇති නමක්) ලෙස හඳුනා ගනී. ගොඩක් අය කරන්නේ ඩොමේන් එකක් තිබේදැයි බැලීමට whois.net හෝ වෙනත් තෙවන පාර්ශවීය සරල වෙබ් අඩවි භාවිතා කිරීමයි. මෙම වෙබ් අඩවි බොහොමයක් පවත්වාගෙන යන්නේ ඩොමේන් වෙන්දේසි කරන අය හෝ දත්ත රැස් කරන අය විසිනි. ඔබ එහි නමක් ගැසූ විගස, එය ඔවුන්ගේ "Watch List" එකට වැටේ. එය හොඳ නමක් නම් ඔවුන් වහාම එය ලියාපදිංචි කරගනී.
මම කියල තියෙන්නෙ Godaddy එකෙන් විතරක් දිනපතා Search කරන එක ගැන. ඔයාම බලන්න. හොඳ අකුරු 5 ක විතර හොඳ එකක් සතියක් Search කරන්න. අනිවා උන් ගන්නව...
"ඩොමේන් Expire වුනාම ඉක්මනින් Auction දානවා."
මෙය 100% ඇත්ත මචන්. ඒවගේම මෙය ICANN ප්‍රතිපත්තීන්ට 100 % අනුකුලයි. GoDaddy යනු ලාභ ලැබීම අරමුණු කරගත් දැවැන්ත ව්‍යාපාරයකි. ඔබේ ඩොමේන් එක කල් ඉකුත් වී (Expire) දින කිහිපයක් ඇතුළත ඔවුන් එය "GoDaddy Auctions" වෙත යොමු කරයි. එය වටිනා නමක් නම් ඩොලර් දහස් ගණනකට වෙනත් අයෙකුට විකිණීමට ඔවුන් පසුබට නොවේ. ඔවුන් නීතියට පිටින් වැඩ කරන්නේ නැත, නමුත් ඔවුන්ගේ ප්‍රතිපත්ති (Policy) පාරිභෝගිකයාට වඩා සමාගමේ ලාභය පැත්තට බරයි.
මෙම දින 60 කාලය (Grace + Redemption) යනු ලංකාවේ Reseller ලාගේ දක්ෂකමක් හෝ කරුණාවන්තකමක් නොවේ. මෙය ICANN විසින් සකසා ඇති සම්මත Domain Lifecycle එක. ලෝකේ ඕනෑම ICANN පිළිගත් සමාගමක් (Cloudflare, Namecheap, Porkbun) මෙම කාලය අනිවාර්යයෙන්ම ලබා දෙයි. එය ලංකාවේ අයට පමණක් විශේෂ දෙයක් නොවේ.
ඔව් ඒ ලබාදෙන කාලය ලබා නොදී Godaddy වගේ කෙනෙක් හදිසියකට Renew කර ගන්න බැරි වෙන Domain එකක් Auction දානව කියන්නෙ කොච්චර Risky ද. ඕන තරම් Godaddy එකෙන් Domain අරන් කෙලවෙලා Auction වැටිල කර කියා ගන්න දෙයක් නැතුව නාහෙන් අඬන උදාහරණ ඇති තරම් තියෙනව...
ඔව්. මේක ලංකාවෙ කට්ටියගෙ දක්ෂතාවයක් නෙමෙයි. ඒක ICANN එකෙන් දීල තියෙන අවස්ථාවක්. ඒක ඒ විදියටම දෙනව අපි සහ ලංකාවෙ ගොඩක් කට්ටිය...
හැබැයි ඒක එහෙම නොදී Auction දානව Godaddy (ඔයාම ඒක පිලිගන්නව)
හැබැයි ආයෙ කියනව Godaddy හොඳයි කියල.
මෙතනින් එහාට මට මේකට reply එකක් දාන්න ඕන නෑ.
ඔයාගෙ අරමුණ මොකක්ද කියන එක හොඳටම පැහැදිලියි... Thank you.