ශ්‍රී_ලංකාවටත්_කෘත්‍රිම_වැසි_. . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ශ්‍රී_ලංකාවටත්_කෘත්‍රිම_වැසි_. . .

    ශ්‍රී ලංකාවටත් කෘත්‍රිම වැසි . . .

    08_zpsb515fdd1.jpg

    ඉදිරියේදී රට තුල නියං කාලගුණ තත්ත්වයන් ඇති වුවහොත් ඊට විසදුමක් ලෙස කෘත්‍රිම වැසි යොදා ගැනිමට රජයේ අවදානය යොමුව තිබෙනවා.

    චීන රජය කෘත්‍රිම වැසි නිර්මාණයට අවශ්‍ය සහාය ලබාදිමට කැමැත්ත පළකර තිබෙන අතර දැනටමත් ඒ සඳහා චීන රජය සමඟ සාකච්ඡා කර ඇත. මේ වන විට අප ලැබෙන වර්ෂාවත් සමඟ නියං තත්වය අවසන්ව ඇති බැවින් ඉදිරියේදි එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට විසදුම් ලෙස මෙම කෘත්‍රිම වැසි ප්‍රයෝජනයට ගත හැකිය.

    02_zps28179542.jpg

    ලෝකයේ කෘත්‍රිම වැසි ලබාගන්නා ක්‍රම කිහිපයක් පවතී.

    2010 වසරේ එක්සත් අරාබ් එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ අල්-අයින් නම් කාන්තාර ප්‍රදේශයේ කෘතීම වැසි ඇතිකිරීම පිළිබඳව නව ක්‍රමයක් ඉතා රහසිගත ලෙස අත්හදා බැලූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෘතිම වැසි 50ක් පමණ වස්සවා ගැනීමට හැකිවී තිබෙනවා.

    01_zpsf6b4c035.jpg

    මෙම කෘතිම වැසි ව්‍යාපෘතිය සඳහා ඔවුන් ඩොලර් මිලියන 11ක් පමන වැය කර තිබු අතර ඒ සඳහා කුඩයක හැඩයෙන් යුතු විශාල අයනීසර් ඔවුන් යොදාගනු ලැබුවා.

    එම අයනීසර් මඟින් කාන්තාරයේ දූවිලි අංශු (-) ලෙස ආරෝපණය කර, එම අයනීකරණය වූ අංශු ඉහල නංවා ඒවා උපයෝගීකරගෙන වලාකුළු නිමැවුනේ වළාකුලක් දක්නට නොලැබෙන පැහැදිලි අහසක් සහිත කාන්තාර ප්‍රදේශ වලයි.

    AlAinRain_zpsfb1c2123.jpg

    අයනීකරණය වූ දූවිලි අංශු යොදාගෙන වලාකුළු නිර්මාණයෙන් අනතුරුව වියලි අයිස් යොදාගන ඒවා ක්ෂණිකව සිසිල් කිරීමෙන් එම වලාකුළු වලින් වැස්ස ලබාගත හැකිය. බොහෝ කෘතිම වර්ෂා සඳහා යොදාගැනෙන්නේ සෝඩියම් අයොඩයිඩ් හෝ සිල්වර් අයෝඩයිඩ්ය.

    05_zps131587f1.jpg

    සාමාන්‍යයෙන් කෘතිම වර්ෂා ඇතිකිරීමේ පියවර තුනකි. පළමු පියවරේදී කෙරෙන්නේ අයනීකරණය වූ අංශු ඉහලය යැවීමයි. මේ සඳහා ගුවන්යානයක සිට ඒවා මුදාහැරීම හෝ රොකට් විදිනයන් ආධාරයෙන් අහසට විදීම කළ හැකිය.

    03_zpsa8510ab0.jpg

    අයනීකරණය වූ කුඩා අංශු ලෙස කැල්සියම් ක්ලෝරයිඩ්, කැල්සියම් කාබයිඩ්, කැල්සියම් ඔක්සයිඩ් යන රසායනික ද්‍රව්‍ය යොදාගැනේ. එමෙන්ම යූරියා හා ලුණු මිශ්‍ර කිරීමෙන් හෝ යූරියා සමඟ ඇමෝනියම් නයිට්‍රේට් මිශ්‍ර කර ලබාගන්නා රසායන සංයොගයන්ද යොදාගැනේ.

    04_zps77602c31.jpg

    දෙවන ක්‍රියාවේදී වලාකුළු සෑදීම සඳහා ලුණු, යූරියා, ඇමෝනියම් නයිට්‍රේට් හා වලාකුලේ ඝනත්වය වැඩිකිරීම සඳහා කැල්සියම් ක්ලෝරයිඩ්ද යොදාගැනේ. මෙම රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වාතයේ ඇති ජලවාෂ්ප කුඩා ජල බිංඳු බවට පත්වේ.

    Cloudseeding_zps0d17cfef.jpg

    අනතුරුව තුන්වන පියවරේදී වලාකුලේ ඇති ජලය ඝනී භවණය කිරීම සඳහා වලාකුළ ක්ෂණිකව සිසිල් කිරීම කළ යුතුය. ඒ සඳහා වියලි අයිස් හා සිල්වර් අයිඩයිඩ් යොදාහැනේ. සිල්වර් අයොඩයිඩ් වියදම අධික වන අතර සොලිඩ් කාබන් ඩයොක්සයිඩ් හෙවත් වියලි අයිස් යොදාගැනීම ඊට වඩා ලාභදායකය. කුඩා අංශු සහිත සෝඩියම් ක්ලෝරයිඩ්ද යොදාගනී. එවිට වලාකුළු වැස්ස බවට පත්වේ.

    06_zpsc45b1af2.jpg

    ස්වභාවධර්මය වෙනස්කරන ක්‍රියාවලියක් නිසා මෙය සිදුකිරීමටත්, පාලනය කිරීමටත් මනා පුහුණුවක් සහිත අත්දැකීම් සහිත පුද්ගලයන් සිටීම අත්‍යාවශ්‍ය කරුණකි.

    07_zps55040ed6.jpg

    එම අවස්ථාවේ තිබෙන කාලගුණ තත්ත්වය, භූ විෂමතාව හා සුලඟේ වේගය මත එක්කරගන්නා රසායනික ද්‍රව්‍යයේ වර්ගය හා ප්‍රමාණය තීරණයවේ. මෙම කෘතිම වැසි හේතුවෙන් අනාගතයේ ඇතිවිය හැකි පාරිසරික බලපෑම් පිළිබඳව තවමත් අනාවැකි පල කල නොහැක.

    2332b_zps0bcd8a45.jpg

    කෘත්‍රිම වැසි ඇතිකිරීම පිළිබඳව වීඩියෝවක් පහතින් . . .

     
    Last edited: