ශ්‍රී_ලඞ්කා_ක්‍රිකට්..

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ශ්‍රී_ලඞ්කා_ක්‍රිකට්..

    මචන්ලා මොකක්ද බන් මේ ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වෙලා තියෙන්නේ..? ඇයි බන් මුන් මෙහෙම වුනේ? මෙලෝ වැඩක් නැහැනේ...සංගා මහේල විතරනේ අයින් වුනේ...එතකොට උන් දෙන්න නැතුව ලංකාවේ උන්ට ක්‍රිකට් ගහගන්න බැරිද? මොන රෙද්දක් ද බන්...ලංකාවේ උන්ගේ ලේ වලම තියෙන දෙයක් ක්‍රිකට් කියන්නේ...ඉස්කෝලවල බලන බලන පොඩි එකා ක්‍රිකට් පිති උස්සන් ඉස්කෝලේ යන්නෙත් නැතුව ප්‍රැක්ටිස් යනවා...මේ තරම් ක්‍රිකට් උන්මාදෙකින් පෙලෙන රටක දක්ෂ ක්‍රීඩකයෝ නැද්ද? මට නම් සිරාවටම පුදුම තරහයි බන්..

    ටීම් එකේ ඉන්න උන්ට 6 එකක් ගහගන්න පන නැහැ..මුන්ද රටේම දක්ෂම ක්‍රීඩකයෝ පිරිස? දක්ෂ, හයිය හත්තිය තියෙන උන් නැද්ද බන් අපේ රටේ සිරාවට?

    අනිත් එක මේ හැමදාම කියනවා අපේ ඉන්නේ අලුත් අය, කල් ඕනේ හැදෙන්න අරව මේවා...දැන් එතකොට සංගා මහේල ගියාම අනිත් උන් හැමෝම අලුත් උන් වෙනවද? කෝ ඉතින් පරණ උන් ගහන්නෙත් නැහැනේ...මැතිව්ස්, චන්දිමාල්, තිරිමාන්න මුන් ඇයි ලකුණු ගහන්නේ නැත්තේ? මුනුත් ඇවිත් ලකුණු 10ට, 15ට ගියාම වැඩක් තියෙනවද ඉතින්...අනික ලංකාවේ හිටිය හොඳ පරණ ක්‍රීඩකයෝ..අනේමන්ද උන්ව දාන්නේ නැත්තේ ඇයි කියල..

    හරි අපි කියමුකෝ මුන් අලුත්, අත්දැකීම් අඩුයි කියල..දැන් එතකොට අතට එන කැච් එක අල්ලගන්න බැරි, අත දිගහැරලා බෝලෙට ටයිම් කරලා අඩු ගානේ එක පාරක් ගහගන්න බැරි, ටෙස්ට් මැච් එකක බෝලෙට බැට එක අල්ලලා විකට් එකේ ටිකක් වෙලා ඉන්න බැරි එකට මොකක් ද තියෙන එක්ස්කියුස් එක? මුන් අලුත් කියන්නේ ක්‍රිකට් වලටම අලුත් කියන එකටද? ලොල්...

    මම දන්නා විදිහට නම් ක්‍රිකට් ටීම් එකට එන්නේ ඉස්කෝලේ ගහල, ඊළඟට ක්ලබ්, ෆර්ස්ට් ක්ලාස් මැච් ගහල, මේවා සේරම සෙල්ලම් කරලා,,,,එතකොට අපි ඉන්ටනැෂනල් ලෙවල් එකේ පන්දු යවන්නන්ට මුහුණ දීල පුරුදු නැහැ කියල එකට පොඩ්ඩක් සමාව දෙමුකෝ...එත් ඉතින් අතට එන කැච් එක මිස් කරන්නේ ? විකට් එකට බෝලයක් කරගන්න බැරි එකට මොකද කරන්නේ? මේවත් බැහැ නම් ඌ ක්‍රිකට් ගහන එකේ තේරුමක් තියෙනවද?

    මට හිතෙන්නේ අපේ උන්ගේ මොරාල් එකේ අවුලක් තියෙන්නේ..කිසි ඔනෙකමකින් නෙමෙයි මුන් සෙල්ලම් කරන්නේ...දින්නොත් එහෙමයි නැත්තම් අවුලක් නැහැ..ඊළඟ එක බලමු වගේ සීන් එකක්...ඉන්දියාවේ වගේ දරුණු fans ල නෙමෙයිනේ මෙහෙ ඉන්නේ...පැරදුනත් මුන්ට හොදට සලකනවනේ..එක තමා වෙලා තියෙන්නේ... :dull::dull::dull:
     
    • Like
    Reactions: Welusumana

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන්ලා මොකක්ද බන් මේ ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වෙලා තියෙන්නේ..?

    අනේ මං නං දන්නේ නෑ ඔන්න... මං මුකුත් කරේ නෑ හරිද .. මං අහිංසකයි !
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මචන්ලා මොකක්ද බන් මේ ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වෙලා තියෙන්නේ..?

    අනේ මං නං දන්නේ නෑ ඔන්න... මං මුකුත් කරේ නෑ හරිද .. මං අහිංසකයි !

    uba thama waga kiyanata oni.
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ඉන්දියාවේ වගේ දරුණු fans ල නෙමෙයිනේ මෙහෙ ඉන්නේ...පැරදුනත් මුන්ට හොදට සලකනවනේ..එක තමා වෙලා තියෙන්නේ...
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පව් අසරණයන්ගෙ බත් පතට කෙලවන්න එපා. ඔයිට හොදට අපේ ගමේ ක්‍රිකට් ගහනව අල්ලපු ගමේ උන්ව පරද්දන්න බෑ නම් අඩුම බෝල ටික කාගෙන ඉදල නමවත් බේර ගන්නව. ලකුනු 300 නොගහලත් ඉනිමකින් පැරදුන කියන්නෙ යකෝ හරි නම් සේරම උන් ඉල්ලා අස් වෙන්න ඕන සීන් එකක්. :rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පව් අසරණයන්ගෙ බත් පතට කෙලවන්න එපා. ඔයිට හොදට අපේ ගමේ ක්‍රිකට් ගහනව අල්ලපු ගමේ උන්ව පරද්දන්න බෑ නම් අඩුම බෝල ටික කාගෙන ඉදල නමවත් බේර ගන්නව. ලකුනු 300 නොගහලත් ඉනිමකින් පැරදුන කියන්නෙ යකෝ හරි නම් සේරම උන් ඉල්ලා අස් වෙන්න ඕන සීන් එකක්. :rofl:

    one day මැච් එකක සාමන්යෙන් ඉනිමක ලකුණු ගාන නේ බන්...ටීම් එකම දෙපාරක් බැට කරලා, දවස් 5ක මැච් එකක 300ක් ගහගන්න බැරි වුනා කියන්නේ...පට්ට චාටර් නේ බන් :baffled:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    goverment eke hetiyata tamai ban rate minisuth.Munge kisi go ekak tiyenawada.sinhalu okoma keda heli mood ekak wela ithin mona cricket da.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    one day මැච් එකක සාමන්යෙන් ඉනිමක ලකුණු ගාන නේ බන්...ටීම් එකම දෙපාරක් බැට කරලා, දවස් 5ක මැච් එකක 300ක් ගහගන්න බැරි වුනා කියන්නේ...පට්ට චාටර් නේ බන් :baffled:

    yako t20 3k gehuwa nam 350 paninawane :oo:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යහ පාලනය ආවට පස්සෙ මුළු රටම හැඳිගෑවිලා ගිහින් කියල හිතෙන්නෙ නැද්ද උබලට?:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Test වල කොහොමත් අපි එච්චර හොඳට ගහන්නේ නෑ නෙ බන් ENG, AUS වගේ රටවල. අනික උන්ගේ ඉන්න හොඳම සෙට් එක බෝල් කරේ. උන්ගේ රටේ උන්ගේ පිච් එකක උන්ගේ ඉන්න හොඳම බොලර්ස් ල සෙට් එක ගේමට බැස්සම ඉතිං ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද. අනික ගල් හීතල ලු එහෙ. මම නං කියන්නෙ මුන් ටික ලකුණු 50 විතර අවුට් නොවෙච්ච එක ගැන සන්තෝස වෙන්න ඕනේ.
     

    Sayuranga

    Member
    Jun 13, 2015
    23
    3
    0
    Test වල කොහොමත් අපි එච්චර හොඳට ගහන්නේ නෑ නෙ බන් ENG, AUS වගේ රටවල. අනික උන්ගේ ඉන්න හොඳම සෙට් එක බෝල් කරේ. උන්ගේ රටේ උන්ගේ පිච් එකක උන්ගේ ඉන්න හොඳම බොලර්ස් ල සෙට් එක ගේමට බැස්සම ඉතිං ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද. අනික ගල් හීතල ලු එහෙ. මම නං කියන්නෙ මුන් ටික ලකුණු 50 විතර අවුට් නොවෙච්ච එක ගැන සන්තෝස වෙන්න ඕනේ.
    Aniwa Mchn...
     

    gepa

    Well-known member
  • “එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියටම යාමේ මාර්ගයට අවතීරණ වෙලා තියෙන්නේ. ඔවුන්ට අතිවිශේෂ තරුණයන්ගේ පලපුරුද්ද ලැබී තිබෙනවා. මේ කණ්ඩායම තමන්ගේ තත්ත්ව යටතේ (එංගලන්ත කණ්ඩායම එංගලනත්යේදී) පරාජය කිරීමට අපහසු කණ්ඩායමක්. ශ්‍රී ලංකා කණ්ඩායම පලපුරුද්දෙන් අඩු කණ්ඩායමක්.ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ ක්‍රීඩාවට අවතීරණ වෙමින් තිබෙන්නෙ. එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනවා දකින්නට ලැබීම සතුටක්. ටෙස්ට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් මෙවැනි එක් පැත්තක ටෙස්ට් නැවැත්විය යුතුයි.

    ශ්‍රී ලංකාව ඉන්නේ සංක්‍රාන්ති සමයක. එංගලන්ය හා ඔස්ට්‍රේලියාව වැනි කණ්ඩායම්වලට පරදිනවාට වඩා ඔවුන් ඔවුන්ගේ තත්ත්වයට ගැළපෙන කණ්ඩායම් සමග ක්‍රීඩා කළ යුතුයි. ඒක ඔවුන්ගේ තරුණ ක්‍රීඩකයන්ට හොඳ දෙයක් වේවි. මේක කළ හැක්කේ කාණ්ඩගත කිරීමෙන්. අපි හොඳ කණ්ඩායම් සෑමවිටම හොඳ කණ්ඩායම් සමග ක්‍රීඩා කරනවායි බැලිය යුත්තේ.

    සමහර ක්‍රීඩකයන් වගේම සමහර ප්‍රේක්ෂකයෙනුත් අසාවි අපි දිනද්දි ඇයි ඔබ කනගාටු වෙන්නෙ කියා. නමුත් මම බලන්නේ කවුද දිනන්නේ, කවුද පැරදෙන්නේ කියන එක නෙමෙයි. මම කනගාටුවෙන්නෙ ටෙස්ට් ක්‍රීඩාව ගැන” යැයි මයිකල් වෝන් පවසයි
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,733
    1
    11,025
    113
    අපේ උන්ට fast bowlers ලට ගහන්ඩත් බෑ spinners ලට ගහන්ඩත් බෑ... ෆාස්ට් නන් කමක් නෑ කියමුකො...අවුරුදු දහයෙ ඉඳන් ගහන spinners ලටත් ඇඹරෙනවනේ ගහන්ඩ ගියාම... උඹ කිව්ව වගේ ගහන්ඩ බැරි කම නෙමෙයි මොරාල් එක නැති කම වෙන්ඩ ඇති :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lankawe inne physically weak minissu...:dull: itihn kochchara practice karath me inna level ekata wada udata enna ba....:no: sanga, sana, murali lankawata labune wasanawata... :nerd:ayeth wasanawa thibboth e wage aya labei...:yes: naththan ayeth world cup dinna ewa gana hithanna epa...:no::sorry: kohoma unath api team ekata support karanna one..:yes:.. icc status hari thiyaganna puluwan wei ne...
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    apo kathakarala wadak na ban
    issara pissuwen wage match baluwe dannam cricinfo score ekakwath balanna hithenne na unprofessional players la wage ne play karanne thamange job eka hariyata karanne nathuwa nidahasata karunu kynwa fail wunama
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Test වල කොහොමත් අපි එච්චර හොඳට ගහන්නේ නෑ නෙ බන් ENG, AUS වගේ රටවල. අනික උන්ගේ ඉන්න හොඳම සෙට් එක බෝල් කරේ. උන්ගේ රටේ උන්ගේ පිච් එකක උන්ගේ ඉන්න හොඳම බොලර්ස් ල සෙට් එක ගේමට බැස්සම ඉතිං ඔහොම වෙන එක අහන්නත් දෙයක්ද. අනික ගල් හීතල ලු එහෙ. මම නං කියන්නෙ මුන් ටික ලකුණු 50 විතර අවුට් නොවෙච්ච එක ගැන සන්තෝස වෙන්න ඕනේ.

    ඒත් බන් අපි දැන් ටෙස්ට් වලට අලුත් නෑනෙ.අනික මේක එන්ගලන්තෙ ටෙස්ට් මැච් එකක් ගහපු පලවෙනි සැරෙත් නෙමෙයිනෙ. ඔය කතාව අසූ ගනන් වලදි කිව්වනම් ඒක සාදාරනයි.ඒත් දැන් ඔය කතා කියල පරාජය සාධාරණීකරනය කරන්න බෑ.අපේ දුර්වලකම පිලිඅරන් හැදෙන්නම වෙනව.