ශ්‍රේෂ්ඨතම මිනිසා – මුහම්මද් නබිතුමා
“සැබවින්ම, (මුහම්මද් නබිවරයාණෙනි) ඔබ ශ්‍රේෂ්ඨ වූ යහ චර්යාවන්ගෙන් යුක්තව සිටින්නේය” (අල් කුර්ආන් 68 : 04)
“නබිවරයාණෙනි, මෙයට පෙර කිසිම ග්‍රන්ථයක් ඔබ කියවා නැත, ඔබේ දකුණතින් කිසිවක් ලියාත් නැත. එසේ වූයේනම් අසත්‍යවන්තයින්ට (ඔබ මගින් පහළ කරන ලද අල් කුර්ආනය පිළිබඳව) සැක කරන්නට ඉඩ තිබිණ” (අල් කුර්ආන් 29:48)
ඵල ඇති ගසට ගල් ගැසීම සමාජ සම්මතයේ ඇති ක්‍රියාවක් බවට පත්ව ඇත. මෙම සමාජ සම්මත පිළිවෙත ශ්‍රේෂ්ඨ මෙන්ම උසස් මිනිසුන් සම්බන්ධව ක්‍රියාත්මක කිරීම තමන්ගේ නිහීන කම මෙන්ම තමන් වහල් වී ඇති වෛර චින්තනය හෙළිදරව් කරගැනීමක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. මේ හේතුව නිසා විශේෂයෙන්ම, මුස්ලිම් නොවන ලොව, පිළිගත් විද්වතුන් හා ශ්‍රේෂ්ඨ ජනයා මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශීර්වාදය හා සාමය ඇතිවේවා) පිළිබඳව ප්‍රකාශ කර ඇති කරුණු පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු. පටු ක්ෂේත්‍රයක් තුල කොටුවී ශ්‍රේෂ්ඨ මිනිසුන්ට අසභ්‍ය ලෙස අපහාස කරන කුඩා මනසක් ඇති පිරිසගේ දෑස් මෙම තොරතුරු මෙන්ම ඉදිරියටත් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරණ කරුණු වලින් විවෘත වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.
මුහම්මද් නබිතුමාගේ චරිතාපදානය සකස් කල කිතුනු කන්‍යා සොයුරියක්ව සිටි කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවියගේ (Muhammed – A Prophet for our Time) “මුහම්මද් – අපගේ යුගයට වූ නබි වරයෙක්” යන ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවට සපයා ඇති තොරතුරු වලින් බිඳක් ඔබගේ අවධානයට ඉදිරි පත් කරන්නට කැමැත්තෙමු.
“මුහම්මද් නබි තුමාගේ ජීවිතය පිළිබඳව ලියු පළමු මුස්ලිම් ඉතිහාසඥයින් වන්නේ මුහම්මද් ඉබ්න් ඉෂාක් (ක්‍රි. ව. 767) මුහම්මද් ඉබ්න් උමර් අල් වකීදී (ක්‍රි. ව. 820) මුහම්මද් ඉබ්න් සාද් (ක්‍රි. ව. 845) සහ අබු ජරීර් අල් තබාරී (ක්‍රි. ව. 923) යන අයය. මෙම ඉතිහාසඥයින් තමන්ගේ මතකයන් හා හැඟීම් මත පමණක් විශ්වාසය නොතබා සැබෑ ඵෙතිහාසික පුනර්නිර්මානයක නියැලුණහ. ආරම්භක වකවානුව ට අයත් ලේඛන හා වාචික සාක්ෂි එහි මුලාශ්‍රයන් දක්වා විමසා නිවැරදි ලෙස සොයා බලා කරුණු අන්තර් ගත කළහ. මුහම්මද් තුමා කෙරෙහි දෙවිඳුන්ගේ නබිවරයා වශයෙන් ඔවුන්ගේ සිත්තුල අති විශාල ගෞරවයක් තිබුනද, තමන්ගේ ලේඛන සහමුලින්ම විවේචනයෙන් තොරවුවක් නොවුවේය. ඔවුන්ගේ මෙම අවංක උත්සාහය නිසා ලොව අනිකුත් ප්‍රධාන ආගම් කර්තෘ වරුන් සම්බන්ධව ඇති තොරතුරු වලට වඩා නිවැරදි තොරතුරු මුහම්මද්තුමා සම්බන්ධයෙන් අපි දන්නෙමු. මෙම ආරම්භක මුලාශ්‍රයන් ඕනෑම අයෙකුට මුහම්මද්තුමා පිළිබඳව චරිතාපදානයක් ලිවීමේදී කොහෙත්ම නොසලා හැරිය නොහැක” (14 වන පිටුව)
කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවිය මෙයින් දන්වා සිටින්නේ නුතනයේ මුහම්මද් තුමා සම්බන්ධව ඇති තොරතුරු ආරම්භක කාලයේ සිටම නිවැරදිව ලේඛන ගත කොට සුරක්ෂිතව පවතින බවය. කිසිවෙකුගේ මනඃකල්පිතයන්ට මෙහි කොහෙත්ම ඉඩක් නොමැති බව ඇය සාක්ෂි දරන්නීය. මෙවන් තත්වයක් අනෙකුත් ආගමික නායකයින් සමබන්ධව නොමැති බවද ඇය අදහස් ඉදිරිපත් කරන්නීය.
එතුමා පිලිබඳ ඉතා වැදගත් සිදුවීම් කිහිපයක සංක්ෂිප්ත විස්තරයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
ඉපදීමට මාස දෙකකට පෙර පියාවූ අබ්දුල්ලා මියගියේය.
සීයාවූ අබ්දුල් මුත්තලිබ් විසින් එතුමාට මුහම්මද් යන නම තබන ලදී.
වයස අවුරුදු හයේදී මව වූ ආමීනා තුමිය මියගියාය.
වයස අවුරුදු අටේදී රැකබලාගත් සීයාවූ අබ්දුල් මුත්තලිබ් මියගියේය.
එතුමාගේ බාප්පා කෙනෙකුවූ අබුතාලිබ් විසින් එතැන් සිට රැක බලාගන්නා ලදී.
අවුරුදු 25 දී වන්දඹුවක්වූ කදීජා තුමිය සමග විවාහ වුයේය.
විවාහ වන විට කදීජා තුමියගේ වයස අවුරුදු 40 කි.
කදීජා තුමිය වයස අවුරුදු 65 දී මියයනතුරු එනම් නබිතුමාගේ වයස අවුරුදු 50 වනතුරු අන් විවාහයක් කර නොගත්තේය.
අරාබි සමාජයේ පැවති සමාජ දුරාචාරයන්, මිනිසාගේ ජීවිතයේ හරය, ආදී කරුණු පිළිබඳව තම චින්තනය නිරන්තරයෙන් යොමුකරමින් සිටි මුහම්මද් තුමා හිරා ගුහාවේ තනිව වාඩිවී මෙනෙහි කරමින් ධ්‍යානගතව කල්ගෙවන්නට පුරුදුවී සිටියේය. කුඩා කාලයේ එඬේර ජීවිතයක් ගතකල එතුමා පසු කාලීනව ව්‍යාපාර කටයුතු වලද නියැලුනේය. සම්මත අධ්‍යාපනයක් නොලැබූ එතුමා කියවන්නට ලියන්නට නොහැක්කෙකු (අනක්ෂරයෙකු) විය. මේ පිළිබඳව ප්‍රංශ විද්‍යාඥ යින්ගේ සංගමයේ සාමාජිකයෙකුවූ මහාචාර්ය මොරිස් බුකෙයිල් අල් කුර්ආනය පිළිබඳව අදහස් දැක්වීමේදී මුහම්මද් තුමාගේ අනක්ෂර භාවය පිළිබඳව කරන සඳහනද පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.
ප්‍රංශ විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වුද ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වුද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නුතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කර ගනිමින් ඊජිප්තුවේදී හමුවූ මෝසස් නබි තුමාගේ කාල වකවානුවේ ජීවත්වූ ෆිරව්න් ගේ (Pharaoh) මිනිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වනු ලැබිණි. මෙම මිනිය පිළිබඳව අල් කුර්ආනයේ නිශ්චිත සඳහනක් තිබෙන බව මුස්ලිම් විද්‍යාඥයින් එතුමාට දන්වා සිටින ලදී. සියළු පර්යේෂණ අවසානයේදි විශ්මයට පත් ඔහු විසින් පහත සඳහන් ප්‍රකාශයනය නිකුත් කරන ලදී.
“නුතන දත්ත අතර ශුද්ධ වු ග්‍රන්ථ පිළිබඳව සාධක සොයන පිරිස ෆිර්අව්න්ගේ සිරුර පිළිබඳව කුර්ආන් වැකි පවසන අතිශයින් විශ්මය ජනක සාධක දැකගන්නට නම් කයිරෝ නුවර ජාතික කෞතුකාගාරයේ රාජකිය මෘතදේහ තබා ඇති කාමරයට යා යුතුයි”.
තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් කුර්ආන් හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමකට යොමුකොට The Bible Quran and Modern Science නැමැති ග්‍රන්ථය 1978 දි ප්‍රකාශයට පත් කළේය. මධ්‍යස්ථ විග්‍රහයක යෙදෙන ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීන විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකෙයිල් තම ග්‍රන්ථයේ පහත සදහන් අයුරින් කරුණු පැහැදිළි කිරීමක යෙදින.
“අල්-කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල්-කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ඨතම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් තොරව ශත වර්ෂ 14 කට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේද?” (125 පිටුව)
නබිතුමා ඉපදුනු අරාබි සමාජය පිළිබඳව අදහසක් ඇති කරගැනීම් වඩාත් සුදුදු යැයි සිතන්නෙමු. සුරාව, ලිංගික අපචාරය, ගෝත්‍රික ගැටුම්, අසීමිත ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීම, පියාගේ බිරිඳව ඔහු මියගියවිට හෝ දිකසාද කලවිට පුතා විවාහ කරගැනීම වැනි සමාජ දුරාචාරයන්ගෙන් පිරුණු සමාජයකයි එතුමා ඉපදෙන්නේ.
අල්කුර්ආනය පහළ කරන්නට පෙර තිබු සමාජ තත්ත්වය හා අල්කුර්ආනය පහළ කලායින් පසු ඇති වු සමාජ වෙනස් විම් පිළිබදව මුස්ලිම් නොවන සුප්‍රකට ඉතිහාසඥයින් ඉදිරිපත්කරන අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon) විසින් වෙළුම් අටකින් ලියන ලද Decline and Fall of the Roman Empire (රෝම අධිරාජ්‍යයේ වැටිම හා විනාශය) යන ග්‍රන්ථය කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජය පිලිබදව පවසන කොටස පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්තවු මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස් කමකි. එම යුගයේ ජිවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස් කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස්ගත් තිරිසන් පිරිසක් පමණකි”.
ඉහතින් උපුටා දැක්වු කොටස පිලිබදව අමතර විග්‍රහයක් අවශ්‍ය යැයි නොසිතන්නෙමු. මෙය අල්කුර්ආනය පහළ විමට පෙර තිබු අරාබි සමාජයේ සැබෑ ස්වභාවයයි.
තවත් ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් Hero Worship And The Heroic In History නමින් පොතක් පළකල අතර අල්කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයාගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම පොතෙන් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“ඉතා පහත් ම්ලේච්ඡ තත්ත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාටම අන්ධකාරයේ සිට ආලෝකයට එන මග එලි පෙහෙලි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බවට මුහම්මද් විසින් මේ ජනයාව පත් කරවන ලදි. ලොව බිහිවුදා සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවි කාන්තාරයේ තැන් තැන්වල තාවකාලිකව ජිවත් වෙමින් සිටි දුගි එඬේර ජන සමාජය ඉතා කෙටි කාලයක් තුළ ලොව සැමගේ අවධානය දිනාගන්නට සමත් වු අතර ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නටද සුදුසුකම් උරුම කර ගත්තේය”.
අල්කුර්ආනය අනුව ජිවිතයේ සකස්කර ගැනිමෙන් මුළු මහත් ජන සමාජයමක්ම වෙනස් වු ආකාරය ඉහත විස්තරයන්ගෙන් පැහැදිලි වන්නේ යැයි සිතන්නෙමු. අප සැවොම යහ මිනිසුන් බවට පත්විමට මාර්ගය විවෘත ව ඇත. එමගින් මෙලොව හා මතු ලොව ජය අත්කර ගැනිමට මෙම පැහැදිළි හා නිවැරදි මග අනුගමනය කරමින් කටයුතු කරන්නට අදිටන් කරගනිමු.
තම ජීවිත කාලය තුල පරමාදර්ශි යෙකු අනුගමනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මෙන්ම ආශාවක් සහජයෙන්ම මිනිසා සතුව පවතී. මෝසෙස්, යේසුස්, බුදුන්, කොන්ෆියුෂියස්, මෙන්ම මහාත්මා ගාන්ධි, තෙරේසා මෑණියන්, මාටින් ලුතර් කිං වැනි අය ගැන අප සැවොම අසා ඇත්තෙමු. ඔවුන් කුමන ආකාරයෙන් හෝ සමාජ විප්ලවයකට හා සමාජ ප්‍රතිසංස්කරණයකට උරදුන් උදාරතර චරිතයන්ය. ජීවිතයේ සැබෑ අරුතත් එහි ස්වභාවය පිළිබඳවත් සෙවීමට මිනිසා සතුව සුදානමක් හා කුතුහලයක් තිබෙන අතර ඇතැම් අය ඒ ගැන ව්‍යාජ හා නිර්ව්‍යාජ මත දරමින් සමාජයේ ඉදිරියට පැමිණෙති. සෑම යුගයකම සෑම සමාජයකම මෙවන් පුද්ගලයින් බිහිවීම මනුෂ්‍ය වර්ගයා ලද අති ශ්‍රේෂ්ඨතම භාග්‍යයි. එමෙන්ම මෙලෙස අනුගාමිකයින් විසින් උසස් කොට සලකනු ලැබූ පුද්ගලයින් ගැන මිත්‍යා කථා මෙන්ම ඉතිහාසයේද සඳහන් වෙයි. මෙම ශ්‍රේෂ්ඨ චරිත පිලිබඳව නිවැරදි ඓතිහාසික තොරතුර විශ්වාසනීය මුලාශ්‍ර තුලින් ලබා ගැනීමට නොහැකි වනවිට තම අනුගාමිකයින් විසින් අතිශයෝක්තිය හා අන්ධ භක්තිය පදනම් කරගෙන ප්‍රබන්ධ ගොඩ නැගීම වැළක්විය කරුණක් නොවේ. ඉහතින් කැරන් ආම්ස්ට්‍රෝන්ග් මෙනවිය විසින් නිවැරදිව සඳහන් කර ඇති පරිදි මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) පිළිබඳව මෙවන් ගැටළු ඇතිවීමේ ඉඩකඩක් කොහෙත්ම නොමැත. අප ඔබට ආරාධනා කරන්නේ මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසෙකු පිළිබඳව විමසුමකට අප හා මොහොතකට එක්වන ලෙසයි.
අති විශිෂ්ඨ වූ ජීවිතයකට හිමිකම් කියන එතුමාණන් පිළිබඳව ලොව සමහර පිරිස් සතුව ඇත්තේ ඉතා අල්ප දැනුමකි. කුරුස යුද්ධ කාලයේ පටන් පවතින අනුවනකාරී ක්‍රියා කලාපය, පාරම්පරිකව ලැබුණු අදහස් හා විශ්වාසයන්ගෙන් මිදෙන්නට ඇති බිය හා මාධ්‍ය විසින් මවාපාන ලද වැරදි හා අසුභවාදී ප්‍රතිරූප හේතුවෙන් ඉස්ලාම් හා මුස්ලිම් යන වදන් පවා ඔවුන්ගේ විචාර විචාර බුද්ධියට එකතු කරන්නේ ව්‍යාකුලත්වයකි. ලොව ජනගහනයෙන් ¼ කට වඩා වැඩි පිරිසකගේ ආදරය හා ගෞරවය ලබන ඒ උතුම්වූ නායකයාණන්ගේ ජීවිතය පිළිබඳව මදක් විමසා බලන්නට මොහොතක් අප හා එක්වන්නට ගෞරවයෙන් හා කාරුණිකව ඇරයුම් කරන්නෙමු.
ලොවම මවිත කරවමින් මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) පැවසු දෑ එලෙසින්ම සිදුවුවත්, එතුමා හුදෙක් අනාවැකි පලකරන්නෙක් ලෙස මුස්ලිම්වරු පිලි නොගනිති. එතුමා දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයාට යහමග පෙන්වීම සඳහා මිනිසුන් අතුරින් පත්කරනු ලැබූ ධර්ම දුතයෙකු වන අතර, මෙලොව නිවැරදි විශ්වාසයෙන් යුක්තවූ සම්මා ජීවිතයක් ගත කොට මිනිසාට මරණින් මතු ජය ලබාගත හැකි මග පැහැදිලි කරමින් පරමාදර්ෂී ජීවිතයක් ගතකල ශ්‍රේෂ්ඨ නායකයෙකි. ධර්ම දුතයන් (රසුල් වරුන්) දේවත්වයට අයත් නොවන අතර නැමදුමට සුදුස්සන්ද නොවේ. එහෙත් සියළු පාපයන්ගෙන් ආරක්ෂා කරනු ලදුව, අති උසස් අධ්‍යාත්මික ජීවිතයකට හිමිකම් කියන්නාවුද,දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයාට යහ මග පෙන්වීම පිණිස දේව පණිවිඩය පහළ කරනු ලැබූ, මිනිසුන් අතුරින් ශ්‍රේෂ්ඨ මිනිසෙකි.
අල්ලාහ් ට සමාන කිසිවෙක් හෝ කිසිවක් නොමැති බව ඉස්ලාමය උගන්වයි. මෙම සංකීර්ණ විශ්වයේ නිර්මාතෘ මෙන්ම එහි සංකීර්ණත්වය අබිභවා යන සැලසුම් සහගත පාලනයේ අධිපතියාවන වන උන් වහන්සේගේ ගුණාංග හා සමාන කිසිවෙක් නොමැත. මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) වූ කලී උන්වහන්සේගේ ගෞරවනීය සේවකයා හා දුතයා වන අතර මනුෂ්‍යයින් අතර උසස්තම පුද්ගලයාය. විවිධ ජන කොටස් වෙත එවනු ලැබූ නුහ්, ඉබ්‍රාහීම් මුසා ඊසා (ඔවුන් සැමට දෙවිඳුන්ගේ ආශීර්වාදය අත්වේවා) වැනි ධර්ම දුතයන් ඔවුන් ජීවත්වූ සමාජ යන්හි ප්‍රබල බලපෑමක් සිදුකළ පුද්ගලයින් වූ අතර මුහම්මද් නබිතුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) මුළු මහත් මිනිස් වර්ගයාටම, ලොව අවසන් වනතෙක් අනුගමනය කිරීම සඳහා දෙවිඳුන් විසින් පත්කරනු ලැබූ අවසන් ධර්ම දුතයානන්ය.
ක්‍රි. ව. 570 දී මක්කා නගරයේදී ඉබ්‍රාහිම් ධර්ම දුතයානන්ගේ පරම්පරාවෙන් පැවත ආ පවුලක මුහම්මද් තුමා උපත ලැබුවේය. තමා මෙලොව එලිය දකින්නට පෙර සිදුවූ තමාගේ පියාගේ අභාවය හේතුවෙන් උපතින්ම අනාතයෙකුවූ එතුමා ගේ වයස අවුරුදු හයේදී මවගේ අභාවයද සිදුවිය. මෙතෙක් එතුමාව රැක බලාගත් සීයාගේ අභාවයද වයස අවුරුදු අටේදී සිදුවූ හෙයින් තම පියාගේ සහෝදරයෙකුවූ අබු තාලිබ් ගේ රැකවරණය යටතේ බැටළුවන් රැක බලා ගනිමින් හා වෙළඳාමේ නියුතු වෙමින් වැඩුනේය. තරුණ වියට පා තැබූ එතුමාණන් එවකට එම සමාජයේ පැවතුනු පිළිම වන්දනාව හා දුරාචාරය ප්‍රතික්ෂේප කළේය. එතුමාණන් අසරණයින්ට පිහිට වීමට උත්සුක වූ තරුණ පිරිස් හා බැඳුනු අතර තරුණ අවධියේ පටන් එතුමා විදහා දැක්වූ ශ්‍රේෂ්ඨ ගුණාංග හේතුවෙන් එම සමාජය විසින් “විශ්වාස වන්තයා” හා “සත්‍ය වන්තයා” යන ගෞරවනීය නාමයන්ගෙන් එතුමාණන්ව ඇමතීමට ඉදිරිපත් වුහ. එතුමා විසිපස් වන වියේදී කදීජා නම් ධනවත් වැන්දඹු කාන්තාවකගේ වෙළෙඳ කටයුතු වල නිරත වුනු අතර එතුමාගේ අවංකත්වය හා ශ්‍රේෂ්ඨ ගති ගුණ කෙරෙහි පැහැදුණු ඇය එතුමා හා විවාහ වීමට යෝජනා කළාය. ඔවුන් අතර වැඩි වයස් පරතරයක් තිබුණද වඩාත් සතුටින් වසර විසිපහක පවුල් ජීවිතයක් ගෙවූ ඔවුනට දරුවන් හය දෙනෙක් සිටියහ. එතුමාණන් වගකීම් සහිතව ක්‍රියාකළ කරුනාභරිත ස්වාමියෙක් හා පියෙකු වූ අතර එතුමාණන්ගේ පවුලේ අයද එතුමා වෙනුවෙන් බොහෝ කැපවී සිටියහ. ස්වේච්චාවෙන්ම දිළිඳුකම ප්‍රිය කළද, තම වගකීම් නිසි ලෙස ඉටුකරමින් සිය පවුල හොඳින් රැක බලා ගත්තේය. එතුමාණන් මෙසේ පැවසුවේය: “තම පවුලට ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයා නුඹලා අතුරින් ශ්‍රේෂ්ඨ යාය”.